News Category
From Date
To Date
Maximum Number of Result

ආර්ථික වර්ධන වේගය 7%කට ගෙනෙනවා කිව්වා... ආණ්ඩුව භාරගන්නකොට 5.3%යි.. දැන් තුන්වෙනි අයවැය කියවනකොට 4.2%කට අඩු වෙලා.. අවුරුදු තුනක් ආණ්ඩු කරනකොට උද්ධමනය 8.3ට වැඩි වෙලා.. - නාමල් රාජපක්ෂ

Nov 15, 2026 at 06:24 AM
|

වත්මන් රජය ඉදිරිපත් කර ඇති අයවැය හරහා ජනතාවට අලුත් බොරු තොගයක් පවසා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

රජය විවිධ සංවර්ධන කටයුතු සහ යටිතල පහසුකම් සංවර්ධනය කරන්නේ ඉතුරු කළ මුදලින් බව ප්‍රකාශ කළද, එහි සැබෑ යථාර්ථය වෙනස් බව හෙළි කළ මන්ත්‍රීවරයා, රටේ පාරක්, අධිවේගී මාර්ගයක් හෝ ගොඩනැගිල්ලක් තැනීම සඳහා වැය කරන සෑම රුපියල් 100 කින්ම රුපියල් 85 ක්ම ණයට ගන්නා බව පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

"විවාදයට සම්බන්ධ වුණාම මම එක කාරණයක් සම්බන්ධයෙන් සතුටු වෙනවා. ගරු ජනාධිපතිතුමත්, ඔබතුමන්ලාත් මීට පෙර  විශ්වාස කළේ බෝධි පූජා පවත්වන එක, පන්සල් යන එක, කෝවිල් යන එක, වෙහෙර විහාරස්ථාන වලට වන්දනාමාන කරන එක ගෝත්‍රිකයි කියලා තමයි ඔබතුමා එදා විශ්වාස කළේ.

​හැබැයි මම සතුටු වෙනවා ඔබතුමාලා අවුරුදු දෙකක් අයවැය කියවලා, තුන්වෙනි අයවැය ඉදිරිපත් කරනකොට ඔබතුමන්ලාගේ ගරු ජනාධිපතිතුමාට ගරු සභාපතිතුමිය තමන්ගේ කතාව අවසන් කරන්න සිද්ධ වුණේ බුදුරජාණන් වන්හ්සේගේ බුද්ධ වචනය මතක් කරලා. ඒ තත්වයට පත්වීම ගැන මම සතුටු වෙනවා.

​හැබැයි කාලාම සූත්‍රය ගැන එතුමන් සඳහන් කළා, ඉතින් ඒකේ අර්ථය අවබෝධ කරගෙන ගරු ජනාධිපතිතුමා ඔය ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය අතහැරලා මධ්‍යස්ථව මේ ගැටලු දිහා බලන්න පුරුදු වුණා නම් බුදුරජාණන් වන්හ්සේ සඳහන් කරපු පරිදි, මම හිතනවා එතුමාගේ ජීවිතයත් රටේ ජනතාව සතුටු කරවන යන ගමනක් ගැන මේ කතා කරන්නේ. එතුමාටත් ජීවිතය සතුටින් ජීවත් වෙන්න පුළුවන්, අවංකව රටේ ජනතාව සතුටු කරන තැනකට මේක පරිවර්තනය කරන්න පුළුවන්.

​එහෙම නොවුනොත් ඔබතුමන්නාසේලාට සදාකාලික බොරු කියමින් තමයි ගරු සභාපතිතුමිය ජීවත් වෙන්න වෙන්නේ මේ ආණ්ඩුවත් ආණ්ඩුව කෙරුවට පස්සෙත් ආණ්ඩු කරන කාල සීමාව තුලත්.

​දැන් බලන්න ඔබතුමාලා 2025 ආණ්ඩුව භාරගෙන ජනාධිපතිතුමා අයවැය කතාවේදී කිව්වා 2024 වෙනකොට ආර්ථික වර්ධන වේගය 7%කට ගෙනෙනවා කිව්වා. 7%කට. ඔබතුමාලා භාරගන්නකොට 5.3%යි. දැන් ඔබේ ජනාධිපතිවරයා තුන්වෙනි අයවැය කියවනකොට 4.2%කට අඩු වෙලා තියෙනවා.

ඔබතුමාලා ආණ්ඩුව භාරගන්නකොට උද්ධමනය සෘණ අගයක් තිබ්බේ. සෘණ අගයක්. ඔබතුමාට අවුරුදු තුනක් ආණ්ඩු කරනකොට උද්ධමනය 8.3යි. 8.3යි සෘණ අගයේ ඉඳන්. හැම අත්‍යවශ්‍ය භාණ්ඩයකම මිල 10%කින් අවම වැඩි වෙලා තියෙනවා. හැම අත්‍යවශ්‍ය භාණ්ඩයකින්ම. ඔබතුමාලා භාරගන්නකොට ඩොලර් එක 295යි, ඒ මාසය ඇතුළත. අද 332යි.

