News Category
From Date
To Date
Maximum Number of Result

රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වසංගතය හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලයෙහි අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවා විශ්වවිද්‍යාල වසාදමා ඇති පසුබිමක, ඩෙංගු අවදානම අවම කිරීමේ අරමුණින් යැයි පවසා විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පැවති ගස් කපා දැමීමට කටයුතු කිරීම බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව ඇත.

අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියක මූලිකම පදනම වන්නේ එහි ස්වාධීනත්වය, අපක්ෂපාතීත්වය සහ විනිවිදභාවයයි. විශේෂයෙන්ම සමූහ ඝාතනයක් හෝ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ මහා විපතක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී, එම ක්‍රියාවලිය දේශපාලන න්‍යාය පත්‍රවලින් සහ පෞද්ගලික පළිගැනීම්වලින් තොර විය යුතුය.

පොදු මහජනතාව සහ බලධාරීන් දැනුවත් කිරීම සඳහා පුරවැසියෙකු විසින් ලියනු ලබන වගකීම් සහගත ලිපියකි. කිසිදු දේශපාලන න්‍යාය පත්‍රයක් හෝ නීති විරෝධී උසිගැන්වීමක් මෙහි අරමුණ නොවේ.

කෘත්‍රිම බුද්ධිය (AI) යුගයේ, මෘදුකාංග සංවර්ධන මෙවලම්වල ආරක්ෂාව යනු රටක ඩිජිටල් ස්වෛරීත්වය සමඟ සෘජුවම බැඳී පවතින කරුණකි. Claude Code සිදුවීම AI යුගයේ “ට්‍රෝජන් අශ්වයා” ලෙස මතුවී තිබේ. එය නැවතත් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් දෘඩාංග හා මෘදුකාංග සැපයුම් දාමය පුරාම ස්වාධීනව සහ පාලනය කළ හැකි හැකියාවන් නොමැති නම් සැබෑ ආරක්ෂාවක් කිසිසේත්ම නොමැති බව අවධාරණය කරනු ලබයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව ගොනු කර ඇති රුපියල් කෝටි එකහමාරකට අධික (ලක්ෂ 166ක) රාජ්‍ය මුදල් අවභාවිත නඩුව මේ වන විට තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්,විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සම්බන්ධ වැල්ලවත්ත මුහුදු මාර්ගයේ සිදු වූ රිය අනතුර,ශ්‍රී ලංකාවේ සමස්ත නීති ක්ෂේත්‍රයේම අවධානයට ලක්විය හැකි සංකීර්ණ නෛතික ගැටලු රාශියක් මතු කරන්නකි.

නැත්ත වෙනුවට ඇත්ත කියන්නේ එවකට ජනතා විමුක්ති පරමුණේ ප්‍රචාරක ලේකම් සහ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා වුණු විමල් වීරවංශ මතවාදි ගැටලුවක් නිසා 2008 වර්ෂයේ පක්ෂයෙන් ඉව්ත් වීමෙන් පසු ඒ ඉවත් වීමට අදාළ දේශපාලන අදහස ප්‍රකාශයට පත් කරන්න ඔහු විසින් පළ කළ ග්‍රන්ථය.

ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රය පරිපාලනමය වශයෙන් සහමුලින්ම කඩා වැටී ඇති බව සනාථ කරමින්, ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වීමට නියමිත ආසියානු වයස අවුරුදු 23න් පහළ බොක්සිං ශූරතාවලිය සඳහා සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනෙකුට ජාත්‍යන්තරය නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ.

අපි හැමෝම දන්නා, හැමෝම කන්න ආස චොක්ලට් කියන්නේ කටට කෙළ උනන පැණිරස කෑමක්. හැබැයි, "චොක්ලට් කියන්නේ පැණිරස කෑමක් නෙමෙයි, ඒක ශරීරයට ගුණදෙන ශක්තිජනක ඖෂධීය ආහාරයක්" කියලා මුළු ලෝකෙටම ඔප්පු කරන්න හදන අපූරු තරුණයෙක් අපිට හමුවුණා. ඔහු නමින් සසික සඳරුවන්. වයස අවුරුදු 26ක් වුණු සසික, මොනරාගල, මැදගම ජීවත් වන Gen Z පරපුරේ වෙනස්ම විදියේ වැඩකාරයෙක්.


ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.