News Category
From Date
To Date
Maximum Number of Result

පාරම්පරික වෛද්‍යවරුන්ගෙ අවසානය ?

Jul 10, 2026 at 02:40 PM
|

[පොදු මහජනතාව සහ බලධාරීන් දැනුවත් කිරීම සඳහා පුරවැසියෙකු විසින් ලියනු ලබන වගකීම් සහගත ලිපියකි. කිසිදු දේශපාලන න්‍යාය පත්‍රයක් හෝ නීති විරෝධී උසිගැන්වීමක් මෙහි අරමුණ නොවේ. ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාවේ නිල කෙටුම්පත්/චක්‍රලේඛ, 2023 අංක 31 දරන පනත සහ රජයේ 'ජාතික භෞතික සැලැස්ම' ආශ්‍රිත සත්‍ය කරුණු සහ සාක්ෂි පමණක් මෙහි මූලාශ්‍ර ලෙස භාවිත කර ඇත.]

"මේ පරම්පරා වෙදකම නැත්තටම නැති කරන්න, පහුගිය වසර කීපයක් තුළ පරම්පරා වෙදකම නැත්තටම නැති කරන්න පිඹුරුපත් ඇන්දා. පළවෙනියෙන්ම කරපු වැඩේ තමයි 66 පනතෙන් පාරම්පරික වෛද්‍යවරයාගේ දරුවාට විධිමත් අධ්‍යාපනයක් ලබා ගැනීම සඳහා කියලා ස්ථාපිත කරලා තිබ්බ වෛද්‍ය විද්‍යාල ටික වහලා දැම්මා. පළවෙනි කාරණය.

ඊට පස්සේ ගේනවා 2023 අංක 31 දරන පනත. මේ පනතෙන් මොකක්ද කරන්නේ? පාරම්පරික වෛද්‍යවරයාගේ ඉතුරු ශක්තියත් බිඳින්න. මේකෙ අරමුණ තමයි පාරම්පරික වෛද්‍යවරයා තමයි අද ගහෙන්, වැලෙන්, මලෙන්, කොළෙන්, පොත්තෙන් බෙහෙත් ටික අරගෙන බෙහෙත් හදලා ගමේ, රටේ, ගෙදර ඉඳගෙන රෝගීන් සුවපත් කරන වෛද්‍යවරු ඉන්නේ මේ පාරම්පරික වෛද්‍යවරු. අපි කොහෙන්වත් බෙහෙත් හේත් ගන්නේ නෑ. අපිට අවශ්‍ය බෙහෙත් හේත් ටික අපි හදාගන්නවා.

ඉතින් මේ 2023 31 දරන පනතෙන් කියලා තියෙනවා ඖෂධ 400 ගාණකට එහා සංඛ්‍යාවක් පාරෙ ගෙනියන්න බෑ. විශේෂයෙන්ම දෙහි, පාවට්ටා, මුකුණුවැන්න ඔය වගේ ඖෂධ 400 ගාණකට එහා පාරෙ ගෙනියන්න බෑ, ළඟ තියාගන්න බෑ, අඩුම ගානේ පාවට්ටා පැළයක් ගෙදර හිටවගන්නත් බෑ. නිකමට හිතන්න මේක වෛද්‍යවරු විතරක් නෙමෙයි සාමාන්‍ය ජනතාවත් මේකට කතා කරන්න ඕනේ. පොළේ ගิහිල්ලා දෙහි ටික විකුණන වයසක ආච්චි අම්මා කෙනෙක්, මුකුණුවැන්න මිටිය විකුණන වෙළෙන්දාට, මුකුණුවැන්න මිටිය තව ටිකක් කල් යනකොට පාරෙ ගෙනියන්න බෑ. ඒකට ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් අවසර ගන්න ඕනේ. මේක තමයි, මේ කරේ මොකක්ද? පාරම්පරික වෛද්‍යවරු බෙහෙත් හදන එක නැවැත්තුවා. එතකොට මේක ඖෂධ රැස් කරන්න බෑ, ගෙනියන්න බෑ, ඔන්න මේක අතාරලා දැම්මා. පාවට්ටා ගහක් ගෙදර ඉන්දුවොත්, හිටෙව්වොත්, පැළයක් තිබ්බොත් අත්අඩංගුවට ගන්න පුළුවන් ගානට පනත හදලා දීලා තියෙනවා.

