විදුලි කාර්මික කම්බි අතරින් උපන් මොනරාගල චොක්ලට් සිහිනය.. 26 හැවිරිදි සසික ඩොලර් හොයන හැටි
අපි හැමෝම දන්නා, හැමෝම කන්න ආස චොක්ලට් කියන්නේ කටට කෙළ උනන පැණිරස කෑමක්. හැබැයි, "චොක්ලට් කියන්නේ පැණිරස කෑමක් නෙමෙයි, ඒක ශරීරයට ගුණදෙන ශක්තිජනක ඖෂධීය ආහාරයක්" කියලා මුළු ලෝකෙටම ඔප්පු කරන්න හදන අපූරු තරුණයෙක් අපිට හමුවුණා. ඔහු නමින් සසික සඳරුවන්. වයස අවුරුදු 26ක් වුණු සසික, මොනරාගල, මැදගම ජීවත් වන Gen Z පරපුරේ වෙනස්ම විදියේ වැඩකාරයෙක්.
වෘත්තියෙන් විදුලි කාර්මිකයෙක් වුණු සසික, අද වෙද්දී ලංකාවේ නම ලෝකයටම ගෙනියන, 100%ක්ම දේශීය, ස්වභාවික චොක්ලට් නිෂ්පාදකයෙක්.
2022 අවුරුද්ද මතකද? රටම ආර්ථික අර්බුදයක ගිලිලා, තෙල් පෝලිම්, ගෑස් පෝලිම් මැද මිනිස්සු හෙම්බත් වුණු කාලයක්. විදුලි කාර්මිකයෙක් වුණු සසිකටත් වැඩ අඩුවුණා. හැබැයි ඔහු නිකන් හිටියේ නැහැ. ගමේ තියෙන කොකෝවා වතුවලින් කොකෝවා ඇට එකතු කරලා වෙනත් අයට විකුණන්න පටන් ගත්තා.
ඔය අතරේ තමයි Oxfam ආයතනයේ මැදිහත් වීමෙන් මාතලේදී දින දෙකක චොක්ලට් නිෂ්පාදන පුහුණුවක් සසිකට ලැබෙන්නේ. අන්න ඒ පුහුණුව සසිකගේ ජීවිතේ උඩුයටිකුරු කළා.
"බිස්නස් එකක් පටන් ගන්න ලොකු සල්ලියක් ඕනෙම නෑ. මම කාගෙන් හරි ණයට ඉල්ලා ගත්තු රුපියල් 33,000කින් උඳු අඹරන මැෂින් එකක් අරගෙන, යූටියුබ් බලලයි මුලින්ම චොක්ලට් හදන්න පටන් ගත්තේ." සසික තමන්ගේ ආරම්භය සිහිපත් කළේ නිහතමානීව.
මැදගම කියන්නේ අධික රස්නයක් තියෙන ප්‍රදේශයක්. මුල් කාලේ සසික හදපු චොක්ලට් එක එක ප්‍රදර්ශනවලට අරන් යද්දී දියවෙලා ගියා. බිස්නස් එකක් නැතිවෙලා, තිබ්බ එකම මැෂින් එකත් කැඩුනා.
"ඕකා ඔය බිස්නස් එක අතෑරලා දැම්මා" කියලා ගමේ අය උපහාසයෙන් කතා හදද්දී, සසික කොළඹ ඇවිත් තව මැෂින් එකක් අරන් ආයෙමත් වැඩ පටන් ගත්තා. අදටත් ගමේ සමහර අය සසිකට කොකෝවා ඇට ටික දෙන්නේ නැතුව පිට අයට දෙනවලු. හැබැයි සසික ඒවයින් සැලුනේ නැහැ. ඔහු බිබිල, මැදගම, බඩල්කුඹුර, බුත්තල සහ මොනරාගල හැම තැනින්ම තමන්ටම වෙන්වුණු ගොවීන්ගෙන් කොකෝවා එකතු කරගන්න ජාලයක් හැදුවා.
