News Category
From Date
To Date
Maximum Number of Result

ඇමරිකන් යෝජනාව සහ රජයේ ප‍්‍රතිචාරය

Aug 5, 2026 at 06:05 PM
|

මාර්තු 27 වැනිදා ජිනීවා සමුළුවේදී සාකච්ඡුාවට සහ ඡුන්ද විමසීමට ලක්වන ඇමෙරිකානු යෝජනාවේ කෙටුම්පත මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇත. ඊට ප‍්‍රතිචාර දක්වන දෙමළ ඩයස්පෝරාව කියා සිටින්නේ ඇමෙරිකාව විසින් දෙමළ ජනතාවගේ අපේක්‍ෂා නොසලකා හැර ඇති බවයි. ඊට අමතරව සමහර රජයේ පාර්ශවද එම යෝජනාව ඔවුන් බලාපොරොත්තු වූ තරම් බරපතල නැතැයි මත පළකරමින් ඇත. නමුත් ජිනීවාහිදී රජය කටයුතු කළයුතු ආකාරය පිළිබඳව පසුගිය දිනවල රජයට උපදෙස් දුන් බෙදුම්වාදී න්‍යායචාර්්‍යවරුන් ඒ පිළිබඳව අනාවැකි පළකරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ජිනීවාහිදී ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරමින් තම මතය ඉදිරිපත් කළ ජී.එල්. පීරිස් අමාත්‍යතුමාට ඉතා තදින් දෝෂාරෝපනය කරති.

ඔවුන් චෝදනා කරන්නේ ජී.එල්. පීරිස් අමාත්‍යතුමා වෙනත් කෙනෙකු විසින් ලියාදුන් කථා පිටපතක් ජිනීවාහිදී පුනරුච්චාරණය කළ බව කියමිනි. එහෙත් එසේ එතුමාට කථාව ලියාදුනනේ් කවුරුන්ද යන වග ඔවුන් එළිදරව් කරන්නේ නැත. ඔවුන් එසේ එතුමාට චෝදනා කිරීමට හේතු රාශියක් තිබිය හැකි මුත් ප‍්‍රධාන හේතුව ලෙස පෙනෙන්නේ එතුමා ඔවුන් බලාපොරොත්තු වූවාට වඩා ඉදුරාම වෙනස් මතයක් නියෝජනය කිරීමය. එසේ වූවත් ජී.එල්. පීරිස් අමාත්‍යතුමාගේ අතීත මතවාද සහ භූමිකාව සමඟ සන්සන්දනය කිරීමේදී මෙවර ජිනීවාහිදී එතුමා ඉදිරිපත්කළ මතය එතුමාගේ නොවන බවට ඔවුන් එල්ලකරන චෝදනාව අපට පිළිගැනීමට සිදුවේ. කෙසේවෙතත් එතුමාට කථාව ලියාදුන්නේ හෝ කථාවේ අඩංගු විය යුතු දේ පිළිබඳව උපදෙස් දුන්නේ එතුමාට වඩා දේශපාලන වශයෙන් බලවත් අයෙකු බවට සැකයක් නැත.

ගරු අමාත්‍යතුමාට අද චෝදනාකරන බෙදුම්වාදී න්‍යායචාර්්‍යවරුන්ගේ උපදෙස් අනුව එතුමා තම සමුළු කථාව ඉදිරිපත්කලා නම් රජය පැත්තෙන් ඉදිරිපත් විය යුතුව තිබුනේ එක්තරා යෝජනා දෙකකින් එකකි. පළමුවැන්න ඇමෙරිකානු යෝජනාවට එරෙහිව ප‍්‍රති යෝජනාවක් ගෙනඑන බව ප‍්‍රකාශ කිරීමය. ඒ මඟින් උතුරු පළාත් සභාවට බෙදුම්වාදී බලතල ලබාදීමේ ක‍්‍රියාවලිය ඉදිරියට ගෙනයන බවට සහතිකයක් දෙන අතර දේශීයව යුධ අපරාධ යාන්ත‍්‍රණයක් සකස් කිරීම සඳහා තවදුරටත් කාලය අවශ්‍ය බවට යෝජනා කිරීමට ඉඩ සැලසේ. ඇත්තවශයෙන්ම එදා 2009 දී ඉහත කී න්‍යායචාර්යවරුන් විසින් ජිනීවා වලදී බලය බෙදීමට අදාලව පොරොන්දුවක් ලබාදී තිබුන හෙයින් තම කථාවේදී ජී.එල්. අමාත්‍යතුමාට ඉතිරි වී තිබුණේ එය තවදුරටත් තහවුරු කිරීමටය. ඊට අමතරව යුද්ධයේ අවසාන භාගයේදී යුද අපරාධ සිදුවූ බව පිළිගනිමින් ඇමෙරිකාව කියන දේ කිරීමට සහ ඒ සඳහා ඔවුන්ගේ සහය ලබාගන්නා බවට පොරොන්දු වීමට ඒ මඟින් ඉඩ සැලසේ.

