News Category
From Date
To Date
Maximum Number of Result

සම්බන්ධන් විපක්‍ෂනායක තනතුරට නුසුදුසු වන්නේ කුමක් නිසාද? (අනුර දිසානායකලාට නොතේරෙන ඇත්ත)

Aug 3, 2026 at 11:43 AM
|

ටීඑන්.ඒ. පක්‍ෂයේ නායක ආර්. සම්බන්ධන් මහතා විපක්‍ෂනායක තනතුරට නුසුදුස වන්නේ ඔහු දෙමළ වීම නිසා හෝ පටු ජාතිවාදියකු වීම නිසාද? නැත. කිසිසේත්ම නැත. එසේ නම් ඒ කුමන හේතු නිසාද?


01. පළමු හේතුව ඔහු බෙදුම්වාදියකු වීමය. මෙවර මහ මැතිවරණයට සහ ඊට පෙර පළාත් සභා මැතිබරණයට ඔහුගේ පක්‍ෂය ඉදිරිපත් කළ මැතිවරණ ප‍්‍රකාශනයෙන් තමා උතුරු නැගෙනහිර ස්වයං පාලනයක් පිහිටුවීමට බලාපොරොත්තු වන බව පැහැදිලිව සඳහන් කොට ඇත. ඔහු ෆෙඩරල් පාලනයක් සහ ස්වයං පාලනයක් යන වචන එක විට පාවිච්චි කරන්නේ ඒ දෙක සමාන නිසා නොවේ. ෆෙඩරල් පාලනයක් යනු 13 වැනි ව්‍යවස්ථා සංශෝදධය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කිරීම මඟින් ඇතිවන තත්වයකි. ඔහු අදහස් කරන ස්වයං පාලනය නිත්‍යානුකූලව ලබාගන්නා තත්වයකි. ස්වයං පාලනයක් යනු වෙනම රටක් මිස අන් යමක් නොවේ.


ඔහු විපක්‍ෂනායක තනතුර බාර ගැනීමෙන් පසුව කළ කථාවේදීත් තමාට ඉන්දියාවේ මෙන් ෆෙඩරල් පාලනයක් අවශ්‍ය බව පැවසීය. එහෙත් ඉන්දියාවේ ප‍්‍රාන්ත රාජ්‍යය ස්වයං පාලන ඒකක ලෙස හැඳින්වෙන්නේ නැත. කෙසේවෙතත් සහ-සන්දීය රාජ්‍යයක් හෙවත් ෆෙඩරල් පාලනයක් ඉක්මවා යන බලතල සහිත ප‍්‍රාන්ත රාජ්‍යයක් ස්වයං පාලන ඒකකයක් ලෙස හැදින්විය හැකි බවට තර්ක කළ හැක. එහෙත් සහුසන්දීය රාජ්‍ය ව්‍යූහයක් අවශ්‍ය වන්නේ බෙදී වෙන්වී ඇති රටවල් ලිහිල් ලෙස එකට ගැසීමටය. එසේ කුමන තර්ක ඉදිරිපත් කළත් සම්බන්ධන් මහතා 2012 මැයි 25 දින මඩකලපුවේදී පැවැත්වූ තම පක්‍ෂ සමුළුවේදී කළ ප‍්‍රකාශයෙන් ඔහුගේ සැබෑ අරමුණ පැහැදිලි වේ. එහිදී ඔහු ඉතා පැහැදිලිව ප‍්‍රකාශකලේ තමා වෙනම රාජ්‍යයක් පිළිබඳ අරමුණ අත්හැර නොමැති බවය. ඔහු සඳහන් කළේ තමා ඊලාම් අරමුණ වෙනස් කොට නොමැති නමුත් ඊට ලඟාවන උපාය මාර්ගය වෙනස්කොට ඇති බවය.


