News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දියාව උගුල අටවයි.

Aug 20, 2026 at 07:48 AM
|

මාර්තු මස ජිනීවාහිදි පැවැත්වෙන 22 වැනි මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කරන බව මේ වන විට නිවේදනය කොට ඇත. නමුත් එවැනි තීන්දුවකට පසුව ශ‍්‍රී ලංකාවේ මහජනතාව අතර ප‍්‍රබල ඉනන්දියානු විරෝධයක් ගොඩනැගෙන බව ඉන්දියාව ඉතා හොඳින් දන්නා කරුණකි. එම තත්වයට මුහුණ දීම සඳහා ඉන්දියාව විසින් ඉතා සුක්ෂම සැලසුමක් සකස් කොට ඇති බව ජාත්‍යන්තර දේශපාලන  විචාරකයින් සැක පහළ කරමින් ඇත. එම සැලසුමට අනුව ඉන්දියාව කරන්නට බලාපොරොත්තු වෙනවා යැයි සැක කෙරෙන්නේ මුලින් දැඩි ස්ථාවරයක් පෙන්වා පසුව මෘදු ස්ථාවරයක් දක්වා ගමන් කිරීම හරහා ශ‍්‍රී ලංකාව උගුලකට කොටු කර ගැනීමයි. වෙනත් වචන වලින් කියනවා නම් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බිම හෙලීමේ උපාය මාර්ගයක් අනුගමනය කොට ශ‍්‍රී ලංකාව අමාරුවේ දමන අතර ශ‍්‍රී ලාංකික ජනතාව අතර තම ප‍්‍රතිරූපයද බේරා ගැනීමට ඉන්දියාව සැලසුම් කරන බව පෙනේ.

දැනට යම් පමණකට එළිදරව්වී ඇති එම උපාය මාර්ගයට අනුව ඉන්දියාව සහ ඇමෙරිකාව අන්න්‍යෝන්‍ය එකඟතාවයෙන් යුතුව ශ‍්‍රී ලංකාවට විරුද්ධව ගෙන එන යෝජනාවට බරපතල කාරණා ඇතුල් කරනු ඇත. ඉන් පසුව ඉන්දියාව ’’හොඳ මිනිසාගේ ’’ භූමිකාව රඟපාමින්  එම යෝජනාවලියේ බරපතලකම අඩුවී පෙනෙනලෙස ඒවා සංශෝධනය කිරීමට ඉදිරිපත් වනු ඇත. ඉන්පසු තවත් රටවල් කිහිපයකද මැදිහත්වීම මත එම ’’ සංශෝධිත යෝජනාවට’’ ඡුන්දයකට නොගොස් එකඟ වන ලෙස ශ‍්‍රී ලංකාවට බලපෑම් කෙරෙනු ඇත. එහිදි ඇමෙරිකානු යෝජනාවට එරෙහිව ඡුන්දයක් ඉල්ලා සිටියහොත් ශ‍්‍රී ලංකාව අනිවාර්යෙන්ම පරාජයට පත් වන නිසා ඡුන්දයකට නොගොස් ඒවා බාර ගැනීම වඩා සුදුසු බවට විවිධ පාර්ශව වලින් තර්ක ඉදිරිපත් වනු ඇත. එම තර්ක සාධාරණීකරනය කිිරීම සඳහා දැනටමත් ශ‍්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයේ යම් නිලධාරීන් කණ්ඩායමක් තාක්ෂණීකව කරුණු ඉදිරිපත් කරන බවද මේ වන විට වාර්තා වේ. එසේ යටත් වීම මගින් ශ‍්‍රී ලංකාවට සහනයක් ලබා ගත හැකි බව ඔවුන් ඉදිරිපත් කරන ප‍්‍රධාන තර්කයක් බව පෙනේ.

