News Category
From Date
To Date
Maximum Number of Result

ඉනියවන් සහ ජාතියේ හෘදසාක්ෂිය

Aug 5, 2026 at 06:15 PM
|

’’ අධිරාජ්‍යවදී කුලී හමුදාවක් සහමුලින්ම විනාශ කොට රටක් නිදහස් කර ගැනීම පිළිබඳ ශ‍්‍රී ලාංකික ජාතිය ලෝකයේ ප‍්‍රමුඛතම ජාතියක් ලෙස ඉතිහාස ගත වනු ඇත. එසේම එවැනි වු මහා ජයග‍්‍රහණයකට පිටුපස හැරවු ජාතියක් ලෙසද අප ඉතිහාසගත වනු ඇත. ’’


’’අප ජාතියක් ලෙස ලේ ගංගාවකින් පිහිනා එතෙර වුයෙමු. එම ලේ ගංගාවේ සිහල, දෙමළ, මුස්ලිම් සියලූ ජාතිකත්වයන්ට අයත් වු මිනිසුන්ගේ මළ මිනී දහස් ගණන් පාවී යනු අපි දුටුවෙමු. එහෙත් දැන් අප අපගේ ලේ තැවරුණු ඇදුම් උනා දමා කිසිවක් සිදු නොවු විලසින් විසිතුරු ඇදුම් ආයිත්තම් වලින් සැරසී පැරණි පාරේම ’’ අලූත් ’’ ගමනක් ආරම්භ කොට ඇත්තෙමු.’’


ඒ උපුටා ගැනීම් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් පශ්චාත් යුධ සමය තුළ ජාතියේ ගමන පිළිබඳව අදහස් පල කරන ලද ලිපි ලේඛන සමඟ බැඳේ. යුද්ධයෙන් පසුව ගෙවී ගිය වසර 3 ක කාලය පිළිබඳව ජාතික ව්‍යාපාරයේ ප‍්‍රභල භූමිකම්පාවක් ඉටු කරන සංවිධානයක් ලෙස අප සතුටු නොවන බව ප‍්‍රසිද්ධියේ කියා සිටීමට අපි මැලිනොවෙමු. ඉතා සරලව කියන්නේ නම් අප රටේ දීර්ඝ ඉතිහාසය තුළ  ගෙවී ගිය මහා අදුරු සමයකට පසුව උදා වු සුවිශේෂී ස්වර්ණමය අවස්ථාව අප දැනුවත්ව හෝ නොදැනුවත්ව අත් හැර දමා ඇත. ඒ වරදට අදාලව ඉතිහාසය අපට කෙසේ දඩුවම් කරනු ඇත්දැයි අපි නොදනිමු. එහෙත් දඩුවම් කරන බව නම් ඉර හඳ සේ විශ්වාස බව කිවයුතුව ඇත.


ඉනියවන් චිත‍්‍රපටය අපගේ හෘද සාක්ෂියට යම් අභියෝ්ගයක් කරන්නේ අප ඉහත සඳහන් කළ අකාරයේ මනෝභාවයක පසුවන නිසා විය යුතුය. චිත‍්‍රපටයේ නිර්මාණ අයිතිය දරණ අසෝක හඳගම මහතාගේ ප‍්‍රකාශය අනුව එතුමා එවැනි චිතපටයක් නිර්මාණය කරන්නේ තමාගේම හෘද සාක්ෂියේ පීඩනය නිසාය. එසේ වුවත් හඳගම මහතා කියන්නේ තමා අද සිටින්නේද එදා සිටි යුධ විරෝධී ස්ථාවරයේම බවය. කුරිරු යුද්ධය පිලිබඳව ශ‍්‍රී ලංකික ජාතිය බොහෝ අත්දැකීම් ලබා ඇත. ඒ නිසා සිහි බුද්ධිය ඇති කිසිදු මිනිසෙකු කැමැත්තෙන්් යුද්ධයක් ඉල්ලනු ඇතැයි අපට පිළිගත නොහැක. යුද්ධය ඉල්ලා සිටියේ බෙදුම්වාදී ත‍්‍රස්තවාදී ව්‍යාපාරයක් විසිනි. එයට යම් ජන පදනමක් තිබුණද එය කිසිසේත්ම ජාතික විමුක්ති ව්‍යාපාරයක් ලෙස හැදින්විය නොහැක. 


