නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පවසන්නේ, යෝජිත නව පනත මගින් අතීතයේදී සිදුවූ මානව හිමිකම් කඩවීම් නැවතත් සමාජය තුළ තහවුරු වීමේ දැඩි අවදානමක් මතුව ඇති බවය.
2025 අගභාගයේදී නිකුත් කරන ලද මූලික සැලසුමට (White Paper) වඩා යම් යම් සංශෝධන ඇතුළත් කර තිබුණද, දීර්ඝ කාලයක් තිස්සේ මර්දනකාරී ලෙස භාවිත වූ ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට හඳුන්වා දීමට නියමිත මෙම පනත් කෙටුම්පතද තවදුරටත් අධික ලෙස පුළුල් සහ අපැහැදිලි ත්රස්තවාදය පිළිබඳ අර්ථ නිරූපණයන්ගෙන් සමන්විත වන බව පෙන්වා දී ඇත.
රජය විවේචනය කරන්නන්, මතභේදාත්මක අදහස් දක්වන්නන් සහ සුළුතර කොටස්වලට එරෙහිව බලධාරීන් වරින් වර ආයුධයක් කරගත් මෙවැනි ත්රස්ත මර්දන නීතියක් සංශෝධනය කිරීමේදී ඒ පිළිබඳව දැඩි අවධානයක් සහ පරීක්ෂාවක් යොමුකළ යුතු බවද අවධාරණය කර ඇත.
නව පනත් කෙටුම්පත මඟින් සිදුවිය යුත්තේ අතීතයේ පැවැති මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා ප්රතිසංස්කරණය කිරීම්වලින් ඉවත්වීම මිස, බලධාරීන්ට මර්දනය සඳහා තවත් අලුත් මෙවලම් ලබාදීම නොවන බවද එම සංවිධානය සිය නිවේදනයෙන් පෙන්වා දී තිබේ.
එමෙන්ම ත්රස්තවාදය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන්නන්ව වසරක් දක්වා රැඳවුම් භාරයේ තබා ගැනීමටත්, නඩුව ආරම්භ කිරීමට පෙර තවත් වසරක කාලයක් රැඳවුම් භාරයේ තබාගැනීමටත් මෙම පනතින් අවසර හිමිවන බවත් එම සංවිධානය පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..