නමුත් ශ‍්‍රී ලංකාව ඉන්දියානු-ඇමෙරිකානු යෝජනාවට කැමැත්තෙන්ම එකඟ වුවහොත් එහි අඩංගු  කරුණු සියල්ල ඉටු කිරීමට අන් රටවල් ඉදිරියේදී දැඩි සදාචාර බැදීමක් ඇතිවේ. එම තත්වය යෝජනාවට විරුද්ධ වීමේන් පසුව එය බලහත්කාරයෙන් ශ‍්‍රී ලංකාව මත පැටවීමට වඩා බරපතල තත්වකි. ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග ශ‍්‍රී ලංකාවට  එරෙහිව දියත් කොට ඇති යටත් කිරීමේ මෙහෙයුම තුළ ඔවුනට ඉතා වැදගත් වන්නේ ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීම සඳහා නීතිමය සහ සදාචාරමය ඉඩක් විවෘත කර ගැනීමය. ඔවුන්ගේ අවසාන අරමුණ වන රට බෙදා වෙන් කිරීමේ ‘‘සුඩාන ක‍්‍රමවේදය‘‘ සැබැවින්ම ආරම්භ වන්නේ ඒ ආකාරයට ජිනීවා යෝජනා හරහා ශ‍්‍රී ලංකාවට අත පෙවීමට ඉඩ ලබාගත් පසුවය.

ඒ අනුව මෙවර යෝජනාවේ ප‍්‍රධාන අංගය වන්නේ එක්සත් ජාතීන්ගේ විශේෂ බලයලත් නිලධාරීන්ට  ඕනෑම අවස්ථාවක ශ‍්‍රී ලංකාවට ඇතුල්වී ක‍්‍රියාමාරි්ග ගැනීම සඳහා විවෘත ආරාධනාවක් ලබා ගැනීමය. මීට පෙරද එවැන්නක් සඳහා උත්සාහයක් ගැණුනු බව රහසක් නොවේ. ශ‍්‍රී ලංකා රජය එදා ඒ උගුලෙන් බේරුණත් මෙදා නැවත වටයකින් වඩාත් ප‍්‍රභල ලෙස ඒ දෙසට රජය තල්ලූ කිරීමට ක‍්‍රියා කරන බවට සැකයක් නැත. දෙවන අංගය මානව හිිමිකම් කොමසාරිස්ගේ කාර්යාලයේ ශාඛාවක් ශ‍්‍රී ලංකාවේ විවෘත කිරීමය. ඒ සඳහාද 2008 වසරේදී ඉල්ලීමක් ඉදිරිපත් කෙරුණු නමුත් ප‍්‍රතික්ෂේප විය. නමුත් මෙවරද වඩාත් වැඩි පීඩනයක් යටතේ එම උත්සාහය ගනු ඇත. ඉන්දියානු-ඇමෙරිකානු යෝජනාවේ තුන්වෙනි අංගය විය හැක්කේ ශ‍්‍රී ලංකාවේ නිලධාරීන් සහ මුලින් සඳහන් කළ එක්සත් ජාතීන්ගේ විදේශ බලයලත් නිලධාරීන් එකට එක්ව ඒකාබද්ධ ක‍්‍රියාකාරී යාන්ත‍්‍රණයක් සකස් කිරීමය.

මෙම ඒකාබද්ධ යාන්ත‍්‍රණය සාධාරණීකරනය කිරීම සඳහා පසුගිය මර්තු මස සම්මත වු ඇමෙරිකානු යෝජනාවට අදාල පසු විපරම් වාර්තාවද යොදාගනු ඇත. පසුගිය වතාවේ යෝජනා වුයේ විවෘත ආරාධනාවක් නොමැතිව විශේෂ ඉල්ලීම මත පැමිණෙන එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් ශ‍්‍රී ලංකාවට උපදෙස් දිය යුතු බව සහ ශ‍්‍රී ලංකාව එම උපදෙස් භාර ගත යුතු බවකි. හැනී මෙහාලී නැමැති විශේෂ බලයලක් නිලධාරියා ශ‍්‍රී ලංකාවට පැමිණියමුත් ශ‍්‍රී ලංකාවෙන් ඉදිරිපත් වු ක‍්‍රියාකාරී සැලැස්ම ක‍්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීමට හෝ ඊට ඍජුව මැදිහත්වීමට එම නිලධාරියාට අවස්ථාව ලැබුනේ නැත. ඒ අනුව මෙවර ඔවුන් ඒ වැරදි දෙකම නිවැරිදි කිරීම සඳහා මෙම ඒකාබද්ධ යාන්ත‍්‍රණය යොදා ගනු ඇත. එනම් ඒකාබද්ධව ක‍්‍රියාකාරී සැලසුම නැවතත් සකස් කිරීමට සහ ඒකාබද්ධව එම ක‍්‍රියාවලිය අධික්ෂණය කොට වාර්තා කිරීමට ඔවුන් උත්සාහ ගනු ඇත.

