"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.
අග විනිසුරු ප්රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය සිදු කෙරුණි.
එහිදී අදාල පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 25 ක් ගොනු කර ඇති බවත් ඊට අදාළව කතානායක කාර්යාලයට වාර්තා කර තිබෙන බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ අධිකරණයට දැනුම් දුන්නේය.
ෙඉන් අනතුරුව ජනමාධ්යවේදීන් වන එෆ්.එම්.ෆසීර් සහ තරිදු උඩුවරගෙදර ඇතුළු පෙත්සම්කරුවන් කිහිප දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ සඳහන් කලේය.
"ස්වාමීනි, මේ පනත් කෙටුම්පත හරහා ජනතාවගේ අධිකරණ බලය සීමා කිරීම සිදුවෙනවා. ඒ තුළින් කෙළින්ම ජනතාවගේ පරමාධිපත්ය උල්ලංඝනය වෙනවා. මෙම පනත් කෙටුම්පත තුළින් මහෙස්ත්රාත්වරයා හුදු " රබර් මුද්රාවක්" බවට පත් කර තිබෙනවා. මහෙස්ත්රාත්වරයාට සැකකරුවන් නිදහස් කිරීමේ බලය අහිමි කර තිබෙනවා. මහෙස්ත්රාත්වරයාට සැකකරුවකු නිදහස් කළ හැක්කේ නීතිපතිවරයාගේ එකඟතාවය අනුව පමණයි. මේ තුළින් අධිකරණ බලය සීමාවකට ලක්කර තිබෙනවා. යෝජිත පනත් කෙටුම්පතේ 27 සහ 28 වගන්තිවලින් පුද්ගලයින් රඳවා ගැනීමේ නියෝග නිකුත් කිරීම පිළිබඳව සදහන් කර තිබෙනවා.
එම වගන්තිවලින් අධිකරණ නියෝගයක් නොමැතිව පුද්ගලයෙකු රඳවා ගැනීමේ බලය විධායකය වෙත ලබා දී තිබෙනවා. ඒ තුළින් ජනතාවගේ අධිකරණ බලය කප්පාදු කිරීමකට ලක් කර තිබෙනවා.
59 වගන්තිය තුළින් ජනාධිපතිවරයාට අත්තනෝමතික බලයක් ලබාදී තිබෙනවා. ඒ තුළින් ජනතාවගේ අධිකරණ බලය විධායකය විසින් අත්පත් කරගෙන තිබෙන අතර එය ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 03 සහ 04 වන ව්යවස්ථාවවලට සම්පූර්ණයෙන්ම පටහැණියි.
දැනට පවතින ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයකු අත්අඩංගුවට ගත් හැක්කේ පොලීසියට පමණයි. නමුත් යෝජිත පනත් කෙටුම්පත තුළින් පොලීසියට පමණක් නොව ත්රිවිධ හමුදාව මෙන්ම වෙරළාරක්ෂක බළකායටත් පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමේ බලය ලබා දී තිබෙනවා."
එම අවස්ථාවේදී ප්රශ්නයක් යොමු කළ අග විනිසුරුවරයා" එහි ඇති වරද කුමක්ද? " යනුවෙන් විමසුවේය.
නීතිඥවරයා - " ස්වාමීනි, මේ තුළින් බලය අවභාවිතයට ලක් වීමට හැකියාව තිබෙනවා. පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සිදුකරන්නේ පොලිස් අධිකාරීවරයෙකුගේ නියමයන්ට අනුවයි. මෙම පනත් කෙටුම්පත තුළින් නිල ඇදුම් ඇඳ ගත් ඕනෑම අයෙකුට අත්අඩංගුවට ගැනීමේ බලය ලබාදී තිබෙනවා."
"යෝජිත පනත් කෙටුම්පත තුළින් ආරක්ෂක අමාත්යංශයේ ලේකම්වරයාට පුරවැසියන් ඇතැම් ප්රදේශවලට ඇතුළුවීම වළක්වාලමින් නියෝග නිකුත් කිරීමට බලය ලබාදී තිබෙනවා. මේ තුළින් යළිත් ජනතා පරමාධිපත්යය උල්ලංඝණය වීමක් සිදුවෙනවා. ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ ප්රශ්නගත වගන්ති සම්මත කිරීමට අවශ්ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.”
ඉන් අනතුරුව පෙත්සමක් ඉදිරිපත් කර තිබු හිටපු අමාත්ය මහාචාර්ය ජී. එල්. පීරිස් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ ප්රකාශ කළේය.
