ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානය කියන්නේ 2004 වසරෙන් පස්සේ සිංහල බෞද්ධ ජනතාවගේ බහුතර ඡන්දයෙන් පත්වුණු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වගේම සාමාන්‍ය පාක්ෂිකයන්ගේ දායකත්වයෙන් එකතු වුණු දැවැන්ත අරමුදලකින් හැදුණු තැනක්. එදා පක්ෂයේ ආරම්භකයා වුණු රෝහණ විජේවීරයන් පවා බුදුදහමට සහ මහා සංඝරත්නයට දේශපාලනික වශයෙන් සුවිශේෂී තැනක් දුන්නා.
සම්බුදු තෙමඟුල සමරන මේ උදාර වෙසක් දිනයේදී, බුදුහිමියන්ගේ ජීවිතය දෙස මනෝවිද්‍යාත්මක සහ ප්‍රායෝගික දෘෂ්ටියකින් බැලීම කාලීන අවශ්‍යතාවකි. වත්මන් ස්නායු විද්‍යාවේ අප කතා කරන "සංකල්ප පැළ කිරීම" (Conceptual Planting) යන්න, මීට වසර 2600කට පෙර බුදුරජාණන් වහන්සේ තම චරිතයෙන් ප්‍රායෝගිකව පෙන්වා දුන් මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියකි. මිනිසෙකුගේ හැසිරීම තීරණය වන්නේ ඔහුගේ මනසේ පැළවෙන සංකල්ප මතයි. බුදුහිමියන් සමාජයේ විවිධ මිනිසුන්ගේ සිත් උඩුයටිකුරු කළේ මේ හරහායි.
අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් විසින් (2022 වසරේ සිදුවූවක් යැයි කියන) 15 හැවිරිදි දැරියක අපයෝජනය කිරීමේ චෝදනාව මත 2026 මැයි 8 වන දින නවලෝක රෝහලේදී අත්අඩංගුවට පත්වීමත් සමඟ රට තුළ දැඩි ආන්දෝලනයක් හටගෙන තිබේ. නමුත්, මෙම සිදුවීමේ මතුපිට සීරීමෙන් ඔබ්බට ගිය විට පෙනෙන්නට තිබෙන්නේ හුදෙකලා අපරාධ නඩුවකට වඩා, ලංකාවේ සිංහල බෞද්ධ පදනම සහ භූ-දේශපාලනික මංසන්ධි ඉලක්ක කරගත් සූක්ෂම "කළු මෙහෙයුමක" (Black Operation) දියත් වීමකි.
මුළු සමාජය ම බිඳ වට්ටලා කුණු ගොඩක් බවට පත් කරලා තියෙද්දි, ඒකේ තැනින් තැන පණුවෝ මතුවෙන එක අමුතු දෙයක් නෙවෙයි. ලෙඩවෙච්ච ශරීරවලින් තමයි සැරව ගලන්නේ. ඉතින් අපේ සමාජයේ විවිධ තැන්වලින් වාර්තා වෙන අපරාධ සිදුවීම් ගැන විස්තර හොයන පුරුද්දක්, ඒවා ගැන ඉවරයක් නැතුව කියවන පුරුද්දක් මට නෑ. මම වදවෙන්නේ මේ මහා සමාජය නැවතත් යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් විදිහක් ගැන විතරයි. ලිබරල් පුද්ගලික අන්තවාදය හරහා ඉස්සරහට දාපු කාමසුකල්ලිකානු යෝගී ජීවිත රටාවෙන් අපේ සමාජය මුදවාගෙන ඒක අත්ථකිලමතානු යෝගී උගුලටත් ගොදුරු කරන්නේ නැතුව සාමූහිකත්වය පදනම් කරගත්ත සමාජ ක්‍රමයකින් අපේ අවුල් නැති කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම ඒ වෙනුවෙන් කැපැවෙලා වැඩ කරනවා.
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා