ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
ප්රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්රවංශ මහතා පවසයි.
පාසල් සිසුන්ගේ මට්ටමින් සහ කුඩා විරෝධතා වලින් ආරම්භ වූ මෙම ජනතා කිපීම, වර්තමානය වන විට ප්රංශයේ ප්රධාන නගර සහ රාජ්ය ආයතන ගිනිබත් වන මට්ටමට පත්ව ඇති බවත්, ඇතැම් ප්රදේශවලට ඇඳිරි නීතිය පවා පැනවීමට සිදුවී ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.
ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ පාලන කාලය තුළ සුපිරි ධනපතියන්ට සහ සංගතවලට ලබා දුන් බදු සහන නිසා රාජ්ය ආදායම බිලියන ගණනින් පහත වැටී ඇති අතර, එහි බර සම්පූර්ණයෙන්ම සාමාන්ය ජනතාව සහ මධ්යම පාංතිකයන් මත පැටවී තිබේ. ධනපතියන්ට වඩා සාමාන්ය ජනතාව දෙගුණයක් පමණ බදු ගෙවන තත්ත්වයක් අද වන විට උද්ගත වී ඇත.
මීට අමතරව, යුක්රෙයින් යුද්ධයත් සමඟ රුසියාවට පනවනු ලැබූ ආර්ථික සම්බාධක නිසා, යුරෝපයට සහ ප්රංශයට අඩු මිලට ලැබුණු ගෑස් සහ තෙල් අහිමි වී ඇත. මේ නිසා වැඩි මිලට ඇමරිකාවෙන් බලශක්තිය මිලදී ගැනීමට සිදුවීමෙන්, කර්මාන්තශාලා වැසී යෑම සහ ප්රවාහන හා ජීවන වියදම ඉහළ යාම සිදුවී තිබේ. යුරෝපයේ දියුණු රටක දැකගත නොහැකි අයුරින් ප්රංශයේ ජනතාවගේ ආහාර පරිභෝජනය දෙවන ලෝක යුද්ධ සමයටත් වඩා පහළ මට්ටමකට වැටී ඇති බව දත්ත පෙන්වා දෙයි.
එමෙන්ම, යුරෝපය තුළ ක්රියාත්මක කළ නව ලිබරල් සංස්කෘතික හා සමාජීය වෙනස්කම් හරහා සාම්ප්රදායික සමාජ හා ආගමික මූලයන් විනාශ වීම ද ජනතාව තුළ දැඩි මානසික පීඩනයක් හා අතෘප්තියක් ඇති කිරීමට හේතු වී ඇති බව ඔහු පෙන්වා දෙයි.
මෙම තත්ත්වය හමුවේ ප්රංශ ජනාධිපතිවරයාගේ ජනප්රියතාවය දැඩි ලෙස පහළ බැස ඇති අතර, ප්රංශය පමණක් නොව ඉතාලිය සහ ජර්මනිය වැනි යුරෝපයේ තවත් රටවල් රැසකද මෙවැනිම ආර්ථික පීඩන සහ ජනතා විරෝධතා මතුවෙමින් පවතින බව ජගත් චන්ද්රවංශ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..
අද, හෙට සහ අනිද්දා දීප ව්යාප්ත විදුලි කප්පාදුවක්..
කොටුව මහේස්ත්රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව ගම්මන්පිලගෙන් පෙත්සමක්..
සෞදියේ තෙල් සහ ගුවන් පහසුකම් ඉලක්ක කරමින් හූතිවරුන්ගෙන් අඛණ්ඩ ප්රහාර.. – රියාද් පාලනයට එල්ලවන පීඩනය තීව්ර වෙයි..