දෙවැන්න හෙවත් විකල්ප යෝජනාව වන්නේ ඇමෙරිකානු යෝජනාවේ සඳහන් ප‍්‍රධාන කරුණු හෙවත් යෝජනා වලට අදාලව වෙන් වශයෙන් ඡුන්දය ඉල්ලා සිටීමය. එක්සත් ජාතීන්ගේ සංවිධාන පටිපාටි තුළ ඒ ආකාරයට යෝජනා කිහිපයක් ඉදිරිපත් වූ විට ඒවා පිළිබඳව වෙන් වශයෙන් ඡුන්ද විමසීමකට ඉඩ කඩක් ඇත. ඒ මඟින් යම් යෝජනා ප‍්‍රමාණයක් පිළිගනිමින් යම් ප‍්‍රමාණයක් ප‍්‍රතික්ක්‍ෂ්ප කිරීමට ඉඩ සැලසේ. ඒ තුලින්ද අවසානයේ ඉටුවන්නේ පළමු විකල්පයට අදාල අරමුණු බව තේරුම් ගැනීම අපහසු නැත. එනම් ජාත්‍යාන්තර විමර්ශණයකට විරුද්ධවන අතර ඊට වඩා භයානක වන ජාත්‍යන්තර බලපෑමට යටත් දේශීය යාන්ත‍්‍රණයකට හෙවත් ඒකාබද්ධ විමර්ශණයකට ඒ මඟින් ඉඩ සැලසේ.

නමුත් දෙස්-විදෙස් බෙදුම්වාදීන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ජී.එල්. අමාත්‍යතුමා විසින් ඇමෙරිකානු යෝජනාව පමණක් නොව නවනීදන් පිල්ලේගේ නිර්දේ්ශද සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ක්‍ෂ්ප කොට ඇත. ඒ මඟින් ශ‍්‍රී ලංකා රජය ඇමෙරිකානු යෝජනාවලට බාගෙට යටත්වීමට හෝ යම් අතරමැදි සමාදානයකට එළඹීමට සූදානම් නොමැති බව ස්ථීරසාරව සහ සෘජුව ප‍්‍රකාශකොට ඇත. ඊට අමතරව ශ‍්‍රී ලංකා රජය විසින් සැලසුම් සහගතව යුද අපරාධ සිදුනොකළ බවත් යම් විශේෂ චෝදනා පිළිබඳව දැනටමත් දේශීයව පරීක්‍ෂණ කරගෙන යන බවත් ප‍්‍රකාශයට පත්වී ඇත. ඒ අනුව මානව හිමිකම් සමුළුවේ උදව් ඇතිව හෝ නැතිව ඊනියා දේශීය විමර්ශන යාන්ත‍්‍රණයක් පිළිගැනීමට තමා සූදානම් නොමැති බව රජය විසින් සෘජුව ප‍්‍රකාශකොට ඇත. දැන් ජොන් කෙරීලාට සහ නවනීදන් පිල්ලේලාට ඉතිරි වී ඇත්තේ එකම විකල්පයකි. ඒ දැනට ඉදිරිපත් වී ඇති ඇමෙරිකානු යෝජනාවට උපරිම වශයෙන් සහය ලබා ගැනීමය. ඇමෙරිකාව තම යෝජනා සකස්කිරීමේදී එසේ සමාජික රටවල සහය උපරිම වශයෙන් ලබාගැනීම සඳහා ඔවුන්ගේ දුෂ්ඨ අරමුණු සාධාරණීකරනය කිරීමට යම් වචන හරඹවල යෙදී ඇති බව පැහැදිලිව පෙනේ. දෙමළ ඩයස්පෝරාව ඇමෙරිකාවට චෝදනා කරන්නේ එම වචන හරඹ වලට අදාලවය. ඔවුන් තම පහළ සාමාජිකත්වය ‘‘චූන් කිරීම’’ කිරීම සඳහා එම යෝජනා තවදුරටත් බරපතල කරන ලෙසට ඇමෙරිකාවට සහ ඉන්දියාවට බලපෑම් එල්ල කළද ඇත්ත තත්වය ඔවුන්ගේ ඉහළ නායකත්වය ඉතා හොදින් දන්වා බවට සැකයක් නැත. ඇමෙරිකානු රාජ්‍යය දෙපාර්තමේන්තුව සහ ඔත්තුසේවා දෙමළ ඩයස්පෝරාවේ ඉහළ නායකයින් සමඟ ඉතා සමීපව ගනුදෙනු පවත්වාගෙන යන බව රහසක් නොවේ.

වචන හරඹ වලින් ඇමෙරිකානු යෝජනාවේ සැර බාලකොට ඇති බව පෙනුනත් එහි සමස්ත හරය දෙස බලන විට ඒවා 2012 සහ 2013 යෝජනාවල සංවර්ධනයක් හෙවත් ඉදිරි පියවරක් බව පැහැදිලිව වටහාගත හැක. විග්නේෂ්වරන් මහ ඇමැතිවරයා සහ ටී.එන්.ඒ. නායක ආර්. සම්බන්ධන් මහතා එම යෝජනා ඉහලින්ම අඟය කරන්නේ ඒ නිසාය. එම යෝජනා මඟින් යුද අපරාධ විමර්ෂණය සඳහා මානව හිමිකම් කොමසාරිස් විසින් යාන්ත‍්‍රණයක් සකස්කළ යුතු බවට පැහැදිලිව ඉල්ලා සිටියි. එම යාන්ත‍්‍රණය ජාත්‍යාන්තර විමර්ශණයක් ලෙස මිස වෙනත් නමකින් හැදින්විය නොහැක.

එක්සත් ජාතීන්ගේ ක‍්‍රමවේද තුළ එවැනි ජාත්‍යන්තර යාන්ත‍්‍රණ 3 ක් හඳුනාගත හැක. ඉන් පළමුවැන්න යුද අපරාධ විෂය සඳහා විශේෂ බලයලත් නිළධාරීන් එක් අයෙක් හෝ කිහිපදෙනෙකු පත්කිරීමය. සූඩාන ජනාධිපති අල් බෂීර් මහතාට එල්ලවූ යුද අපරාධ චෝදනා විමර්ශණය සඳහා පත්කෙරුණේ එවැනි විශේෂ බලයලත් නිළධාරියෙකි. හැනී මෙගාලි නම් වූ එම විශේෂඥයා පසුගිය දිනවල ශ‍්‍රී ලංකාවටද පැමිණ යම් මූලික අධ්‍යනයක හෝ පරීක්‍ෂණයක යෙදුනි. ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රවීනයකු වන ඔහු ශ‍්‍රී ලංකාවට එරෙහිව විමර්ශණයක් සඳහා යොදාගැනීමට බොහෝ දුරට ඉඩ ඇත.

ජාත්‍යන්තර යුද අපරාධ විමර්ශන ක‍්‍රියාවලියක් ස්ථාපිත කළ හැකි දෙවන ක‍්‍රමය විමර්ශන කොමිසමක් පත් කිරීමය. රුවන්ඩාවට එරෙහි විමර්ශන කටයුතු ස`දහා එවැනි ව්‍යුහයක් යොදා ගැනුණි. ඊට අදාල තුන්වන ක‍්‍රමය දරුස්මාන් කමිටුව වැනි විද්වත් කමිටුවක් පත් කිරිමය. මේ වන විට ඉදිරිපත් වී ඇති ඇමෙරිකානු යෝජනාව අනුව එම ක‍්‍රමවේද ත‍්‍රිත්වයෙන් වඩාත් සුදුසු ක‍්‍රමවේදය තේරීමේ බලය මානව හිමිකම් කොමසාරිස්ට හිමිවනු ඇත. ඒ කුමන ක‍්‍රමවේදයක් අනුගමනය කලද ශ‍්‍රී ලංකාව තුළ මානව හිමිකම් කොමසාරිස්ගේ උප කාර්යාලයක් පිහිටුවා නොමැති බැවින් අදාල විමර්ශන ශ‍්‍රී ලංකාවේ භූමිය තුළ සිදු කිරීමට ඉඩක් නැත. 

කෙසේවෙතත් ඇමෙරිකානු යෝජනාවලිය තුළ ශ‍්‍රී ලංකාව විශේෂයෙන් අපේක්‍ෂා නොකළ තවත් අතුරු යෝජනා 03 ක් ඇත. පළමු අතුරු යෝජනාව මගින් ශ‍්‍රී ලංකාව විසින් අභ්‍යන්තරිකව කරනු ලබන කුමන හෝ විමර්ශන ක‍්‍රියාවලියක් හෝ ප‍්‍රතිසන්ධාන ක‍්‍රියාවලියක් අධීක්‍ෂණය කිරීමට මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට බලය ලැබේ. ඒ මගින් ශ‍්‍රී ලංකාවට සහය දීමේ මුවාවෙන් දීර්ඝකාලීනව ශ‍්‍රී ලංකාවට නිරන්තරයෙන් බලපෑම් කිරීමේ අවස්ථාව ඔවුනට ලැබේ. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සහ ඉන්දියාව ආරම්භයේ පටන්ම උත්සාහ කළේ ජාත්‍යන්තර සහය ඇතිව ශ‍්‍රී ලංකාව ලවා විමර්ශනයක් සිදු කරවීමටය. වෙනත් වචන වලින් කියනවා නම් ඊනියා ඒකාබද්ධ විමර්ශන ක‍්‍රියාවලියක් ආරම්භ කිරිමටය.

