අයවැයෙන් ලැබෙන සහන.. සම්පූර්ණ අයවැය විස්තරේ මෙන්න..
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද වත්මන් රජයේ තෙවන අයවැය ලේඛනය අද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයට පත් කෙරිණි.
ආර්ථික ස්ථායීකරණ අදියරේ සිට පරිවර්තනීය ආර්ථික වර්ධන යුගයක් කරා රට මෙහෙයවීම මූලික අරමුණ කරගත් මෙම අයවැය මඟින් රාජ්‍ය සේවක දීමනා ඉහළ නැංවීම, බදු ලිහිල් කිරීම් මෙන්ම සංවර්ධන ක්ෂේත්‍ර රැසක් වෙනුවෙන් සුවිශේෂී ප්‍රතිපාදන වෙන් කර ඇත.
1. ප්‍රධාන බදු සංශෝධන සහ ජනතාවට සහනඋපයන විට බදු නිදහස් සීමාව ඉහළට:
මෙතෙක් පැවති මසකට රුපියල් 150,000ක බදු නිදහස් සීමාව රුපියල් 162,500 දක්වා ඉහළ නංවා ඇති අතර, ඒ අනුව මසකට රුපියල් 162,500ක් දක්වා වැටුප් හා දීමනා ලබන්නන් ආදායම් බද්දෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වේ. උපරිම බදු අනුපාතය අදාළ වන සීමාව රු. 358,000 සිට රු. 433,000 දක්වා පුළුල් කර ඇත.
පොත්පත් සහ අභ්‍යාස පොත් වැට් (VAT) බද්දෙන් නිදහස්:
අධ්‍යාපන ක්ෂේත්‍රය දිරිගන්වමින් පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමා චිත්‍ර කථා සහ අභ්‍යාස පොත් මත පනවා තිබූ එකතු කළ අගය මත බද්ද (VAT) සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබේ.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල බදු පහළට:
පාරිභෝගික ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරමින් ආනයනික හාල්මැස්සන් (කිලෝවකට රු. 10 දක්වා), උම්බලකඩ (කිලෝවකට රු. 10 දක්වා) සහ වියළි මිරිස් (කිලෝවකට රු. 50කින්) මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද (SCL) පහත හෙළා ඇත. දේශීය කර්මාන්තය සුරැකීම සඳහා ආනයනික සීනි මත බද්ද කිලෝවකට රු. 10කින් ඉහළ දමා තිබේ.
2. රාජ්‍ය සේවය, විශ්‍රාම වැටුප් සහ දීමනා ඉහළටවිධායක නිලධාරීන්ගේ ප්‍රවාහන දීමනාව:
නිල රාජකාරි සඳහා පෞද්ගලික වාහන භාවිත කරන විධායක නිලධාරීන්ගේ මාසික ප්‍රවාහන දීමනාව රුපියල් 50,000 සිට රුපියල් 100,000 දක්වා දෙගුණයකින් වැඩි කර ඇත. පෞද්ගලික විදුලි වාහන භාවිත කරන නිලධාරීන්ගේ දීමනාව 150%කින් ඉහළ නංවා ඇත.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දීමනා:
වෛද්‍යවරුන්ගේ DAT දීමනාව රුපියල් 25,000කින් (රු. 70,000 සිට රු. 95,000 දක්වා) ඉහළ නංවා ඇති අතර, හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය නිලධාරීන්ගේ විශේෂ රාජකාරි දීමනාව රුපියල් 6,000 සිට 12,000 දක්වාත්, අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල දීමනාව රුපියල් 2,000 සිට 4,000 දක්වාත් ඉහළ දමා ඇත. (මෙම වැඩිවීම්වලින් 50%ක් 2027 ජූලි මස සිට ද, ඉතිරිය 2028 දී ද ගෙවනු ලැබේ).
ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ගමන් සහ කාර්යාල දීමනා:
ග්‍රාම නිලධාරීන්ගේ මාසික ගමන් වියදම් දීමනාව රු. 4,000 දක්වාත්, නගර සභා/ප්‍රාදේශීය සභා සීමාවල කාර්යාල කුලී දීමනා පිළිවෙළින් රු. 6,000 සහ රු. 4,000 දක්වාත් වැඩි කර ඇත. සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ සහකාර සහ සමෘද්ධි නිලධාරීන්ගේ දීමනා ද ඉහළ නංවා ඇත.