ඊළඟට ගෙනාවා දැන් කෙටුම්පත් හදනවා, දැන් කෙටුම්පත් හදනවා පාරම්පරික වෛද්‍ය ශිෂ්‍යයන් බිහි කරන්න බෑ. වෛද්‍ය ශිෂ්‍යයෙක් බිහි කරනවා නම් තමන්ගේ එක දරුවෙකුට උගන්වන්න පුළුවන්. දරුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්න පාරම්පරික වෛද්‍යවරයා එක දරුවෙකුට උගන්වපුවහම අනිත් දරුවෝ ඉල්ලුවොත් මොකද කරන්නේ? උඹලාට දෙන්න බෑ කියන්නද? එහෙම නෙමෙයි, පුංචි කාලේ ඉඳලා අම්මාගේ බඩේ ඉඳලා, උපන් දවසේ ඉඳලා, කිරි බොන දවසේ ඉඳන් බෙහෙත් පැළේ අතගාලා, ඖෂධය අතගාලා, රෝගියා තමන්ගේ ගුරු වෛද්‍යවරයා, පියා හෝ මව නැත්නම් ගුරු වෛද්‍යවරයා සුව කරන විදිහ දැකලා, කළ පුරුද්ද, දැක පුරුද්ද, පළපුරුද්ද කියන එක හොඳටම හදාගෙන උපන් දා ඉඳන් වෙදකමේ ඇලිලා ගිලිලා ඉන්න මේ පාරම්පරික වෛද්‍යවරයා නැත්තටම නැති කරන්න හදනවා.

ඉතින් හත්දෙයියනේ, හරියටම ලෙඩුන් සුවපත් කරනවා නම්, හරියටම වෙදකම කරන්න පුළුවන් නම්, තමන්ගේ රජයට අවශ්‍ය විභාගය තියලා, රජයට අවශ්‍ය නිර්ණායකයන් අනුව විභාගය තියලා ඉදිරිපත් වෙන වෛද්‍ය ශිෂ්‍යයන් විභාගයෙන් පාස් කරනවා නම් ඉවරනේ සුදුසුකම් තියෙනවා නම්. ඕකනේ කරන්න ඕනේ. එතකොට පාරම්පරික වෙදකම යනවා. මේ පාරම්පරික වෙදකම නැත්තටම නැති කරන්න තමයි මේ හදන්නේ.

විශේෂයෙන්ම මේ පාරම්පරික විභාග දැන් අවුරුද්දකට දෙකකට විතර ඉස්සෙල්ලා නැවැත්තලා තියෙන්නේ. පාරම්පරික වෛද්‍යවරුන්ගේ දරුවන්ට තියෙන, ශිෂ්‍යයන්ට තියෙන විභාග ටික නැවැත්තලා තියෙනවා. ඒ හින්දා තැන් තැන් වල එක එක මේ හොර වෛද්‍යවරු වෙදකම එහෙන් මෙහෙන් අහුලා ගත්ත, තැන් තැන් වල ගස් ගල් යට වෙදකම් කරන, ඒ වගේම මේ මේ තැන් තැන් වලට ගිහිල්ලා මේ මේ ජංගම සේවා විදිහට නැත්නම් සායන විදිහට අද එක තැනක, අද අනුරාධපුරේ, හෙට කුරුණෑගල, තව තැනක, තව දවසක මාතලේ, ඊට පස්සේ බෙහෙත් ගත්ත වෛද්‍යවරයා හොයාගන්න බෑ රෝගියාට. මේ වගේ හොර ගුහා ටිකක් හදන්න මේ විදිහට පනත් හැදුණා. මේ විදිහට හදාගත්තා.

මේ විදිහට හදලා දැන් මේ පාරම්පරික වෛද්‍යවරයා නෑ... ඒ කියන්නේ පාරම්පරික වෛද්‍යවරයාට දැනුම නෑ කියලා පෙන්නන්නනේ මේ කරන්නේ වැඩේ. ඒ කියන්නේ මේ පාරම්පරික විභාග ටික තියන්නේ නෑ, නැවැත්තලා දැම්මා. එතකොට අර පාරම්පරික වෙදකම අහුලා ගත්ත තැන් තැන් වලින් ටිකක් එනවා නගලා. ඊට පස්සේ ඒ හින්දා..."

(පාරම්පරික වෙදකම සුරකීමේ සංවිධානය)

වසර දහස් ගණනක් තිස්සේ මේ පොළොවේ මිනිස්සුන්ගේ ජීවිත රැකපු, අපේ රටේ අනන්‍යතාවය වෙච්ච "සිංහල පාරම්පරික වෙදකම" අද ඉන්නෙ තීරණාත්මක කඩඉමක. සරලවම කිව්වොත්, සූක්ෂම නීති රීති මාලාවක් හරහා අපේ පාරම්පරික වෙදකමේ මුල්ම සිඳලා දාන්න ලොකු පිඹුරුපතක් ලෑස්ති වෙමින් පවතිනවා. ව්‍යාජ වෛද්‍යවරුන් පාලනය කරන මුවාවෙන්, ජාත්‍යන්තර "සුවතා සංචාරක ව්‍යාපාරය" (Wellness Tourism) හරහා ඩොලර් සෙවීමේ වාණිජ අරමුණක් වෙනුවෙන් අපේ ගමේ වෙදකම බිලිදෙන්න හදන මේ ක්‍රියාවලිය ගැන රටේ පුරවැසියන් විදිහට අපි හැමෝම ඇස් ඇරලා බලන්න ඕනේ කාලය හරි.

