News Category
From Date
To Date
Maximum Number of Result

අතීත බෙංගාලය යනු බුදුදහමේ ස්වර්ණමය තොටිල්ලකි. ක්‍රිස්තු වර්ෂ 8 සිට 12 දක්වා කාලයේ ඉන්දියානු අර්ධද්වීපයේ බලපැවැත්වූ ‘පාල අධිරාජ්‍යය’ සමයේ ලෝක ප්‍රකට සෝමපුර මහා විහාරය වැනි බෞද්ධ විශ්වවිද්‍යාල බිහිවූයේත්, අතිපූජ්‍ය අතීෂ දීපංකර ශ්‍රී ඥාන හිමිපාණන් වැනි මහා යතිවරුන් ලෝකයට බිහිවූයේත් මේ පින්බිමෙනි. එහෙත්, අතීතයේ බෞද්ධ රාජ්‍යයක්ව පැවති, වර්තමානයේ මිලියන 170කට අධික ජනගහනයක් වසන බංග්ලාදේශය තුළ අද වන විට බුදුදහම අතිශය දුෂ්කර මෙන්ම අවදානම් සහගත ඉරණමකට මුහුණ දෙමින් සිටියි.

පල්ලේගම හිමියන්ට එල්ල වී ඇති චෝදනාව සමග භික්ෂූන් නිසා ලංකාවට ලිංගික අධ්‍යාපනය අහිමි වී ඇතැයි කියන කිසිදු පදනමකින් තොර විකාර සහගත සංවාදය නැවත කරළියට පැමිණ තිබෙනවා.

පහුගිය දවස් ටිකේ රුපියලේ අගය වේගයෙන් පල්ලම් බහින්න පටන්ගත්තා. ඩොලරයේ අගය රුපියල් 350 සීමාවත් ඉක්මවලා ගියා. “අපිට විදේශ සංචිත අච්චර තියෙනවා, මෙච්චර තියෙනවා” කියලා පම්පෝරී ගහපු ආණ්ඩුවක පාලනය යටතේ මෙහෙම වුණේ ඇයි?

අනුන්ගෙ කලිසම් අගේට ඇඳගෙන ටයි කෝට්ද එකතුකරමින් මාධ්‍ය සංදර්ශන දානවා නම්? අඩුම ගානෙ සත්‍යය එක් වාක්‍යයකින් හෝ කීමද "අවංකයන්ගෙන් සැදුම් ලත් ජනතාවාදී ආණ්ඩුවක" වගකීමයි. වැඩේ හොඳටම හොඳ වෙන්නෙ එවිටය.

ඔහියෝ පළාතේ විශ්‍රාමික තැපැල්කරුවෙකු වන රොජර්ට දිනක් ඉන්දියානු උච්චාරණයකින් යුත් ඇමසන් පාරිභෝගික සේවා නියෝජිතයෙකු යැයි කියාගන්න පුද්ගලයකුගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි.

ලංකාව ශ්‍රී ලංකා ජනරජය බවට පත් කරමින් 1972 මැයි 22 දා කොළඹ නව රඟහලේ පැවැති ජනරජ දින උත්සවයේ දී සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය කළ ඓතිහාසික කතාව පහළ වීඩියෝවෙන්..

ශ්‍රී ලංකාවේ ජනරජ දිනය සෑම වසරකම මැයි මස 22 වැනිදාට යෙදී ඇත. එදින 1972 මැයි 22 වැනිදා ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයට තිබූ යටත්විජිත බැඳීම් සම්පූර්ණයෙන්ම අහෝසි කර, පූර්ණ ස්වාධීන හා ස්වෛරී ජනරජයක් බවට පත්වූ ඓතිහාසික දිනය ලෙස සිහිපත් කරනු ලබයි.

අසාද් මව්ලානා ලංකාවෙන් පැනලා ගිහින් ඇසයිලම් දාල ඉන්න වරෙන්තු කාරයෙක්..

2000 වසරෙන් පස්සේ ඉපදුණු ඔයාට අද ලංකාවේ තියෙන නිදහස හරිම සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. හැමතැනම Checkpoints (පරීක්ෂණ මුරපොළවල්) නැති, බෝම්බ බයට හැමෝම ගැහි ගැහි ඉන්නේ නැති, පාරක තොටක නිදහසේ යන්න පුළුවන් මේ පරිසරය හැදුණේ කොහොමද? 2009 මැයි 19 වෙනිදා ඉවර වුණු ඒ අඳුරු අතීතය, එහෙමත් නැත්නම් අපේ රට අවුරුදු 30කට වඩා ආපස්සට ඇදලා දාපු "ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය" (Sri Lankan Civil War) කියන්නේ මොකක්ද?


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.