උපාය මාර්ගික වෙනස් ලෙස ඔහු සඳහන් කළේ ආයුධ දන්නද්ධ යුද්ධය වෙනුවට අවිහිංසාවාදී හෙවත් ගාන්ධිවාදී මහජන වීදී සටන් ආදේශ කිරීමය. එහිදී ඔහු තවදුරටත් සඳහන් කළේ එම සමජන සටන් වලට ප‍්‍රතිචාර දක්වා ශ‍්‍රී ලංකා රජය ස්වයං පාලනයක් ලබා නොදෙන්නේ නම් ජාත්‍යන්තරය මැදිහත් වී එය ලබාගැනීමට කටයුතු කළයුතු බවය. ඒ ආකාරයට ඉතා පැහැදිලිව ඉට බෙදීම අරමුණු කොට ගත් දේශපාලන ව්‍යාපාරයක නායකයකු විපක්‍ෂනායක කමට පත් කිරීම 06 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප‍්‍රතිපාදන උල්ලංගනය කිරීමකි. දැනටමත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ප‍්‍රමුඛ සංවිධාන කිහිපයක් ඊට අදාලව සම්බන්ධන් මහතාට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා ඇත. එම නඩුව දැනට විභාග වෙමින් පවතී.


02. දෙවන හේතුව සම්බන්ධන් මහතා විසින් එසේ රට බෙදීමේ ක‍්‍රියාවලියට මැදිහත්වන්නැයි බාහිර ආක‍්‍රමණික පාර්ශව වලට ආරාධනා කිරීමය. ඔහු ජාත්‍යන්තර මැදිහත්වීමක් සඳහා වන ආරාධනය නැවත නැවත සිදුකොට ඇත. ස්වාධීන ස්වයිරී රාජ්‍යයක් වන තම මවුබිමේ කොටසක් කඩා තමැට ස්වයං පාලනයක් ලබාදීමට ආක‍්‍රමණික මැදිහත්වීඹක් සිදුකරන ලෙස බාහිර සතුරු රාජ්‍ය විලින් ඉල්ලා සිටින ජාත්‍යන්තර ඔත්තුකරුවකු විපක්‍ෂනායක කමට සුදුසු වන්නේ කෙසේද? ඔහු උතුරු නැගෙනහිර ජනතාවගෙන් ජනවරම ලබාගන්නේ එවැනි බෙදුම්වාදී ආක‍්‍රමණයක් සාධාරණීකරනය කරමිනි. එම නිසා එම ජනවරමද විකෘතියකි.


03. තුන්වන හේතුව ඔහු තම මවු රටේ ආරක්‍ෂික හමුදාවට සහ සේනාධිනායකයාට විරුද්ධව යුද අපරාධ චෝදනා එල්ල කළ යුතු බවට ජාත්‍යන්තර සංවිධාන වලින් ඉල්ලා සිටීමය. එය රටේ ජාතික ආරක්‍ෂාව සහ ස්වාධීනත්වයට පාබාදෙන දේශ දෝහී ක‍්‍රියාවලි. එවැනි පුද්ගලයකුට රටේ විපක්‍ෂනායකකම දැරීමට සදාචාර අයිතියක් ඇත්ද? තම මවු රට ත‍්‍රස්තවාදී බෙදුම්වාදී ව්‍යාපාරයක ග‍්‍රහණයෙන් ගබවාගත් රාජ්‍ය නායකයින් සහ හමුදාව පාවාදෙන විපක්‍ෂනායකයින් සිටින්නේ කුමන රටේද?


04. හතරවන හේතුව ඔහු ප‍්‍රභාකරන් විලේච්ඡු යුද්ධයට කොන්දේසි විරහිතව සහයෝගය දැක්වූ පුද්ගලයෙකු වීමය. ඔහු වචනයකින් හෝ ඊට එරෙහි නොවූවා පමණක් නොව ප‍්‍රසිද්ධියේ ඔහු සමඟ ගනුදෙනු කළේය. ඔහු ප‍්‍රභාකරන්ගේ උපදෙස් අනුව ආයුධ දස්නද්ධ සටනට සමගාමීව ප‍්‍රජාතන්ත‍්‍රවාදී සටන්බිමේ විශාල බැඩකොටසක් ඉටුකළේය. ප(භාකරන්ගේ විලේච්ඡුත්වය සාධාරණීකරනය කිරීමට ඔහු කටයුතු කළ අතර කිසිදු අවස්ථාවක ලමා සොල්දාදුවන් බඳවා ගැනීමට හෝ ලක්‍ෂ 03 ක ජනතාව ප‍්‍රාණ ඇපයට ගෙන වඳබන්ධන දීමට විරුද්ධව වචනයක් හෝ ප‍්‍රකාශකොට නැත. එවැනි යුච අපරාධනාරයකු රටේ විපක්‍ෂනායක කමට සුදුසු වන්නේ කෙසේද?