​ඒකට ඔබතුමාලට, ඔබතුමියලාට කියන්න පුළුවන් ලෝකයේ ප්‍රශ්න පෙන්නන්න පුළුවන්, යුද්ධ යනවා කියන්න පුළුවන්, හැබැයි ඉතින් මේ හැම කාරණයක් ඇතුළෙන්ම ආර්ථිකය කළමනාකරණය කිරීමේ වගකීම ඔබතුමන්නාසේලාට තියෙනවා.

​දැන් බදු ප්‍රතිපත්තිය. දැන් ගරු සභාපතිතුමිය මේ ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය පෝසත් මනුස්සයා තවදුරටත් පෝසත් කරන්නත්, දුප්පත් මනුස්සයා තවදුරටත් දුප්පත් කරන බදු ප්‍රතිපත්තියක් ඔබ අනුගමනය කරන්නේ. දැන් පසුගිය කාලේ අපිත් දිගින් දිගටම ඔබට මතක් කළා මේ පාසල් දරුවන්ගේ පොත්පත් වලින් වැට් එක අයින් කරන්න කියලා. ඒක හරි දැන් කරලා තියෙනවා.

​හැබැයි අත්‍යවශ්‍ය ආහාර වල, කිරිපිටි වල, බෙහෙත් වල, වැට් බද්ද අයින් කරන්න ඔබතුමාලා එදා මැතිවරණ කාලේ මම මේ මැතිවරණ කාලේ ඔබතුමාලා කරපු විට්ස් කාර් ගෙනේනවා අරවා මේවා දැන් මතක් කරන්නේ නැහැ. මොකද එදා කියපු ඒවා ඒවා බොරු කියලා ඔප්පු කරලා හැම අයවැය කිරීම අලුතෙන් බොරු කියලා තියෙනවා. ඔබතුමන්ලාගේ ආණ්ඩුව. හැම අයවැයකින්ම අලුතෙන් බොරු කියලා තියෙනවා.

​ඒ හින්දා ඒවා ගැන අපි ඔබතුමන්ලාට මතක් කරන්න යන්නේ නැහැ. හැබැයි අනිත් පැත්තෙන් දැන් ඔබතුමන්ලා පහුගිය කාලසීමාව තුළ කතා කරපු කාරණා තියෙනවනේ ගරු සභාපතිතුමිය.

​දැන් ඔබේ බදු ප්‍රතිපත්තියෙන් සහන ලබන්නේ, ප්‍රතිලාභ ලබන්නේ කෝටිපති ව්‍යාපාරිකයෝ. දැන් ස්මාර්ට් මීටර්ස් දෙනකොට නොමිලේ. හොඳයි. හැබැයි ඔබ ස්මාර්ට් මීටරේ දෙන්නේ කාටද? යුනිට් 180ට වැඩි අයට. ඒ කියන්නේ ලංකාවේ වැඩියෙන්ම විදුලිබිල ගෙවන කෝටිපතියන්ට තමයි නිකන් ස්මාර්ට් මීටරේ දෙන්නේ.

​දැන් මේ රටේ කර්මාන්ත වල, ව්‍යවසායකයන්ගේ, දුප්පත් මනුස්සයන්ගේ විදුලිබිල අඩු කරන්න ආණ්ඩුවේ සැලැස්ම මොකක්ද?

දැන් ජනාධිපතිවරයා කතා කරනවා කමිටුවක් දාන්න නැත්නම් සාකච්ඡා කරනවා IMF එකේ ඉන්නවද නැද්ද කියලා, හරි.

​IMF එකේ ඉන්නවද නැද්ද කියන කාරණය නෙවෙයි. මේ රටේ ආර්ථිකයට අවශ්‍ය අලුතෙන් ආයෝජකයෝ ගේන්නේ ඔබතුමාලගේ වැඩපිළිවෙල මොකක්ද?

දැන් ඒ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කියනවා අපි අලුතෙන් යුනිට් එකක් හදනවා, ඒකට මේ සාමාන්‍ය පඩි හරියන්නේ නැහැ, වැඩිපුර පඩි ගෙවල හරි අලුත් අය ගේන්න ඕනේ. ඔව්. ඒ පරිවර්තනය වෙන්න ඕනේ. හැබැයි ඒ පරිවර්තනය වෙන්න ඔබතුමාට අවුරුදු දෙකකට පස්සේ ඔබතුමා ඒ පරිවර්තනයක් ගැන කතා කරනකොට රටේ හිටපු ආයෝජකයෝ කී දෙනෙක් හැරිලා ගියාද

​දැන් 2005- 2015 කාලසීමාව ඇතුළත තමයි ලංකාවේ ඉතිහාසයේ වැඩිම විදේශ ආයෝජකයෝ ලංකාවට ආවේ. ඒ හැම ආයෝජකයෙක්ම ආවේ මේ දැන් තියෙන සිස්ටම් එක ඇතුළේ. හැබැයි ඔබේ න්‍යාය පත්‍රය මොකක්ද රටේ ආයෝජනය කරන්න නිලධාරීන් කඩිනමෙන් වැඩ කරොත්, මහන්සි වෙලා ඉක්මනින් අවසර අවසර දුන්නොත්, ඒක හොරකමක්. ඇයි? සාමාන්‍ය ක්‍රමවේදයට වඩා වේගයෙන් ආයෝජකයාට අනුමැතිය දීලා. හැබැයි දැන් ජනාධිපතිතුමා ඒක කරන්න වෙන කමිටු වෙන ආයතනයක් හදන්නත් හදනවා. වෙන ආයතනයක් හදන්න කලින් තමන්ගේ ඉන්න ආයතනය ටික ශක්තිමත් කරන්න. ඒ මිනිස්සුන්ට නිදහස දෙන්න, වැඩ කරන්න. හැම ආයෝජකයෙක් දිහාම සැක සහිතව බලන්න එපා. ඔබතුමාලා හැම ආයෝජකයෙක්ම හොරෙක් ගානට දාලා, ඒ ආයෝජකට උදව් කරපු නිලධාරියත් හොරෙක් බවට පත්කරාම මේ දැන් ඉන්න නිලධාරීන්ට වැඩ කරගන්න බැරි වෙනවා.