ශ‍්‍රී ලංකාව ඔවුනට අවශ්‍ය ප‍්‍රමාණයට යටත් නොවුවහොත් ඊළඟ සමුළුවේදී එනම් ලබන ජනාධිපතිවරණය ආශ‍්‍රීතව ඔවුන් දියත් කිරීමට නියමිත මෙහෙයුමට සාපේක්ෂව ජාත්‍යන්තර යාන්ත‍්‍රණයක් සඳහා  යෝජනා ගෙන එනු ඇත. එහෙත් ඉනදියාව සහ ඇමෙරිකාව එක්ව අටවන මෙම උගුලට මෙම මාර්තුවේදීම පය තැබුව හොත් ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග වලට වැඬේ පහසු වනු ඇත. ඔවුනට පළමු වටයේදී අවශ්‍ය වන්නේ ශ‍්‍රී ලංකාවේ අභයන්තර කටයුතු වලට ඇඟලි ගැසීමට ඉඩ සලසා ගැනීමය. යුධ අපරාධ චෝදනා එන්නේ ජනාධිපතිවරණයට පසුව බව ඇලන් කීනත් නැමැති ජාත්‍යන්තර බෙදුම්වාදී විශේෂඥයා පසුගියදා පවසා තිබුණි.

කෙසේ වෙතත් මෙවර සමුළුවේදී බලපෑම් වලට ශ‍්‍රී ලංකාව යටත්වී ඉන්දියානු උගුලට  පය තැබුවහොත් උදාවන්නේ යුද්ධය පැවැති කාලයේදී තිබු තත්වය බවට කිසිදු සැකයක් නැත. එනම් එරික් සොල්හයිම් ඇතුලූ ඊනියා සම සභාපතිවරුන් ශ‍්‍රී ලංකාවේ කටයුතු  වලට මැදිහත් වු ආකාරයේ තත්වයකි. එය කිසිසේත්ම ආපසු හැරවිය නොහැකි තත්වයක් බව ඉතා පැහැදිලිය. පය තැබීමට ඉඩ දුනහොත් දිගින් දිගටම තම කටයුතු දිගු කර ගැනීමට ඔවුන් කටයුතු කරනු ඇත. එවිට ඔවුන් ආපසු යැවීම හෝ වීසා නොදී සිටිම හෝ ඔවුනට බාධා කිරීම පහසු වන්නේ නැත.ඒ නිසා කළ යුතුව ඇත්තේ උගුල කුමක්දැයි ඉතා හොඳින් තේරුැම් ගෙන ඊට පය නොතබා සිටීමය. එවිට මතුවන තර්කය වන්නේ යෝජනාවෙන් ශ‍්‍රී ලංකාව පරාජය වු පසුව එම බලපෑමෙන් මිදෙන්නේ කෙසේද යන්නයි. නමුත් එවිට ඉන්දියාවට සහ ඇමෙරිකාවට සිදු වන්නේ බලහත්කාරය යෙදවීමටය. නමුත් එය යටත්වීමේදී පෑගිම තරම් පහසු ක‍්‍රියාවක් නොවේ. ඊට මුහුණදීම සඳහා ප‍්‍රධාන වශයෙන්ම අවශ්‍ය වන්නේ මහජන සහයෝගයයි. ඒ නිසා අද රට ඉදිරියේ අටවා ඇති උගුල පිළිබඳව රජය විසින් මහජනයා ඉතා හොඳින් දැනුවත් කළ යුතුව ඇත. ඒ දැනුවත් කිරීමට සාපේක්ෂව රජය ස්ථීරසාරව කොන්ද කෙලින් තබා ගෙන ජාත්‍යන්තර බලපෑමට මුහුණ දෙන්නේ නම් ජනතාව රජය සමඟ එකට සිටගනු ඇත.