05. පස්වැනි හේතුව ඔහු ප‍්‍රාදේශීය දේශපාලන නායකයකු වීම සහ උතුරු නැගෙනහිර ජනතාවගෙන් යම් කොටසක් පමණක් නියෝජනය කිරීමය. ඊට අමතරව මහජන නියෝජිතයකු ලෙස ඔහුගේ ඉතිහාසය පුරාම පාර්ලිමේන්තුව තුළ දෙමළ ජානතාවගේ ප‍්‍රශ්න පිළිබඳව පමණක් කථාකල අයෙකි. ඔහු ජාතික මට්ටමේ සමාජ දේශපාලන සහ ආර්ථික ප‍්‍රශ්න පිළිබඳව ප‍්‍රභල නියෝජනයක් සිදුකොට නැති බව ප‍්‍රසිද්ධ කරුණකි. එසේ තිබේනම් ඔහුට පක්‍ෂව අදහස් දක්වන පිරිස් හැන්සාඞ් වාර්තා උපුටා දක්වා එම චෝදනාවෙන් ඔහු ගලවාගත යුතුය. එක් ජන කොටසක් සහ යම් භූගෝලීය ප‍්‍රදේශයක් පමණක් නියෝජනය කරන පුද්ගලයකුට විපක්‍ෂනායක ලෙස වර්තමාන ආණ්ඩුවට විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශකල සමස්ථ ජනතාවගේ අපේක්‍ෂා නියෝජනය කළ හැකිද?


06. හයවැනි හේතුව සම්බන්ධන් මහතාට විපක්‍ෂයේ බහුතර නියෝජනයක් නොතිබීමය. එදා 1978 දී අමිර්තලිංගම් මහතාට විපක්‍ෂනායකකම හිමවූයේ ඔහු ප‍්‍රධාන විපක්‍ෂය වීමට විභවය තිබූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍සයට වඩා වැඩි ආසන ප‍්‍රමාණයක් ලබාගත් නිසාය. නමුත් අද ඔහු ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම විපක්‍ෂයේ සුළුතරයක් නියෝජනය කරන පක්‍ෂයක නායකයෙකි.


උතුරු නැගෙනහිර ජනගහණය පැතිරීම අනුව ආසන බෙදීයාමේ විකෘතිය නිසා සම්බන්ධන් මහතාගේ පක්‍ෂය ආසන 16 ක් ලබාගත්තත් ඡුන්ද ප‍්‍රමාණය අනුව ඔවුනට ලබාගත හැකිවූයේ ජනතා විමුක්ති පෙරමුණටත් වඩා අඩු ඡුන්ද ප‍්‍රමාණයකි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ යම් මන්ත‍්‍රීවරුන් පිරිසක් ජාතික ආණ්ඩුවට සම්බන්දවූවත් එහි බහුතරය වන මන්ත‍්‍රීවරුන් 56 ක් තමා විපක්‍ෂය ලෙස කටයුතු කරන බව ලිභිකව ජනාධිපතිවරයාට හෙවත් සන්ධානයේ නායකයාට දන්වා ඇත. නමුත් සන්ධානයේ නායකයා වන මෛත‍්‍රීපාල සිරිසේන මහතා සන්ධාන ලේකම්වරයා මඟින් කථානායකවරයාට දන්වා ඇත්තේ ශ‍්‍රී ලංකානිදහස් පක්‍ෂය විපක්‍ෂනායකකම අපේක්‍ෂා නොකරන බවය. එම නීති විරෝධී සහ සදාචාර විරෝධී ක‍්‍රියාව මඟින් කථානායකවරයාට තාක්‍ෂණික ප‍්‍රශ්නයක් මතුවූවද ඔහුගේ තීන්දුව අපක්‍ෂපාතී නොවන බව සහ ප‍්‍රජාතන්නාවාදී නොවන බව ඉතා පැහැදිලිව පෙනේ.


