2025 අයවැය යෝජනාවලින් 40%කට ආසන්න ප්‍රමාණයක් ඉටු වෙලා නැහැ.. - වෙරිටේ රිසර්ච් අනාවරණය කරයි..
2025 වසරේ අයවැය යෝජනාවලින් සියයට 40කට ආසන්න ප්‍රමාණයක් සැලකිය යුතු මට්ටමින් ක්‍රියාත්මක වී නොමැති බව වෙරිටේ රිසර්ච් ආයතනයේ නවතම ඇගයීමකින් අනාවරණය වී තිබේ.
එම ආයතනයේ Budget Promises ඇගයීමට අනුව, 2025 අයවැයේ ඉහළ වටිනාකමකින් යුත් යෝජනා 36ක් සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනයේදී ඉන් යෝජනා 14ක් එලෙස සැලකිය යුතු මට්ටමින් ක්‍රියාත්මක වී නොමැති බවයි හෙළිවී ඇත්තේ.
කෙසේ වෙතත්, 2024 වසරේදී සියයට 17ක් වූ සම්පූර්ණයෙන් ඉටු කළ අයවැය යෝජනා ප්‍රතිශතය 2025 වසරේදී සියයට 33ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර, එය 2017 වසරේ සිට වෙරිටේ රිසර්ච් ආයතනය මෙම ඇගයීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම අගය ලෙසයි සැලකෙන්නේ.
ඒ අනුව, අදාළ යෝජනා 36න් යෝජනා 15ක් සම්පූර්ණයෙන් හෝ සැලකිය යුතු මට්ටමින් ක්‍රියාත්මක කර ඇති අතර, එය සමස්තයෙන් සියයට 41කි.
2025 අයවැය පෙබරවාරි මාසයේදී ඉදිරිපත් කිරීම හේතුවෙන් යෝජනා ක්‍රියාත්මක කිරීමට සාමාන්‍ය කාලයට වඩා අඩු කාලයක් පැවතියද මෙම ප්‍රගතිය වාර්තා වී තිබීම විශේෂත්වයකි.
තවත් යෝජනා 7ක් සම්බන්ධයෙන් ප්‍රගතිය ඇගයීමට ප්‍රමාණවත් තොරතුරු නොතිබීම හේතුවෙන් ඒවා හෙළිදරව් නොකළ යෝජනා ලෙස වර්ගීකරණය කර තිබෙනවා. එය සමස්තයෙන් සියයට 19කි.
මෙම ඇගයීමට ලක්කර ඇති යෝජනා 36ම රුපියල් මිලියන 500ක් හෝ ඊට වැඩි වටිනාකමකින් යුක්ත වන අතර, ඒ සඳහා වෙන්කර තිබූ සමස්ත මුදල රුපියල් බිලියන 212ක් ලෙසද සඳහන් වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2025 අයවැය යෝජනාවලින් 40%කට ආසන්න ප්‍රමාණයක් ඉටු වෙලා නැහැ.. - වෙරිටේ රිසර්ච් අනාවරණය කරයි..
ලාෆ් ගෑස් දැවැන්ත මිල වැඩි කිරීමක.. රුපියල් 1,775කින් මිල ඉහළ දමයි..
ආණ්ඩුව විසින් භික්ෂු වේශධාරියකු යොදා ගනිමින් අනුරාධපුර භික්ෂු සත්‍යයක් ක්‍රියාවට පහර දීම මගින් ආණ්ඩුවේ දුෂ්ඨ බහු අරමුණු හෙළිදරව් වුණා.. - ජාතික සංවිධාන හෙළා දකී..
අනුරාධපුර බෞද්ධ පූජා භූමියට අත තියන්න ඉඩ දෙන්නේ නැහැ.. සාමකාමී සත්‍යග්‍රහයට එල්ල කළ “පැලවත්තේ වඩුග මැර ප්‍රහාරයෙන්” ආණ්ඩුවේ මර්දනකාරී දිශානතිය හෙළිවුණා.. - විමල් වීරවංශ
ආනයන තහනම අභියස රුසියානු පොසිල ඉන්ධන සඳහා යුරෝපා සංගමය යුරෝ බිලියන 8.7ක් වැය කරයි
භික්ෂු සාසනය විනාශ වීමේ වගකීම නායක හිමිවරු භාරගන්න.. - සාසනය වෙනුවෙන් කිසිම පනතක් ගේන්න ලැබුනෙ නෑ.. - පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි
උණු උණු කැවුම් වෙනුවට දීල තියෙන්නෙ පුස්කාපු කැවුම්.. - චාමර සම්පත්... ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නෑ.. - සජිත් ප්‍රේමදාස - අයවැය ගැන පක්ෂ විපක්ෂ නියෝජිතයින් කියන කතා..
අනුරාධපුර භික්ෂු සත්‍යග්‍රහයට එල්ල වූ මැර ප්‍රහාරය හෙළා දකිනවා.. - විමල් වීරවංශ
අයවැයෙන් ලැබෙන සහන.. සම්පූර්ණ අයවැය විස්තරේ මෙන්න..
ඉන්දියාව, චීනය, අමෙරිකාව තරහ කරගන්නේ නැතුව අපි අපේ ගමන යනවා.. IMF එක්ක යන ගමනත් ඒ වගේ තමයි.. - ටිල්වින් සිල්වා
2027 අයවැය යෝජනා රැගෙන ජනපති පාර්ලිමේන්තුවට එයි..
කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට..
සෝවියට් සංගමයේ බිඳවැටීම ආදර්ශයක් කරගනිමින් රුසියාව පරාජය කිරීමට බටහිර දරන උත්සාහය නිෂ්ඵලයි.. – ෆියෝදෝර් ලුක්යානොව්
කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.. ඒක අල්ලස් ඉල්ලීමක්.. - සුනිල් හඳුන්නෙත්ති කියයි
2027 අයවැය අද පාර්ලිමේන්තුවට..
සිංහල සාහිත්‍යයේ සහ අදීන ජාතික චින්තනයේ මහා ප්‍රදීපස්තම්භය: ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ 97 වන ජන්ම දිනය අදයි..