නමුත් දැන් සිදුවන ආකාරයට 13 වැනි සංශෝධනය තුළ පවතින භයානක බෙදුම්වාදී ලක්ෂණ එසේ තිබියදීම උතුරේ පළාත් සභා පවත්වන බව යම් පාර්ශව විසින් ප‍්‍රකාශ කිරීම මඟින් ජනතාවගේ විශ්වාසය පළුදු කරනු ඇත. බෙදුම්වාදයේ ජයග‍්‍රහණයට අවශ්‍ය පළමු පුර්ව කොන්දේසිය උතුරේ පළාත් සභා බෙදුම්වාදී බලවේග විසින් අත්පත් කර ගැනීමය. එය සුනාමි සහන මණ්ඩලය හෝ තාවකාලික ආණ්ඩුව පිහිටුවීමට වඩා බරපතල තත්වයක් බව ජනතාව වැඩි කලක් නොගොස් තේරුම් ගනු ඇත.

එම නිසා එම වරද ජිනීවාවලදී වරද්දවා ගැනීමටත් වඩා විශාල වරදක් බවට සැකයක් නැත. ජිනීවා වලදී ඉන්දියාව සහ ඇමෙරිකාව අපෙන් උදුරා ගන්නේ යතුර නම් බෙදුම්වාදී ලක්ෂණ සහිත පළාත් සභාව පිහිටුවීම යනු බෙදුම්වාදී දොර ඇරීම සඳහා පාවාඩ එලීමක් ලෙස හඳුනා ගැනීමේ වරදක් නැත. එය ඉතා පැහැදිලිවම යුද ජයග‍්‍රහණය පාවාදීමක් ලෙස ජනතාව හඳුනා ගනු ඇත. එසේ වුවහොත් ජාත්‍යන්තරයට ඉතිරි ගනුදෙනු බේරා ගැනීමට සිදු වන්නේ ජන පදනමක් නොමැති රජයක් සමඟය. එසේ වුවහොත් ජත්‍යාන්තර බෙදුම්වාදී බලවේග පැත්තෙන් ගත් විට එය දැන් පවතින තත්වයට වඩා ඉතා පහසු තත්වයක් උදාවීමකි. ඒ අනුව යුද්ධයෙන් රට බෙදීමට වසර 30ක් ගතවුවත් මානව හිමිකම් හරහා රට බෙදීමට වසර 03 ක් වත් ගත නොවෙනු ඇත.


වෙද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

මහ ලේකම්

දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය


  


  






සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාතයාංශය නිකුත් කල නවතම වාර්තාවකට අනුව කොටි සංවිධානය ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තය ඇතුළු දකුණු ඉන්දියානු ප‍්‍රදේශ මුල්කරගෙන නැවත වටයකින් සංවිධානය වෙමින් ඇත. ඒ නිසා ඉන්දියානු රජය එම සංවිධානයට
’’ අධිරාජ්‍යවදී කුලී හමුදාවක් සහමුලින්ම විනාශ කොට රටක් නිදහස් කර ගැනීම පිළිබඳ ශ‍්‍රී ලාංකික ජාතිය ලෝකයේ ප‍්‍රමුඛතම ජාතියක් ලෙස ඉතිහාස ගත වනු ඇත. එසේම එවැනි වු මහා ජයග‍්‍රහණයකට පිටුපස හැරවු ජාතියක් ලෙසද අප ඉතිහාසගත වනු ඇත. ’’
මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකානු තානාපති ලෙස පත්කොට ඇති ඩොනෙහියු නැමැති කාන්තාව පසුගිය දා මාධ්‍යයට ඉතා උද්දච්ච ප‍්‍රකාශයක් කලාය. ඇගේ ප‍්‍රකාශයේ සැබෑ සිංහල තේරුම අනුව ඇය කියන්නේ ශ‍්‍රී ලංකාව යෝජනාව ගෙන එ්මට පෙර හිස
මාර්තු 27 වැනිදා ජිනීවා සමුළුවේදී සාකච්ඡුාවට සහ ඡුන්ද විමසීමට ලක්වන ඇමෙරිකානු යෝජනාවේ කෙටුම්පත මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇත. ඊට ප‍්‍රතිචාර දක්වන දෙමළ ඩයස්පෝරාව කියා සිටින්නේ ඇමෙරිකාව විසින් දෙමළ ජනතාවගේ අපේක්‍ෂා නොසලකා හැර ඇති බවයි. ඊට අමතරව සමහර රජයේ පාර්ශවද එම යෝජනාව ඔවුන් බලාපොරොත්තු වූ තරම් බරපතල නැතැයි මත පළකරමින් ඇත. නමුත් ජිනීවාහිදී රජය කටයුතු කළයුතු ආකාරය පිළිබඳව පසුගිය දිනවල රජයට උපදෙස් දුන් බෙදුම්වාදී න්‍යායචාර්්‍යවරුන් ඒ පිළිබඳව අනාවැකි පළකරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ජිනීවාහිදී ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරමින් තම මතය ඉදිරිපත් කළ ජී.එල්. පීරිස් අමාත්‍යතුමාට ඉතා තදින් දෝෂාරෝපනය කරති.
පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වූ හේතුවක් සොයාගත නොහැකි වකුගඩු රෝගයට අදාල විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව බැලූ බැල්මට හේතු කිහිපයක් නිසා සුවිශේෂී විය. පළමුවැන්න එය විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත්
පසුගිය 16 වැනිදාට යෙදුනු ලෝක ආහාර දිනය සමරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර සුරක්‍ෂිතතා සතියක් ප‍්‍රකාශයට පත්කොට ඇත. ඔවුන් එහිදී ආහාර සුරක්‍ෂිතාව :ත්‍දදා ීැජමරසඑහ* පිළිබඳව කථාකලත් ඔවුන්ගේ අවධානයට ලක්වන්නේ ආහාර වල සෞඛ්‍ය ආරක්‍ෂාව :ත්‍දදා ී්එැඑහ* පමණී. ඇත්තවශයෙන්ම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර පිළිබඳව කුමක් කථාකලත් ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය විමසා බැලීමේදී පැහැදිලිව පෙනී යන දෙයක් ඇත. ඒ ඔවුනට ආහාර ආරක්‍ෂාව, ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණය අතර පවතින සමාජ-ආර්ථික, දේශපාලන හෝ සංස්කෘතික සහ පාරසරික සහ-සම්බන්ධතාවයන් පිළිබඳව ගැඹුරු අවබෝධයක් නොමැති බවය.
ඇමෙරිකාවේ දැන උගත් ජනතාව අන්දුන් කුන්දුන් කරමින් 2012 මාර්තු 16 වැනිදා ඉතා වැදගත් ලේඛනයකට ඒ රටේ ජනාධිපති බරක් ඔබාමා විසින් අත්සන් තැබිනි. එම ලේඛනය හැදින්වෙන්නේ ‘‘ විධායක නියෝගය ’’ යන තාක්‍ෂණික නාමයෙනි. ඒ මගින් ඔහුගේ බලයලත් ලේකම්වරුන්ට සමස්ථ රටම යුද වාතාවරණයක තැබීම සඳහා අවශ්‍ය සියළු බලතල ලබා දී ඇත. ඒ අනුව අනාගතයේදී ඕනෑම දවසක ඇමෙරිකාවේ රාජ්‍ය සහ පුද්ගලික සමාගම් සතු දේපල සහ මහජනයා සතු දේපල මෙන්ම රටේ පොදු සම්පත් යුද්ධය
පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇතිකල ආසනික් විරෝධී සටන ශ‍්‍රී ලංකාවේ මිනිස් ජීවිත වලට සහ පරිසරයට ආදරය කරන මිනිස්සුන්ට පරාජය අත්පත් කර දෙමින් අවසන් වී ඇත. එ් අනුව සමාගම් හිතවාදී සහ එ් නිසාම ආසනික් හිතවාදී වු න්ලධාරී ත‍්‍රන්තය
පහත පළකෙරෙන අතිගරු ජනාධිපතිතුමාට යොමුකෙරෙන ලිපියෙන් ඉල්ලා සිටින පරිදී රජරට වකුගඩු රෝගය පාලනය කිරීමට අදාල මූලික පියවරක් ලෙස කෘෂි රසායන භාවිතය පාලනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් එම අමාත්‍යාංශයේ

