News Category
From Date
To Date
Maximum Number of Result

ලංකාවේ සාම්ප්‍රදායික පිරිවෙන් අධ්‍යාපන පද්ධතිය මුහුණ දී ඇති අභියෝග සහ ඒ ආශ්‍රිතව මෑතකදී මතු වූ විවේචන සම්බන්ධයෙන් සමාජයීය වශයෙන් දැඩි අවධානයක් යොමුව තිබේ.

ආදරණීය සෝමවංශ අමරසිංහ සහෝදරයා අප අතරින් වෙන්ව වසර 10 ක් ගතව තිබේ.

දේශපාලන අඳුරු යුගයක, 1988–89 ව්‍ පසු අළු හා දූවිලි අතර වැටී තිබූ ජනතා විමුක්ති පෙරමුණ නැවත ගොඩනැගීමට නායකත්වය දුන් අසමසම සංවිධායකයා වූයේ සෝමවංශ අමරසිංහ මහතාය. 1994 දී ජවිපෙ නැවත දේශපාලන වේදිකාවට ගෙන එමින් එය රටේ ප්‍රබල දේශපාලන බලවේගයක් බවට පත් කළේ ඔහුගේ කැපවීම, ධෛර්යය සහ දුරදක්නා නායකත්වය මගිනි.

පළාත් සභා ක්‍රමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලද්දේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙනි. 1987 නොවැම්බර් 14 වන දින කථානායකවරයා විසින් එය සහතික කර තිබේ.

ආණ්ඩුවක් කියන්නේ රටක ජාතික සංස්කෘතියේ නියෝජිත ආයතනයක්. තමන්ගේ ජාතික සංස්කෘතීක් ආරක්‍ෂා කරගෙන ඒවා පෝෂණය කිරීමේ වගකීම ආණ්ඩුවලට පැවැරිලා තියෙනවා. සංස්කෘතිය ආරක්‍ෂා කිරීමේ දී පිටස්තර සංස්කෘතික ආක්‍රමණවලට එරෙහි සටනක් කරන්න ආණ්ඩුවලට සිද්දවෙනවා. ඒ වගේ ම, අභ්‍යන්තරික සංස්කෘතික ගැටලු විසඳාගන්නත් ආණ්ඩු මහන්සිවෙන්න ඕන. සංස්කෘතිය පෝෂණය කිරීම වෙනුවෙන් අභ්‍යන්තර සංස්කෘතික නවෝත්පාදන සිද්දකිරීමේ සහ පිටස්තරින් හොඳ, ඒ වගේ ම ගැලැපෙන සංස්කෘතික ආභාෂයන් ලබාගැනීමේ කාර්යයටත් ආණ්ඩුවල නායකත්වය ලැබෙන්න ඕන.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ගේ සෞඛ්‍ය තත්ත්වය අද (13) වන විට අතිශය අන්තරායකර තත්ත්වයකට පත්ව ඇත.

2019 අප්‍රේල් 21 වැනිදා එල්ල වූ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය යනු හුදෙක් අන්තවාදීන් පිරිසකගේ තේරීමක්ම පමණක්ද? නැතහොත් එය රාජ්‍ය ආරක්ෂක පද්ධතියේ සහ දේශපාලන අධිකාරියේ "සාපරාධී නොසලකා හැරීමක" (Criminal Negligence) ප්‍රතිඵලයක්ද?

ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) 2025 වසරේදී රුපියල් බිලියන 38.7ක අලාභයක් ලබා ඇත. මුදල් අමාත්‍යාංශයේ අවසාන අයවැය තත්ත්ව වාර්තාවේ සැඟවී ඇති එම සංඛ්‍යාව, හුදු පාදසටහනකට වඩා වැඩි යමක් ලැබීමට සුදුසුය. ඒ සඳහා අවංක පැහැදිලි කිරීමක් අවශ්‍ය වේ. මන්ද, ගාස්තු අඩු කිරීම ජනතාව වෙනුවෙන් කළ උදාර පරිත්‍යාගයක් යැයි කියන නිල ප්‍රකාශය, සැබෑ කරුණු හමුවේ බිඳ වැටෙන බැවිනි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ සංවාදවල දී නිතර ඇසුණු අබු හින්ද් යනු ඇත්ත වශයෙන් ම කවුද ? ජනාධිපති කොමිසම් වාර්තාවට අනුව, වැදගත්ම කරුණ වන්නේ ප්‍රහාරයට පෙර එනම් අප්‍රේල් 4, 20, සහ 21 යන දිනවල ප්‍රහාරය ගැන නිශ්චිත ම තොරතුරු ලැබු⁣ණේ ඔහුව යොදාගෙන කළ ගැමුරු මෙහෙයුමෙනි.


ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.