News Category
From Date
To Date
Maximum Number of Result

ඩයස්පෝරාව සතුටු කිරීමට ආණ්ඩුව ද්විත්ව පුරවැසිභාවය 'දේශපාලන ත්‍යාගයක්' ලෙස බෙදා දීමේ උත්සාහයක!.. - නීතිඥ නුවන් බැල්ලන්තුඩාවගෙන් අනාවරණයක්..

Nov 15, 2026 at 09:49 AM
|

ජනාධිපතිවරයා විසින් සිය අයවැය යෝජනා මඟින් ද්විත්ව පුරවැසියන්ට සහ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට අපේක්ෂා කරන සහන සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්තිමය ස්ථාවරයක් නොමැති බවත්, එය හුදෙක් දේශපාලන ත්‍යාග ලබාදීමේ වැඩපිළිවෙළක් වී ඇති බවත් දේශප්‍රේමී ජාතික පෙරමුණේ නායක, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.

විදේශගත ප්‍රජාව සහ ඩයස්පෝරාව ඉලක්ක කරමින් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

ද්විත්ව පුරවැසියන්, විදේශගත ශ්‍රී ලාංකිකයන් සහ ඩයස්පෝරාවේ දේශපාලන න්‍යාය පත්‍රය!

ජනාධිපතිවරයා සිය අයවැය යෝජනා තුළින් ද්විත්ව පුරවැසියන්ට සහ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට අපේක්ෂා කරන සහන සම්බන්ධයෙන් ඉදිරිපත් කරන අදහස් තුළ පැහැදිලි ප්‍රතිපත්තිමය ස්ථාවරයක් දක්නට නොමැත.

ද්විත්ව පුරවැසියන් සතුටු කරන ආකාරයේ අයවැය යෝජනා ඉදිරිපත් කිරීම, තමන් ජනාධිපති ධුරයට පත්වීම සඳහා පිටුපසින් සිටි ඩයස්පෝරාවේ දේශපාලන සහයෝගය තවදුරටත් පවත්වා ගැනීම සඳහා ඔහුට අත්‍යවශ්‍ය වී ඇති බව පෙනේ.

පසුගියදා ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව සංවිධානය කළ ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දින සැමරුමේදී ආණ්ඩුවේ ඉදිරි න්‍යාය පත්‍රය ලෙස විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් හෝ තානාපති කාර්යාල හරහා ඡන්ද අයිතිය ලබාදීම පිළිබඳ අදහසක් ඉදිරිපත් විය.

බැලූ බැල්මට මෙය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පුළුල් කරන ප්‍රගතිශීලී යෝජනාවක් ලෙස පෙනී යා හැකිය. එහෙත් එවැනි යෝජනාවක් පිටුපස සැඟවී තිබිය හැකි දේශපාලන අවදානම් පිළිබඳව ද අප අවධානය යොමු කළ යුතුය. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ගෙන එන සෑම යෝජනාවක්ම රටේ ජාතික අභිලාෂයන්ට අනුකූල යැයි අන්ධ ලෙස පිළිගත යුතු නැත.

විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව අතර සංවිධානාත්මක දේශපාලන බලවේගයක් ලෙස ක්‍රියාත්මක වන දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කණ්ඩායම්, විශේෂයෙන්ම යුරෝපය, කැනඩාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක බෙදුම්වාදී දේශපාලන මතවාදයන්ට සහාය දක්වන බව රහසක් නොවේ. එවැනි කණ්ඩායම්වල දේශපාලන අරමුණු සහ ශ්‍රී ලංකාවේ ජාතික අභිලාෂයන් අතර පවතින වෙනස්කම් අප හඳුනාගත යුතුය. ඡන්ද අයිතිය ලබාදීම වැනි තීරණයක් ගැනීමේදී එහි දිගුකාලීන ප්‍රතිවිපාක පිළිබඳව ගැඹුරින් සලකා බැලිය යුතුය.

