News Category
From Date
To Date
Maximum Number of Result

කෘත්‍රිම බුද්ධි යුගයේ සැඟවී සිටින ‘ට්‍රෝජන් අශ්වයා’ ගැන අවධානයෙන් සිටින්න: ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය

Jul 10, 2026 at 01:29 PM
|

කෘත්‍රිම බුද්ධිය (AI) යුගයේ, මෘදුකාංග සංවර්ධන මෙවලම්වල ආරක්ෂාව යනු රටක ඩිජිටල් ස්වෛරීත්වය සමඟ සෘජුවම බැඳී පවතින කරුණකි. Claude Code සිදුවීම AI යුගයේ “ට්‍රෝජන් අශ්වයා” ලෙස මතුවී තිබේ. එය නැවතත් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් දෘඩාංග හා මෘදුකාංග සැපයුම් දාමය පුරාම ස්වාධීනව සහ පාලනය කළ හැකි හැකියාවන් නොමැති නම් සැබෑ ආරක්ෂාවක් කිසිසේත්ම නොමැති බව අවධාරණය කරනු ලබයි.

මෑතකදී, චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය (MIIT) යටතේ ක්‍රියාත්මක වන ජාතික සයිබර් ආරක්ෂක දත්ත ගබඩාව වන චීනයේ ජාතික අවදානම් දත්ත සමුදාය (NVDB), ඇමරිකානු AI සමාගමක් වන Anthropic විසින් සංවර්ධනය කළ Claude Code නම් AI වැඩසටහන්කරණ මෙවලම තුළ ආරක්ෂක පසුදොර (backdoor) දුර්වලතා පවතින බවට නිවේදනයක් නිකුත් කළේය. එම දුර්වලතා පරිශීලකයන්ට දැඩි හානියක් සිදු කළ හැකි බවද එහි සඳහන් විය.

අප්‍රේල් සිට ජුනි දක්වා නිකුත් කළ මෙවලමේ සංස්කරණ කිහිපයක්, පරිශීලකයන්ගේ අනුමැතියකින් තොරව ඔවුන්ගේ සංවේදී තොරතුරු දුරස්ථ සේවාදායක වෙත යැවූ බව අනාවරණය විය. ඒ අනුව, අදාළ ආයතන හා පරිශීලකයන්ට වහාම පද්ධති පරීක්ෂා කර, එම මෙවලම ඉවත් කිරීම හෝ ආරක්ෂිත සංස්කරණයකට යාවත්කාලීන කිරීම MIIT විසින් නිර්දේශ කළේය. මෙය චීනයේ දේශීය වෙළඳපොළ ආයතන සඳහා පමණක් නොව, ගෝලීය AI පාලන ක්‍රමවේදය සඳහාද තවත් අනතුරු ඇඟවීමක් බවට පත්ව තිබේ.

මෙම “පසුදොර” හිතාමතාම සැලසුම් කර ස්ථාපනය කර ඇති බවට සාක්ෂි වැඩිවෙමින් පවතී. පසුගිය 6 වනදා The Washington Post පුවත්පත වාර්තා කළේ, “මාර්තු මාසයේදී Anthropic සමාගම නිහඬවම Claude Code භාවිත කරන චීනයේ පාරිභෝගිකයන් ඔත්තු බැලීම සඳහා මෘදුකාංගයක් යෙදවීය” යනුවෙනි.

මෙම කරුණ හෙළි වූයේ, සංවර්ධකයෙකු කේතය විමර්ශනය කිරීමෙන් පසු එම මෙවලම තුළ “Sentinel System” නම් රහසිගත පද්ධතියක් අන්තර්ගත වී ඇති බව සොයාගැනීමත් සමඟය. එය පරිශීලකයා නොදැනුවත්වම ස්ථාන තොරතුරු සහ අනන්‍යතා දත්ත වැනි සංවේදී තොරතුරු දුරස්ථ සේවාදායක වෙත යැවීමට සමත් විය.

මෙය සරලව කියන්නේ නම්, ඔබ නිවසට අලුත්වැඩියාකරුවෙකු කැඳවූ විට, ඔබගේ අනුදැනුමකින් තොරව ඔහු ඔබගේ ලේඛන හා පෞද්ගලික දේපළ සොයාබලා එම තොරතුරු පිටත සිටින හවුල්කරුවන් වෙත රහසිගතව ලබාදීමකට සමාන ය.

එසේ නම්, ඩිජිටල් ලෝකයේ සැඟවී සිටින සැබෑ “ට්‍රෝජන් අශ්වයා” කවුද?