කථානායකවරයා පමණක් නොව යහපාලනය ගැන කෑාමාර දුන් සියළු දෙනා මෙම යහපාලන විරෝධී සහ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී පත්කිරීම පිළිබඳව ලැජ්ජා විය යුතුය. දැන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡුන්දය දුන් 47 ලක්‍ෂයක ජනතාව හෙවත් විපක්‍ෂයේ බහුතර ජනතාව පාර්ලිමේන්තුව තුළ නියෝජනය කිරීමට තනතුරක් නැත. එම තත්වය තවත් නරක අතට හැරෙන්නේ සන්ධානයේ සුළු පක්‍ෂ නායකයින්ගේ පක්‍ස නායක තත්වයද පාර්ලිමේන්තුව තුල අහිමි කිරීම නිසාය. ඒවා පාර්ලිමේන්තුව තුල සැබෑ විපක්‍ෂයේ මතය යටපත් කිරීම සඳහා ගනු ලබන ක‍්‍රියාමාර්ග බව පැහැදිලිව පෙනේ. කෙසේවෙතත් දන්ධානයේ නායකයා ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් තම ජනාධිපති බලතල යොදාගනිමින් සෙසු නායකත්වය යටපත් කොට බියගන්වා නීති විරෝධීව පත්කළ නව ලේකම්වරයාගේ ලිපිය අභියෝගයට ලක්නොවීම වරදකි. ඔහු තාවකාලිකව වැඩබැලීම සඳහා පත්කලා යන තර්කය යටතේ වුවත් ඔහුට නිල කටයුත්තකට බලය පාවිච්චි කල හැක්කේ ඔහුගේ පත්වීම සන්ධානයේ විධායක සභාව විසින් අනුමත කොට ඇත්නම් පමණී.


ඒ අනුව එක්පැත්තකින් කථානායකවරයා නීත්‍යානුකූල බලයක් නොමැති ලේකම්වරයකුගේ ලිපියක් අනුව 47 ලක්‍ෂයකගේ මතය යටපත් කොට ඇත. අනෙක්පැත්තෙන් ලිපියේ කරුණු වැරදි ලෙස අර්ථ දැක්වීම මඟින්ද බරපතල වරදක් සිදුකොට ඇත. එම ලිපිය මඟින් කියන්නේ සන්ධානයේ එක් පක්‍ෂයක් වන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විපක්‍ෂනායක කම අපේක්‍ෂා නොරන බවය. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රජාතන්ත‍්‍රවාදීව අදාල පක්‍ෂ වන්‍ූහයන් තුළ මතය විමසා එවැනි තීන්දුවක් ගත්තාද නැද්ද යන්න වෙනම කාරණයකිත ඒ අනුව අනෙක් පක්‍ෂ නායකයින්ට තමා සමඟ බහුතර මන්ත‍්‍රීවරු පිරිසක් සිටිනවාද නැද්ද යන්න විමසා බැලීමේ අවම වගකීමක් කථානායකවරයාට ඇත. එහිදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ යම් මන්ත5ීවරුන් පිරිසක් තම පක්‍ෂයවිසින් ගත්තා යැයි කියන තීන්දුවක් නොසලකා සන්ධානයේ සෙසු පක්‍ෂ සමඟ එකතුව විපක්‍ෂයක් ලෙස පෙනීසිටීඹ අභියෝගයට ලක්කිරීමට කථානායකවරයාට බලයක් නැත. එහි හරිවැරැද්ද පක්‍ස විසින් සහ ඉන්පදුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුකළ යුතුය.


