කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට..
රුවන්වැලි සෑය අභියස ආරම්භ කර ඇති මාරාන්තික උපවාසයේ යෙදී සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට ගෙන තිබේ.
රාජාංගනයේ සද්ධාරතන නායකත්වයෙන් යුත් පිරිසක් සමඟ ඇති වූ ගැටුමකින් අනතුරුව උන්වහන්සේලාව මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත.
පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමි ඇතුළු තුන්නමක් අනුරාධපුර සත්‍යග්‍රහය භූමියේ ආරම්භ කළ මාරාන්තික උපවාසය අද දෙවැනි දිනටත් පැවැත්වුණි.
එහිදී භික්ෂූත්වයෙන් නෙරපන ලද රාජාංගණයේ සද්ධාරතන නමැත්තා ඇතුළු පිරිසක් උපවාසය පැවැත්වෙන ස්ථානයට පැමිණීමත් සමඟ දෙපිරිස අතර ගැටුමක් හටගත්තේය.
ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ පසුගියදා රාමාඤ්ඤ නිකාය මඟින් විනය පරීක්ෂණයක් පවත්වා චීවරයෙන් නෙරපූ රාජාංගණයේ සද්ධාරතන නමින් හඳුන්වාගන්නා තැනැත්තාගේ ඔළුවට පොලු ප්‍රහාරයක් එල්ලවීමෙන් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ඉන් අනතුරුව එම ස්ථානයට පොලීසිය පැමිණ කස්සප හිමි ඇතුළු පිරිස උපවාසය සිදුකළ අට්ටාලය ගලවා දැමීමට උත්සාහ කිරීමත් සමඟ යළි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අයවැයෙන් ලැබෙන සහන.. සම්පූර්ණ අයවැය විස්තරේ මෙන්න..
ඉන්දියාව, චීනය, අමෙරිකාව තරහ කරගන්නේ නැතුව අපි අපේ ගමන යනවා.. IMF එක්ක යන ගමනත් ඒ වගේ තමයි.. - ටිල්වින් සිල්වා
2027 අයවැය යෝජනා රැගෙන ජනපති පාර්ලිමේන්තුවට එයි..
කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට..
සෝවියට් සංගමයේ බිඳවැටීම ආදර්ශයක් කරගනිමින් රුසියාව පරාජය කිරීමට බටහිර දරන උත්සාහය නිෂ්ඵලයි.. – ෆියෝදෝර් ලුක්යානොව්
කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.. ඒක අල්ලස් ඉල්ලීමක්.. - සුනිල් හඳුන්නෙත්ති කියයි
2027 අයවැය අද පාර්ලිමේන්තුවට..
සිංහල සාහිත්‍යයේ සහ අදීන ජාතික චින්තනයේ මහා ප්‍රදීපස්තම්භය: ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ 97 වන ජන්ම දිනය අදයි..
ජනතා හඬ යටපත් කිරීමට ගෙනෙන මර්දනකාරී නීතිවලට එරෙහිව සියලු දෙනා එක්විය යුතුයි.. – ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම
අනුරාධපුර පූජා නගරය ගැන ගැසට් නිවේදනය නිකුත් වෙනකොට බෞද්ධ කියන වචනය හළනවා.. ගැසට් එකේ වක්‍රව කියන දේවල් අතිශය භයංකාරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
9වන ජනාධිපතිගෙන් 9වන ව්‍යවස්ථාව බේරා ගැනීමේ මහා අධිෂ්ඨාන පූජාව ඇරඹෙයි..
සිරසට දුන් රුපියල් මිලියන 104.6ක මුදල රාජ්‍ය අරමුදල් තමයි.. - අලි සබ්රි හෙළිකරන කතාව..
කොළඹ යට වුනාට බිල්ලට දෙන්නේ බැල්තසාර්ව ද?.. බිමල්ගේ අමාත්‍යංශය ගංවතුරෙන් බේරුනාද?
අරගලය පිටුපස වූ බටහිර සහ ඉන්දීය බලපෑම් ගැන ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව..
එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵලය හමුවේ ඩෙමොක්රටික් පක්ෂයට සහ ට්‍රම්ප් පාලනයට අභියෝග රැසක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
මිහින්තලේ කටු සෑය අභියසදී බුද්ධ ශාසනයේ සහ බෞද්ධ උරුමයේ ආරක්ෂාව වෙනුවෙන් 11 වැනි දා විශේෂ අධිෂ්ඨාන පූජාවක් සහ දේව කන්නලව්වක්..