ආයුර්වේද වෛද්‍ය සභාවේ නව රෙගුලාසි සහ පහුගිය කාලේ ආපු පනත් දෙස බැලීමේදී මේ තිත්ත ඇත්ත සාක්ෂි සහිතව ඔප්පු වෙනවා.

🛑 පාරම්පරික වෙදකමේ බෙල්ල හිර කරන නීතිමය උගුල්

🔹ඖෂධ පැළෑටි ළඟ තබාගැනීමේ සහ ප්‍රවාහන තහනම (2023 අංක 31 දරන පනත)

මේ පනතට අනුව ඖෂධ වර්ග 400කට අධික සංඛ්‍යාවක් අවසරයකින් තොරව පාරේ ගෙනියන්න බෑ, ළඟ තබාගන්න බෑ. අඩුම ගානේ පාවට්ටා පැළයක්, දෙහි ගහක් ගෙදර හිටවගත්තොත් අත්අඩංගුවට ගන්න පුළුවන් මට්ටමට නීති හැදෙනවා. ගහෙන්, වැලෙන්, මලෙන්, පොත්තෙන් බෙහෙත් ටික අරන් තමන්ම ඖෂධ හදාගන්න පාරම්පරික වෛද්‍යවරයාට මේකෙන් මොකද වෙන්නේ? ඒ විතරක් නෙවෙයි, පොළේ ගිහින් දෙහි ටිකක්, මුකුණුවැන්න මිටියක් විකුණන අහිංසක ගැමියාටත් ඉස්සරහට මේ නිසා ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් අවසර ගන්න සිද්ධ වෙන තැනටයි වැඩ සිද්ධ වෙන්නේ.

🔹ගුරු වෛද්‍යවරයාගේ වයස් සීමාව අවුරුදු 70ට සීමා කිරීම

ශිෂ්‍යයෙකුට සහතිකයක් දිය හැකි ගුරු වෛද්‍යවරයාගේ වයස අවුරුදු 70 නොයික්මවිය යුතු බවට නීතියක් එනවා. හත්දෙයියනේ, අපේ දේශීය වෙදකමේ වටිනාම රහස් වට්ටෝරු, මහා ප්‍රඥාව තියෙන්නේ වයස අවුරුදු 70, 80 හෝ 90 ඉක්මවූ ජ්‍යෙෂ්ඨතම වෙද මහත්වරුන් ළඟයි. මේ නීතිය නිසා දක්ෂ ශිෂ්‍යයන් රැසකට තමන්ගේ ගුරුවරුන්ගෙන් සහතික ලබා ගැනීමේ අයිතිය සදහටම නැති වෙනවා.

🔹ශිෂ්‍ය සංඛ්‍යාව දැඩි ලෙස සීමා කිරීම

ගුරු වෛද්‍යවරයෙකුට ශිෂ්‍යයන් පුහුණු කළ හැක්කේ තමන්ගේම එක දරුවෙකුට විතරයි. දරුවන් නැත්නම් බාහිරින් එක වරකට පුහුණුව දිය හැක්කේ එක් (01) ශිෂ්‍යයෙකුට විතරයි. දරුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්න පාරම්පරික වෛද්‍යවරයෙක් එක දරුවෙකුට විතරක් උගන්වලා අනිත් දරුවන්ට වෙදකම නොදී ඉන්නද? උපන් දා ඉඳන් වෙදකමේ ඇලිලා ගිලිලා ඉන්න දරුවන්ට මේ කරන අසාධාරණය මොකක්ද?

🔹අධ්‍යාපන සුදුසුකම් සහ වයස් සීමාවන්

කලින් මූලික සුදුසුකම ලෙස සාමාන්‍ය පෙළ තිබුණත්, අලුත් සංශෝධනවලින් එය අ.පො.ස (උසස් පෙළ) ඕනෑම විෂය ධාරාවකින් විෂයන් 3ක් සමත් විය යුතු ලෙස වෙනස් කරලා. වෙදකම කියන්නේ "සංසාර පුරුද්දක්", "දැක පුරුද්දක්" සහ ප්‍රායෝගික කැපවීමක් මිස උසස් පෙළ සහතික මතම තීරණය වන්නක් නෙවෙයි. ඒ වගේම ලියාපදිංචි වීමේ වයස අවුරුදු 18 ත් 28 ත් අතරට සීමා කිරීම නිසා, දැනටමත් වයස 28 ඉක්මවා ප්‍රායෝගිකව වෙදකම් කරන දක්ෂයින්ට තමන්ගේ වෘත්තීය අයිතිය අහිමි වෙලා, ජීවත් වෙන්න වෙනත් සාමාන්‍ය රැකියාවලට (ගාර්මන්ට් යාම වැනි) යන්න සිද්ධ වෙනවා.

🛑 මේ විනාශයේ අවසාන ප්‍රතිඵලය කුමක්ද?

🔹දේශීය වෛද්‍ය ඥානය සදහටම වැලලී යාම

 සර්ප විෂ, කැඩුම් බිඳුම්, ජලභීතිකා, ගෙඩි වණ වැනි විශේෂඥ ක්ෂේත්‍රයන්හි පරම්පරාගත රහස් වට්ටෝරු ඉදිරි පරම්පරාවට දායාද කිරීමට උරුමක්කාරයන් නොමැතිව වඳ වී යනු ඇත.

🔹බටහිර ඖෂධ මාෆියාවට ජනතාව බිලිවීම

 ගමේ සහනදායී වෙද මහතා අහිමි වූ පසු, සෑම පුරවැසියෙකුටම සුළු රෝගයකට පවා අධික මිලක් ගෙවා බටහිර ඖෂධ මතම යැපීමට සිදු වේ. රටේ ආර්ථික අර්බුදයක් හමුවේ බටහිර ඖෂධ හිඟ වන ඕනෑම අවස්ථාවක රටේ ජනතාවගේ ජීවිත සෘජුවම අනතුරේ වැටේ.

🔹හොර වෛද්‍යවරුන් සහ ජංගම සායන බිහිවීම 

පාරම්පරික විභාග අවුරුදු ගණනාවකින් පවත්වා නැති නිසා, සැබෑ දක්ෂයින්ට නීත්‍යානුකූල වීමට ඇති මඟ ඇහිරී ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස තැන් තැන්වල ගස් ගල් යට වෙදකම් කරන, අද අනුරාධපුරේ, හෙට කුරුණෑගල ජංගම සායන දමන හොර වෛද්‍යවරුන් බිහි වන අතර ඉන් රෝගීන්ගේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම නැති වී යයි.

🔹සංස්කෘතික උරුමය විනාශ වීම 

වසර දහස් ගණනක් පැරණි "හෙළ වෙදකම" නමැති ජාතික අභිමානය ලෝක සිතියමෙන් මැකී ගොස්, සියල්ල මහා පරිමාණ වාණිජ හෝටල්වල පවතින "Spa" සංස්කෘතියකට පමණක් සීමා වනු ඇත.

🗣️ අපේ නිහඬතාවයේ අවසානය මෙතැනද?

රජයට අවශ්‍ය නම් කළ යුත්තේ සුදුසු නිර්ණායකයන් මත විභාග පවත්වා, දක්ෂ පාරම්පරික වෛද්‍ය ශිෂ්‍යයන්ට ඉදිරියට යාමට මඟ සකස් කිරීමයි. නමුත් සිදුවන්නේ අනෙකකි. වෙනත් වෘත්තීය ක්ෂේත්‍රවල පිරිස් තමන්ට අසාධාරණයක් වූ වහාම පාරට බැස සටන් කරද්දී, අපේ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ අය තවමත් පසුවන්නේ නිහඬ පිළිවෙතකය. ශාස්ත්‍රීය උපාධි සහතික තිබුණත් ප්‍රායෝගික වෙදකම නොදන්නා නිලධාරීන් විසින්, මහා රෝග සුව කරන පාරම්පරික වෛද්‍යවරුන්ගේ පැවැත්ම තීරණය කරන තෙක් තවදුරටත් නිහඬව බලා සිටිය යුතුද?

අපේ වෙද පරම්පරා, ගුරු වෛද්‍යවරුන් සහ වෛද්‍ය සිසුන් දැන්වත් මේ ව්‍යසනය තේරුම් ගත යුතුය.

🔹බලධාරීන්ගෙන් අප ඉල්ලා සිටින්නේ

මෙම ප්‍රායෝගික නොවන, දේශීය වෙදකමේ මුල් සිඳලන කෙටුම්පත් වහාම සංශෝධනය කරනු! සැබෑ දක්ෂ පාරම්පරික වෛද්‍යවරුන් සහ ශිෂ්‍යයන් ආරක්ෂා වන පරිදි වයස් සීමාවන් සහ අධ්‍යාපන සුදුසුකම් ලිහිල් කරනු!

අපේ දේශීය වෛද්‍ය උරුමය සහ ඔබේ සෞඛ්‍ය අයිතිය සුරැකීම වෙනුවෙන් මෙම පණිවිඩය උපරිමයෙන් Share කර රටම දැනුවත් කරමු!

(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.