ඩෙංගු වසංගතයට මුවා වෙමින් මොරටුව විශ්වවිද්‍යාලය හැඩ කළ ගස් ටික කපා දමයි!
රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වසංගතය හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලයෙහි අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවා විශ්වවිද්‍යාල වසාදමා ඇති පසුබිමක, ඩෙංගු අවදානම අවම කිරීමේ අරමුණින් යැයි පවසා විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පැවති ගස් කපා දැමීමට කටයුතු කිරීම බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව ඇත.
එලෙස ගස් කපා දැමීම සම්බන්ධයෙන් මහාචාර්ය රංගික උමේෂ් හල්වතුර මහතා තබා ඇති සටහන පහතින්.
"ගොඩ දෙනෙක් කියන විදියට අද ලංකාවේ ඩෙංගු epidemic (වසංගත) තත්ත්වයක් දක්වා ව්‍යාප්ත වෙලා. මුළු ලංකාවම ඩෙංගු වෙලාගෙන ඉවරයි. ඉතින් මේ වසංගත තත්ත්වය වෙලාවේ මොරටුවේ අපිට නිකන් බලන් ඉන්න බැහැ.
රටම එක මිටට, එක පෙළට ඩෙංගු මර්ධනයට සැරසෙන කොට, මොරටුවේ අපිත් විශ්වවිද්‍යාලයක් විදියට හරි හරියට වැඩ. විශ්වවිද්‍යාලය හදිස්සියේ වැහුවේ ඩෙංගු මුලින්ම ගලවලා දාන්න.
මොරටුව කියන්නේ ලංකාවේ සුපිරිම වැඩ්ඩෝ ඉන්න තැනක් කියන එක ආයෙත් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. අලුත් අලුත් පර්යේෂණ කරන්න උපන්ගෙයි හැකියාව තියෙන මොරටුවේ පරිපාලනයත් අපේ නම්බුව තවත් වැඩි කරන්න මෙදා පාර නම් දෙපාරක් හිතන්නේ නැතුව, ඩෙංගු වල මුලම හොයාගෙන දෙනවා වැඩේ.
අපි දැනට හොයාගෙන තියෙන කරුණු වලට අනුව ඩෙංගු වලට ප්‍රධානම හේතුව ලංකාවට මහා විනාසයක් වෙලා තියෙන 19–20% විතර තියෙන වන වගාව. ඊටත් වඩා කැලෙන් මෙහා තියෙන 10–15% විතර තියෙන මේ ශාක වැස්ම.
ඉතින් මේ කරුමය නැති කරනකම්, ඩෙංගු මඩිනවා බොරු.
රටම ආදර්ශයක් වෙමින්, ඔන්න අපි වැඩ පටන් ගත්තා. ඇත්තටම මේක අපි පටන් ගත්තේ අද ඊයෙම නෙමෙයි. මුලින්ම විශ්වවිද්‍යාලයට වගේම රටටම මහම හෙනයක් වෙලා තිබුණු කජු කැලේ කපලා. ඊට පස්සේ තැනින් තැන ටික ටික කැපුවට, මේ වසංගතය මුලින්ම ගලවන්න නම් ඉතුරු වෙලා තියෙන ගස් ටික කපන්නම වෙනවා.
මේ අපි සාර්ථකව රටේ ඩෙංගු වසංගතය මඩින්න මේ දවස් දෙක තුනට දායක වෙච්ච හැටි. තව ලකුණු කරලා තියෙනවා. හෙට අනිද්දට අයින් කරන්න.
ඒ ඔක්කොම අයින් කළාම මොරටුවේ ගසුත් නැහැ. ඩෙංගුත් නැහැ. ආයෙත් හිතේ කහටක් නැතුව විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු පටන් ගන්න පුළුවන් මෝරා දේවයන් වහන්සේට පිං සිද්ධ වෙන්න. බය වෙන්න එපා, ඕනෑම වුණොත් සල්ලි දීලා ආයෙත් Rootball ගස් ටිකක් ගෙනල්ලා ඉන්දනවා ඔහේ.
මේ පිනෙන්, මේ මහා මොළ විතරක් නෙමෙයි, මේ මොළ මෙලොවට ගෙනාපු ඒ උත්තමයන්ගේ දෙමව්පියනුත් නිවන් දකින්න ඕනේ. බුදුන් දකින්න තවත් පෙරුම් පුරන්නෙ නැතුවම.
අනේ සාදු.....! "
මහාචාර්ය රංගික උමේෂ් හල්වතුර මහතාගේ ෆේස්බුක් ගිණුමෙනි.



සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..