News Category
From Date
To Date
Maximum Number of Result

තමිල්නාඩු ප්‍රාන්ත මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී තිබේ. එහි ප්‍රතිඵලයද 2024 අගෝස්තුවේ ලංකාවේ පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට බෙහෙවින් සමානය. ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගයට වැඩිම දායකත්වයක් සැපයූ ප්‍රාන්තයක් වන තමිල්නාඩුවේ ජනතාව, සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ වල ඒ කැපවීම අමතක කර, කතාවෙන් සහ රංගනයෙන් අග තැන්පත් වීර චරිතයක් වෙත සිය පාලනය භාර දී ඇත.

2026 මැයි 4 වන දින තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ආරම්භ වීමත් සමඟ, සිනමා නළුවෙකු ලෙස සිට දේශපාලනඥයෙකු බවට පත් වූ තලපති විජේ (සී. ජෝසප් විජේ) සහ ඔහු විසින් වසර දෙකකට පෙර පිහිටුවන ලද ‘තමිලග වෙට්ට්‍රි කසාගම්’ (TVK) පක්ෂය නව ඉතිහාසයක් සනිටුහන් කළේය. මුල් ඡන්ද ප්‍රතිඵල අනුව පෙනී ගියේ ප්‍රාන්ත සභාවේ ආසන 234න් 100කට අධික සංඛ්‍යාවක TVK පක්ෂය ඉදිරියෙන් සිටින බවයි. එමඟින් තනි විශාලතම පක්ෂය බවට පත්වීමට ද ඔවුන්ට හැකි වී තිබේ. විජේ තරග කළ පෙරම්බූර් සහ තිරුචිරප්පල්ලි නැගෙනහිර යන ආසන දෙකෙන්ම ඔහු ඉතා පහසුවෙන් ඉදිරියට පැමිණ සිටියේය.

මේ රටේ කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති කියන්නේ මීලගට එන පොහොර නැවේ පොහොර ටොන් එකක් ඩොලර් 800 යි කියලා. ඒ අනුව බදු රහිතව පොහොර මිටියක් වරායේදී රුපියල් 12500/= ත් 12800/= ත් අතර මිලක්.

මාලිමා ආණ්ඩුව අනවශ්‍ය තරම් කලබල වී ඇති බවක් මැයි රැලි කතාවලින් සංඥා විය. අපට වට්ටන්න බැහැ, අපි වැටෙන්නෙ නැහැ, ආයෙ වෙන ආණ්ඩු නැහැ, අපි තමයි දිගටම ආණ්ඩුව ආදී කයිවාරු ගැසීම වැඩි වී තිබෙන්නේ ඇයි?

මාලිමාවේ රංග ජයවර්ධන නැමැත්තෙක් මහා භාණ්ඩාගාර මංකොල්ලය පිළිබදව ගෙතූ අපුරු කතන්දරයක් සංඛ චන්දිම අභයවර්ධන විසින් සිය මුහුණු පොතේ පළකර තිබේ.

භාන්ඩාගාරයේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂගේ අබිරහස් මරණය සහ ඒ හේතුවෙන් ඩොලර් කොල්ලය පිළිබඳව සිදු කෙරෙන විමර්ශනවලට සිදු වන බලපෑම සම්බන්ධයෙන් ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා අන්තර්ජාල වීඩියෝවකින් කරුණු රැසක් අනාවරණය කර තිබේ.

මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වූ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි මහ භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතා සිය ගෙවත්තේදී සැකකටයුතු ලෙස මියගොස් තිබිණි.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.