ද්විත්ව පුරවැසිභාවය නොමිලේ ලබාදිය යුතු වරප්‍රසාදයක් නොවේ.

ද්විත්ව පුරවැසියකුගේ කලත්‍රයාට පමණක් නොව දෙවන සහ තුන්වන පරම්පරාවට ද කිසිදු ගාස්තුවකින් තොරව ද්විත්ව පුරවැසිභාවය ලබාදීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකිය.

සාමාන්‍යයෙන් එක් පරම්පරාවක් යනු වසර 30ක පමණ කාලයකි. ඒ අනුව දෙවන සහ තුන්වන පරම්පරාවන් යනු වසර 60-70ක පමණ කාල පරාසයකට අයත් පිරිසකි. ශ්‍රී ලංකාව සමඟ ඔවුන්ගේ සම්බන්ධතාවය, රටට ලබාදෙන දායකත්වය සහ පුරවැසිභාවය ලබාගැනීමේ අරමුණ පිළිබඳ කිසිදු ඇගයීමකින් තොරව එවැනි සහනයක් ලබාදීම සුදුසු නොවේ.

ද්විත්ව පුරවැසිභාවය යනු වරප්‍රසාදයකි. වෙනත් රටක පුරවැසිභාවය ලබාගැනීමට තීරණය කරන පුද්ගලයකු තම මව්බිමේ පුරවැසිභාවය ද රැකගැනීමට අපේක්ෂා කරන්නේ නම්, ඒ සඳහා අදාළ නීතිමය හා මූල්‍යමය වගකීම් ඉටු කිරීමට සූදානම් විය යුතුය. එය නොමිලේ ලබාදිය යුතු දේශපාලන ත්‍යාගයක් නොවේ.

ද්විත්ව පුරවැසියා, විදේශගත පදිංචිකරුවා සහ විදේශගත ශ්‍රමිකයා යනු එකම කණ්ඩායමක් නොවේ!

ආණ්ඩුව විසින් ඩයස්පෝරාවේ අපේක්ෂාවන් වෙනත් විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධන අවශ්‍යතා සමඟ මිශ්‍ර කරමින් ඉදිරිපත් කරන බව පෙනේ. එමඟින් සමාජය තුළ ඇති විය යුතු සැබෑ ප්‍රතිපත්තිමය සංවාදය වෙනත් දිශාවකට යොමු වේ.

අප පැහැදිලිව වෙන්කර හඳුනාගත යුතු කණ්ඩායම් තුනක් තිබේ.

1. ද්විත්ව පුරවැසියන් – ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය සමඟ වෙනත් රටක පුරවැසිභාවය ද හිමි පුද්ගලයන්.

2. විදේශගත පදිංචිකරුවන් – වෙනත් රටක පදිංචි වීසා හෝ වෙනත් නේවාසික අවසරයක් මත ජීවත් වන ශ්‍රී ලාංකිකයන්.

3. විදේශගත ශ්‍රමිකයන් – රැකියා සඳහා විදේශගත වී තම ශ්‍රමයෙන් උපයන ආදායමෙන් සැලකිය යුතු විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට එවන පිරිස.

මේ කණ්ඩායම් තුනේ අවශ්‍යතා, වගකීම් සහ ශ්‍රී ලංකා ආර්ථිකයට ලබාදෙන දායකත්වය එකිනෙකට වෙනස්ය.

ද්විත්ව පුරවැසියන්ගෙන් සහ විදේශගත පදිංචිකරුවන්ගෙන් රටට ලැබෙන ආයෝජන හෝ වෙනත් ආර්ථික ප්‍රතිලාභ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. එබැවින් ඔවුන්ට යම් සහනයක් ලබාදෙන්නේ නම් එය ලබාදිය යුත්තේ දේශපාලන හෝ කණ්ඩායම් පදනමකින් නොව, රටට ලබාදෙන සැබෑ දායකත්වය ඇගයීමෙනි.