ඒ සියළු කරුණු අනුව පෙනී යන්නේ විපක්‍ෂනායක පත්කිරීමේදී දැනුවත්ව සහ සැලසුම් සහගතව යහපාලනයේ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සියළු සළුපිළි උනාදමා නිර්වස්ත‍්‍රව තීන්දුගැනීමට ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ කථානායකවරයා එක්ව කටයුතු කොට ඇති බවය. ඒ මඟින් 47 ලක්‍ෂයක ඡුන්ද අයිතිය සහිත ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය උඳුරාගන්නවාට අමතරව මෙතෙක් ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ පැවති අවම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායන්ද මරාදමා ඇත. ඒ අතින් හිටපු කථානායකවරුන් වන වි.ජ.මු. ලොකුබණ්ඩාර සහ දමල් රාජපක්‍ෂ මහත්වරුන්ගේ සපත්තුවක් තරම්වත් නොවටිනා තත්වයට කරූ ජයසූරිය මහතා පත්වී ඇත. එසේවූවත් සුසිල් පේ‍්‍රමජයන්ත, අනුරයාපා, නිමල් සිරිපාල, වැන්වුන් කළ මහා පාවාදීම සමඟ සසඳන විට කරූ ජයසූරිය මහතා ලැජ්ජ බිය ඇති මහත්මයකු ලෙස පිළිගැනීමට සිදුවේ. සුසිල්ලා ප‍්‍රමුඛ තම ඡුන්දදායකයා අමු අමුවේ පාවාදුන් දේශපාලකයින් නැවත ගමට යන්නේ කෙසේදැයි ඉදිරි කාලයේදී ඔවුනට ඡුන්දය දුන් ජනතාව තීන්දු කරනු ඇත.


කෙසේවෙතත් අවසාන විග‍්‍රහයේදී 47 ලක්‍සයක් ජනතාව නියෝජනාය කරන දේශපාලන දන්ධානයට විපක්‍ෂනායකකම අහිමි වන්නේ ඒ ජනතාවගේ අපේක්‍ෂා නොසලකා කටයුතු කළ පාවා දෙන්නන් පිරිසක් නිසා බව පිළිගැනීමට සිදුවේ. සෙසු කාරණා අවශේෂ කාරණා ලෙසද පිළිගැනීමට සිදුවේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡුන්දය භාවිතාකළ ජනතාව කිසිඳු ආකාරයකින් ජාතික ආණ්ඩුවක් සඳහා ජනවරමක් ලබාදී නැත. මහින්ද රාජපක්‍ෂ මහතා එම ජනවරම ඉල්ලීමේදී කිසිසේත්ම ජාතික ආණ්ඩුවක් හැදීමට දායක නොවන බව ප‍්‍රකාශ කලේය. ඒ අනුව ජනවරමට පිටින් ජාතික ආණ්ඩුවක් හැදීමට දායක වූ සියළු දෙනෙ පාර්ලිමේන්තුව තුල සිදුවෙමින් බවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධී බලහත්කාරයට වඟකිව යුතුය.


වෛi වසන්ත බණ්ඩාර.



සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාතයාංශය නිකුත් කල නවතම වාර්තාවකට අනුව කොටි සංවිධානය ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තය ඇතුළු දකුණු ඉන්දියානු ප‍්‍රදේශ මුල්කරගෙන නැවත වටයකින් සංවිධානය වෙමින් ඇත. ඒ නිසා ඉන්දියානු රජය එම සංවිධානයට
මාර්තු මස ජිනීවාහිදි පැවැත්වෙන 22 වැනි මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කරන බව මේ වන විට නිවේදනය කොට ඇත. නමුත් එවැනි තීන්දුවකට පසුව ශ‍්‍රී ලංකාවේ මහජනතාව අතර ප‍්‍රබල ඉනන්දියානු විරෝධ
’’ අධිරාජ්‍යවදී කුලී හමුදාවක් සහමුලින්ම විනාශ කොට රටක් නිදහස් කර ගැනීම පිළිබඳ ශ‍්‍රී ලාංකික ජාතිය ලෝකයේ ප‍්‍රමුඛතම ජාතියක් ලෙස ඉතිහාස ගත වනු ඇත. එසේම එවැනි වු මහා ජයග‍්‍රහණයකට පිටුපස හැරවු ජාතියක් ලෙසද අප ඉතිහාසගත වනු ඇත. ’’
මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකානු තානාපති ලෙස පත්කොට ඇති ඩොනෙහියු නැමැති කාන්තාව පසුගිය දා මාධ්‍යයට ඉතා උද්දච්ච ප‍්‍රකාශයක් කලාය. ඇගේ ප‍්‍රකාශයේ සැබෑ සිංහල තේරුම අනුව ඇය කියන්නේ ශ‍්‍රී ලංකාව යෝජනාව ගෙන එ්මට පෙර හිස
මාර්තු 27 වැනිදා ජිනීවා සමුළුවේදී සාකච්ඡුාවට සහ ඡුන්ද විමසීමට ලක්වන ඇමෙරිකානු යෝජනාවේ කෙටුම්පත මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇත. ඊට ප‍්‍රතිචාර දක්වන දෙමළ ඩයස්පෝරාව කියා සිටින්නේ ඇමෙරිකාව විසින් දෙමළ ජනතාවගේ අපේක්‍ෂා නොසලකා හැර ඇති බවයි. ඊට අමතරව සමහර රජයේ පාර්ශවද එම යෝජනාව ඔවුන් බලාපොරොත්තු වූ තරම් බරපතල නැතැයි මත පළකරමින් ඇත. නමුත් ජිනීවාහිදී රජය කටයුතු කළයුතු ආකාරය පිළිබඳව පසුගිය දිනවල රජයට උපදෙස් දුන් බෙදුම්වාදී න්‍යායචාර්්‍යවරුන් ඒ පිළිබඳව අනාවැකි පළකරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ජිනීවාහිදී ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරමින් තම මතය ඉදිරිපත් කළ ජී.එල්. පීරිස් අමාත්‍යතුමාට ඉතා තදින් දෝෂාරෝපනය කරති.
පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වූ හේතුවක් සොයාගත නොහැකි වකුගඩු රෝගයට අදාල විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව බැලූ බැල්මට හේතු කිහිපයක් නිසා සුවිශේෂී විය. පළමුවැන්න එය විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත්
පසුගිය 16 වැනිදාට යෙදුනු ලෝක ආහාර දිනය සමරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර සුරක්‍ෂිතතා සතියක් ප‍්‍රකාශයට පත්කොට ඇත. ඔවුන් එහිදී ආහාර සුරක්‍ෂිතාව :ත්‍දදා ීැජමරසඑහ* පිළිබඳව කථාකලත් ඔවුන්ගේ අවධානයට ලක්වන්නේ ආහාර වල සෞඛ්‍ය ආරක්‍ෂාව :ත්‍දදා ී්එැඑහ* පමණී. ඇත්තවශයෙන්ම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර පිළිබඳව කුමක් කථාකලත් ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය විමසා බැලීමේදී පැහැදිලිව පෙනී යන දෙයක් ඇත. ඒ ඔවුනට ආහාර ආරක්‍ෂාව, ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණය අතර පවතින සමාජ-ආර්ථික, දේශපාලන හෝ සංස්කෘතික සහ පාරසරික සහ-සම්බන්ධතාවයන් පිළිබඳව ගැඹුරු අවබෝධයක් නොමැති බවය.
ඇමෙරිකාවේ දැන උගත් ජනතාව අන්දුන් කුන්දුන් කරමින් 2012 මාර්තු 16 වැනිදා ඉතා වැදගත් ලේඛනයකට ඒ රටේ ජනාධිපති බරක් ඔබාමා විසින් අත්සන් තැබිනි. එම ලේඛනය හැදින්වෙන්නේ ‘‘ විධායක නියෝගය ’’ යන තාක්‍ෂණික නාමයෙනි. ඒ මගින් ඔහුගේ බලයලත් ලේකම්වරුන්ට සමස්ථ රටම යුද වාතාවරණයක තැබීම සඳහා අවශ්‍ය සියළු බලතල ලබා දී ඇත. ඒ අනුව අනාගතයේදී ඕනෑම දවසක ඇමෙරිකාවේ රාජ්‍ය සහ පුද්ගලික සමාගම් සතු දේපල සහ මහජනයා සතු දේපල මෙන්ම රටේ පොදු සම්පත් යුද්ධය
පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇතිකල ආසනික් විරෝධී සටන ශ‍්‍රී ලංකාවේ මිනිස් ජීවිත වලට සහ පරිසරයට ආදරය කරන මිනිස්සුන්ට පරාජය අත්පත් කර දෙමින් අවසන් වී ඇත. එ් අනුව සමාගම් හිතවාදී සහ එ් නිසාම ආසනික් හිතවාදී වු න්ලධාරී ත‍්‍රන්තය

ප්‍රධාන පුවත්

සුරේෂ් සලේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් UN වෙතින් ශ්‍රී ලංකා රජයට දැඩි ප්‍රශ්නාවලියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ සහ යුද හමුදා බුද්ධි බලකායේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, ඔහුට එරෙහිව එල්ල වී ඇති අමානුෂික වධහිංසා චෝදනා සහ ඔහුගේ බරපතළ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥ කමිටු කිහිපයක් එක්ව ශ්‍රී ලංකා රජය වෙත සිය දැඩි කනස්සල්ල පළ කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 6.5 පනී - 69%ක සීඝ්‍ර ඉහළ යාමක්!

2026 වසරේ මුල් මාස හත (ජනවාරි - ජූලි) තුළ ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය පෙර වසරේ සමාන කාලයට සාපේක්ෂව සියයට 69 කින් දැවැන්ත ලෙස වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාව පෙන්වා දෙයි.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ

වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙන් පසු රජය ගන්නා මීළඟ පියවර සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව මධ්‍යයේ, විවිධ දේශපාලන පක්ෂ නව IMF වැඩසටහනක් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටී.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ

වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙන් පසු රජය ගන්නා මීළඟ පියවර සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව මධ්‍යයේ, විවිධ දේශපාලන පක්ෂ නව IMF වැඩසටහනක් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටී.

ට්‍රම්ප් තීරණයක් ගැනීමට නොහැකිව අර්බුදයකට හසුවෙලා-ඉරාන ශ්‍රේෂ්ඨ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි

අසර්බයිජානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෂහීන් මුස්තාෆයෙව් සමඟ ඊයේ(28) ටෙහෙරාන් නුවර පැවති හමුවකදී ඉරාන ශ්‍රේෂ්ඨ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි “ට්‍රම්ප් සාකච්ඡා කිරීමටවත්, යුද්ධ කිරීමටවත් නොහැකි අර්බුදකාරී තත්ත්වයකට හසුවී සිටිනවා” යැයි පැවසීය.

2027 අයවැය නොවැම්බර් 12 දා..

2027 වසර සඳහා වන අයවැය කතාව ලබන නොවැම්බර් 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ප්‍රකාශ කළාය.

ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි

ප්‍රංශයේ ඩේවිඩ් මැක්‍රෝන්ගේ රජය සමාජ වියදම්වලින් යුරෝ බිලියන 56කට ආසන්න මුදලක් කපා හැරීමට සැලසුම් කරමින් සිටින පසුබිමක, ප්‍රංශය පුරා දැවැන්ත විරෝධතා මාලාවක් පැතිර ගොස් තිබේ.

ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි

ප්‍රංශයේ ඩේවිඩ් මැක්‍රෝන්ගේ රජය සමාජ වියදම්වලින් යුරෝ බිලියන 56කට ආසන්න මුදලක් කපා හැරීමට සැලසුම් කරමින් සිටින පසුබිමක, ප්‍රංශය පුරා දැවැන්ත විරෝධතා මාලාවක් පැතිර ගොස් තිබේ.

ඊශ්‍රායලයේ සහ ඇමෙරිකාවේ ක්‍රියාකලාපයට එරෙහිව ලෝකයේ ප්‍රබල විරෝධයක් ගොඩනැගෙමින් පවතිනවා.. - ජාත්‍යන්තර දේශපාලනය සහ එක්සත් ජාතීන්ගේ සැසිය ගැන උවිඳු විජේවීරගෙන් විශේෂ විග්‍රහයක්..

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සහ ඇමෙරිකානු - චීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මුල් කරගනිමින් පසුගිය සතියේ ලෝක දේශපාලනයේ සිදුවූ ප්‍රධාන සිදුවීම් සම්බන්ධයෙන් දෙවන පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා Divaina Online යූටියුබ් නාලිකාව සමඟ පැවැත්වුණු සාකච්ඡාවකදී දීර්ඝ ලෙස අදහස් දැක්වීය.

අනුරගේ රතු හැට්ටයට යටින් ඉන්නේ වෙනිසියුලාවේ ඇමෙරිකානු පදයට නැටූ ඩෙල්සිලා.. උතුරේ කොටි සැමරුම් හා සිංහල බෞද්ධ උරුමයට එල්ල වන තර්ජන හමුවේ විපක්ෂයේත් අශුද්ධ එකඟතාවක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී ඉකුත් 27 වෙනි ඉරිදා පැවැති විශේෂ ප්‍රසිද්ධ දේශනය අමතමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වර්තමාන ආණ්ඩුවේ දෙවසරක විනාශකාරී ක්‍රියාකලාපය, රට මුහුණ දී සිටින දැවැන්ත භූ-දේශපාලනික අර්බුදය සහ අනාගත දේශපාලන අරගලයේ ගමන් මග පිළිබඳව අතිශය උණුසුම්, දීර්ඝ සහ විවේචනාත්මක හෙළිදරව්වක් සිදු කළේය.

ඕස්ට්‍රේලියානු සමාගමක කොටස් හිමිකම සම්බන්ධ නඩුවෙන් උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්..

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21 ක් සාපරාදී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලැබ සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්නා සුවඳුරුගොඩ අද (29) නියම කළාය.

කියුබාව ‘වැටෙනු ඇතැයි’ ට්‍රම්ප් පැවසීමෙන් පසු චීනයේ සහාය කියුබාවට!

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හවානා නගරය “වැටෙනු ඇත” යැයි පවසමින් කියුබානු පාලනයේ “මූලික වෙනසක්” අවශ්‍ය බව ප්‍රකාශ කිරීමෙන් පසු, බාහිර මැදිහත්වීම්වලට එරෙහිව කියුබාවට සහාය දෙන බවට චීනය ප්‍රතිඥා දී තිබේ.

ඇමරිකාවේ පනස් වසරක ධර්ම දූත මෙහෙවර ඇගයේ: "ධර්ම විකෘතිය යනු කුමක්ද?" - මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගෙන් විශේෂ දේශනයක්..

අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොල පියනන්ද නායක ස්වාමීන් වහන්සේ සහ මඩවල සීලවිමල නායක හිමියන් ඇමරිකා එක්සත් ජනපදයේ ධර්ම දූත මෙහෙවර ආරම්භ කර වසර 50ක් පිරීම නිමිත්තෙන් උන්වහන්සේලාගේ සේවය ඇගයීම සඳහා විශේෂ වැඩසටහනක් පවත්වා තිබේ.

එක්සත් ජාතීන්ගේ අර්ථවත් ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාව සහාය දක්වනවා.. - ඇමති විජිත UN මහ සමුළුව අමතමින් කියයි

ලෝකයේ සිදුවන පරිවර්තනයන්ට වඩාත් අත්‍යවශ්‍ය සහ ප්‍රතිචාරාත්මක සංවිධානයක් බවට පත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ අර්ථවත් ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සහාය දෙන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය හවුල්කරුවෙකු බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ආක්ටික් කලාපීය බලපෑම් හමුවේ ඇමෙරිකාව සහ යුරෝපා සංගමය අතර මතභේදාත්මක තත්ත්වයක් වර්ධනය වෙයි..

ආක්ටික් කලාපය තුළ තම බලය සහ බලපෑම තහවුරු කරගැනීම සඳහා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය (EU) දරන උත්සාහයන් හමුවේ දෙපාර්ශ්වය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික හා උපායමාර්ගික නොගැලපීම් තවදුරටත් පුළුල් වෙමින් පවතින බව වාර්තා වේ.

“අනුර නමින් ඩෙල්සි ඇවිත්?”.. - විමල්ගේ විශේෂ දේශනය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙයි..

“අනුර නමින් ඩෙල්සි ඇවිත්?” තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරන ලද විශේෂ දේශනයක් (27) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.