ඇමරිකානු යෝජනාව ජාත්‍යන්තර යුධ අපරාධ විමර්ශණ යාන්ත‍්‍රණයක්ම තමයි.
මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකානු තානාපති ලෙස පත්කොට ඇති ඩොනෙහියු නැමැති කාන්තාව පසුගිය දා මාධ්‍යයට ඉතා උද්දච්ච ප‍්‍රකාශයක් කලාය. ඇගේ ප‍්‍රකාශයේ සැබෑ සිංහල තේරුම අනුව ඇය කියන්නේ ශ‍්‍රී ලංකාව යෝජනාව ගෙන එ්මට පෙර හිස නමා පිලිගන්නේ නැති නම් යෝජනාව ගෙනාවාට පසුව දණ ගහන්න වෙන බවයි. ඇමරිකානු ජනතාවගේ පරමාධිපත්‍යය නියෝජනය කරන දේශපාලඥයෙකු එසේ කීවා නම් අපට හිත හදාගත හැක. මේ සුළු නිලධාරිනියගේ උඩගු ප‍්‍රකාශය පිලිබඳව ශ‍්‍රී ලංකාව විරෝධය පල නොකිරීම බලවත් වරදකි. එය ඉතා පැහැදිලිවම බලහත්කාරය යෙදවීමක් මිස අන් යමක් නොවේ. ඊට පෙර බේලේක්-ඔටේරෝ දෙපළද ලංකාවට පැමිණ මුට්ටියක් දමා බැලූවේ ශ‍්‍රී ලංකාව යටත් වන මානසිකත්වයක සිටිනවාද කියාය. තම සුළු නිලධාරීන් ලවා තර්ජනය කරවීමට ඔවුන් පෙළඹෙන්නේ දැන් ඔවුන්ට නිරුවත්ව නැටීම හැර අන් විකල්පයක් නැති නිසාය.
ඔවුන්ගේ යෝජනාව ඉතා ගැඹුරින් විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ ඔවුන් තම මූලික ස්ථාවරය වෙනස් කොට එක් වරම මරාගෙන මැරෙන ස්ථාවරයකට ගොස් සිටින බවයි. ජාත්‍යන්තර දේශපාලන විෂ්ලේෂකයින් මුල්වටයේදී උපකල්පනය කලේ ඇමරිකාව පියවර දෙකකින් තම යටත් කිරීමේ ක‍්‍රියාන්විතය දියත්කරනු ඇති බවයි. එනම් පලමුව ශ‍්‍රී ලංකාව ලවාම ඊනියා විමර්ෂණයක් කරවන අතරම උගත් පාඩම් කොමිසමේ නාමයෙන් බලය බෙදීමේ යෝජනා ඉදිරිපත් කරවීමයි. එහිදී ශ‍්‍රී ලංකා ආන්ඩුව යටත් නොවන්නේ නම් දෙවනුව ජාත්‍යන්තර යුධ අපරාධ විමර්ශණයක් අවශ්‍ය බවට යෝජනාවක් ගෙන එ්ම ඔවුන්ගේ බලාපොරොත්තුව විය. නමුත් දැන් ආන්ඩුව දැඩි ප‍්‍රතිපත්තිමය ස්ථාවරයක සිටින බව පෙන්වා ඇති බැවින් පලමු යෝජනාව තුලටම ජාත්‍යන්තර විමර්ෂණ ක‍්‍රියාවලියකට අවශ්‍ය යෝජනාවද ඉතා සුක්‍ෂමව ඇතුල් කොට ඇත.