විශේෂයෙන්ම රජය විසින් ඔවුන් වෙනුවෙන් ණය පහසුකම් ලබාදීමේදී හෝ එම ණය සඳහා පොලිය ගෙවීමේදී, එවැනි සහනයක් ලබාදීමට ඇති ආර්ථික හා ජාතික අවශ්‍යතාව පැහැදිලිව තහවුරු කළ යුතුය. එය හුදෙක් දේශපාලන සතුටු කිරීමේ වැඩපිළිවෙළක් නොවිය යුතුය.

අනෙක් අතට, විදේශගත ශ්‍රමිකයන්ගේ සුබසාධනය සඳහා ක්‍රියාත්මක විය යුතු රාජ්‍ය ආයතන සහ වැඩසටහන් ද්විත්ව පුරවැසියන්ගේ හෝ විදේශගත පදිංචිකරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් යොදාගැනීම සුදුසු නොවේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු අදාළ ආයතනවල ප්‍රමුඛ අවධානය යොමු විය යුත්තේ විදේශ රැකියා සඳහා පිටත්ව යන සහ විදේශ රැකියාවල නිරත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව, සුබසාධනය සහ අනාගත ආර්ථික සුරක්ෂිතතාව වෙනුවෙනි. ඔවුන්ගේ සුබසාධනය සඳහා වෙන් කරන සම්පත් සහ ලබාදෙන සහන, රටට ඔවුන් ලබාදෙන විදේශ විනිමය දායකත්වය ද සැලකිල්ලට ගනිමින් ප්‍රතිපත්තිගත කළ යුතුය.

එසේ නම් රජය සැබවින්ම කළ යුත්තේ කුමක්ද?

විදේශ ප්‍රේෂණ තුළින් ශ්‍රී ලංකාවට අපේක්ෂිත ආර්ථික ප්‍රතිලාභ ලබාගැනීමට නම්, රජය කළ යුත්තේ දේශපාලනික වශයෙන් සංවිධානාත්මක ඩයස්පෝරා කණ්ඩායම් සතුටු කිරීම නොව, විදේශ රැකියා වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට වැඩි අවස්ථා උදාකර දීමයි.

ඒ සඳහා දකුණු කොරියාවේ ක්‍රියාත්මක වන ආකාරයේ පුහුණු ශ්‍රමික සංක්‍රමණ වැඩසටහන් පුළුල් කළ යුතුය. ඊශ්‍රායලය සහ යුරෝපීය රටවල් සමඟ නිශ්චිත කාලසීමාවක්, පැහැදිලි රැකියා ගිවිසුමක් සහ ආරක්ෂිත සේවා කොන්දේසි සහිත රැකියා අවස්ථා ලබාදෙන ද්විපාර්ශ්වික ගිවිසුම් ඇතිකරගත යුතුය.

එවැනි ගිවිසුම් යටතේ විදේශගත වී නියමිත කාලය අවසන් වූ පසු නැවත මව්බිමට පැමිණෙන ශ්‍රමිකයන්ට තමන් උපයාගත් මුදල් මෙරට ආයෝජනය කිරීමට අවශ්‍ය දිරිගැන්වීම්, ණය පහසුකම් සහ ව්‍යාපාරික අවස්ථා ලබාදිය යුතුය.

අපට අවශ්‍ය වන්නේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්ද සහ දේශපාලන සහයෝගය පමණක් අපේක්ෂා කරන ආණ්ඩුවක් නොවේ. විදේශගත ශ්‍රමිකයන්ගේ දහඩිය, ශ්‍රමය සහ කැපවීමෙන් උපයන විදේශ විනිමය රටේ අනාගත ආර්ථික සංවර්ධනයට යොදාගත හැකි ප්‍රායෝගික ජාතික ප්‍රතිපත්තියකි.

