News Category
From Date
To Date
Maximum Number of Result

සුද්දා ලංකාව දාලා නොගියා නම් ලංකාව අද පට්ට දියුණු රටක්ද? - සරල ප්‍රශ්නයක් ගැන ගැඹුරු කතාවක්..

ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන ලදී. වර්තමාන ආණ්ඩුවේ ගල්‍අඟුරු ටෙන්ඩරය පිළිබඳ විමර්ශනයෙන් ජනාධිපති කොමිසමට වැඩ ආරම්භ කළ හැකි ය. ඒ පිළිබඳ ව පැවැත්වූ විගණනයේ වාර්තාව ඊට පදනමකි. එකී විගණනයේ නිර්දේශ ගැන කෙරෙන විමසුමේ දෙවැනි කොටස පහත වීඩියෝවෙන්..

බටහිර ප්‍රොපගැන්ඩා යාන්ත්‍රණය විසින් උතුරු කොරියාව ගැන අපේ අයගේ ඔළු ගෙඩිවල පැළ කරපු කතාවක් තියෙනවා. ඒ කතාවේ හැටියට උතුරු කොරියාව කියන්නේ සමාජ - ආර්ථික අතින් ඉතාමත් පහළින් තියෙන මහ කාලකන්නි රටක්.

ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 110 වැනි ජන්ම සංවත්සරය අප්‍රේල් 17 වැනිදාට යෙදී තිබුණි. එය හුදෙක් මතකයන් අලුත් කරන මොහොතකට වඩා වැඩි යමක් එහි තිබේ. එය නම් ඒ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර ක්‍රියාත්මක වීමට අපට ආරාධනා කරයි.

ඉරානය, ගල්ෆ් රාජ්‍යයන්, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අතර පවතින සියළුම ප්‍රධාන ගැටළු එකවර විසඳීම සඳහා සමබර හා බලාත්මක කළ හැකි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාවලි රාමුවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රතිපත්ති විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා අදහස් දක්වා තිබේ.

HSBC ප්‍රධාන විධායක ජෝර්ජ් එල්හෙඩරි ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාව ගැන පහත කතාව කීවේය (පිංතූර බලන්න).

වත්මන් කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා 2021 ක්‍ෂුද්‍රමුල්‍ය වින්දිතයින් දවස් 55ක් හිඟුරක්ගොඩ පැවැත්වු සත්‍යග්‍රහයට පැමිණියා. පස්සේ ටෙන්ට් එකක් ගැන වෙච්ච අබැද්ධියක් ලිහාගන්නත් උදව් කළා.

අදට යෙදෙන දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු අනුනාහිමියන්ට සුබ උපන් දිනයක් වේවා....

කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් ට්‍රම්ප් පරිපාලනය විසින් ආරම්භ කරන ලද මේ වන විට ගෙවා ඇති ගල්ෆ් කලාපයේ දින 40 ක යුද්ධය, නවීන ඇමරිකානු ඉතිහාසයේ සිදු වූ දරුණුතම මිලිටරි සහ රාජ්‍ය තාන්ත්‍රික අසාර්ථකත්වයන්ගෙන් එකක් ලෙස සනිටුහන් වේ.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.