මානව හිමිකම් කාර්යාලය මගින් ඉදිරිපත් කරන ඒක පාර්ශවීයව විමර්ශන වාර්තාවකට වඩා ඒකාබද්ධ විමර්ශන වාර්තාවකටආරක්‍ෂක මණ්ඩලයේදී වැඩි සුජාතභාවයක් ලැබේ. ඒ සුජාතභාවය හෙවත් සාධාරණීකරණය වැදගත් වන්නේ අනාගතයේදී අදාල වාර්තාව ආරක්‍ෂක මණ්ඩලයට ඉදිරිපත් වන අවස්ථාවේදි චීනය සහ රුසියාව ශ‍්‍රී ලංකාවට පක්‍ෂව කොන්දේසි විරහිතව සහය දීම වැලැක්වීම ස`දහාය. ඇත්තවශයෙන්ම යුද අපරාධ විමර්ශන යාන්ත‍්‍රණයක් පිහිටුවා ගැනිම ස`දහා ඇමෙරිකාව වසර 04 ක් තිස්සේ හිස වටේ අත කරකවා නාසය අල්ලන්නේ ආරක්‍ෂක මණ්ඩලයේදී චීනය සහ  රුසියාව ශ‍්‍රී ලංකාවේ පැත්ත ගැනීම නිසාය. එසේ නොවුනා නම් සුඩානයට එරෙහිව කටයුතු කළ ආකාරයට 2009 දීම විමර්ශනයක් ආරම්භ කිරීමට ඉඩ තිබුණි. එසේ ආරක්‍ෂක මණ්ඩලය හරහා යුද අපරාධ චෝදනා ඍජුව ගෙන ඒම පමා කිරීමට හේතු වන අනෙක් හේතුව වන්නේ ඒ සියල්ලේ අවසාන අරමුණයි. එනම් ජාත්‍යන්තර බෙදුම්වාදී න්‍යාය පත‍්‍රයට ආණ්ඩුව කොටු කර ගැනීම ස`දහා කාලය සහ අවස්ථාව ලබා ගැනිමයි. එක්වරම යුද අපරාද චෝදනා ඉදිරිපත් කොට ද`ඩුවම් කළහොත් බලය බෙදීම ස`දහා කේවල් කිරිමට ඉඩක් හෝ අවස්ථාවක් ලැබෙන්නේ නැත. රජයේ යම් අමාත්‍යවරුන් පිරිසක් විසින් බලය බෙදීම කඩිනම් කිරීම මගින් යුද අපරාධ චෝදනා ලිහිල් කර ගත හැකි බවට ජනාධිපතිතුමාට යෝ්ජනා ඉදිරිපත් කරන්නේ ඊනියා යුධ අපරාධ චෝදනා සහ බෙදුම්වාදී න්‍යාය පත‍්‍රය අතර පවතින දැඩි සම්බන්ධය නිසාය.

එම තත්වය තුළ ඇමෙරිකානු යෝජනාවලියේ යුද අපරාධ විමර්ශනයට අමතරව ඉදිරිපත් වි ඇති යෝජනා තුනෙන් දෙවැන්න වන්නේ ඉන්දු-ලංකා ගිවිසුම ප‍්‍රකාර බලය බෙදීමේ ක‍්‍රියාවලිය කඩිනම් කිරීමය. ඒ අනුව ඊනියා බලය බෙදීමේ ආණ්ඩුවේ සැලසුම අධීක්‍ෂණය කිරීමටද මානව හිමිකම් කාර්යාලයට අවස්ථාව සැලසේ. ඉන්දියාවට අමතරව බහු පාර්ශවීය ආයතනයක් විසින් එවැනි බලයක් ලබා ගැනීමට ගන්නා පළමු උත්සාහය එය ලෙස හැ`දින්විය හැක. යුද්ධය පැවති කාලයේදී බෙදුම්වාදී න්‍යාය පත‍්‍රය අධීක්‍ෂණය ස`දහා සම සභාපතිවරු 04 ක් පත් කෙරුනද එය සිදුවුයේ ශ‍්‍රී ලංකා රජයේ කැමැත්ත මතය. කෙසේවෙතත් එම යෝජනාව මගින් ඇමරිකාව විසින් ඉන්දියාව වෙනුවෙන් තමිල්නාඩුව ආමන්ත‍්‍රණය කරන බව පැහැදිලිව පෙනේ.