ජාතික ප්‍රතිපත්ති සකස් කළ යුත්තේ ඩයස්පෝරාවේ දේශපාලන අභිලාෂයන්ට අනුව නොව, ශ්‍රී ලංකාවේ දිගුකාලීන ජාතික හා ආර්ථික අභිලාෂයන්ට අනුවය.

නීතීඥ නුවන් බැල්ලන්තුඩාව

නායක 

දේශප්‍රේමි ජාතික පෙරමුණ

සම්බන්ධිත පුවත් | Related News

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නව අයවැය යෝජනා ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට ගියහොත්, 2022 වසරේ අප්‍රේල් මස ඇතිවූ ආකාරයේ දරුණු ආර්ථික බංකොලොත්භාවයකට රට යළිත් ඇදවැටීමේ දැඩි අවදානමක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.
ජනතාව පවසන පරිදි නැවෙන් බාන ගානට ඉන්ධන ලබාදීම කළහොත් ඉන්ධන මිල ගණන් පවතින මිලටත් වඩා වැඩි මිලකට ලබාදීමට සිදුවන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි.
මත්ස්‍ය ගහණය වැඩි ප්‍රදේශ හඳුනාගැනීම සඳහා ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) නිර්මාණය කිරීම සරල කාර්යයක් නොවන බවත්, ඒ සඳහා විශාල මූල්‍ය ආයෝජනයක් සහ විශේෂිත තාක්ෂණික දැනුමක් අවශ්‍ය බවත් INORA - Institute of Ocean Resources Analysis ආයතනයේ විධායක අධ්‍යක්ෂ අයේෂ් ඉන්ද්‍රනාත් රණවක පවසයි.
ලෝකයේ පවතින න්‍යෂ්ටික අවි සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු කිරීම අරමුණු කරගනිමින්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ.
විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල හතක තානාපති ධූර හිස්ව පවතින බව වාර්තා වේ.
2027 අයවැය මගින් සංචාරක සංවර්ධන බද්ද අහෝසි කිරීමේ යෝජනාව හේතුවෙන් එම කර්මාන්තයේ සංවර්ධනයට හා ප්‍රවර්ධනයට ඉතා අහිතකර තත්ත්වයක් උද්ගත වීමේ අවදානමක් ඇති බවට සංචාරක කර්මාන්තයේ පාර්ශ්වකරුවෝ අනතුරු අඟවති.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ එම්.කේ. ශිවාජිලිංගම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ තිබේ.
වත්මන් රජය ඉදිරිපත් කර ඇති අයවැය හරහා ජනතාවට අලුත් බොරු තොගයක් පවසා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව අමෙරිකා එක්සත් ජනපදයේ ඔත්තු බැලීමේ අවශ්‍යතාවන් වෙනුවෙන් යොදාගනිමින් සිටින බවටත්, කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව ‘හදිසි මිලදී ගැනීමක්’ ලෙස හුවා දක්වමින් ඊශ්‍රායලයෙන් රුපියල් බිලියන හතරක (මිලියන 4,000ක) නියමුවන් රහිත ඩ්‍රෝන යානා මිලදී ගැනීමට ආණ්ඩුව රහසිගතව සැරසෙන බවටත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී බරපතළ චෝදනාවක් එල්ල කළේය.

ප්‍රධාන පුවත්

මාළු වැඩි තැන් හඳුනගන්න හැකි තනි තාක්ෂණික මෙවලමක් දැනට ලෝකයේ නෑ.. - ‘මාළු ඇප්’ එක සහ තාක්ෂණික යථාර්ථය ගැන INORA ආයතනය හෙළිකරයි..

මත්ස්‍ය ගහණය වැඩි ප්‍රදේශ හඳුනාගැනීම සඳහා ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) නිර්මාණය කිරීම සරල කාර්යයක් නොවන බවත්, ඒ සඳහා විශාල මූල්‍ය ආයෝජනයක් සහ විශේෂිත තාක්ෂණික දැනුමක් අවශ්‍ය බවත් INORA - Institute of Ocean Resources Analysis ආයතනයේ විධායක අධ්‍යක්ෂ අයේෂ් ඉන්ද්‍රනාත් රණවක පවසයි.