සසිකගේ වතුවලට GAP (Good Agricultural Practices) සහතිකය තියෙනවා. කිසිම අහිතකර රසායනිකයක් නැහැ. කොකෝවා ගෙඩිය කඩන තැන ඉඳන්, ඇට වේලලා, පොතු හැරීම දක්වා හැමදේම කරන්නේ සසික ඇතුළු පවුලේ අයගේ අතින්මයි. සසික නැති වෙලාවට මේ හැමදේම කරන්නේ ඔහුගේ ආදරණීය බිරිඳ. ඇය අවුරුදු 7ක පාසල් ප්‍රේම කතාවක කෙළවර සසිකගේ ජීවිතයට ආපු සැබෑ හයියයි.
සසිකගේ නිෂ්පාදන එකතුව
කිතුල් ජගිරි චොක්ලට් - 70% කොකෝවා සහ 30% දේශීය කිතුල් හකුරු (සීනි වෙනුවට හකුරු දැමූ ලංකාවේ ප්‍රථම චොක්ලට් එක).
100% ඩාර්ක් චොක්ලට් (Dark Chocolate) - කිසිම පැණිරසක් නැති, ඇඟට ගුණ, හෘද රෝගීන්ට පවා සුදුසු චොක්ලට්.
100% කොකෝවා බටර් (Cocoa Butter) - කෑමට වගේම රූපලාවන්‍ය නිෂ්පාදන (ලිප් බාම්, ක්‍රීම්, ලෝෂන්) හදන්න ගන්නා ඉහළම තත්ත්වයේ බටර්.
කොකෝ ෂෙල් ටී (Cocoa Shell Tea) - කොකෝවා ලෙල්ලෙන් හදන, චොක්ලට් රහ එන අපූරු තේ වර්ගයක්.
ලංකාවේ මිනිස්සු තවමත් සීනි දාපු පැණිරස චොක්ලට් පස්සේ දුවද්දී, ලංකාවට එන විදේශිකයෝ සසිකගේ චොක්ලට් උන්මාදයෙන් වගේ මිලදී ගන්නවා. දැනට ගාල්ල ප්‍රදේශයේ සංචාරක සාප්පු 3ක් හරහා සසිකගේ චොක්ලට් අලෙවි වන අතර, සතිපතා විදේශිකයන්ගෙන් ලැබෙන ඇණවුම්වලින් සසික ලංකාවට ඩොලර් රැගෙන එනවා.
"අවුරුදු 3ක් කට්ට කෑවොත් මැච් එක ගහන්න පුළුවන්" තරුණ පරපුරට හරි අපූරූ පණිවිඩයක් සසික දුන්නා.
අද කාලේ ගොඩක් තරුණයෝ "ලංකාවේ ඉඳලා වැඩක් නැහැ" කියලා රට යන්න හදද්දී, නැත්නම් මාසෙකට රුපියල් පන්දහස් ගණන් නිකරුණේ නාස්ති කරද්දී සසික කියන්නේ වෙනස්ම කතාවක්
"ඕනෑම බිස්නස් එකක් පටන් ගත්තු ගමන් ලොකු වෙන්නේ නැහැ. මම අවුරුදු 2-3ක් එක දිගට කට්ට කෑවා. මම තරුණයන්ට කියන්නේ එකම දේ කරකර ඉන්නේ නැතුව මොකකට හරි අතගහන්න. ඒ මුල් කාලේ අමාරුවෙන් හරි අල්ලන් හිටියොත් අනිවාර්යයෙන්ම මැච් එක ගහන්න පුළුවන්!"
රුපියල් 33,000ක පොඩි මැෂින් එකකින් පටන් අරන්, අද වෙද්දී ලෝක වෙළඳපොළ ආක්‍රමණය කරන්න හීන දකින සසික කියන්නේ, නියම දේශීය ව්‍යවසායකත්වයේ සැබෑ සන්නාමයක්!
සිය රට දේ සිරි සැප දේ කියන එක වචනයට සීමා නොකර ක්‍රියාවෙන් ඔප්පු කළ මේ වෙල්ලස්සේ වීරයාට අපෙන් උණුසුම් සුබපැතුම්!
(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..