​මොකද මේ නිලධාරීන්ට වැඩ කරන්න බැහැ එතකොට. මේ නිලධාරී නිකන් උසාවි යන්න රස්සාදු වෙන්නේ මොකටද? ඒ හින්දා ගරු ජනාධිපතිතුමාටත් අපි කියන්නේ ඔව් ඔය ආයතන හදන්න. හැබැයි හදන ගමන්ම ඉන්න ආයෝජකයෝ ටික ආරක්ෂා කරගන්න. දැන් ඔබතුමාලා බලයට ආවා. මොකක්ද වුණේ අදානි සමාගම යැව්වා. චයිනා මර්චන්ට් සමාගම ගියා. ජනාධිපතිතුමා හතර වතාවක් මාධ්‍ය සාකච්ඡාව තියලා කිව්වා ලංකා ඉතිහාසයේ වැඩිම ලොකුම විදේශ ආයෝජකයා ලංකාවට ආවා ඔන්න හම්බන්තොට වරායේ තෙල් පිරිපහදුවක් දානවා කිව්වා ඩොලර් බිලියන හතරක. චීනයට ගිහිල්ලා චීන ජනාධිපතිතුමා එක්ක අත්සන් කරලා ආවේ ගරු සභාපතිතුමිය. දැන් කෝ? කෝ තෙල්පිරිපහදුව? කෝ ඩොලර් බිලියන හතර? අනිත් පැත්තෙන් ජපන් ජපානයේ ආයෝජකයා වරායේ ඩොක්‍ යාඩ් එකේ කොටස් ටිකත් අතහැරලා යන්න ගියා.

​ඉන්න ආයෝජකයෝ බේරගන්න වැඩපිළිවෙල මොකක්ද?

දැන් විදේශ වල වැඩ කරන පිරිස බොහොම අමාරුවෙන් හම්බ කරලා මෙහෙට එවවනවා. ඔබතුමාලා ඒකට ටැක්ස් එකකුත් ගහනවා, ඒවත් මේ මිනිස්සු එවවනවා සල්ලි. තවත් පැත්තක සංචාරක ව්‍යාපාරය ලෝකයේ තියෙන තත්ත්වයක් එක්ක හරි අමාරුවෙන් යනවා. හැබැයි මේ දෙකෙන්ද ඔබතුමාලා යැපෙන්න හැදෙන්නේ? මේ දෙක විතරද ඔබතුමාලා විශ්වාස කරන ආර්ථික පරිවර්තනය.

​දැන් මම දැක්කා කර්මාන්ත ඇමතිවරයත් කර්මාන්ත දාලා තියෙනවලු. කර්මාන්ත දාන එක කෙසේ වෙතත් වැහෙන කර්මාන්ත ගැනනම් මාධ්‍යයේ යනවා. දැන් අපි මේ අමාත්‍යවරු ඉන්නවා ඉස්සරහා පේළියේ. දැන් නම් කවුරුත් නැහැ, මම හිතන්නේ කෑමට ගිහිල්ලා. අපි අමාත්‍යවරුන්ටත් කියන්නේ ඔබතුමාලා ඔබතුමාලාගේ අමාත්‍යාංශ ගැන කතා කරන්න කලින්, පහුගිය අවුරුද්දේ ඔබේ අමාත්‍යාංශයට වෙන් වෙච්ච මුදල් කොහොමද වියදම් කළේ කියලා කියන්න.​ඒක කියන්න. ක්‍රීඩා අමාත්‍යාංශය කොච්චර වියදම් කළාද? මහාමාර්ග අමාත්‍යාංශය කොච්චර වියදම් කළාද? කෘෂිකර්ම අමාත්‍යාංශය කොච්චර වියදම් කළාද? ප්‍රගතිය කීයද? සියට කීයක් ජනතාව වෙනුවෙන් මුදල් වියදම් කරාද? දෙන සල්ලි ටික වියදම් කරගන්නේ නැතුව, ඔබ මොකක්ද කියන්නේ? අපි වංචාව දූෂණය නවත්වලා, භාණ්ඩාගාරය පිරෙව්වයි කියනවා.

​භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ. රටේ මුදල් සංසරණය වෙන්නේ නැහැ, මුදල් රටේ වියදම් වෙන්නේ නැහැ. එතකොට රටේ ආර්ථිකයට බලපානවා ඒක. ආර්ථිකය ගොඩනගන්න ඕන නම් අඩු ගානෙන් ඉස්සෙල්ලා ඔබ ඔබේ අමාත්‍යාංශයට දීපු සල්ලි ටික වියදම් කරන්න රට වෙනුවෙන්. ගමේ ගිහිල්ලා පාර බෝක්කුව හදන්න. තාර නැහැ, අරව නැහැ, මේක නැහැ කියලා කෙදිරි ගානවා.