අමතර යෝජනාවලින් තුන්වැන්න සුළු ජාතික ආගම් ඇදහීමට පවතින බාධා ඉවත් කිරිම ස`දහා කටයුතු කිරීමය. ශ‍්‍රී  ලංකාව තුළ සුළු ජාතිකත්ව විසින් තම ආගම ඇදහීමට විරුද්ධව බාධා එල්ල කිරීමේ පොදු ප‍්‍රවණතාවයක් නැත. ඔවුන් එම යෝජනාව ගෙන එන්නේ විවිධ අන්තවාදී කොටස් එකිනෙකා සම`ග නිහ`ඩ සම්මුතියකින් සිදු කළ හුදකලා සිද්ධියක් දෙකක් පදනම් කරගෙනය. පසුගිය දිනවල එක්තරා සුළු ජාතික අමාත්‍යවරයකුට එරෙහි චොදනා එල්ල වුයේ එම ඇමෙරිකානු යෝජනාවට අදාල පසුබිම සකස් කිරීම පිළිබ`දවය. ඒ අනුව මෙවර ඇමෙරිකාව විසින් යුද අපරාධ විමර්ශන යෝ්ජනාවට අමතරව තවත් යෝජනා 03 ක් ශ‍්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කොට ඇත. එසේම රජය ඒවාට වෙන් වෙන්ව පිළිතුරු දීමට නොගාස් සියල්ල එකවර සහ දැඩි ලෙස ප‍්‍රතික්‍ෂේප කිරීමද සුවිශේෂී තත්වයකි. එය ජාතික බලවේග විසින් ඉල්ලා සිටි සහ අපේක්‍ෂාකල තත්වයකි. නමුත් ඉදිරි දින කිහිපය තුළ ආණ්ඩුවේ ස්ථාවරය දියාරු කොට රජය බෙදුම්වාදී උගුල දෙසට තල්ලූ කිරීමට දෙස් විදෙස් බොහෝ බලවේග උත්සාහ කරනු ඇත.

එදා ප‍්‍රභාකරන්ගේ ආයුධ බලය පෙන්වා ශ‍්‍රී ලංකා රජය බිය වැද්දීමට කටයුතු කළ පිරිස් අද ඇමෙරිකාවේ මානව හිමිකම් ආයුධ සහ ඊනියා ආර්ථික සම්බාධක ආයුධ පෙන්වා තම අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ කිරිම අලූත් තත්වයක් නොවේ. එම නිසා එදා බලපෑම් වලට යටත් නොවු රජයක් මෙදා බලපෑම් වලට යටත්වීමට විශේෂ හේතුවක් තිබිය නොහැක. එසේ යටත්වීම මගින් ඇමෙරිකානු න්‍යාය පත‍්‍රය කිසිසේත්ම වෙනස් නොවන බව තේරුම් ගැනීමට ලෝකයේ ඔිනෑ තරම් සක්‍ෂි ඇත. රජය බාගෙට හෝ සම්පුර්ණයෙන්ම  සහ කුමන ආකාරයට යටත් වුවත් යුද අපරාධ න්‍යාය පත‍්‍රය පමණක් නොව ආණ්ඩු වෙනස් කිරීමේ න්‍යාය පත‍්‍රයද ඔවුන් අකුලා ගන්නේ නැත. එසේ වන්නේ ඉහත ස`දහන් කළ ආකාරයට ඒ න්‍යාය පත‍්‍ර දෙකම රට බෙදීමේ න්‍යාය පත‍්‍රය සම`ග ගැටගැසී ඇති බැවිනි. නමුත් රජය ජාත්‍යන්තර බෙදුම්වාදී න්‍යාය පත‍්‍රයට යටත් වනවා නම් අනෙක් න්‍යාය පත‍්‍ර දෙකම අහෝසි වන බවට කිසිදු සැකයක් නැත. කෙසේවෙතත් එසේවුවහොත් මේ රටේ ජාතික බලවේග විසින් ඒ  තුන්වන න්‍යායපත‍්‍රය හෙවත් ආණ්ඩු වෙනස් කිරීමේ න්‍යාය පත‍්‍රය ඡුන්ද බලයෙන් ක‍්‍රියත්මක කරන බවටද කිසිදු සැකයක් නැත.

ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් ආර්ථික සම්බාධක සහ වෙනත් කුමන බාධක දැමුවත් රජය ඊට එරෙහිව ජනතා බලය ඒකරාශී කරන්නේ නම් ශ‍්‍රී ලංකාව තුළ අරාබි වසන්තයක් උදාකිරිමට කිසිදු අවස්ථාවක් ලැබෙන්නේ නැත. බටහිරයන් විසින් ’’ වසන්තය’’ උදා කළ සෑම රටකම එසේ කළ හැකි වුයේ අභ්‍යන්තර මහජන නැගිටීම්  මුල් කර ගෙනය. නමුත් අද මේ මොහොතේ අප පසුකරමින් සිටින්නේ ලෝක දේශපාලනය තුළ ඇමෙරිකානු බලහත්කාරයට යටත්වීමේ ප‍්‍රවනතාවය ආපසු හරවන යුගයකි. යුකරේනය සහ සිරියාව ආශ‍්‍රිතව පමණත් නොව වැනිසියුලාව ආශ‍්‍රිතවද සිදුවෙමින් පවතින්නේ එයයි. ප‍්‍රශ්නය ඇත්තේ ජනතාව පෙළ ගැස්වීම ස`දහා අවශ්‍යය විශ්වාසය අවංකව දිනා ගැනීම ස`දහා රජයට උපාය මාර්ගික වැඩපිලිවෙලක් නොමැතිවීම තුළය.