වසර සියගණනක බටහිර අධිරාජ්‍යවාදී කූඨ මෙහෙයුමකට ජාතියක් ලෙස අප ගොදුරු වු නිසා බෙදුම්වාදී කුලී ත‍්‍රස්ත ව්‍යාපාරයකට ජන පදනමක් ඇති කර ගැනීමට අවස්ථාව පෑදුනි. ඒ කුරිරු මිලෙච්ජ බෙදුම්වාදී යුද්ධයට විරුද්ධ වු පිරිස් පුළුල් වශයෙන් කණ්ඩායම් දෙකක් ලෙස හදුනාගත හැක. පළමුවැන්න බලහත්කාරයෙන් භූමිය දෙකට කිරීම සඳහා වු යුද්ධයට එරෙහිව දියත් කෙරුණ ප‍්‍රති යුද්ධයට විරුද්ධවන පිරිසයි. ඔවුන් ආරම්භක බෙදුම්වාදී යුද්ධයට විරුද්ධව බරපතල විරෝධයක් පෙන් වුයේ නැත. ඔවුන්ගේ අප‍්‍රකාශිත යෝජනාව වුයේ යුද්ධය නවත්වා ආයුධ සන්නද්ධ පිරිසකට ’’ සාමකාමීව’’  බලය බෙදාදී රට බෙදීම සඳහා ආරම්භක පියවර තබන ලෙසය. දෙවැනි පිරිස යනු යුද්ධය නිවැරදිව සිදු කොට හැකි ඉක්මනින් ජයගැනීම මගින් එය අවසන් කළ යුතු යයි කියා සිටි පිරිසයි. අප අයත් වන්නේ ඒ දෙවන පිරිසටයි. බොහෝ විට හඳගම මහතා දැනුවත්ව හෝ නොදැනුවත්ව නියෝජනය කළේ පළමු පිරිස යයි අපි විශ්වාස කරමු. කෙසේ වෙතත් හඳගම මහතා ඉනියවන් චිත‍්‍රපටය මගින් මේ පසුබිම් කරුණු අතපත ගෑමටවත් උත්සාහ කරන්නේ නැත.

නමුත් ඒ කුරිරු යුද්ධයෙන් (යුද්ධයේ කුරිරු බව පිළිබඳව අප අතර විවාදයක් නොමැති බව පැහැදිලිය* ජීවිතය ගලවාගත්් බෙදුම්වාදී ත‍්‍රස්තවාදී සටන්කරුවකු නැවත සමාජගත වීමේදී යුද්ධයේ පීඩාවෙන් හෙම්බත් වි තැලි පොඩි වී ඔද්දල්වී ඇති සමාජයක් ඊට දක්වන ප‍්‍රතිචාර සිනමාරූපීව ඉතා ප‍්‍රබලව හඳගමයන් විසින් ඉදිරිපත් කරයි. ඒ මගින් ඔහු ජාතියේ හෘද සාක්ෂිය අවදි කිරීමට ප‍්‍රශස්ථ උත්සාහයක් ගෙන ඇත.  දේශහිතෛෂී ජාතික ව්‍යෘපාරය විසින් රජයට ඉදිරිපත් කළ යෝජනාවලියක සඳහන්වු කරුණු කිහිපයක් නැවත මතක් කිරීම මගින් හඳගමයන් විසින් අද මතු කරන ප‍්‍රශ්න වලට මීට වසර තුනකට පෙර උත්තර සෙවීමට අප යම් උත්සාහයක් ගත් බවට සාක්ෂි ඉදිරිපත් කළ හැක. එහෙත් ඒ මගින් පමණක් අපට හෘද සාක්ෂියෙන් ගැලවිය නොහැකි බවට සැකයක් නැත.