බටහිර දේශපාලනඥයන් කිහිපදෙනෙකු, කිසිදු සාක්ෂියක් නොමැතිව, චීන AI ආකෘති “දත්ත කාන්දු වීමකට” හෝ “මෘදුකාංග සැපයුම් දාමයට තර්ජනයක්” බව නිරන්තරයෙන් චෝදනා කරති. ඔවුන් ඒවා “ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ට්‍රෝජන් අශ්වයන්” ලෙසද හඳුන්වා ඇත. එහෙත්, එවැනි චෝදනා සනාථ කිරීමට කිසිදු විශ්වාසනීය සාක්ෂියක් ඔවුන් මෙතෙක් ඉදිරිපත් කර නැත.

Claude Code සිද්ධිය හෙළිවීමෙන් පසු, එහි කණ්ඩායමේ සාමාජිකයෙකු සමාජ මාධ්‍ය ඔස්සේ කියා සිටියේ, මෙම පද්ධතිය ගිණුම් අපයෝජනය වැළැක්වීමටත් AI ආකෘති “distillation” හෙවත් "දැනුම් ආසවනය" ක්‍රියාවලිය හඳුනාගැනීමටත් කළ පරීක්ෂණයක් බවයි. එහෙත් එම පැහැදිලි කිරීම කිසිසේත්ම විශ්වාසනීය නොවේ.

AI කර්මාන්තයේ “distillation” හෙවත් දැනුම් ආසවනය යනු සාමාන්‍යයෙන් භාවිතා වන ක්‍රමවේදයකි. සැබවින්ම අරමුණ අපයෝජනය වැළැක්වීම නම්, එය පරිශීලකයන්ට විවෘතව දැනුම් නොදුන්නේ ඇයි? එම කාර්යය සංකීර්ණ කළ කේත (obfuscated code) සහ රහසිගත තොරතුරු සැඟවීමේ (steganography) ක්‍රම භාවිත කර සැඟවූයේ ඇයි? මෙය පැහැදිලිවම කුහකත්වය සහ ද්විත්ව ප්‍රමිතීන් විශද කරන්නකි.

පසුගිය වසර දෙක තුළ AI තාක්ෂණය, සරල වසා දැමූ විශාල භාෂා ආකෘති (Large Language Models) පදනම් කරගත් සංවාද පද්ධතිවලින් ඔබ්බට ගොස්, ඉතා දියුණු AI නියෝජිත (AI Agent) පද්ධති දක්වා වර්ධනය වී ඇත.

අද AI නියෝජිතයන්ට “අත් සහ පා” ලැබී ඇත. ඔවුන්ට සැලසුම් සකස් කළ හැකිය, මෙවලම් භාවිත කළ හැකිය, ස්වාධීනව කාර්යයන් ඉටු කළ හැකිය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ වැරදි තවදුරටත් වැරදි පෙළක් නිර්මාණය කිරීමකට පමණක් සීමා නොවේ. ඔවුන්ට සම්පූර්ණ මෘදුකාංග ව්‍යාපෘතියක් මකා දැමීමට හෝ බැංකු ගිණුමකින් මුදල් මාරු කිරීමට පවා හැකිය.

ඇස්තමේන්තු අනුව, 2026 අවසානය වන විට ලොව ව්‍යාපාරික යෙදුම්වල සියයට 40ක් පමණ කාර්යයන් ස්වයංක්‍රීයව ඉටු කළ හැකි AI නියෝජිතයන් ඇතුළත් කරනු ඇත. එයින් අදහස් වන්නේ AI සංවර්ධන මෙවලම් සැපයුම් දාමයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වෙමින් තිබෙන බවයි.

මෘදුකාංග යටිතල පහසුකම් තුළ රහසිගත පසුදොරක් ස්ථාපනය කළහොත්, එයින් ඇතිවන අවදානම පරිගණක චිප්වල දෘඩාංග දුර්වලතාවලට සමාන බරපතළ විය හැකිය. MIIT හි නවතම අනතුරු ඇඟවීමෙන් පෙනී යන්නේ සැපයුම් දාම ආරක්ෂාව පිළිබඳ එහි දැඩි අවධානයයි. AI යුගයේ සංවර්ධන මෙවලම්වල ආරක්ෂාව යනු රටක ඩිජිටල් ස්වෛරීත්වය සමඟ සෘජුව සම්බන්ධ වී ඇත.

ආයතනික සැලසුම්වල සිට සමාගම්වල ක්‍රියාකාරකම් දක්වා, AI කර්මාන්ත දාමය පුරා ආරක්ෂක රාමුවක් ගොඩනැගීමට චීනය කටයුතු කරමින් සිටී. සංවර්ධන මෙවලම්, මූලික AI ආකෘති සහ පරිගණක යටිතල පහසුකම් ඇතුළු AI පද්ධතියේ සෑම ස්ථරයකම ස්වයංපෝෂිතභාවය හා පාලනය ශක්තිමත් කිරීමටද චීනය වේගයෙන් පියවර ගනිමින් සිටී.

Claude Code සිද්ධියට පෙරද MIIT සහ අනෙකුත් බලධාරීන් AI මෙවලම් සම්බන්ධ ආරක්ෂක අවදානම් පිළිබඳ නැවත නැවතත් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණි.

උදාහරණයක් ලෙස, මාර්තු මාසයේදී OpenClaw AI Agent සම්බන්ධයෙන් අවදානම් අනතුරු ඇඟවීමක් නිකුත් කරන ලදී. ඉන්පසු මැයි මාසයේදී, රජයේ ආයතන තුනක් එක්ව AI නියෝජිතයන්ගේ ප්‍රමිතිගත භාවිතය සහ නවෝත්පාදන සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමේ මාර්ගෝපදේශ නිකුත් කළ අතර, AI නියෝජිතයන්ගේ සම්පූර්ණ ජීවන චක්‍රය පුරා ආරක්ෂක අවදානම් වැළැක්වීමේ වැදගත්කම පැහැදිලිව අවධාරණය කළහ.

චීනයේ මෙම ප්‍රයත්නයන් චීනයට පමණක් නොව සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවටද ප්‍රයෝජනවත් වේ. චීනයේ විවෘත මූලාශ්‍ර (Open Source) මූලික AI ආකෘති අඛණ්ඩව ශක්තිමත් වෙමින් පවතී.

පසුගිය වසරේ DeepSeek හි වේගවත් නැගීම විවෘත මූලාශ්‍ර AI පිළිබඳ ලෝක අවධානය යොමු කළ අතර, මේ වසරේ චීන විවෘත මූලාශ්‍ර AI ආකෘති ඔවුන්ගේ සනාථ කළ කාර්යසාධනය මත පදනම්ව වඩා පුළුල් ජාත්‍යන්තර පිළිගැනීමක් දිනාගෙන තිබේ.

මෑතකදී, විදේශීය විශ්ලේෂකයන් චීන AI සමාගමක් වන Zhipu AI විසින් GLM-5.2 නිකුත් කිරීම “දෙවැනි DeepSeek මොහොතක්” ලෙස හැඳින්වීය. ඔවුන්ගේ අදහස අනුව, එහි කාර්යසාධනය Anthropic සමාගමේ Opus 4.8 සමඟ සැසඳිය හැකි අතර, ඒ සඳහා වැය වූ පිරිවැය Opus 4.8 මෙන් පහෙන් එකක කොටසක් පමණි.

මෙය සංවර්ධිත රටවල් ඇතුළු ලොව බොහෝ රටවල් සඳහාත්, විශේෂයෙන්ම ගෝලීය දකුණේ රටවල් සඳහාත්, චීනයේ විවෘත මූලාශ්‍ර AI වඩාත් ආකර්ෂණීය මෙන්ම ඇතැම් අවස්ථාවල අත්‍යවශ්‍ය විකල්පයක් බවට පත් කරයි. එමඟින් AI විප්ලවයේ ප්‍රතිලාභ වඩා සාධාරණ ලෙස බෙදාගැනීමට සියලු පාර්ශ්වයන්ට හැකියාව ලැබේ.

කෘත්‍රිම බුද්ධිය යනු බලවත් දෙපැත්ත කැපෙන කඩුවකි. එය තාක්ෂණික තරගයේ ඉදිරිපෙළද, ජාතික ආරක්ෂාවේ පෙරමුණද වේ. අනාගතය තීරණය කරන මෙම උපායමාර්ගික ක්ෂේත්‍රය තුළ, කිසිදු ප්‍රධාන රටක් මායාවන්ට යටත් විය යුතු නැත. තම සංවර්ධනය අන් අයගේ අතට භාර දිය යුතුද නැත.

Claude Code සිද්ධිය නැවතත් අපට සිහිපත් කරන්නේ එකම සත්‍යයයි. එනම්, දෘඩාංග සහ මෘදුකාංග සැපයුම් දාමය පුරා ස්වාධීන හා පාලනය කළ හැකි හැකියාවන් නොමැතිව සැබෑ ආරක්ෂාවක් කිසි විටෙකත් නොමැති බවයි.

පරිවර්තනය ජීවන්ත ජයතිස්ස

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.