වෙද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර



සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාතයාංශය නිකුත් කල නවතම වාර්තාවකට අනුව කොටි සංවිධානය ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තය ඇතුළු දකුණු ඉන්දියානු ප‍්‍රදේශ මුල්කරගෙන නැවත වටයකින් සංවිධානය වෙමින් ඇත. ඒ නිසා ඉන්දියානු රජය එම සංවිධානයට
මාර්තු මස ජිනීවාහිදි පැවැත්වෙන 22 වැනි මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කරන බව මේ වන විට නිවේදනය කොට ඇත. නමුත් එවැනි තීන්දුවකට පසුව ශ‍්‍රී ලංකාවේ මහජනතාව අතර ප‍්‍රබල ඉනන්දියානු විරෝධ
’’ අධිරාජ්‍යවදී කුලී හමුදාවක් සහමුලින්ම විනාශ කොට රටක් නිදහස් කර ගැනීම පිළිබඳ ශ‍්‍රී ලාංකික ජාතිය ලෝකයේ ප‍්‍රමුඛතම ජාතියක් ලෙස ඉතිහාස ගත වනු ඇත. එසේම එවැනි වු මහා ජයග‍්‍රහණයකට පිටුපස හැරවු ජාතියක් ලෙසද අප ඉතිහාසගත වනු ඇත. ’’
මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකානු තානාපති ලෙස පත්කොට ඇති ඩොනෙහියු නැමැති කාන්තාව පසුගිය දා මාධ්‍යයට ඉතා උද්දච්ච ප‍්‍රකාශයක් කලාය. ඇගේ ප‍්‍රකාශයේ සැබෑ සිංහල තේරුම අනුව ඇය කියන්නේ ශ‍්‍රී ලංකාව යෝජනාව ගෙන එ්මට පෙර හිස
පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වූ හේතුවක් සොයාගත නොහැකි වකුගඩු රෝගයට අදාල විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව බැලූ බැල්මට හේතු කිහිපයක් නිසා සුවිශේෂී විය. පළමුවැන්න එය විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත්
පසුගිය 16 වැනිදාට යෙදුනු ලෝක ආහාර දිනය සමරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර සුරක්‍ෂිතතා සතියක් ප‍්‍රකාශයට පත්කොට ඇත. ඔවුන් එහිදී ආහාර සුරක්‍ෂිතාව :ත්‍දදා ීැජමරසඑහ* පිළිබඳව කථාකලත් ඔවුන්ගේ අවධානයට ලක්වන්නේ ආහාර වල සෞඛ්‍ය ආරක්‍ෂාව :ත්‍දදා ී්එැඑහ* පමණී. ඇත්තවශයෙන්ම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර පිළිබඳව කුමක් කථාකලත් ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය විමසා බැලීමේදී පැහැදිලිව පෙනී යන දෙයක් ඇත. ඒ ඔවුනට ආහාර ආරක්‍ෂාව, ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණය අතර පවතින සමාජ-ආර්ථික, දේශපාලන හෝ සංස්කෘතික සහ පාරසරික සහ-සම්බන්ධතාවයන් පිළිබඳව ගැඹුරු අවබෝධයක් නොමැති බවය.
ඇමෙරිකාවේ දැන උගත් ජනතාව අන්දුන් කුන්දුන් කරමින් 2012 මාර්තු 16 වැනිදා ඉතා වැදගත් ලේඛනයකට ඒ රටේ ජනාධිපති බරක් ඔබාමා විසින් අත්සන් තැබිනි. එම ලේඛනය හැදින්වෙන්නේ ‘‘ විධායක නියෝගය ’’ යන තාක්‍ෂණික නාමයෙනි. ඒ මගින් ඔහුගේ බලයලත් ලේකම්වරුන්ට සමස්ථ රටම යුද වාතාවරණයක තැබීම සඳහා අවශ්‍ය සියළු බලතල ලබා දී ඇත. ඒ අනුව අනාගතයේදී ඕනෑම දවසක ඇමෙරිකාවේ රාජ්‍ය සහ පුද්ගලික සමාගම් සතු දේපල සහ මහජනයා සතු දේපල මෙන්ම රටේ පොදු සම්පත් යුද්ධය
පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇතිකල ආසනික් විරෝධී සටන ශ‍්‍රී ලංකාවේ මිනිස් ජීවිත වලට සහ පරිසරයට ආදරය කරන මිනිස්සුන්ට පරාජය අත්පත් කර දෙමින් අවසන් වී ඇත. එ් අනුව සමාගම් හිතවාදී සහ එ් නිසාම ආසනික් හිතවාදී වු න්ලධාරී ත‍්‍රන්තය
පහත පළකෙරෙන අතිගරු ජනාධිපතිතුමාට යොමුකෙරෙන ලිපියෙන් ඉල්ලා සිටින පරිදී රජරට වකුගඩු රෝගය පාලනය කිරීමට අදාල මූලික පියවරක් ලෙස කෘෂි රසායන භාවිතය පාලනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් එම අමාත්‍යාංශයේ

ප්‍රධාන පුවත්

කැකිරාවේ සුදස්සන හිමි නිකායෙන් නෙරපයි..