" ස්වාමීනි, රාජ්ය ආරක්ෂක කිරීම ඉතා වැදගත්. ඒ පිළිබඳ විවාදයක් නෑ. නමුත් අහිංසක පුද්ගලයිනගේ අයිතිවාසිකම් උල්ලංගනය නොවන පරිදි මෙම පනත් ක්රියාත්මක වීම අවශ්යයි. ස්වාමීනි, මම උදාහරණයක් සදහන් කරන්නම්. පාස්කු ප්රහාරයට පෙර වවුනතීවු ප්රදේශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මරා දමා ඔවුන්ගේ ගිනි අවි පැහැරගැනීමේ සිද්ධියක් වාර්තා වී තිබුණා. පසුව එම සිද්ධිය සම්බන්ධයෙන් දමිල තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රඳවාගෙන පාපොච්චාරණ ලබා ගත්තා.
නමුත් පාස්කු ප්රහාරයෙන් පසුව අනාවරණය වුණා මෙම මිනීමැරුම් සිදුකළේ පාස්කු ප්රහාරයට සම්බන්ධ රිල්වාන් ඇතුළු කණ්ඩායමක් බවට. මෙවැනි දේවල් සිදු නොවිය යුතුයි.
ස්වාමීනි, යෝජිත පනත් කෙටුම්පත යටතේ අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයෙකු වසරක කාලයක් රදවා ගැනීමෙන් අනතුරුව තවත් වසරක කාලයක් රිමාන්ඩ් භාරයට පත් කිරීම සඳහා බලය ලබා දී තිබෙනවා. එය ඇප පනතේ ප්රතිපාදනවලට පටහැනියි. ඊට අමතරව 51 වන වගන්තිය තුළින් නිදහසේ රැස්වීමට තිබෙන අයිතියට තහනම් පනවා තිබෙනවා.
යම් රැස්වීමක්, ප්රවෘත්ති සාකච්ඡාවක් හෝ කිසියම් කටයුත්තක් ආරක්ෂාවට තර්ජනයක් යැයි විධායකය තීරණය කළහොත් එය තහනම් කිරීමට මෙම පනත් කෙටුම්පතින් බලය පවරා දී තිබෙනවා. ඒක ඉතාම භයානකයි."
ඒ අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා වෙත ප්රශ්නයක් යොමු කළ අගවිනිසුරුවරයා " මෙසේ නම් ඊට ඔබේ දෙන විසදුම කුමක්ද?" යනුවෙන් විමසුවේය.
ජනාධිපති නීතීඥ අලි ශබ්රි - "ස්වාමීනී, එම තීරණය ගැනීමේ බලය මහෙස්ත්රාත්වරයාට ලබාදිය යුතුයි. එය තමයි හොඳම විසඳුම. උදාහරණයක් සඳහන් කරනවා නම් පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලය අසල කිසියම් පිරිසක් විරෝධතාවක් ආරම්භ කළා. පසුව පොලිසිය මහේස්ත්රාත්වරයාට කරුණු වාර්තා කර නියෝග ලබාගෙන එය නිරාකරණය කර ගත්තා. ඒ නිසා මහෙස්ත්රාත්වරයා හරහා එම කටයුතු සිදුවීම සුදුසුයි. මෙවැනි කටයුතු තීරණ ගැනීමේ බලය විධායකයට පැවරීම සුදුසු නැහැ."
මෙම කරුණු දැක්වීම් අතරතුර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ අධිකරණ හමුවේ කරුණු දක්වමින් සදහන් කළේ මෙම පනත් කෙටුම්පත තුළින් රජය කිසිදු ආකාරයක අදහස් ප්රකාශ කිරීමේ නිදහස කප්පාදු කිරීමට අපේක්ෂා නොකරන බවයි.
ඉන් අනතුරුව තවත් පෙත්සම්කරුවන් කිහිප දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පනත් කෙටුම්පත දැනට පවතින ත්රස්තවාදය වැළැක්වීමේ පනත තවදුරටත් ඉදිරියට ගමන් කිරීමක් බව සඳහන් කළේය.
ජනාධිපති නීතිඥවරයා - " ඒ හරහා පුද්ගලික නිදහස සීමා කර තිබෙනවා. අධිකරණ බලය සීමා කිරීමකට ලක් කිරීම අතිශය ගැටළු සහගතයි. ඒ හරහා ආණ්ඩුක්රම ව්යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගණය වීමක් සිදුවෙනවා."
- hirunews
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..
අද, හෙට සහ අනිද්දා දීප ව්යාප්ත විදුලි කප්පාදුවක්..
කොටුව මහේස්ත්රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව ගම්මන්පිලගෙන් පෙත්සමක්..
සෞදියේ තෙල් සහ ගුවන් පහසුකම් ඉලක්ක කරමින් හූතිවරුන්ගෙන් අඛණ්ඩ ප්රහාර.. – රියාද් පාලනයට එල්ලවන පීඩනය තීව්ර වෙයි..