එදා අප කියා සිටියේ උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශවල ධරිද්‍රතාවයෙන් පෙළුණු ගම් බිම් වල ජීවත් වු අහිංසක කුලහීන තරුණ තරුණියන් ප‍්‍රභාකරන් නැමැති කුරිරු අධිරාජ්‍යවාදී කුලී හේවායා විසින් මිනිස් බෝම්බ බවට පත් කළ බවය. ඒ නිසා අප යෝජනා කළේ මරාගෙන මැරෙන බෝම්බ බවට පත්වු ශ‍්‍රී ලාංකීය දු දරුවන්ගේ දෙමාපියන්ට සංකේතාත්මකව හෝ වන්දියක් ගෙවිය යුතු බවය. එසේම දකුණේ සිංහල, දෙමළ මුස්ලිම් සියලූ මිනිසුන්ගේ අහිංසක දායකත්වයෙන් උතුරේ මිනිසුන්ගේ ගෙවල් දොරවල් නැවත සාදා දිය යුතු බව අපි කියා සිටියෙමු. එහිදී කිසිවකුට වගකීමෙන් මීදීමට ඉඩ නොදී සියලූ දේශපාලන පක්ෂ කොටු කර ගත හැකිවන ලෙස ආණ්ඩුව වගකීමෙන් සහ පරිත්‍යාගශීලීව කටයුතු කළ යුතු බවද අපි කියා සිටියෙමු.


එපමණක් නොව එදා සුනාමියෙන් විනාශවු දකුණේ දුම්රිය මාර්ගය ප‍්‍රතිිසංස්කරණය කළ ආකාාරයට උතුරු දිග දුම්රිය මාර්ගයද නැවත ගොඩනගා ඒ දුම්රිය මාර්ගය උතුරු - දකූණු සහෝදරත්වයේ පාළම බවට පත් කිරීම සඳහා සවිස්තරාත්මක ව්‍යාපෘති වාර්තාද අපි ඉදරිපත් කළෙමු. එහෙත් උතුරු වසන්තය නැමැති දේශපාලන සංදර්ශනයේ ඝෝෂාවට අපගේ හඩ යටපත් විය. පාරවල් හදා කොමිස් ගැනීමට ප‍්‍රමුඛත්වය හිමි වුවද පුනරුත්තාපනය වන සටන්කරුවන්ට රැකියා උත්පාදනය කිරීම සඳහා කිසිදු උපාය මාර්ගික සැලසුමක් රජයේ පැත්තෙන් ඉදිරිපත් නොවීය. අනෙකුත් දේශපාලන පක්ෂද, විශේ්ෂයෙන්ම දෙමළ ජාතික සන්ධානය ඒ සඳහා කිසිදු හඩක් නැගුවේ නැත. ඒ අද උතුර පත්වී ඇති තත්වයට පත්වීම දේශපාලන වශයෙන් වාසි සහගත බව ඔවුන් එදා කල්පනා කළ නිසා බවට යමෙකුට අවශ්‍ය නම් තර්කයක් ඉදිරිපත් කළ හැක.


හඳගමයන් ඉතා සරලව පෙන්වාදෙන ආකාරයට නැවත ජීවිතය අරඹන සටන්කරුවාට උතුරු වසන්තයෙන් වසන්තයක් උදාවන්නේ නැත. ඔවුනට රක්ෂා ලබාදීමට කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව සහ පරන්තන් රසායන කර්මාන්ත ශාලාව නැවත ඉදි වුයේ නැත. උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශවල වසා දැමුණු මහා පරිමාණ රජයේ ගොවිපළ සියල්ල නැවත විවෘත වුයේ හෝ පුළුල් වුයේද නැත. එසේම කන්තලේ සීනි කර්මාන්ත ශාලාව නැවත වැඩ ආරම්භ කළේ නැත. මඩකලපුවේ, අම්පාරේ හෝ වව්නියාවේ කිරිී ගොවියාගේ කිරි  මිළදී ගැනීම සඳහා කිරි පිටි කර්මාන්තශාලා විවෘත වුයේද නැත.