​දැන් දිට්වා බිලියන 500ක් දුන්නා. දැන් 260ක් ඉතුරුයි. දැන් දිට්වා ඇවිල්ලා අවුරුද්දකටත් වැඩියි. දැන් ඊළඟ කුණාටුව ආවා කොළඹ නගරය ජලයෙන් යට වුණා. ඊළඟට ඒ ඇවිල්ලා. හැබැයි ඒ බිලියන 500නුත් මිලියන මිලියන බිලියන 260ක් වියදම් කරගන්න බැරි වෙලා තියෙනවා. ආයෙත් වැඩ බැරිකමට ගරු සභාපතිතුමිය බොරු කියන්න ඕනේ නැහැනේ අපි නාස්තිය වංචාව නවත්තලා සල්ලි ඉතුරු කරගත්තා කියලා. ඇත්ත කියන්න. වැඩේ කරගන්න තේරෙන්නේ නැහැ, වැඩේ කරගන්න බැහැ, ඒ හින්දා අමාත්‍යාංශ වල සල්ලි ඉතුරුයි.

හැබැයි ඒ වෙනුවට මොකක්ද කියන්නේ?

ඔව් ඔව් කවුද හොරා කියලා දැනගන්න ඉස්සරහට කන්ටේනර් පන්නපුවා. ඔව් මේ තියෙන්නේ ගරු සභාපතිතුමියන්. අපි බැලුවා ජනාධිපතිතුමා මහන්සි වෙලා  මිරිස් වල ටැක්ස් එක අඩුකරේ ඇයි කියලා.වරායෙ කන්ටේනර් 60ක් තියෙනවා මිරිස් හිරවෙලා. මේ මාසේ පටන් ගන්නකොට. ආ වරාය කන්ටේනර් 60ක් මිරිස් හිරවෙලා තියෙනවා. බලනකොට ජනාධිපතිතුමා අයවැය කතාවෙනුත් මිරිස් අඩු කරලා, ඒ කියන්නේ 323 ට මේ හැටත් එකතු කරගන්න.මම දැක්කා උම්බලකඩවල අඩු කරලා තියෙනවා. හොඳයි. හැබැයි ඉතින් උම්බලකඩ කන්ටේනර් කීයක් වරාය තියෙනවද කියලා බලන්න ඕනේ ගරු සභාපතිතුමිය. අමතක කරන්න එපා දකුණු පළාතේ විතරක් උම්බලකඩ කරලා ස්වයං රැකියාවක් විදිහට කරන කාන්තාවෝ 1000කට වඩා ජීවත් වෙනවා.

දැන් ලබන මාසේ මාදැල් කර්මාන්තය පටන් ගන්නවා. මාදැල් කර්මාන්තය පටන් ගන්නකොට මාදැල් කර්මාන්තයේ හිමියන්ට ලබන ආදායම මාදැල් වල කරන අයට ආදායම අඩු කරන්න බදු අයින් කරනවා. ගොයම් කැපෙන කාලේ බලලා හාල් පිටරටින් ගේනවා. මරු ආර්ථික ප්‍රතිපත්තිය. සම්පූර්ණයෙන්ම දේශීය ව්‍යාපාරිකයෝ වැටෙන්න එතකොට කවුද හොරා කියලා අහගන්න පුළුවන්. අපි ඒක වෙලාවට කියන්නම්.

​දැන් තව කතාවක් කියනවා මොකක්ද? අපි ණය ගන්නේ නැහැ. ගරු සභාපතිතුමිය, එහෙම කියනවනේ. දේශීය මුදල් වලින් වැඩ කරනවා. හයිවේ හදනවා දේශීය මුදල් වලින්. කවුද කියන්නේ ආණ්ඩුව ජනාධිපතිතුමාගේ අයවැයේ, මේ මම කියන කතාවක් නෙවෙයි. ජනාධිපතිතුමාගේ අයවැයේ තියෙනවා ප්‍රාග්ධන වියදම් වලට බිලියන 1750ක්. බිලියන. මේ බිලියන 1750න් බිලියන 1493ක් ණය විදිහට ගන්නේ.

හැම රුපියල් 100කටම රුපියල් 85ක්, ණය ගන්නවා. මේ රටේ පාරක් හදන්න, හයිවේ එකක් හදන්න, ඔය බස් එකක් ගේන්න, බෝක්කුවක් හදන්න, පාසලක් හදනවා, ගොඩනැගිල්ලක් හදනවා ඔබතුමන්ලා ණය ගන්නේ නැහැ අපි මේ ඉතුරු කරපු සල්ලි වලින් හදනවා කියලා කයිවාරු ගහන හැම රුපියල් 100කටම ගරු සභාපතිතුමිය, රුපියල් 85ක් ණයට ගන්නවා. තව රුපියල් තුනක් ආධාර වශයෙන් ලැබෙනවා.

