News Category
From Date
To Date
Maximum Number of Result

අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් කොළඹ අගරදගුරුතුමන් සමඟ මේ ඉන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායකය. ඔහු ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ ආරක්ෂක දිසාව භාර (Special Protection Range) හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ය.

ඉන්දු-ලංකා ගිවිසුමට සමාන්තරව දෙරටේ භූමිය එකිනෙකට එරෙහිව යොදා නොගැනීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි සහ ශ්‍රී ලංකා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන අතර 1987 ජුලි මාසයේ 29 දින එකඟතාවයක් ඇතිවිය. මූලික වශයෙන් ආරක්ෂාව පිළිබඳව ඇතිකර ගත් එම එකඟතාවයට අනුව ත්‍රිකුණාමලයේ වරාය ඇතුළු අනෙකුත් වරායන් ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි කිසිදු විදේශීය රටකට යොදා ගැනීමට ඉඩ නොදීමට ශ්‍රී ලංකාව පොරොන්දු විය. එම ලිඛිත ගිවිසුමේ සඳහන් ප්‍රධානතම කරුණක් වූයේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දීය-ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමයි.

මේ වන විට මියන්මාර සහ තායිලන්ත සීමාවේ පැවැති චීන ජාතිකයන්ගේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වන "ඔන් ලයින්" වංචා හෙවත් මාර්ගගත සූදු හා විදුලි සංදේශ පද්ධතිය ආශ්‍රිත වංචා මුලිනුපුටා දැමීමට චීන රජය සමත්ව තිබෙන බව දක්නට ලැබේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය (FSP) විසින් 2026 ජුනි 17 වන දින කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවක් මගින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ජාතික හැඳුනුම්පත් (SL-UDI) ව්‍යාපෘතිය සම්බන්ධයෙන් බරපතළ අනාවරණයක් සිදු කරන ලදී. එහිදී එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අවධාරණය කළේ, ලාංකික පුරවැසියන්ගේ අතිශය සංවේදී ජෛවමිතික දත්ත ඇතුළත් ටෙන්ඩරය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට සමීප සබඳතා ඇති ඉන්ෆොසිස් (Infosys) සමාගමට ලබාදීමට වත්මන් රජය සූදානම් වන බවයි.

සිරිල් ගාමිණී පියතුමා පහුගිය 17 වෙනිදා කියලා තිබුණා “ ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ධූරයටත් රවී සෙනෙවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරයටත් පත් කරන්න කියලා අගරදගුරුවත් කතෝලික සභාවෙන්වත් ඉල්ලීමක් කළේ නෑ කියලා.බිමල් පාර්ලිමෙන්තුවේදී ඒ අය පත් කළේ අගරදගුරුගේ ඉල්ලීමට අනුව කියලා කියපු කතාව සිරිල් ගාමිණි ප්‍රතික්ෂේප කළා.එයා කිව්වේ බිමල් කියන කතා අපි දන්නේ නෑ කියලයි.බිමල් ඔය කතාව කියලා දැන් සෑහෙන කාලයක් වෙනවා.

2021.10.23 - අන්තර්ජාතික යුක්ති සංදානයේ zoom meeting එකේදී සිරිල් ගාමිණී පියතුමා ඔස්ට්‍රේලියානු දමිළ මාධ්‍යවේදියකුට පිලිතුරු දෙමින් "පාස්කු ප්‍රහාරය පිටුපස ලංකාවේ බුද්ධි අංශ ඉන්න පුලුවන්" යැයි පවසනවා.

හමුදා නිලධාරියකුට වැඩියෙන්ම වටින්නේ ඔහුගේ නිල ඇඳුමය. ඒ සා වටිනා නිල ඇඳුම බොහෝ කාලයක් පුරා ඇඳීමට මේජර් ජෙනරාල් සුරේෂ් සලේට ඉඩ ලැබුණේ නැත. ඊට හේතුව නිල ඇඳුම අඳිනවාට වඩා වටිනාකමින් වැඩි රාජකාරියක් ඔහුට රට වෙනුවෙන් පැවරුණු නිසාය. ඒ රාජකාරිය කරන්නෝ නිල ඇඳුම වෙනුවට අඳින්නේ සිවිල් ඇඳුමය. සුරේෂ් සලේට රාජකාරි දිවියේදී නිල ඇඳුම පසෙකින් තැබීමට වූයේ ඔහු බුද්ධි නිලධාරියකු වන නිසාය. එනමුත් ඔහු මීට 38 වසරකට පෙර දෙවැනි ලුතිනන්වරයකු ලෙස අධිකාරි ලැබුවේ සන්නද්ධ බුද්ධි අංශ නිලධාරියකු ලෙස නොවෙයි.

පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් ආයතනය 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම වෙළඳ නාම (Asia’s Greatest Brands 2026) අතරට තේරී පත්ව ඇති අතර, එහි නිර්මාතෘ සහ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම නායකයන් (Asia’s Greatest Leaders 2026) අතරට නම් කර ගෞරවයට පාත්‍ර කර ඇත.

ශ්‍රී ලංකාව යනු සියවස් ගණනාවක සිට විවිධ ජාතීන් සහ ආගමිකයන් එකට සහයෝගයෙන් ජීවත් වූ බහුසංස්කෘතික නිවසක් වැන්නකි. විශේෂයෙන්ම ලාංකික මුස්ලිම් ජනතාව, මෙරට සිංහල සහ දෙමළ ජන සමාජය සමඟ අතීතයේ සිටම පැවැත්වූයේ දැඩි සංස්කෘතික සහ ආර්ථික සබඳතාවයකි.


ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.