ප්‍රධාන පුවත්

"මාලිමා ආණ්ඩුව ‘රාජ්‍ය බලය’ අත්පත් කරගැනීමට උත්සාහ කරන්නේ වැරදි ක්‍රමයට.. රාජ්‍ය බලයකට වඩා ආණ්ඩුවකට වැදගත් ‘සදාචාර බලය’යි.." – වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආණ්ඩුව සහ රාජ්‍යය යනු දෙකක් බවත්, වත්මන් මාලිමා ආණ්ඩුව රාජ්‍ය මෙහෙයවීමට සහ එහි බලය අත්පත් කරගැනීමට වැරදි ක්‍රමවේදයන් භාවිත කරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බ්‍රසීලය 2026: බහුද්‍රැවීය ලෝකයක ද්‍රැවීකරණය වූ මැතිවරණයක්..

බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.

බාල ගල්අඟුරු නිසා මාස 3ට රුපියල් බිලියන 32ක පාඩුවක්.. සමාගමට දඩ බිලියන 7යි.. ජනතාවට බිලියන 25යි..

ලංකාවට ආනයනය කරන ලද බාල ගල්අඟුරු හේතුවෙන් ගතවූ මාස තුනක කාලය තුළ පමණක් රටට සිදු වී ඇති සමස්ත පාඩුව රුපියල් බිලියන 32ක් බව ජනාධිපතිවරයා පවසන වීඩියෝවක් ආශ්‍රයෙන් මාධ්‍යවේදී චාමර විජේසූරිය කරුණු අනාවරණයක යෙදෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගන්නා අයට ඇප දෙන්න බැහැ.. ඒ බව දැනගෙනම අත්අඩංගුව ගැනීම් කරනවා.. නාමල් සමීක්ෂණයකින් ජනප්‍රියම පුද්ගලයා වෙලා හිටියේ.. - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් හෙළිදරව්වක්

පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගන්නා පුද්ගලයන්ට ඇප ලබාදීම නොහැකි බවත්, විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේදී සැකකරුවන් ලෙස නම් නොකරමින් අත්අඩංගුවට ගැනීම් මේ වන විට සිදුවෙමින් පවතින බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

ජානකී සිරිවර්ධන අත්අඩංගුවට ගත්තේ ඇයි?.. නාමල්ට කෝටි 07ක් දුන් ක්‍රිෂ් ගනුදෙනුව විස්තරය..

ක්‍රිෂ් (Krrish Group of India) සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත 'ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් කොළඹ' ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනී ජානකී සිරිවර්ධන අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ලබන ඔක්තෝබර් දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමත් සමඟ, ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනුව පිටුපස ඇති නීතිමය සහ දේශපාලන පසුබිම පිළිබඳව 'කාරිගේ චැනල් එක' (Kaarige Channel Eka) යූටියුබ් නාලිකාව ඔස්සේ ධර්මශ්‍රී කාරියවසම් මහතා විසින් විශේෂ අනාවරණයක් සිදුකර තිබේ.

දිවුලපතාන ගොවීන්ට අන්තවාදීන්ගෙන් දැඩි තර්ජන එල්ලවෙලා.. – හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ගෙන් චෝදනා..

මඩකලපුව දිවුලපතාන ප්‍රදේශයේ වගා කටයුතුවල නිරත සිංහල ගොවීන්ගේ භූමියට බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිසක්, එම වගාබිම්වලින් වහාම ඉවත් වන ලෙසට පොලිසිය සහ මහවැලි නිලධාරීන් ඉදිරිපිටදීම තර්ජනය කර ඇති බව හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සඳහන් කරයි.

ඥානසාර හිමියන් අත්අඩංගුවට..

අධිකරණ වරෙන්තු ලබා සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තිනියාවල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

flydubai ගුවන් යානයේ අනතුර සිදුවුවා නම් සහ සිරිල් ගාමිණී පියතුමා ඊශ්‍රායලයේ සිටියා නම්..

flydubai ගුවන් යානයේ සහකාර ගුවන් නියමුවා විසින් ප්‍රධාන ගුවන් නියමුවරයා මරා දමා ගුවන් යානය හයිජැක් කිරීමට ගනු ලැබූ උත්සාහයට අදාළ යම් තොරතුරු සැඟවීමේ අරමුණ කුමක් වියහැකි දැයි ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

ජනපති අනුරට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

පෞද්ගලික දේශපාලන කටයුත්තකට ජනාධිපතිවරයකු පක්ෂයක් නියෝජනය කරමින් පැමිණ දේශපාලන වේදිකාවල කතා පැවැත්වීම ගැටලු සහගත බවත්, එසේ නම් ඒ සඳහා ජනාධිපති කාර්යාලයේ සම්පත් කිසිවක් භාවිතා කිරීමේ හැකියාවක් නොමැති බවත් සමාජ හා දේශපාලන ක්‍රියාකාරික ඓශ්චර්යා ගුණරත්න පවසයි.