ඒ සියල්ලටම වඩා ඔවුන් ස්වාධීනව රජයෙන් කිසිදු උදව්වක් නැතිව වගා කරන මිදි, අල හෝ් ලූණු වලට හොඳ මිලක් ලබා දීමට හෝ රජයෙන් මැදිහත් වීමක් සිදුවන්නේ නැත. අදත් අඩු මිළට පිටරටින් ආනයනය කරන එම ද්‍රව්‍ය වලට දෙන සහන යාපනයේ ගොවියාට ලැබෙන්නේ නැත. මේ වරදවා ගැනීම් ලැයිස්තුව තව බොහෝ දිගු කළ හැක. එහෙත් ඒ මගින් රජයට හෝ ඇමතිවරයකුට දොස් පවරා ඇඟ බේරා ගැනීමට කිසිදු ශ‍්‍රී ලාංකික පුරවැසියෙකුට අයිතියක් නැත.


හඳගමයන් ගත් ජාතියෙන් අසන්නේ කැනඩාවෙන් එන ඩොලර් වලින් උපදින නව පාදඩ ධනපති පැලැන්තියක ගොදුරු බවට පත්වන ’’ පුනරුත්තාපනය’’  වු යාපනයේ තරුණයා හෙට දිනයේ කුමක් කරනු ඇතිද යන ප‍්‍රශ්නයයි. මේ අවසාන පැයේදී හෝ ජාතිය ඔහුගේ ප‍්‍රශ්නයට සංවේදී නොවන්නේ නම් හෙට දිනයේදී ජාතිවාදී දෙමළ ජාතික සන්ධානය සහ විදේශීය දෙමළ ඩයස්පෝරාව විසින් ඔවුන් නැවත වතාවක් කුලී සටන්කරුවන් බවට පත් කරන බවට කිසිදු සැකයක් නැත.


වෙද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර


සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාතයාංශය නිකුත් කල නවතම වාර්තාවකට අනුව කොටි සංවිධානය ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තය ඇතුළු දකුණු ඉන්දියානු ප‍්‍රදේශ මුල්කරගෙන නැවත වටයකින් සංවිධානය වෙමින් ඇත. ඒ නිසා ඉන්දියානු රජය එම සංවිධානයට
මාර්තු මස ජිනීවාහිදි පැවැත්වෙන 22 වැනි මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කරන බව මේ වන විට නිවේදනය කොට ඇත. නමුත් එවැනි තීන්දුවකට පසුව ශ‍්‍රී ලංකාවේ මහජනතාව අතර ප‍්‍රබල ඉනන්දියානු විරෝධ
මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකානු තානාපති ලෙස පත්කොට ඇති ඩොනෙහියු නැමැති කාන්තාව පසුගිය දා මාධ්‍යයට ඉතා උද්දච්ච ප‍්‍රකාශයක් කලාය. ඇගේ ප‍්‍රකාශයේ සැබෑ සිංහල තේරුම අනුව ඇය කියන්නේ ශ‍්‍රී ලංකාව යෝජනාව ගෙන එ්මට පෙර හිස
මාර්තු 27 වැනිදා ජිනීවා සමුළුවේදී සාකච්ඡුාවට සහ ඡුන්ද විමසීමට ලක්වන ඇමෙරිකානු යෝජනාවේ කෙටුම්පත මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇත. ඊට ප‍්‍රතිචාර දක්වන දෙමළ ඩයස්පෝරාව කියා සිටින්නේ ඇමෙරිකාව විසින් දෙමළ ජනතාවගේ අපේක්‍ෂා නොසලකා හැර ඇති බවයි. ඊට අමතරව සමහර රජයේ පාර්ශවද එම යෝජනාව ඔවුන් බලාපොරොත්තු වූ තරම් බරපතල නැතැයි මත පළකරමින් ඇත. නමුත් ජිනීවාහිදී රජය කටයුතු කළයුතු ආකාරය පිළිබඳව පසුගිය දිනවල රජයට උපදෙස් දුන් බෙදුම්වාදී න්‍යායචාර්්‍යවරුන් ඒ පිළිබඳව අනාවැකි පළකරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ජිනීවාහිදී ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරමින් තම මතය ඉදිරිපත් කළ ජී.එල්. පීරිස් අමාත්‍යතුමාට ඉතා තදින් දෝෂාරෝපනය කරති.
පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වූ හේතුවක් සොයාගත නොහැකි වකුගඩු රෝගයට අදාල විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව බැලූ බැල්මට හේතු කිහිපයක් නිසා සුවිශේෂී විය. පළමුවැන්න එය විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත්
පසුගිය 16 වැනිදාට යෙදුනු ලෝක ආහාර දිනය සමරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර සුරක්‍ෂිතතා සතියක් ප‍්‍රකාශයට පත්කොට ඇත. ඔවුන් එහිදී ආහාර සුරක්‍ෂිතාව :ත්‍දදා ීැජමරසඑහ* පිළිබඳව කථාකලත් ඔවුන්ගේ අවධානයට ලක්වන්නේ ආහාර වල සෞඛ්‍ය ආරක්‍ෂාව :ත්‍දදා ී්එැඑහ* පමණී. ඇත්තවශයෙන්ම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර පිළිබඳව කුමක් කථාකලත් ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය විමසා බැලීමේදී පැහැදිලිව පෙනී යන දෙයක් ඇත. ඒ ඔවුනට ආහාර ආරක්‍ෂාව, ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණය අතර පවතින සමාජ-ආර්ථික, දේශපාලන හෝ සංස්කෘතික සහ පාරසරික සහ-සම්බන්ධතාවයන් පිළිබඳව ගැඹුරු අවබෝධයක් නොමැති බවය.
ඇමෙරිකාවේ දැන උගත් ජනතාව අන්දුන් කුන්දුන් කරමින් 2012 මාර්තු 16 වැනිදා ඉතා වැදගත් ලේඛනයකට ඒ රටේ ජනාධිපති බරක් ඔබාමා විසින් අත්සන් තැබිනි. එම ලේඛනය හැදින්වෙන්නේ ‘‘ විධායක නියෝගය ’’ යන තාක්‍ෂණික නාමයෙනි. ඒ මගින් ඔහුගේ බලයලත් ලේකම්වරුන්ට සමස්ථ රටම යුද වාතාවරණයක තැබීම සඳහා අවශ්‍ය සියළු බලතල ලබා දී ඇත. ඒ අනුව අනාගතයේදී ඕනෑම දවසක ඇමෙරිකාවේ රාජ්‍ය සහ පුද්ගලික සමාගම් සතු දේපල සහ මහජනයා සතු දේපල මෙන්ම රටේ පොදු සම්පත් යුද්ධය
පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇතිකල ආසනික් විරෝධී සටන ශ‍්‍රී ලංකාවේ මිනිස් ජීවිත වලට සහ පරිසරයට ආදරය කරන මිනිස්සුන්ට පරාජය අත්පත් කර දෙමින් අවසන් වී ඇත. එ් අනුව සමාගම් හිතවාදී සහ එ් නිසාම ආසනික් හිතවාදී වු න්ලධාරී ත‍්‍රන්තය
පහත පළකෙරෙන අතිගරු ජනාධිපතිතුමාට යොමුකෙරෙන ලිපියෙන් ඉල්ලා සිටින පරිදී රජරට වකුගඩු රෝගය පාලනය කිරීමට අදාල මූලික පියවරක් ලෙස කෘෂි රසායන භාවිතය පාලනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් එම අමාත්‍යාංශයේ

ප්‍රධාන පුවත්

කැකිරාවේ සුදස්සන හිමි නිකායෙන් නෙරපයි..

සම්ප්‍රදායික ථේරවාදී බුදුදහමේ මූලධර්ම මෙන්ම අටුවා විග්‍රහයන්ට පටහැනි අදහස් සමාජගත කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා විභාග කිරීමෙන් අනතුරුව, කැකිරාවේ සුදස්සන හිමියන්ගේ නිකායික සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝ සභාව තීරණය කර ඇති බව වාර්තා වේ.

කොටියා කියපු අර්ච්චුනා එදා හිටියේ කාත් එක්ක ද?.. ජනාධිපතිවරණයේ දී තමන්ට සහාය දෙනකොට අර්ච්චුනා මරු.. අද කොටියා වෙලා.. - විමල් වීරවංශ

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් පොහොට්ටුවේ අනුරාධපුර රැලියට සම්බන්ධවීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් මාධ්‍යවේදියකු සිදුකළ ප්‍රශ්න කිරීමේ දී විමල් වීරවංශ මහතා පවසන්නේ අර්ච්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරණයේ දී සහාය ලබාදුන්නේ වර්තමාන ජනාධිපතිවරයාට බවය.

ඉන්දියාව සමඟ අත්සන් කළ භයානක ගිවිසුම.. "මෙතෙක් ඉතිහාසයේ මෙවැනි ගිවිසුමක් අත්සන් කර නෑ" - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තබා ඇති නවතම ගිවිසුම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් දැඩි අනතුරු ඇඟවීමක් සිදුකරයි.

කාගම හාමුදුරුවෝ සුදා ඇන්දුවා ද?.. සුදා කාගම හාමුදුරුවන්ව ඇන්දුවා ද?..

පසුගිය කාලයේ ජනතාවට තෝරාගැනීමක් නැතිවූ තැන ජනතා විමුක්ති පෙරමුණ බලයට ගෙන ඒමට තෝරාගත් බවත්, එයත් දැන් නරියෙක් රජවුනා හා සමාන දෙයක් බවට පත්ව ඇති බවත් කාගම සිරිනන්ද හිමි ධර්ම දේශනාවකදී පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

ෆේස්බුක් සටහනකින් ආගමික අපහාසයක් සිදුකළා යැයි සෞදියේදී ලාංකිකයෙකුට මරණ දඬුවම..

ආගමික අපහාසයක් සිදු කළ බවට චෝදනා කරමින් සෞදි අරාබියේදී අත්අඩංගුවට ගෙන මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයාගේ ජීවිතය බේරාගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් උපරිම මැදිහත්වීමක් සිදු කරමින් සිටින බව රජය පවසයි.

"ත්‍රස්තවාදීන් නොව සැමරිය යුත්තේ රටට සේවය කළ බුද්ධිමතුන්.. තිලීපන්ගේ ප්‍රතිමාව වහාම ඉවත් කරන්න".. - අරුන් සිද්ධාර්ථ්

යාපනය, නල්ලූර් ප්‍රදේශයේ, 2026 සැප්තැම්බර් 15 වන දින ඉදිකරන ලද එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයෙකු වූ තිලීපන්ගේ ප්‍රතිමාව වහාම ඉවත් කරන ලෙසත්, එය ස්ථාපිත කිරීමට වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් සර්වජන බලය යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ථ් මහතා රජයෙන් ඉල්ලා සිටී.

තිලීපන්ගේ ප්‍රතිමාවලින් හෙළි වන්නේ ඩයස්පෝරා සම්මුතියයි.. අර්ජුනා “කොටියා” වුණේ වේදිකාව මාරු කළ නිසාද..? - විමල් වීරවංශ

වත්මන් ආණ්ඩුව නීතිය කාටත් පොදුයි කියා පැවසුවද, උතුරු නැගෙනහිර දෙමළ බෙදුම්වාදී අන්තවාදයට සහ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමට පූර්ණ නිදහස ලබා දෙමින් දකුණේ දේශපාලන ප්‍රතිවාදීන් දඩයම් කිරීමේ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි. අද 18 පෙරවරුවේ බත්තරමුල්ල පිහිටි ජාතික නිදහස් පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී වීරවංශ මහතා මෙම අදහස් පළ කළේය.

චන්ද්‍රයා මත යුද්ධයකට සූදානම් වෙමින්ද?.. ඇමරිකාව චන්ද්‍ර කක්ෂය වෙඩි බෙහෙත් ගබඩාවක් බවට පත් කිරීමට සැරසෙයි..

පෘථිවිය මත පැවති කඳවුරු දෙකේ ගැටුම්කාරී පැරණි පිටපත, චන්ද්‍රයා ආශ්‍රිත අභ්‍යවකාශය තුළ ද ඇමරිකාව විසින් යළි ක්‍රියාත්මක කරමින් සිටී.

රුසියාවෙන් තෙල් ගන්නා ඉන්දියාව හා චීනය ඇතුළු රටවලට 100%ක බද්දක් පැනවීමට අමෙරිකාව සැරසෙයි..

රුසියාවෙන් බොරතෙල් සහ ගෑස් මිලදී ගන්නා රටවල් සඳහා සියයට 100ක් දක්වා වූ දැවැන්ත තීරුබදු පැනවීමට සහ රුසියාවට එරෙහිව සම්බාධක දැඩි කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පුළුල් බලතල ලබා දෙන නව පනත් කෙටුම්පතක් අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

"කියුබාව බිඳවැට්ටවීමට ඇමෙරිකාව දරන උත්සාහය කිසිදා සාර්ථක වන්නේ නැහැ".. - කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Carlos Fernandez De Cossio

එක්සත් ජනපදය විසින් පනවා ඇති දැඩි ආර්ථික හා බලශක්ති සම්බාධක හමුවේ කියුබාවේ දෛනික ජන ජීවිතය සහ සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයකට ලක්ව තිබුනද කියුබාව බිඳවැට්ටවීමට ඇමෙරිකාව දරන උත්සාහය කිසිදා සාර්ථක නොවන බව කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Carlos Fernandez De Cossio මහතා පවසයි.

ඇමරිකාවේ ඩීසල් මිල අඛණ්ඩව දෙවැනි දිනයටත් ඉහළට ! ඉතිහාසයේ ඉහළම අගය බව විශ්ලේෂකයෝ පවසති !

ඇමරිකාවේ ඩීසල් වල සාමාන්‍ය මිල අඛණ්ඩව දෙවැනි දිනයටත් නව සර්වකාලීන ඉහළම අගයක් වාර්තා කරමින්, ගැලුමකට ඩොලර් 6.31ක් (ලීටර් 3.8ක් පමණ) හෙවත් ඩීසල් ලීටරයක් අමෙරිකානු ඩොලර් 1.67 දක්වා ඉහළ ගොස් ඇති බව, ඊයේ(16) දිනයේදී ජාත්‍යන්තර විශ්ලෙෂකයන් විසින් ඇමරිකානු මෝටර් රථ සංගමයේ (AAA ) දත්ත අධ්‍යයනය කිරීමෙන් පසුව පවසා ඇතැයි වාර්තා වේ.

රජ්ජුරුවන්ගේ කරඬුව ඉවත් කර අලුතින් දළදා කරඬුවක් ආදේශ කිරීම සුදුසුද?.. - අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී හිමියන්ගෙන් විශේෂ අදහස් දැක්වීමක්..

උත්තරීතර අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී, අතිපූජ්‍ය බලපිටියේ සිරි සීවලී නායක හිමිපාණන් වහන්සේ විසින් ශ්‍රී දළදා වහන්සේගේ කරඬුව වෙනස් කිරීම සම්බන්ධයෙන් විශේෂ අදහස් දැක්වීමක් සිදුකර තිබේ.

2/3ක බලයක් ලැබුනු කිසිදු ආණ්ඩුවක් සම්පූර්ණ ධුර කාලය ඉඳල නෑ.. - උවිඳු විජේවීර

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) බලයක් ලබාගත් කිසිදු ආණ්ඩුවකට තමන්ගේ සම්පූර්ණ ධුර කාලය සම්පූර්ණ වන තෙක් බලයේ රැඳී සිටීමට නොහැකි වී ඇති බව 'දෙවන පරපුර' පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා පවසයි.

බොරු කියන එක ආත්මගත ක්‍රියාවක් බවට පත්වෙලා.. - වත්මන් ආණ්ඩුවේ දේශපාලන භාවිතාව හා රටේ ඉදිරි දිශානතිය ගැන විමල් වීරවංශගෙන් අනාවරණයක්..

ජාතික නිදහස් පෙරමුණේ නායක සහ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් දේශපාලන තත්ත්වය සහ ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් ගමන්මඟ පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කරයි.

එයාර් බස් ගනුදෙනුවට නාමල් රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව..

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධියට අදාල සැකකරුවන් සම්බන්ධයෙන් නිතිපති උපදෙස් ලැබී ඇති බැවින් අදාල චෝදනා ප්‍රමාදයකින් ‍තොරව ගොනු කරන බව නිතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ ඊයේ (16) ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.