මේ වන විට සංශෝධනය කොට ඇති ඇමරිකානු යෝජනාවට සුවිශේෂී වගන්තියක් එක්කොට ඇත. ට්‍රෝජන් අශ්වයා ඇත්තේ එනැනය. තුන්වැනි වගන්තිය ලෙස ඉදිරිපත්කොට ඇති යෝජනාවෙන් කියවෙන්නේ ශ‍්‍රී ලංකාව විසින් උගත් පාඩම් කොමිසමේ නිර්දේශ සහ යුධ අපරාධ විමර්ශණ ක‍්‍රියාවලියට අදාලව ක‍්‍රියාත්මක කලයුතු බව කියන යාන්ත‍්‍රණය විමර්ෂණය සහ අධීක්‍ෂණය කිරීම සඳහා මානව හිමිකම් කොමිසමට බලය ලැබෙන බවයි. එහි තවත් සුවිශේෂී යාන්ත‍්‍රණයක් පිලිබඳව වගන්තියක් ඇත. ඉන් කියවෙන්නේ එසේ අධීක්‍ෂණය කිරීමේ බලය විශේෂ ක‍්‍රමවේද අධිකාරී බලයලත් පුද්ගලයින්ටද ලැබෙන බවයි. බළලා සැගව ඇත්තේ එතැනය. තවම ඌ මල්ලෙන් එලියට පැන්නේ නැත. එයට හේතුව මෙම වගන්තිය එක්තරා ආකාරයකට සාමාන්‍ය හෝ අහිංසක වගන්තියක් ලෙස පෙනෙන ලෙස ඉතා සූක්‍ෂම ඇතුල් කොට තිබීමයි.
විගේෂ ක‍්‍රමවේද අධිකාරී බලයලත් තැනත්තන් ඉටුකරන සුවිශේෂී ක‍්‍රියාපට්පාටියක් මානව හිමිකම් කවුන්සිලයේ පරිපාලන යාන්ත‍්‍රනය තුල ඇත. මේ පුද්ගලයන් ආකාර දෙකකට පත් කෙරේ. එක් ආකාරයක් වන්නේ මානව හිම්කම් කඩවීම් වලට අදාල සුවිශේෂී තේමාවන් නියෝජනය කරමින් සමාජික රටවල ඊට අදාල කටයුතු සොයා බැලීමයි. දෙවන ආකාරය වන්නේ යම් රටකට විශේෂි වන ආකාරයට කරනු ලබන පත් කිරීමයි. ශ‍්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් හෙහෙයුම සඳහා පත්කෙරෙන්නේ එ් දෙවැනි ආකාරයේ බලයලත් තැනැත්තන්ය. එ් තැනැත්තන්ද ආකාර දෙකකට පත්කෙරේ. එහිදී අවශ්‍ය නම් විද්වත් පුද්ගලයකු තනි ස්වාධීන නියෝජිතයෙතු ලෙස කල හැක. එසේ නැතහොත් ලෝකයේ කලාප 5 නියෝජනය වන ලෙස පුද්ගලයින් පස් දෙනෙකුලෙන් සමන්විත කමිටුවක් පත්කල හැක. බොහෝවිට ශ‍්‍රී ලංකාවට එරෙහිව අත පෙවීම සඳහා එවැනි පස් දෙනෙකුගේ කමිටුවක් පත් කිරීමට ඉඩ ඇත.
දැනට ඉදිරිපත් වී ඇති ඇමරිකානු යෝජනාව සම්මත වුවහොත් එ් මගින් ඉහත සඳහන් කල විශේෂ ක‍්‍රමවේද බලයලත් පුද්ගලයන් පත්කිරීමේ බලය මානව හිමිකම් කවුන්සිලයට ලැබේ. එහිදී වෙනත් යෝජනාවක් මගින් එම පුද්ගලයන්ට ක‍්‍රියත්මක විම සඳහා බල පරාසය සහ අධිකාරී බලයේ සොභාවය නිර්දේශ කෙරෙනු ඇත. මීට පෙර සුඩානයේ මානව හිමිකම් කඩවීඹ පිලිබදව සොයාබැලීම සඳහා එවැනි විශේෂ ක‍්‍රමවේද බලයලත් තැනැත්තු පත් කොට ඇත. එම රටේ ජනාධිපති අල් බෂීර් මහතාට විරුද්ධව යුධ අපරාධ චෝදනා එල්ල කිරීමට අවශ්‍ය වාර්තා ලබාගන්නේ එම බලධාරියා මගිනි.
