පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
අධිකරණ නියෝග ක්රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.
අහිංසක පුද්ගලයින්ට එරෙහිව නිස්කාරණයේ ලෙස නඩු පැවරීම වැළැක්වීම සඳහා රටේ සියලුම පොලිස් නිලධාරීන් ආවරණය වන පරිදි චක්රලේඛයක් නිකුත් කරන ලෙසට මීට පෙර අධිකරණය ලබාදුන් නියෝගය ක්රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
ගම්පහ දෙවොලපොල, මාකන්දන ප්රදේශයේ පදිංචි චාමර චතුරංග මාරසිංහ නමැත්තාට එරෙහිව මත්ද්රව්ය ළඟ තබා ගැනීමේ චෝදනා යටතේ එකම දිනයක නඩු දෙකක් පැවරීමේ සිද්ධිය මෙම නඩු කටයුත්තට පදනම් වී තිබේ.
අදාළ නඩු දෙක සම්බන්ධයෙන් මීට පෙර කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා, එම නඩු පැවරීම නිස්කාරණ ලෙස සිදුකර ඇති බවට තීරණය කරමින්, අදාළ පොලිස් නිලධාරීන්ට සහ පොලිස් දෙපාර්තමේන්තුවට විත්තිකරුට වන්දි ගෙවන ලෙස නියෝග කර තිබුණි.
එමෙන්ම, මෙවැනි ආකාරයෙන් අහිංසක පුද්ගලයින්ට එරෙහිව නිකරුණේ නඩු පැවරීම වැළැක්වීම සඳහා සියලුම පොලිස් නිලධාරීන් ආවරණය වන පරිදි චක්රලේඛයක් නිකුත් කරන ලෙසටද පොලිස්පතිවරයාට නියෝග කර තිබූ බව සඳහන්.
කෙසේ වෙතත්, අදාළ නියෝගය ක්රියාත්මක කිරීම වෙනුවට බස්නාහිර පළාත උතුර භාර නියෝජ්ය පොලිස්පතිවරයා විසින් ගම්පහ, කැලණිය සහ මීගමුව පොලිස් කොට්ඨාසවල නිලධාරීන් සඳහා නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
එය සලකා බැලූ මහේස්ත්රාත්වරයා, තමන් නියෝග කර තිබුණේ පොලිස්පතිවරයාට බව පෙන්වා දෙමින්, පළාත් මට්ටමින් උපදෙස් නිකුත් කිරීමෙන් අධිකරණ නියෝගය ඉටු නොවන බව අවධාරණය කලේය.
පොලිසියේ ක්රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ මහේස්ත්රාත්වරයා, අධිකරණ නියෝගයකට පවා පොලිසිය මෙලෙස ප්රතිචාර දක්වන්නේ නම් අනෙකුත් කටයුතු සම්බන්ධයෙන් කවර කතාදැයි ප්රශ්න කර තිබේ.
මේ අතර, අදාළ නඩු දෙක සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්රහයේ 17(1) වගන්තිය යටතේ කටයුතු නොකළ යුත්තේ මන්දැයි කරුණු විමසීමට අධිකරණයට කැඳවූ නිලධාරීන් පෙනී නොසිටීම සම්බන්ධයෙන්ද මහේස්ත්රාත්වරයා මීට පෙර සිය අප්රසාදය පළ කර තිබුණි.
ඒ අනුව, අධිකරණ නියෝග ක්රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ මහේස්ත්රාත් බන්ධුල ගුණරත්න, ඔහුට එරෙහිව නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..