News Category
From Date
To Date
Maximum Number of Result

RDA ආයතනය පවතින්නේ බිමල් රත්නායකට අයිති නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතටය.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදු වූ නවතම නීතිමය ක්‍රියාදාමයන් සාමාන්‍ය අපරාධ විමර්ශනයක සීමාවන් ඉක්මවා ගොස් ඇත. එය දැන් අපේ යුක්තිය පසිඳලීමේ පද්ධතියේ විශ්වාසනීයභාවය ප්‍රශ්න කිරීමට හේතු වන මහජන ප්‍රදර්ශනයක් ලෙස පෙනී යයි.

පවතින යුද්ධය සහ එයට මැදිහත්ව සිටින දේශපාලනඥයන් මදකට අමතක කරමු. එහෙත් අප මේ ගෙවමින් සිටින දශකයේ වඩාත්ම හදිසි ප්‍රශ්නය වන්නේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල කිසිවෙකු අසන්නේ නැති ප්‍රශ්නයකි. එනම් "පළමුව කුමන රටවල් බිඳ වැටේවිද?" යන ප්‍රශ්නයයි.

​මිනිසා යනු තවමත් ප්‍රාථමික සහජාසයන්ගෙන් මෙහෙයවෙන සතෙකු බව විද්‍යාත්මකව ඔප්පු කළ විප්ලවීය ප්‍රාඥයා, ඩෙස්මන්ඩ් මොරිස් (Desmond Morris) 2026 අප්‍රේල් 19 වන දින සිය 98 වසරක ජීවන ගමන නිමා කළේය. ඔහු මානව චර්යා විද්‍යාව (Ethology) සහ මනෝවිද්‍යාව යන විෂය පථයන්හි නොමැකෙන සලකුණක් තබා ගිය අයෙකි. සත්ත්ව විද්‍යාඥයෙකු ලෙස සිය ගමන ඇරඹූ ඔහු, සතුන් නිරීක්ෂණය කිරීමට යොදාගත් විධිමත් ක්‍රමවේද මිනිස් වර්ගයා විග්‍රහ කිරීමට යොදා ගැනීමත් සමඟ ලෝක සාහිත්‍යයේ සහ විද්‍යාවේ නව පෙරළියක් ඇති කළේය.

අපේ රට තමයි ථෙරවාදයේ මහගෙදර. මියන්මාව, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය, චම්පාව (දැන් දකුණු වියට්නාමය), චීනයේ ශි-ෂුවන්-පන්නා ප්‍රදේශය, බංග්ලාදේශයේ චිතගොං ප්‍රදේශය ඇතුළත් ථෙරවාද කලාපයට බුද්ධ ධර්මය ව්‍යාප්ත වුණේ අපේ රටේ ඉඳලා. ඒ හින්දා, දැන් “සාම පාගමන” රඟ දක්වන්නේ අපේ රටට ථෙරවාද බුදුදහම හඳුන්වාදීම වෙනුවෙන් නොවන බව අමුතුවෙන් කියන්න ඕන නෑ.

ආචාර්ය හාන්ස් සිය මැක්බුක් තිරය දෙස දෑස් නොපියා බලා සිටියේ ය.

ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 110 වැනි ජන්ම සංවත්සරය අප්‍රේල් 17 වැනිදාට යෙදී තිබුණි. එය හුදෙක් මතකයන් අලුත් කරන මොහොතකට වඩා වැඩි යමක් එහි තිබේ. එය නම් ඒ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර ක්‍රියාත්මක වීමට අපට ආරාධනා කරයි.

භාණ්ඩාගාරයේ ඩොලර් ලක්ෂ 25ක මුදලක් අතුරුදන් වූයේ කෙසේ ද? පරිගණක හැකරුන් විසින් කොල්ල කා ඇතැයි කියන්නේ ඇත්තක් ද? එය ආණ්ඩුවේ කාගේ හෝ අනුදැනුම ඇති ව සිදු වූවක් ද?

තමන් ලියූ සටහනක්, කළ ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් හේතුවෙන් යම් පාර්ශවයකට ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිවෙකු හෝ පෙළඹුණේ නම් ඒ පිළිබඳව තමන් සමාව ඉල්ලා සිටින බව ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ දියණියක වන සම්මානනී විජේසිංහ මහත්මිය ප්‍රකාශ කර සිටියි.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.