ත්‍රිවිධ හමුදා, පොලිස් සහ බන්ධනාගාර දීමනා:
ත්‍රිවිධ හමුදාවේ දෛනික සලාක දීමනාව නිලධාරීන් සඳහා රු. 315කින් සහ සෙසු නිලයන් සඳහා රු. 332කින් ඉහළ දමා ඇත. පොලිස් නිලධාරීන්ගේ මාසික ආහාර හා නවාතැන් දීමනාව රුපියල් 10,000කින් වැඩි වන අතර බන්ධනාගාර නිලධාරීන්ගේ මාසික අවදානම් දීමනාව රුපියල් 8,000 සිට 16,000 දක්වා 100%කින් ඉහළ නංවා තිබේ.
විශ්‍රාමිකයන්ට අතුරු දීමනාවක්:
2020 - 2024 අතර විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන් වෙනුවෙන් නව වැටුප් ව්‍යුහය යටතේ සංශෝධනය ක්‍රියාත්මක වන තෙක් 2027 ජූලි 01 සිට මාසිකව රුපියල් 2,500ක අතුරු දීමනාවක් හිමි වේ.
3. අධ්‍යාපන හා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළඅස්වැසුම සහ රෝගී දීමනා:
දුප්පත්කම පිටුදැකීම සඳහා ක්‍රියාත්මක 'අස්වැසුම' ඇතුළු සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා රුපියල් බිලියන 230ක් වෙන් කර ඇති අතර, වකුගඩු සහ ආබාධිත පුද්ගලයන්ගේ මාසික දීමනාව රුපියල් 10,000 සිට 12,500 දක්වා රුපියල් 2,500කින් ඉහළ නංවා ඇත.
ගුරු පුහුණු සහ ශිෂ්‍ය දීමනා:
විද්‍යාපීඨ ගුරු ශික්ෂණලාභීන්ගේ මාසික දීමනාව රුපියල් 10,500 සිට රුපියල් 20,000 දක්වා වැඩි කර තිබේ. පිරිවෙන්වල භික්ෂු ශිෂ්‍ය දෛනික දීමනාව රුපියල් 50 දක්වා ද, ගිහි සිසුන්ගේ දීමනාව රුපියල් 25 දක්වා ද, දහම් පාසල් ගුරු වාර්ෂික දීමනාව රුපියල් 12,500 දක්වා ද ඉහළ නංවා ඇත.
පාසල් ඩිජිටල්කරණය:
පළාත් සභා පාසල් ඇතුළු පාසල් පද්ධතිය ඩිජිටල්කරණයට, ගුරු ධාරිතා වර්ධනයට හා යටිතල පහසුකම් සඳහා රුපියල් මිලියන 35,000ක් වෙන් කර තිබේ.
4. මහා පරිමාණ සංවර්ධන හා යටිතල පහසුකම් ව්‍යාපෘතිදුම්රිය විදුත්කරණය සහ ප්‍රවාහනය:
කොළඹ තදාසන්න දුම්රිය මාර්ග තුනක් (කැලණිවැලි, ප්‍රධාන මාර්ගය සහ මුහුදුබඩ මාර්ගය) විදුත්කරණය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 80,000ක් වෙන් කර ඇත. කඳුකර හා දුෂ්කර මාර්ග සඳහා කුඩා බස් රථ 250ක් මිලදී ගැනීමට රුපියල් මිලියන 5,000ක් ද, නව දුම්රිය 5ක් මිලදී ගැනීමට රුපියල් මිලියන 5,000ක් ද වෙන් කෙරේ.
අධිවේගී මාර්ග:
මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල - ගලේවෙල කොටස සඳහා රුපියල් මිලියන 30,000ක් ද, රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව - ඉංගිරිය කොටස සඳහා රුපියල් මිලියන 27,000ක් ද, කඩවත - මීරිගම කොටස නිම කිරීමට රුපියල් මිලියන 53,450ක් ද වෙන් කර තිබේ.
ජල සම්පාදනය සහ නිවාස:
පිරිසිදු පානීය ජල සම්පාදනය වෙනුවෙන් රුපියල් බිලියන 77ක් වෙන් කර ඇති අතර, අඩු ආදායම්ලාභීන්ගේ නිවාස සඳහා ලබා දෙන ආධාරය රුපියල් ලක්ෂ 10 සිට 15 දක්වා වැඩි කරමින් 'තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්' වැඩසටහනට රුපියල් මිලියන 15,000ක් යොදවා ඇත. උතුරු-නැගෙනහිර යුද්ධයෙන් අවතැන් වූ පවුල් 13,000 නැවත පදිංචි කිරීමේ වසර දෙකක සැලැස්ම සඳහා රුපියල් මිලියන 10,000ක් වෙන් කර තිබේ.
