News Category
From Date
To Date
Maximum Number of Result

දින 60ක් තිස්සේ සහ ඩොලර් බිලියන 20ක් වැය කරමින් ඇමරිකාව ලෝකයේ වැදගත්ම සමුද්‍ර සන්ධිය පාලනය කිරීමට උත්සාහ කළේය. එහෙත් එය සාර්ථක වූයේ නැත. එසේ වූවේ නාවික හමුදාවක් හෝ බෝම්බයක් නිසා නොව, ගෝලීය බලයේ නීති නැවත ලියූ කුඩා, විචාරශීලීව ක්‍රියාත්මක කළ ක්‍රියා තුනක් නිසා ය.

ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයට සිදුව ඇති හානිය මකා ගැනීම සදහා එක් පිළියමක් ලෙස, ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ශම්මි සිල්වා ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කළ යුතුය යන තීරණය ගෙන ඇත්තේ මීට මසකට පමණ පෙරදීය. එම තීරණය ගෙන ඇත්තේ “ප්‍රොපට්” ජෙරම් ප්‍රනාන්දු, ප්‍රමිෂ්කා පෙරේරා, ජනාධිපති අනුර කුමාර දිසානායක, අමාත්‍ය විජිත හේරත් හා අමාත්‍ය නලින්ද ජයතිස්ස යන අය සිදුකරන ලද සාකච්ඡාවකදීය.

කන්ටේනර් 323ක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂා කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගිය සතියේ බදාදා රැස් විය. එහි දී කන්ටේනර් 323 වංචාව ආණ්ඩුවේ වැඩක් බව සනාථ විය.

මෙම සටහන ගැන ඔබ උරන විය හැක. එහෙත් මම මාගේ අදහස ඉදිරිපත් කරමි. ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් සිට වොෂින්ටනය දක්වා ඉතා අසීරු පරිසර සාධක මැද කිලෝමීර් තුන්දහසක් හෝ ඊට ආසන්න ගණනක් පයින්ම වැඩම කළ පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලාගේ ව්‍යායාමය දෙස ඉමහත් සතුටින් බුද්ධාලම්භන ප්‍රීතියෙන් බලා සිටි, ඒ ගැන බොහෝ දෑ ලියා පළ කළ මට, උන්වහන්සේලාගේ ශ්‍රී ලංකාවේ පාද චාරිකාව දැකීමෙන් - නම් කර ඇති පරිද්දෙන් ඒහිපස්සිකෝ - එබඳු සැනසිලිදායක, නිවුනු පහන් සිතක් උපදින්නේ නැත.

අපේ වමේ ව්‍යාපාරය ආරම්භ කරලා මේ වෙද්දි අවුරුදු 90 කට වැඩි කාලයක් ගතවෙලා. මේ කාලය තුළ රටේ සමාජ - ආර්ථික ප්‍රගමනය වෙනුවෙන් සැළැකිය යුතු සාධනීය කාර්යයක් කරන්න අපේ වමේ ව්‍යාපාරයට පුළුවන් වෙලා තියෙනවා. ඒ කාර්යය අපේ ඇගැයීමට ලක්වෙන්න ඕන.

තායිලන්තයේ සංචාරයක නිරත වූ චීවරධාරීන් විසිදෙදෙනෙකු පසුගිය 25 වනදා මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණේ "කුෂ්" සහ "හෑෂ්" මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සමගිනි.

විසේගත වීම සඳහා භික්ෂූන් වහන්සේලාට ගුරු හාමුදුරුවන්ගේ ලිපිය, පලාතේ අධිකරණ සංඝ නායක මාහිමිපාණන් වහන්සේගේ ලිපිය, නිකාය පාර්ශවයේ මහානායක හාමුදුරුවන්ගේ ලිපිය අනිවාර්ය කර තිබියදී වර්තමාන ආණ්ඩුව බලයට පත්වී එම ක්‍රියාවලිය නරතර කිරීම සම්බන්ධයෙන් මිල්ලකඩ ධම්මරතන හිමියන් සමාජ මාධ්‍යයේ තැබූ සටහනක් පහළින් දැක්වේ..

සාමාන්‍යයෙන් කුඩු කේස් එකකට හරි බඩු කේස් එකකට හරි සමාජ විරෝධී කේස් එකකට කෙනෙක් මාට්ටු උනාම කවුරු හරි දේශපාලඥයෙක් එක්ක එකට ඉඳලා ගහන ෆොටෝ දාන එක බුකියෙ හරි සුලභ සිදුවීමක්..

ඊයේ දින මෙරට බෞද්ධයන්ට ඉතා ම කණගාටුදායක දිනයකි. මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ භික්ෂූන් වහන්සේලා පිරිසක් පොලිස් අත්අඩංගුවට පත් වූ පුවත අසන්නට ලැබුනේ ඊයේ උදෑසනයි. චීවරධාරී ආදී විවිධ නම්වලින් හැදින්වුව ද එම පිරිස භික්ෂූන් වහන්සේලා ලෙස කටයුතු කළ බව දැනට ලැබී ඇති තොරතුරුවලින් පෙනී යයි.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.