ඉතුරු ටික තමයි ඔය රාජ්‍ය ආදායමෙන් ඔබතුමාලා ඔය වාහන නතර කරලා ඉතුරු කරලා ටැක්ස් ගහලා ඔක්කොම කරලා ගන්න විදිහට ටික දානවා කියලා කියන්නේ.

මේක තමයි යථාර්ථය. හැබැයි ඔබතුමන්ලා මොකක්ද කියන්නේ? හැම තැනම නැහැ, අපි වංචාව දූෂණය නාස්තිය නවත්තපු හින්දා අපි දැන්  දේශීය අරමුදලින් වැඩ කරන්න පුළුවන් නෑ බොරු.

සම්පූර්ණයෙන්ම බොරුවක් ගරු සභාපතිතුමිය.

රජයේ සේවකයාගේ වැටුප් වැඩි කරනවා. දැන් මේකට කියන්නේ ගරු සභාපතිතුමිය ජූලි අයවැය කියලා. ඇයි ඉතින් හැම එකම වැඩි වෙන්නේ ජූලි මාසේ ඉඳන්. මේක ජූලි අයවැයක්. අපරාදෙ මේ ජනවාරි මාසේ මේක එකෙක් සම්මත කරගන්න තිබුණෙ.

ඒකත් භාගයයි වැඩි කරන්නේ. ඒකත් මොකක්ද? ඔබතුමන්ලා තෝරාගත්තු පිරිසකට පමණක් දීමනාවක් දීලා තියෙනවා.

ඒක හොඳයි, ඒක දෙන්න. හැබැයි ඇයි රජයේ අනෙකුත් සේවකයන්ට අවශ්‍ය දීමනාව ටික දෙන්න්නේ නැත්තේ? අඩු ගානෙන් ගරු සභාපතිතුමිය පාර්ලිමේන්තුවේ සේවකයන්ගේ.

ආ මේක ඔබතුමාලා එනවා, රිසර්ච් එකට යනවා, රිසර්ච් කරගන්නවා, ලේකම්තුමිය හම්බෙනවා, නිලධාරීන්ගේ වැඩ ගන්නවා, මෙතන වතුර එකක් හරි ගෙනත් දෙන ඉන්න මිනිස්සු ටික, කෑම ටික දෙනවා. නිවාඩු දවසට වැඩ කරාම දෙන දීමනාවත් ඔබතුමන්ලා කප්පාදු කරලා.

ඔව් ඔව් බන්ධනාගාරය ගැන මම කියනවා වෙලාව ආවම. ඒ ගැන මම කියන්නම් වෙලාව ආවම ඒකම බන්ධනාගාරය ඇතුලේ හුඟක් අය බලන් ඉන්නේ තමුන් එනකම්. අපි ආවම හම්බෙමු. ගරු සභාපතිතුමිය, ඒකත් තනිකර රැවට්ටුවානේ. අර බන්ධනාගාර නිලධාරීන්ට රුපියල් අර අර මීගමුවේ සිද්ධියට කෝටියක් දෙනවා කියපු අයට ලක්ෂ 50ක් දීලා රැවට්ටුවානේ. මොකක්ද කරේ? 40,000ක් අවදානම් දීමනාව කියලා රුපියල් 8000යි දුන්නේ ගරු සභාපතිතුමිය. වෙලාවක් එනවා. වෙලාවක් එනවා අපි ඒක කතා කරමු. අර දිට්වා වල ටකරමක් ගියාම ලක්ෂ දහයක් දෙනවා කිව්වනේ, අන්න ඔයාලගේ නියෝජ්‍ය  අමාත්‍යතුමන්ලා ඇමතිතුමා මාධ්‍යට ගිහිල්ලා කියනවා ඒක මේ උදාහරණයක් විදිහටලු කිව්වේ. ඒ කියන්නේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කිව්වේ බොරු. කවුද කියන්නේ ඔයාලගේ නියෝජ්‍ය  ඇමති. ආයේ වෙන කවුරුත් නෙවෙයි ගරු සභාපතිතුමිය.