5. කෘෂිකාර්මික හා බලශක්ති නවෝත්පාදනපොහොර සහනාධාරය:
වී වගාව මෙන්ම කුඹුරුවල වගා කරන අනෙකුත් ක්ෂේත්‍ර බෝග සඳහා ද හෙක්ටයාරයකට රුපියල් 30,000ක පොහොර සහනාධාරය අඛණ්ඩව ලබා දීමට රුපියල් මිලියන 44,000ක් වෙන් කර ඇත.
සූර්ය බලශක්තිය හා හරිත ආර්ථිකය:
සූර්ය බලශක්තිය ගබඩා කරන බැටරි සහිත පද්ධති ස්ථාපනය කරන ගෘහස්ථ පාරිභෝගිකයන්ට කිලෝවොට් එකකට රු. 25,000 බැගින් (උපරිමය රු. 250,000 දක්වා) සහනාධාර ලබා දීමට රුපියල් මිලියන 3,500ක් වෙන් කර ඇති අතර, සූර්ය බලශක්ති බැටරි සඳහා පනවා තිබූ වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බද්ද (PAL) ඉවත් කිරීමට යෝජනා කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අයවැයෙන් ලැබෙන සහන.. සම්පූර්ණ අයවැය විස්තරේ මෙන්න..
ඉන්දියාව, චීනය, අමෙරිකාව තරහ කරගන්නේ නැතුව අපි අපේ ගමන යනවා.. IMF එක්ක යන ගමනත් ඒ වගේ තමයි.. - ටිල්වින් සිල්වා
2027 අයවැය යෝජනා රැගෙන ජනපති පාර්ලිමේන්තුවට එයි..
කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට..
සෝවියට් සංගමයේ බිඳවැටීම ආදර්ශයක් කරගනිමින් රුසියාව පරාජය කිරීමට බටහිර දරන උත්සාහය නිෂ්ඵලයි.. – ෆියෝදෝර් ලුක්යානොව්
කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.. ඒක අල්ලස් ඉල්ලීමක්.. - සුනිල් හඳුන්නෙත්ති කියයි
2027 අයවැය අද පාර්ලිමේන්තුවට..
සිංහල සාහිත්‍යයේ සහ අදීන ජාතික චින්තනයේ මහා ප්‍රදීපස්තම්භය: ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ 97 වන ජන්ම දිනය අදයි..
ජනතා හඬ යටපත් කිරීමට ගෙනෙන මර්දනකාරී නීතිවලට එරෙහිව සියලු දෙනා එක්විය යුතුයි.. – ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම
අනුරාධපුර පූජා නගරය ගැන ගැසට් නිවේදනය නිකුත් වෙනකොට බෞද්ධ කියන වචනය හළනවා.. ගැසට් එකේ වක්‍රව කියන දේවල් අතිශය භයංකාරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
9වන ජනාධිපතිගෙන් 9වන ව්‍යවස්ථාව බේරා ගැනීමේ මහා අධිෂ්ඨාන පූජාව ඇරඹෙයි..
සිරසට දුන් රුපියල් මිලියන 104.6ක මුදල රාජ්‍ය අරමුදල් තමයි.. - අලි සබ්‍රි හෙළිකරන කතාව..
කොළඹ යට වුනාට බිල්ලට දෙන්නේ බැල්තසාර්ව ද?.. බිමල්ගේ අමාත්‍යංශය ගංවතුරෙන් බේරුනාද?
අරගලය පිටුපස වූ බටහිර සහ ඉන්දීය බලපෑම් ගැන ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව..
එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵලය හමුවේ ඩෙමොක්‍රටික් පක්ෂයට සහ ට්‍රම්ප් පාලනයට අභියෝග රැසක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
මිහින්තලේ කටු සෑය අභියසදී බුද්ධ ශාසනයේ සහ බෞද්ධ උරුමයේ ආරක්ෂාව වෙනුවෙන් 11 වැනි දා විශේෂ අධිෂ්ඨාන පූජාවක් සහ දේව කන්නලව්වක්..