ට්‍රම්ප්ගෙන් න්‍යෂ්ටික අවි අඩු කිරීමේ නව යෝජනාවක්.. – පුටින් සහ ෂී ජින්පින් චීනයේදී ඓතිහාසික සාකච්ඡාවක..

ලෝකයේ පවතින න්‍යෂ්ටික අවි සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු කිරීම අරමුණු කරගනිමින්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ.

ඩයස්පෝරාව සතුටු කිරීමට ආණ්ඩුව ද්විත්ව පුරවැසිභාවය 'දේශපාලන ත්‍යාගයක්' ලෙස බෙදා දීමේ උත්සාහයක!.. - නීතිඥ නුවන් බැල්ලන්තුඩාවගෙන් අනාවරණයක්..

ජනාධිපතිවරයා විසින් සිය අයවැය යෝජනා මඟින් ද්විත්ව පුරවැසියන්ට සහ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට අපේක්ෂා කරන සහන සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්තිමය ස්ථාවරයක් නොමැති බවත්, එය හුදෙක් දේශපාලන ත්‍යාග ලබාදීමේ වැඩපිළිවෙළක් වී ඇති බවත් දේශප්‍රේමී ජාතික පෙරමුණේ නායක, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.

ආර්ථික වර්ධන වේගය 7%කට ගෙනෙනවා කිව්වා... ආණ්ඩුව භාරගන්නකොට 5.3%යි.. දැන් තුන්වෙනි අයවැය කියවනකොට 4.2%කට අඩු වෙලා.. අවුරුදු තුනක් ආණ්ඩු කරනකොට උද්ධමනය 8.3ට වැඩි වෙලා.. - නාමල් රාජපක්ෂ

වත්මන් රජය ඉදිරිපත් කර ඇති අයවැය හරහා ජනතාවට අලුත් බොරු තොගයක් පවසා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

2025 අයවැය යෝජනාවලින් 40%කට ආසන්න ප්‍රමාණයක් ඉටු වෙලා නැහැ.. - වෙරිටේ රිසර්ච් අනාවරණය කරයි..

2025 වසරේ අයවැය යෝජනාවලින් සියයට 40කට ආසන්න ප්‍රමාණයක් සැලකිය යුතු මට්ටමින් ක්‍රියාත්මක වී නොමැති බව වෙරිටේ රිසර්ච් ආයතනයේ නවතම ඇගයීමකින් අනාවරණය වී තිබේ.

ආණ්ඩුව විසින් භික්ෂු වේශධාරියකු යොදා ගනිමින් අනුරාධපුර භික්‍ෂු සත්‍යයක් ක්‍රියාවට පහර දීම මගින් ආණ්ඩුවේ දුෂ්ඨ බහු අරමුණු හෙළිදරව් වුණා.. - ජාතික සංවිධාන හෙළා දකී..

ලංකා ලීඩර් වෙත ජාතික සංවිධාන නියෝජනය කරමින් ප්‍රකාශයක් සිදුකළ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ අනුරාධපුර භික්‍ෂු සත්‍යයක් ක්‍රියාවට පහර දීම ආණ්ඩුව විසින් සැලසුම් සහගතව සිදුකළ ක්‍රියාවක් බවය.