ආර්ථිකය වර්ධනය වුවත් ව්‍යාපාර බිඳවැටීමේ අවදානමක්..

ශ්‍රී ලංකාවේ ප්‍රධාන සාර්ව ආර්ථික දර්ශක මේ වන විට ධනාත්මක දිශාවකට ගමන් කරමින් පැවතුණද, එම වර්ධනය රටේ සියලුම ව්‍යාපාර ආයතනවලට එකසේ සුබදායී නොවන බව ප්‍රමුඛ ආර්ථික පර්යේෂණ ආයතනයක් වන Frontier Research අනාවරණය කරයි.

කෘත්‍රිම බුද්ධි පෙම්වතුන් සහ පෙම්වතියන්ට චීනයෙන් දැඩි සීමා..

කෘත්‍රිම බුද්ධිය (AI) මගින් ක්‍රියාත්මක වන අතථ්‍ය සහකරුවන් සහ පෙම්වතුන් භාවිතය සම්බන්ධයෙන් ලොව දක්නට ලැබෙන වඩාත් ම පුළුල් හා දැඩි රෙගුලාසි මාලාවක් පැනවීමට චීන රජය පියවර ගෙන තිබේ.

නාමල්ට කෝටි 07ක් දුන් ක්‍රිෂ් ගනුදෙනුවේ 2012 සිට 2026 දක්වා දින වකවානු සහිත සම්පූර්ණ විස්තරය..

ඉන්දියාවේ 'ක්‍රිෂ් ගෲප්' (Krrish Group) සමාගම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතර සිදුවූයේ යැයි කියන රුපියල් මිලියන 70 ක මුදල් ගනුදෙනුව පිළිබඳ තොරතුරු රැසක් ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතාගේ 'කාරිගේ චානල් එක' යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කර තිබේ.

පෙට්‍රල් 292ට ගෙනත් විකුණන්නේ 414ට.. ඉන්ධනවලින් පාඩු කතාව බොරුවක්.. මිල සූත්‍රය වහා හෙළි කරන්න.. - පාඨලී

සිංගප්පූරු වරායෙන් මෙරටට ඉන්ධන ගොඩබාන ආනයනික පිරිවැය සහ දේශීය වෙළෙඳපොළේ ඉන්ධන විකුණුම් මිල අතර පවතින සැබෑ වෙනස පෙන්වා දෙමින්, ඉන්ධන මිල තීරණය වන සූත්‍රය වහාම රටට හෙළි කරන ලෙස හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා රජයට බලකර සිටියි.

ඉරාන නෞකා 19කට සැපයුම් දුන්නොත් සම්බාධක.. අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට දන්වයි..

ආහාර, ඉන්ධන සහ ජලය නොමැතිව නිරිතදිග මුහුදේ ඇති ඉරාන නෞකා 19ට සැපයුම් දුන්නහොත් ද්විතීක සම්බාධක පනවන බව අමෙරිකාව ශ්‍රී ලංකාවට දන්වා ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය තවමත් සුදුසු මට්ටමක නැහැ.. නායකයන්ගේ පරස්පර කතා නිසා ආයෝජකයන් දෙගිඩියාවෙන්.. – අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක්

2022 පැවැති දරුණු ආර්ථික කඩාවැටීමෙන් පසුව ශ්‍රී ලංකාව ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබුණද, පවතින අනපේක්ෂිත නියාමන ප්‍රතිපත්ති, දැඩි නිලධාරිවාදය සහ ව්‍යාපෘති හදිසියේ අත්හිටුවීම් හේතුවෙන් මෙරට ආයෝජන වාතාවරණය තවමත් බරපතළ අභියෝගාත්මක මට්ටමක පවතින බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.