මේ ජූලි අයවැය. දැන් මේ අයවැය ඇත්තටම ලබන අවුරුද්දට ඊට පස්සේ අවුරුද්දටද? ඒ ප්‍රශ්නෙත් උත්තරයක් ඕනේ. අනිත් පැත්තෙන් දැන් ජනාධිපතිතුමා මේ ආණ්ඩුව කියනවා මහා දැවැන්ත දේශගුණ විපර්යාසයක් එනවා, ගං වතුර එනවා, නියඟ එනවා. මේවට අපි ලෑස්ති වෙන්න ඕනේ. ආහාර හිඟයක් එනවලු. දැන් ආහාර හිඟයක් එනවා නම් ගරු සභාපතිතුමිය, මට කියන්න මේ අයවැය ඇතුලේ ආහාර සුරක්ෂිතභාවය ඇති කරගන්න ආණ්ඩුවේ සැලැස්ම මොකක්ද ලබන අවුරුද්දට.ලබන අවුරුද්දේ ආහාර සුරක්ෂිතභාවය ඇති කරන ආණ්ඩුවේ සැලැස්ම මොකක්ද? ගොවියාගේ වී වලට සහතික මිල දෙනවද? පොහොර ටික දෙනවද? එහෙම නැත්නම් මේ ගංවතුර නිසා අලාභයට හානි වන වගාවන්ට ආණ්ඩුව සහනයක් දෙනවද? දිට්වා වෙලාවේ දුන්නේත් නැහැ. අඩු ගානෙන් දැන් අඩු ගානෙන් දැන් දෙනවද? අනිත් පැත්තෙන් වතුකරේ ජනතාව, මලයගම් ජනතාව රුපියල් 200ක් දෙනවා කිව්ව මූලික වැටුපට, අන්තිමට මොකක්ද වුණේ? අන්තිමට ගරු මන්ත්‍රීතුමා වැඩියෙන් වැඩ කරන්න වුණා පඩිය කෙසේ වෙතත්. අන්තිමට ඒ ජනතාව වැඩියෙන් වැඩ කරනවා. හැබැයි පඩිය වැඩි කරාට, පඩිය දෙනවා කිව්වට වැඩ වැඩියෙන් ගන්න දීමනාව හම්බෙන්නේ නැහැ. නිවාස ප්‍රශ්නේ විසඳනවා කිව්වා. ඉඩම් ප්‍රශ්නේ විසඳනවා කිව්වා. දැන් මොකක්ද කියන්නේ? දැන් EPF, ETF එක කප්පාදු කරන්නේ නැහැ කිව්වා. දැන් මොකක්ද කරන්නේ? අනිත් පැත්තෙන් ගරු සභාපතිතුමිය, මේ අයවැය ඇතුලේ වැඩිපුරම තියෙන්නේ ෆීසිබිලිට් ස්ටඩීස්. නැත්නම් අධ්‍යයනය කරන්න තියෙන්නේ, මම දැක්කා යාපනයේ ඉරිගේෂන් ප්‍රොජෙක්ට් එක 2018 රනිල් වික්‍රමසිංහ මහත්මා මිලියන 75ක් දැම්මා. දැන් ආණ්ඩුව අනුර මහත්මයාත් 75ක් දාලා ඒක අධ්‍යයනය කරන්න. අවසානයේ සංවර්ධනය කියන වැඩපිළිවලක් නැහැ.

ඒ හින්දා තව දවස් 25ක් තියෙනවා. තව දවස් 25ක් තියෙනවා ජනාධිපතිතුමාට පුළුවන් මේ ගොවි ජනතාවට අවශ්‍ය සහන දෙන්න කටයුතු කරන්න. ධීවර ජනතාවට අවශ්‍ය සහන දෙන්න කටයුතු කරන්න. ආයෝජකයෝ ලංකාවට ගේන්න පුළුවන් බදු ප්‍රතිපත්තියක් දෙන්න. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ ආරක්ෂා කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඒ වගේම විදුලිබිල තෙල් මිල අඩු කරන්න ආණ්ඩුවට වැඩිපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න

තව දවස් 25ක් තියෙනවා. ඉතින් ජනාධිපතිතුමාට දැන්වත් පුළුවන් මේ කටයුත්ත කරන්න, 

අනිත් එක ගරු සභාපතිතුමිය අනිත් මේ පාරිභෝගික අධිකාරියේ භාර ඇමතිවරයාට කියන්නකෝ දැන් ගිය මාසේ පාන්පිටි වැඩි කරා එයා දන්නේ නැල්ලු. ගිය සතියේ. දැන් ගෑස් මිල වැඩි කරලා එයා දන්නේ නැල්ලු. ඉතින් එයා දන්නේ නැත්නම් කවුද මේක දන්නේ? ඒ හින්දා මේ එක එක තමන්ට හිතවත් ව්‍යාපාරිකයෝ ආරක්ෂා කරන්න අවශ්‍ය ආර්ථික ප්‍රතිපත්තියක් වෙනුවට මේ රටේ පොඩි මනුස්සයා, ගමේ මහපොළොවේ පය ගහලා ඉන්න මිනිස්සුන්ගේ මේ රටේ තරුණ පරම්පරාවට අවශ්‍ය රැකියා නිෂ්පාදනය කරන්න අවශ්‍ය ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න කියලා ඉල්ලනවා."

සම්බන්ධිත පුවත් | Related News

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නව අයවැය යෝජනා ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට ගියහොත්, 2022 වසරේ අප්‍රේල් මස ඇතිවූ ආකාරයේ දරුණු ආර්ථික බංකොලොත්භාවයකට රට යළිත් ඇදවැටීමේ දැඩි අවදානමක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.
ජනතාව පවසන පරිදි නැවෙන් බාන ගානට ඉන්ධන ලබාදීම කළහොත් ඉන්ධන මිල ගණන් පවතින මිලටත් වඩා වැඩි මිලකට ලබාදීමට සිදුවන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි.
මත්ස්‍ය ගහණය වැඩි ප්‍රදේශ හඳුනාගැනීම සඳහා ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) නිර්මාණය කිරීම සරල කාර්යයක් නොවන බවත්, ඒ සඳහා විශාල මූල්‍ය ආයෝජනයක් සහ විශේෂිත තාක්ෂණික දැනුමක් අවශ්‍ය බවත් INORA - Institute of Ocean Resources Analysis ආයතනයේ විධායක අධ්‍යක්ෂ අයේෂ් ඉන්ද්‍රනාත් රණවක පවසයි.
ලෝකයේ පවතින න්‍යෂ්ටික අවි සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු කිරීම අරමුණු කරගනිමින්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ.
විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල හතක තානාපති ධූර හිස්ව පවතින බව වාර්තා වේ.
ජනාධිපතිවරයා විසින් සිය අයවැය යෝජනා මඟින් ද්විත්ව පුරවැසියන්ට සහ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට අපේක්ෂා කරන සහන සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්තිමය ස්ථාවරයක් නොමැති බවත්, එය හුදෙක් දේශපාලන ත්‍යාග ලබාදීමේ වැඩපිළිවෙළක් වී ඇති බවත් දේශප්‍රේමී ජාතික පෙරමුණේ නායක, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.
2027 අයවැය මගින් සංචාරක සංවර්ධන බද්ද අහෝසි කිරීමේ යෝජනාව හේතුවෙන් එම කර්මාන්තයේ සංවර්ධනයට හා ප්‍රවර්ධනයට ඉතා අහිතකර තත්ත්වයක් උද්ගත වීමේ අවදානමක් ඇති බවට සංචාරක කර්මාන්තයේ පාර්ශ්වකරුවෝ අනතුරු අඟවති.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ එම්.කේ. ශිවාජිලිංගම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව අමෙරිකා එක්සත් ජනපදයේ ඔත්තු බැලීමේ අවශ්‍යතාවන් වෙනුවෙන් යොදාගනිමින් සිටින බවටත්, කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව ‘හදිසි මිලදී ගැනීමක්’ ලෙස හුවා දක්වමින් ඊශ්‍රායලයෙන් රුපියල් බිලියන හතරක (මිලියන 4,000ක) නියමුවන් රහිත ඩ්‍රෝන යානා මිලදී ගැනීමට ආණ්ඩුව රහසිගතව සැරසෙන බවටත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී බරපතළ චෝදනාවක් එල්ල කළේය.

ප්‍රධාන පුවත්

මාළු වැඩි තැන් හඳුනගන්න හැකි තනි තාක්ෂණික මෙවලමක් දැනට ලෝකයේ නෑ.. - ‘මාළු ඇප්’ එක සහ තාක්ෂණික යථාර්ථය ගැන INORA ආයතනය හෙළිකරයි..

මත්ස්‍ය ගහණය වැඩි ප්‍රදේශ හඳුනාගැනීම සඳහා ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) නිර්මාණය කිරීම සරල කාර්යයක් නොවන බවත්, ඒ සඳහා විශාල මූල්‍ය ආයෝජනයක් සහ විශේෂිත තාක්ෂණික දැනුමක් අවශ්‍ය බවත් INORA - Institute of Ocean Resources Analysis ආයතනයේ විධායක අධ්‍යක්ෂ අයේෂ් ඉන්ද්‍රනාත් රණවක පවසයි.

ට්‍රම්ප්ගෙන් න්‍යෂ්ටික අවි අඩු කිරීමේ නව යෝජනාවක්.. – පුටින් සහ ෂී ජින්පින් චීනයේදී ඓතිහාසික සාකච්ඡාවක..

ලෝකයේ පවතින න්‍යෂ්ටික අවි සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු කිරීම අරමුණු කරගනිමින්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ.

ඩයස්පෝරාව සතුටු කිරීමට ආණ්ඩුව ද්විත්ව පුරවැසිභාවය 'දේශපාලන ත්‍යාගයක්' ලෙස බෙදා දීමේ උත්සාහයක!.. - නීතිඥ නුවන් බැල්ලන්තුඩාවගෙන් අනාවරණයක්..

ජනාධිපතිවරයා විසින් සිය අයවැය යෝජනා මඟින් ද්විත්ව පුරවැසියන්ට සහ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට අපේක්ෂා කරන සහන සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්තිමය ස්ථාවරයක් නොමැති බවත්, එය හුදෙක් දේශපාලන ත්‍යාග ලබාදීමේ වැඩපිළිවෙළක් වී ඇති බවත් දේශප්‍රේමී ජාතික පෙරමුණේ නායක, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.

ආර්ථික වර්ධන වේගය 7%කට ගෙනෙනවා කිව්වා... ආණ්ඩුව භාරගන්නකොට 5.3%යි.. දැන් තුන්වෙනි අයවැය කියවනකොට 4.2%කට අඩු වෙලා.. අවුරුදු තුනක් ආණ්ඩු කරනකොට උද්ධමනය 8.3ට වැඩි වෙලා.. - නාමල් රාජපක්ෂ

වත්මන් රජය ඉදිරිපත් කර ඇති අයවැය හරහා ජනතාවට අලුත් බොරු තොගයක් පවසා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

2025 අයවැය යෝජනාවලින් 40%කට ආසන්න ප්‍රමාණයක් ඉටු වෙලා නැහැ.. - වෙරිටේ රිසර්ච් අනාවරණය කරයි..

2025 වසරේ අයවැය යෝජනාවලින් සියයට 40කට ආසන්න ප්‍රමාණයක් සැලකිය යුතු මට්ටමින් ක්‍රියාත්මක වී නොමැති බව වෙරිටේ රිසර්ච් ආයතනයේ නවතම ඇගයීමකින් අනාවරණය වී තිබේ.

