අනුරාධපුර භික්ෂු සත්‍යග්‍රහයට එල්ල වූ මැර ප්‍රහාරය හෙළා දකිනවා.. - විමල් වීරවංශ
අනුරාධපුර පූජා නගරය ආශ්රිත ගැටලුවකට සාධාරණ විසඳුමක් ඉල්ලා සාමකාමී සත්‍යග්‍රහයක නිරත වූ භික්ෂූන් වහන්සේලාට එල්ල වූ මැර ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, මෙම ප්‍රහාරය ආණ්ඩුවේ අනුග්‍රහය ලබන මැර කණ්ඩායම් විසින් පොලිසියේ සහාය ඇතිව සිදු කළ බවට එල්ල වන බරපතළ චෝදනා, රටේ නීතියේ ආධිපත්‍යය හා ප්රජාතන්ත්රවාදී නිදහස පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු තත්ත්වයක් බවයි.
සාමකාමීව විරෝධය පළ කිරීමේ අයිතිය ආණ්ඩුවකට හෝ කිසිදු බලධාරියෙකුට මැර බලයෙන් යටපත් කළ නොහැකි බව පෙන්වා දෙන වීරවංශ මහතා, රටේ ආගමික හා සංස්කෘතික උරුමය සම්බන්ධයෙන් හඬ නඟන මහා සංඝරත්නයට එරෙහිව මෙවැනි ප්රචණ්ඩත්වයක් එල්ල වීම කිසිසේත් අනුමත කළ නොහැකි බව අවධාරණය කරයි.
තවද, නීතිය හා සාමය ආරක්ෂා කිරීමට බැඳී සිටින පොලිසිය ප්රචණ්ඩත්වය වැළැක්වීම වෙනුවට ඊට අනුබල දී ඇත්නම්, එමඟින් රාජ්‍ය ආයතනවල අපක්ෂපාතීත්වය හා මහජන විශ්වාසය බරපතළ ලෙස පළුදු වන බවද ඔහු සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ.
මහා සංඝරත්නයේ සාධාරණ හඬට මැර බලයෙන් පිළිතුරු දීම ප්රජාතන්ත්රවාදී සමාජයක පිළිගත නොහැකි ක්‍රියාවක් බව සඳහන් කරන ජාතික නිදහස් පෙරමුණේ නායකයා, මෙම ප්‍රහාරය හුදෙක් භික්ෂූන් වහන්සේලාට එරෙහි ප්රචණ්ඩත්වයක් පමණක් නොව සමස්ත සමාජයේම ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්වලට එල්ල වූ බරපතළ තර්ජනයක් බව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2025 අයවැය යෝජනාවලින් 40%කට ආසන්න ප්‍රමාණයක් ඉටු වෙලා නැහැ.. - වෙරිටේ රිසර්ච් අනාවරණය කරයි..
ලාෆ් ගෑස් දැවැන්ත මිල වැඩි කිරීමක.. රුපියල් 1,775කින් මිල ඉහළ දමයි..
ආණ්ඩුව විසින් භික්ෂු වේශධාරියකු යොදා ගනිමින් අනුරාධපුර භික්ෂු සත්‍යයක් ක්‍රියාවට පහර දීම මගින් ආණ්ඩුවේ දුෂ්ඨ බහු අරමුණු හෙළිදරව් වුණා.. - ජාතික සංවිධාන හෙළා දකී..
අනුරාධපුර බෞද්ධ පූජා භූමියට අත තියන්න ඉඩ දෙන්නේ නැහැ.. සාමකාමී සත්‍යග්‍රහයට එල්ල කළ “පැලවත්තේ වඩුග මැර ප්‍රහාරයෙන්” ආණ්ඩුවේ මර්දනකාරී දිශානතිය හෙළිවුණා.. - විමල් වීරවංශ
ආනයන තහනම අභියස රුසියානු පොසිල ඉන්ධන සඳහා යුරෝපා සංගමය යුරෝ බිලියන 8.7ක් වැය කරයි
භික්ෂු සාසනය විනාශ වීමේ වගකීම නායක හිමිවරු භාරගන්න.. - සාසනය වෙනුවෙන් කිසිම පනතක් ගේන්න ලැබුනෙ නෑ.. - පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි
උණු උණු කැවුම් වෙනුවට දීල තියෙන්නෙ පුස්කාපු කැවුම්.. - චාමර සම්පත්... ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නෑ.. - සජිත් ප්‍රේමදාස - අයවැය ගැන පක්ෂ විපක්ෂ නියෝජිතයින් කියන කතා..
අනුරාධපුර භික්ෂු සත්‍යග්‍රහයට එල්ල වූ මැර ප්‍රහාරය හෙළා දකිනවා.. - විමල් වීරවංශ
අයවැයෙන් ලැබෙන සහන.. සම්පූර්ණ අයවැය විස්තරේ මෙන්න..
ඉන්දියාව, චීනය, අමෙරිකාව තරහ කරගන්නේ නැතුව අපි අපේ ගමන යනවා.. IMF එක්ක යන ගමනත් ඒ වගේ තමයි.. - ටිල්වින් සිල්වා
2027 අයවැය යෝජනා රැගෙන ජනපති පාර්ලිමේන්තුවට එයි..
කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට..
සෝවියට් සංගමයේ බිඳවැටීම ආදර්ශයක් කරගනිමින් රුසියාව පරාජය කිරීමට බටහිර දරන උත්සාහය නිෂ්ඵලයි.. – ෆියෝදෝර් ලුක්යානොව්
කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.. ඒක අල්ලස් ඉල්ලීමක්.. - සුනිල් හඳුන්නෙත්ති කියයි
2027 අයවැය අද පාර්ලිමේන්තුවට..
සිංහල සාහිත්‍යයේ සහ අදීන ජාතික චින්තනයේ මහා ප්‍රදීපස්තම්භය: ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ 97 වන ජන්ම දිනය අදයි..