සම්ප්‍රදායික ථේරවාදී බුදුදහමේ මූලධර්ම මෙන්ම අටුවා විග්‍රහයන්ට පටහැනි අදහස් සමාජගත කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා විභාග කිරීමෙන් අනතුරුව, කැකිරාවේ සුදස්සන හිමියන්ගේ නිකායික සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝ සභාව තීරණය කර ඇති බව වාර්තා වේ.

කොටියා කියපු අර්ච්චුනා එදා හිටියේ කාත් එක්ක ද?.. ජනාධිපතිවරණයේ දී තමන්ට සහාය දෙනකොට අර්ච්චුනා මරු.. අද කොටියා වෙලා.. - විමල් වීරවංශ

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් පොහොට්ටුවේ අනුරාධපුර රැලියට සම්බන්ධවීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් මාධ්‍යවේදියකු සිදුකළ ප්‍රශ්න කිරීමේ දී විමල් වීරවංශ මහතා පවසන්නේ අර්ච්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරණයේ දී සහාය ලබාදුන්නේ වර්තමාන ජනාධිපතිවරයාට බවය.

ඉන්දියාව සමඟ අත්සන් කළ භයානක ගිවිසුම.. "මෙතෙක් ඉතිහාසයේ මෙවැනි ගිවිසුමක් අත්සන් කර නෑ" - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තබා ඇති නවතම ගිවිසුම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් දැඩි අනතුරු ඇඟවීමක් සිදුකරයි.

කාගම හාමුදුරුවෝ සුදා ඇන්දුවා ද?.. සුදා කාගම හාමුදුරුවන්ව ඇන්දුවා ද?..

පසුගිය කාලයේ ජනතාවට තෝරාගැනීමක් නැතිවූ තැන ජනතා විමුක්ති පෙරමුණ බලයට ගෙන ඒමට තෝරාගත් බවත්, එයත් දැන් නරියෙක් රජවුනා හා සමාන දෙයක් බවට පත්ව ඇති බවත් කාගම සිරිනන්ද හිමි ධර්ම දේශනාවකදී පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

ෆේස්බුක් සටහනකින් ආගමික අපහාසයක් සිදුකළා යැයි සෞදියේදී ලාංකිකයෙකුට මරණ දඬුවම..

ආගමික අපහාසයක් සිදු කළ බවට චෝදනා කරමින් සෞදි අරාබියේදී අත්අඩංගුවට ගෙන මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයාගේ ජීවිතය බේරාගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් උපරිම මැදිහත්වීමක් සිදු කරමින් සිටින බව රජය පවසයි.

"ත්‍රස්තවාදීන් නොව සැමරිය යුත්තේ රටට සේවය කළ බුද්ධිමතුන්.. තිලීපන්ගේ ප්‍රතිමාව වහාම ඉවත් කරන්න".. - අරුන් සිද්ධාර්ථ්

යාපනය, නල්ලූර් ප්‍රදේශයේ, 2026 සැප්තැම්බර් 15 වන දින ඉදිකරන ලද එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයෙකු වූ තිලීපන්ගේ ප්‍රතිමාව වහාම ඉවත් කරන ලෙසත්, එය ස්ථාපිත කිරීමට වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් සර්වජන බලය යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ථ් මහතා රජයෙන් ඉල්ලා සිටී.

තිලීපන්ගේ ප්‍රතිමාවලින් හෙළි වන්නේ ඩයස්පෝරා සම්මුතියයි.. අර්ජුනා “කොටියා” වුණේ වේදිකාව මාරු කළ නිසාද..? - විමල් වීරවංශ

වත්මන් ආණ්ඩුව නීතිය කාටත් පොදුයි කියා පැවසුවද, උතුරු නැගෙනහිර දෙමළ බෙදුම්වාදී අන්තවාදයට සහ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමට පූර්ණ නිදහස ලබා දෙමින් දකුණේ දේශපාලන ප්‍රතිවාදීන් දඩයම් කිරීමේ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි. අද 18 පෙරවරුවේ බත්තරමුල්ල පිහිටි ජාතික නිදහස් පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී වීරවංශ මහතා මෙම අදහස් පළ කළේය.