අනුරාධපුර බෞද්ධ පූජා භූමියට අත තියන්න ඉඩ දෙන්නේ නැහැ.. සාමකාමී සත්‍යග්‍රහයට එල්ල කළ “පැලවත්තේ වඩුග මැර ප්‍රහාරයෙන්” ආණ්ඩුවේ මර්දනකාරී දිශානතිය හෙළිවුණා.. - විමල් වීරවංශ

අනුරාධපුර ඓතිහාසික බෞද්ධ පූජා භූමිය සම්බන්ධයෙන් ආණ්ඩුව නිකුත් කර ඇති ගැසට් නිවේදනය පිටුපස ජනතාවට හෙළි නොකළ තවත් ව්‍යාපෘති සැලැස්මක් පවතින බවට සැකයක් මතුවන බවත්, එම ව්‍යාපෘතියේ සම්පූර්ණ වාර්තාව වහාම රටට හෙළි කරන ලෙසත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

ආනයන තහනම අභියස රුසියානු පොසිල ඉන්ධන සඳහා යුරෝපා සංගමය යුරෝ බිලියන 8.7ක් වැය කරයි

රුසියානු පොසිල ඉන්ධන මත යැපීම අවසන් කරන බවට බ්‍රසල්ස් පාලකයන් නැවත නැවතත් ප්‍රකාශ කළද, රුසියාවේ ප්‍රමුඛතම ආක්ටික් ගෑස් ව්‍යාපෘතියක් වන යමාල් (Yamal) හි ප්‍රධානතම පාරිභෝගිකයා තවමත් යුරෝපා සංගමය බවට පත්ව තිබේ.

භික්ෂු සාසනය විනාශ වීමේ වගකීම නායක හිමිවරු භාරගන්න.. - සාසනය වෙනුවෙන් කිසිම පනතක් ගේන්න ලැබුනෙ නෑ.. - පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල මෑතකදී ඇති වූ උණුසුම් තත්ත්වය සහ භික්ෂූන් වහන්සේලා මුහුණ දී ඇති අභියෝග සම්බන්ධයෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියන් දැඩි අදහස් පළ කරමින් පෙන්වා දෙන්නේ වර්තමානයේ භික්ෂු සමාජය දැඩි අනාරක්ෂිතභාවයකට මුහුණ දී ඇති බවයි.

උණු උණු කැවුම් වෙනුවට දීල තියෙන්නෙ පුස්කාපු කැවුම්.. - චාමර සම්පත්... ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නෑ.. - සජිත් ප්‍රේමදාස - අයවැය ගැන පක්ෂ විපක්ෂ නියෝජිතයින් කියන කතා..

අයවැයේ ඇත්තේ පසුවට බලාපොරොත්තු වන දේවල් මිස මේ මොහොතේ විසඳුම් නොවන බවත් උණු උණු කැවුම් වෙනුවට දී ඇත්තේ පුස්කාපු කැවුම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.

අනුරාධපුර භික්ෂු සත්‍යග්‍රහයට එල්ල වූ මැර ප්‍රහාරය හෙළා දකිනවා.. - විමල් වීරවංශ

අනුරාධපුර පූජා නගරය ආශ්‍රිත ගැටලුවකට සාධාරණ විසඳුමක් ඉල්ලා සාමකාමී සත්‍යග්‍රහයක නිරත වූ භික්ෂූන් වහන්සේලාට එල්ල වූ මැර ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.

අයවැයෙන් ලැබෙන සහන.. සම්පූර්ණ අයවැය විස්තරේ මෙන්න..

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද වත්මන් රජයේ තෙවන අයවැය ලේඛනය අද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයට පත් කෙරිණි.

ඉන්දියාව, චීනය, අමෙරිකාව තරහ කරගන්නේ නැතුව අපි අපේ ගමන යනවා.. IMF එක්ක යන ගමනත් ඒ වගේ තමයි.. - ටිල්වින් සිල්වා

ජාතික ජන බලවේග රජයේ කිසිදු දේශපාලනඥයකු හෝ නිලධාරියකු යම් වරදක් සිදු කළහොත් ඔවුන් කිසිම අවස්ථාවක ආරක්ෂා කිරීමට පක්ෂයක් ලෙස හෝ රජයක් ලෙස කටයුතු නොකරන බවත්, එවැනි අවස්ථාවලදී තරාතිරම නොබලා දැඩි නීතිමය හා පක්ෂ මට්ටමින් ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.