නැත්ත වෙනුවට ඇත්ත..
නැත්ත වෙනුවට ඇත්ත කියන්නේ එවකට ජනතා විමුක්ති පරමුණේ ප්‍රචාරක ලේකම් සහ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා වුණු විමල් වීරවංශ මතවාදි ගැටලුවක් නිසා 2008 වර්ෂයේ පක්ෂයෙන් ඉව්ත් වීමෙන් පසු ඒ ඉවත් වීමට අදාළ දේශපාලන අදහස ප්‍රකාශයට පත් කරන්න ඔහු විසින් පළ කළ ග්‍රන්ථය. එහි අඩංගු වුනේ ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය තුල 2005 ජනාධිපතිවරණයේදීත් 2005න් පසු ගත යුතු දේශපාලන උපායමාර්ග පිළිබඳවත් සාකච්චා වුනු දේශපාලන කරුණු.
එදි විමල් වීරවංශ විසින් පක්ෂයට ලියූ ලිපි 4 කුත් එවකට පක්ෂ නායකයා වුනු සෝමවංශ අමරසිංහ මහතා ලියූ ලිපි 6 කුත් නන්දන ගුණතිලක මහතාගේ ලිපියකුත් ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ලියූ ලිපි 2ක වූ කරුණුත් අඩංගු කරල තිබුණා.
මේ පොත ප්‍රකාශයට පත් වුනු 2008 කාලේ ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රධාන චෝදනාව වුනේ පක්ෂයෙන් ඉවත් වෙන්න සිදු වෙච්ච නිසා විමල් වීරවංශ පාර්ශවය විසින් බොරු ගොතා ප්‍රචාරය කරනවා කියලා.මෙහි තිබෙන කරුණු ඔවුන් ප්‍රතික්ෂේප කළා.
නමුත් මේ නඩු කටයුත්ත නිසා ඔවුන්ට පිළිගන්න වුනා මේ ඉදිරිපත් කරල තියෙන කරුණු සැබෑවටම ඔවුන්ගේ අදහස් බව. ඒවා ඇත්ත ලේඛන බව. බුද්ධිමය දේපළ නඩුවක් කියන්නේම ඒවා ඇත්ත ලේඛන කියල පිලිගැනීමක්.
පසුව සෝමවංශ අමරසිංහ මහතාත් මේ ග්‍රන්ථයේ ඇති කරුණු නිවැරදි බව ප්‍රසිද්ධියේ තහවුරු කළා.
2019 වර්ෂයේ මේ නඩුවට අදාළ තීන්දුව දෙමින් මේ ග්‍රන්ථය පළ කිරීම වාරණය කළා.ඒ වෙද්දිත් එහි මුද්‍රණ දස දහස් ගණනක් විකිණිලා තිබ්බා.බුද්ධිමය දේපල අනවසරෙයෙන් ඵල කිරීමේ වරදට විමල් වීරවංශ මහතාට ලක්ෂ 10ක මුදලක් පැමිණිලිකාර ටිල්වින් සිල්වාට ගෙවන්න නියෝග කළා වාණිජ අධිකරණය මගින්.
විමල් වීරවංශ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එයට විරුද්ධව ඉදිපත් කළ අභියාචනයේ තීන්දුවයි පසුගියදා ලැබුනේ. එහිදී ටිල්වින් සිල්වා මහතාට ගෙවන්නට නියෝග කළ ලක්ෂ 10 වන්දිය ඉවත් කිරීමට ඉල්ලූ අභියාචනය ශේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරා. නමුත් නැත්ත වෙනුවට ඇත්ත ග්‍රන්ථය පළ කිරීම වාරණය කරමින් දී තිබූ නියෝගය සංශෝධණය කරමින් ටිල්වින් සිල්වා මහතාගේ ලිපි නොමැතිව ග්‍රන්ථය පල කිරීමට අවසර ලබා දුන්නා..
මේ ඒ පොතේ පොත ගැන පළ කළ සටහන
"ජනතා විමුක්ති පෙරමුණ තුළ ඇති වූ විශාලතම අභ්‍යන්තර දෙදරීම පිටුපස වන සැබෑ හේතු මෙතෙක් නිවැරදිව අනාවරණය වී නැත. ඒ වෙනුවට එළිදක්වා ඇත්තේ පටු චෝදනා හෝ අවලාද පමණි.මෙම කෘතිය ප්‍රථමවරට එම පක්ෂයේ අභ්යන්තරයේ දෙවසරකට වඩා වැඩි කාලයක් සිදු වූ එහි වර්තමාන පිපිරීම කෙරෙහි සෘජුවම බලපෑ හේතු අනාවරණය කරයි.
ජවිපෙ මධ්‍යම කාරක සභාව තුළ පැවති විවාදයට අදාළ අප්‍රකට තොරතුරු රැසක් මෙමගින් අනාවරනය කෙරී තිබේ.පාඨකයාට මෙම කෘතිය වැදගත් වන්නේ ජවිපෙ දෙකඩ වීමේ සැබෑ හේතු හඳුනා ගැනීමට මෙමගින් මග සලසා දී ඇති බැවිනි."
පක්ෂ අභ්‍යන්තරයේ දෙවසරකට අධික කාලයක් පැතිරුණු දේශපාලන විවාදය සහ ජවිපෙ දෙකඩ වීමේ සැබෑ හේතු සාධක වටහා ගැනීමට ලාංකීය දේශපාලනය ගැන උනන්දු හැමෝම කියවිය යුතු පොතක්.
(Kelum Niranjana ගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..