ආණ්ඩුව විසින් භික්ෂු වේශධාරියකු යොදා ගනිමින් අනුරාධපුර භික්‍ෂු සත්‍යයක් ක්‍රියාවට පහර දීම මගින් ආණ්ඩුවේ දුෂ්ඨ බහු අරමුණු හෙළිදරව් වුණා.. - ජාතික සංවිධාන හෙළා දකී..

ලංකා ලීඩර් වෙත ජාතික සංවිධාන නියෝජනය කරමින් ප්‍රකාශයක් සිදුකළ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ අනුරාධපුර භික්‍ෂු සත්‍යයක් ක්‍රියාවට පහර දීම ආණ්ඩුව විසින් සැලසුම් සහගතව සිදුකළ ක්‍රියාවක් බවය.

අනුරාධපුර බෞද්ධ පූජා භූමියට අත තියන්න ඉඩ දෙන්නේ නැහැ.. සාමකාමී සත්‍යග්‍රහයට එල්ල කළ “පැලවත්තේ වඩුග මැර ප්‍රහාරයෙන්” ආණ්ඩුවේ මර්දනකාරී දිශානතිය හෙළිවුණා.. - විමල් වීරවංශ

අනුරාධපුර ඓතිහාසික බෞද්ධ පූජා භූමිය සම්බන්ධයෙන් ආණ්ඩුව නිකුත් කර ඇති ගැසට් නිවේදනය පිටුපස ජනතාවට හෙළි නොකළ තවත් ව්‍යාපෘති සැලැස්මක් පවතින බවට සැකයක් මතුවන බවත්, එම ව්‍යාපෘතියේ සම්පූර්ණ වාර්තාව වහාම රටට හෙළි කරන ලෙසත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

ආනයන තහනම අභියස රුසියානු පොසිල ඉන්ධන සඳහා යුරෝපා සංගමය යුරෝ බිලියන 8.7ක් වැය කරයි

රුසියානු පොසිල ඉන්ධන මත යැපීම අවසන් කරන බවට බ්‍රසල්ස් පාලකයන් නැවත නැවතත් ප්‍රකාශ කළද, රුසියාවේ ප්‍රමුඛතම ආක්ටික් ගෑස් ව්‍යාපෘතියක් වන යමාල් (Yamal) හි ප්‍රධානතම පාරිභෝගිකයා තවමත් යුරෝපා සංගමය බවට පත්ව තිබේ.

භික්ෂු සාසනය විනාශ වීමේ වගකීම නායක හිමිවරු භාරගන්න.. - සාසනය වෙනුවෙන් කිසිම පනතක් ගේන්න ලැබුනෙ නෑ.. - පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල මෑතකදී ඇති වූ උණුසුම් තත්ත්වය සහ භික්ෂූන් වහන්සේලා මුහුණ දී ඇති අභියෝග සම්බන්ධයෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියන් දැඩි අදහස් පළ කරමින් පෙන්වා දෙන්නේ වර්තමානයේ භික්ෂු සමාජය දැඩි අනාරක්ෂිතභාවයකට මුහුණ දී ඇති බවයි.

උණු උණු කැවුම් වෙනුවට දීල තියෙන්නෙ පුස්කාපු කැවුම්.. - චාමර සම්පත්... ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නෑ.. - සජිත් ප්‍රේමදාස - අයවැය ගැන පක්ෂ විපක්ෂ නියෝජිතයින් කියන කතා..

අයවැයේ ඇත්තේ පසුවට බලාපොරොත්තු වන දේවල් මිස මේ මොහොතේ විසඳුම් නොවන බවත් උණු උණු කැවුම් වෙනුවට දී ඇත්තේ පුස්කාපු කැවුම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.

අනුරාධපුර භික්ෂු සත්‍යග්‍රහයට එල්ල වූ මැර ප්‍රහාරය හෙළා දකිනවා.. - විමල් වීරවංශ

අනුරාධපුර පූජා නගරය ආශ්‍රිත ගැටලුවකට සාධාරණ විසඳුමක් ඉල්ලා සාමකාමී සත්‍යග්‍රහයක නිරත වූ භික්ෂූන් වහන්සේලාට එල්ල වූ මැර ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.

අයවැයෙන් ලැබෙන සහන.. සම්පූර්ණ අයවැය විස්තරේ මෙන්න..

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද වත්මන් රජයේ තෙවන අයවැය ලේඛනය අද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයට පත් කෙරිණි.

ඉන්දියාව, චීනය, අමෙරිකාව තරහ කරගන්නේ නැතුව අපි අපේ ගමන යනවා.. IMF එක්ක යන ගමනත් ඒ වගේ තමයි.. - ටිල්වින් සිල්වා

ජාතික ජන බලවේග රජයේ කිසිදු දේශපාලනඥයකු හෝ නිලධාරියකු යම් වරදක් සිදු කළහොත් ඔවුන් කිසිම අවස්ථාවක ආරක්ෂා කිරීමට පක්ෂයක් ලෙස හෝ රජයක් ලෙස කටයුතු නොකරන බවත්, එවැනි අවස්ථාවලදී තරාතිරම නොබලා දැඩි නීතිමය හා පක්ෂ මට්ටමින් ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.