මෙවැනි බලධාරියකු රටකට ඇතුල්වීම සඳහා අවසර ඉල්ලූ විට වීසා ලබාදීමට රටවල් බැදී සිටිති. බොහෝ අවස්ථාවල එ් සඳහා ඔවුන්ට දීර්ඝ කාලීන වීසා ඉල්ලා සිටිය හැක. අදාල රටේ රාජ්‍යයෙන් හෝ යම් විමර්ෂණ කටයුත්තකට පත්කොට ඇති විශේෂ කොමිසමකින් කරුණු විමසීමේ බලය ඔවුන්ට ලැබේ. එසේම සුවිශේෂී තනි පැමිනිල්ලක් පිලිබදව වුවත් කරුණු විමර්ෂණය කිරීමට ඔවුන්ට බලය ඇත. එ් පමණක් නොව ලංකාවට අදාලව බන්කිමුන් විසින් පත්කල විද්වත් කමිටුවේ සඳහන් පැමිණිලි වලින් තෝරාගත් පැමිණිලි ප‍්‍රමාණයක් හෝ සියල්ල සඳහා විමර්ෂණ කිරීමටද එම බලයලත් තැනැත්තාට බලය ලැබේ. එ්වා වැලැක්වීමට හෝ ඊට බාධා පැමිණවීමට අදාල රටේ රජයට බලයක් නැත. මෙසේ පත්කෙරෙන පුද්ගලයන්ට මානව හිමිකම් කවුන්සිලයෙන් වැටුප් ගෙවන්නේ නැත. එසේම ඔවුන් ස්වාධීන පුද්ගලයින් ලෙස හැදින්වේ. එ් අනුව දෙමළ ඩයස්පෝරාවෙන් වැටුප් ලබාගන්නා එන්.ජී. ඕ. කුලීකරුවකු මේ බලයලත් තැනැත්තා ලෙස පත්වීම් ලැබීමට බොහෝ ඉඩ ඇත. එ් අනුව ඉතා පැහැදිලිවම 23 දා සම්මත වීමට නියමිත යෝජනාව ජාත්‍යන්තර යුධ අපරාධ විමර්ෂණ ක‍්‍රියාවලියක් ආරම්භ කිරීම සඳහා බලය ලැබෙන ඉතා භයානක යෝජනාවකි.
නමුත් එහි භයානක කම මේ වනතුරු සමාජගත වී නැත. එයට ප‍්‍රධාන හේතුවක් වන්නේ ශ‍්‍රී ලංකික නියෝජිත කණ්ඩායම එ් දුෂ්ඨ රාජතාන්ත‍්‍රික උගුල පිලිබඳව සංවාදයක් හෝ විරොධයක් ආරම්භ නොකිරීමයි. එයට හේතුව පැහැදිලි නැත. කෙසේ වෙතත් ආන්ඩුවේ නියෝජිතයින් පරස්පර විරොධී ද්වත්ව උපායමාර්ගයක් භාවිතාකල බවද පෙනෙන්නට ඇත. ජී.එල්. පීරීස් ඇමතිවරයා දීර්ඝකාලීන දේශපාලන ප‍්‍රතිපත්තිමය ස්ථාවරයක් මත පිහිටා ‘‘රටේ අභ්‍යන්තර ප‍්‍රශ්නයකට අදාලව බාහිර පාර්ශවයකින් ඉදිරිපත් වන යොජනා පිලිබඳව කථා කල නොහැක’’ යන තර්කය ඉදිරිපත් කලේය. එය ඉතා තර්කානුකූල වන අතර ඉදිරියේදී ඇතිවන බලපෑම් කිරීම් ක‍්‍රියාවලියට ප‍්‍රතිචාර දැක්වීම සඳහා ද එම ස්ථාවරයම භාවිතා කල හැක. නමුත් මහින්ද සමරසිංහ අමාත්‍යවරයා තාක්‍ෂණික ප‍්‍රවේශයක් ගනිමින් පුද්ගලික සම්බන්ධතා ගොඩනගමින් යෝජනාවේ සැර බාල කිරීමේ ප‍්‍රවේශයක් ගත් බව පෙනේ. දැන් අවසාන යෝජනාව දෙස බලන විට ජී.එල්. පීරිස් අමාත්‍යවරයාගේ ස්ථාවරය මත පිහිටා ඉදිරි පියවර ගතයුතු බව පෙනේ. එ් අනුව යෝජනාව සම්මත වීමට පෙරත් එය ප‍්‍රතික්ෂේප කලයුතු අතර සම්මත වුවාට පසුවත් එය ප‍්‍රතික්ෂේප කල යුතුය. එසේම මේ යෝජනාව ආන්ඩුවට එරෙහි යෝජනාවක් ලෙස නොව මහජනයාට එරෙහි යෝජනාවක් ලෙස සලකා මහජන මතය අනුව කටයුතු කිරීමේ ප‍්‍රවේශයක් ගැනීමද බුද්ධි ගෝචර වනු ඇත.