චන්ද්‍රයා මත යුද්ධයකට සූදානම් වෙමින්ද?.. ඇමරිකාව චන්ද්‍ර කක්ෂය වෙඩි බෙහෙත් ගබඩාවක් බවට පත් කිරීමට සැරසෙයි..

පෘථිවිය මත පැවති කඳවුරු දෙකේ ගැටුම්කාරී පැරණි පිටපත, චන්ද්‍රයා ආශ්‍රිත අභ්‍යවකාශය තුළ ද ඇමරිකාව විසින් යළි ක්‍රියාත්මක කරමින් සිටී.

රුසියාවෙන් තෙල් ගන්නා ඉන්දියාව හා චීනය ඇතුළු රටවලට 100%ක බද්දක් පැනවීමට අමෙරිකාව සැරසෙයි..

රුසියාවෙන් බොරතෙල් සහ ගෑස් මිලදී ගන්නා රටවල් සඳහා සියයට 100ක් දක්වා වූ දැවැන්ත තීරුබදු පැනවීමට සහ රුසියාවට එරෙහිව සම්බාධක දැඩි කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පුළුල් බලතල ලබා දෙන නව පනත් කෙටුම්පතක් අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

"කියුබාව බිඳවැට්ටවීමට ඇමෙරිකාව දරන උත්සාහය කිසිදා සාර්ථක වන්නේ නැහැ".. - කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Carlos Fernandez De Cossio

එක්සත් ජනපදය විසින් පනවා ඇති දැඩි ආර්ථික හා බලශක්ති සම්බාධක හමුවේ කියුබාවේ දෛනික ජන ජීවිතය සහ සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයකට ලක්ව තිබුනද කියුබාව බිඳවැට්ටවීමට ඇමෙරිකාව දරන උත්සාහය කිසිදා සාර්ථක නොවන බව කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Carlos Fernandez De Cossio මහතා පවසයි.

ඇමරිකාවේ ඩීසල් මිල අඛණ්ඩව දෙවැනි දිනයටත් ඉහළට ! ඉතිහාසයේ ඉහළම අගය බව විශ්ලේෂකයෝ පවසති !

ඇමරිකාවේ ඩීසල් වල සාමාන්‍ය මිල අඛණ්ඩව දෙවැනි දිනයටත් නව සර්වකාලීන ඉහළම අගයක් වාර්තා කරමින්, ගැලුමකට ඩොලර් 6.31ක් (ලීටර් 3.8ක් පමණ) හෙවත් ඩීසල් ලීටරයක් අමෙරිකානු ඩොලර් 1.67 දක්වා ඉහළ ගොස් ඇති බව, ඊයේ(16) දිනයේදී ජාත්‍යන්තර විශ්ලෙෂකයන් විසින් ඇමරිකානු මෝටර් රථ සංගමයේ (AAA ) දත්ත අධ්‍යයනය කිරීමෙන් පසුව පවසා ඇතැයි වාර්තා වේ.

රජ්ජුරුවන්ගේ කරඬුව ඉවත් කර අලුතින් දළදා කරඬුවක් ආදේශ කිරීම සුදුසුද?.. - අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී හිමියන්ගෙන් විශේෂ අදහස් දැක්වීමක්..

උත්තරීතර අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී, අතිපූජ්‍ය බලපිටියේ සිරි සීවලී නායක හිමිපාණන් වහන්සේ විසින් ශ්‍රී දළදා වහන්සේගේ කරඬුව වෙනස් කිරීම සම්බන්ධයෙන් විශේෂ අදහස් දැක්වීමක් සිදුකර තිබේ.

2/3ක බලයක් ලැබුනු කිසිදු ආණ්ඩුවක් සම්පූර්ණ ධුර කාලය ඉඳල නෑ.. - උවිඳු විජේවීර

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) බලයක් ලබාගත් කිසිදු ආණ්ඩුවකට තමන්ගේ සම්පූර්ණ ධුර කාලය සම්පූර්ණ වන තෙක් බලයේ රැඳී සිටීමට නොහැකි වී ඇති බව 'දෙවන පරපුර' පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා පවසයි.

බොරු කියන එක ආත්මගත ක්‍රියාවක් බවට පත්වෙලා.. - වත්මන් ආණ්ඩුවේ දේශපාලන භාවිතාව හා රටේ ඉදිරි දිශානතිය ගැන විමල් වීරවංශගෙන් අනාවරණයක්..

ජාතික නිදහස් පෙරමුණේ නායක සහ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් දේශපාලන තත්ත්වය සහ ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් ගමන්මඟ පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කරයි.

එයාර් බස් ගනුදෙනුවට නාමල් රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව..

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධියට අදාල සැකකරුවන් සම්බන්ධයෙන් නිතිපති උපදෙස් ලැබී ඇති බැවින් අදාල චෝදනා ප්‍රමාදයකින් ‍තොරව ගොනු කරන බව නිතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ ඊයේ (16) ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.