වසන්ත බණ්ඩාර
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
කැකිරාවේ සුදස්සන හිමි නිකායෙන් නෙරපයි..
කොටියා කියපු අර්ච්චුනා එදා හිටියේ කාත් එක්ක ද?.. ජනාධිපතිවරණයේ දී තමන්ට සහාය දෙනකොට අර්ච්චුනා මරු.. අද කොටියා වෙලා.. - විමල් වීරවංශ
ඉන්දියාව සමඟ අත්සන් කළ භයානක ගිවිසුම.. "මෙතෙක් ඉතිහාසයේ මෙවැනි ගිවිසුමක් අත්සන් කර නෑ" - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කාගම හාමුදුරුවෝ සුදා ඇන්දුවා ද?.. සුදා කාගම හාමුදුරුවන්ව ඇන්දුවා ද?..
ෆේස්බුක් සටහනකින් ආගමික අපහාසයක් සිදුකළා යැයි සෞදියේදී ලාංකිකයෙකුට මරණ දඬුවම..
"ත්‍රස්තවාදීන් නොව සැමරිය යුත්තේ රටට සේවය කළ බුද්ධිමතුන්.. තිලීපන්ගේ ප්‍රතිමාව වහාම ඉවත් කරන්න".. - අරුන් සිද්ධාර්ථ්
තිලීපන්ගේ ප්‍රතිමාවලින් හෙළි වන්නේ ඩයස්පෝරා සම්මුතියයි.. අර්ජුනා “කොටියා” වුණේ වේදිකාව මාරු කළ නිසාද..? - විමල් වීරවංශ
චන්ද්‍රයා මත යුද්ධයකට සූදානම් වෙමින්ද?.. ඇමරිකාව චන්ද්‍ර කක්ෂය වෙඩි බෙහෙත් ගබඩාවක් බවට පත් කිරීමට සැරසෙයි..
රුසියාවෙන් තෙල් ගන්නා ඉන්දියාව හා චීනය ඇතුළු රටවලට 100%ක බද්දක් පැනවීමට අමෙරිකාව සැරසෙයි..
"කියුබාව බිඳවැට්ටවීමට ඇමෙරිකාව දරන උත්සාහය කිසිදා සාර්ථක වන්නේ නැහැ".. - කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Carlos Fernandez De Cossio
ඇමරිකාවේ ඩීසල් මිල අඛණ්ඩව දෙවැනි දිනයටත් ඉහළට ! ඉතිහාසයේ ඉහළම අගය බව විශ්ලේෂකයෝ පවසති !
රජ්ජුරුවන්ගේ කරඬුව ඉවත් කර අලුතින් දළදා කරඬුවක් ආදේශ කිරීම සුදුසුද?.. - අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී හිමියන්ගෙන් විශේෂ අදහස් දැක්වීමක්..
2/3ක බලයක් ලැබුනු කිසිදු ආණ්ඩුවක් සම්පූර්ණ ධුර කාලය ඉඳල නෑ.. - උවිඳු විජේවීර
දුම්රිය වර්ජනය ඇරඹෙයි..
බොරු කියන එක ආත්මගත ක්‍රියාවක් බවට පත්වෙලා.. - වත්මන් ආණ්ඩුවේ දේශපාලන භාවිතාව හා රටේ ඉදිරි දිශානතිය ගැන විමල් වීරවංශගෙන් අනාවරණයක්..
එයාර් බස් ගනුදෙනුවට නාමල් රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව..