ඉන්දියාව, චීනය, අමෙරිකාව තරහ කරගන්නේ නැතුව අපි අපේ ගමන යනවා.. IMF එක්ක යන ගමනත් ඒ වගේ තමයි.. - ටිල්වින් සිල්වා
ජාතික ජන බලවේග රජයේ කිසිදු දේශපාලනඥයකු හෝ නිලධාරියකු යම් වරදක් සිදු කළහොත් ඔවුන් කිසිම අවස්ථාවක ආරක්ෂා කිරීමට පක්ෂයක් ලෙස හෝ රජයක් ලෙස කටයුතු නොකරන බවත්, එවැනි අවස්ථාවලදී තරාතිරම නොබලා දැඩි නීතිමය හා පක්ෂ මට්ටමින් ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කරයි.
Lanka Voice යූටියුබ් නාලිකාව සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළ අතර, එහිදී වත්මන් දේශපාලන හා සමාජීය තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ අතීතයේ මර්ධනීය පනතක් ලෙස හැඳින්වූ වත්මන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට දුන් ප්‍රතිපත්තිය මත පිහිටා කටයුතු කරන බවයි. එමෙන්ම, අලුතින් ගෙන ඒමට යෝජිත පනත කිසිදු අවස්ථාවක මර්දනීය මෙවලමක් ලෙස අවභාවිත නොවීමට වගබලා ගන්නා බවද ඔහු පැවසීය.
අතීතයේ සිටම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග, වැඩවර්ජන හෝ උද්ඝෝෂණ සඳහා පක්ෂයක් ලෙස කිසි දිනක බාධා කර නැති බව පෙන්වා දුන් සිල්වා මහතා, රට අරාජික වීමට ඉඩ නොදී නිදහස සමඟ නීතිය හා සාමය පවත්වාගෙන යාම රජයක වගකීම බවද සඳහන් කළේය.
ඇතැමුන් පවසන පරිදි චීනය වැනි තනි පක්ෂ පාලන ආකෘතියකට යාමේ කිසිදු සූදානමක් නොමැති බව පැවසූ ඒ මහතා, රජයේ ඉදිරි ගමනට සහ රටේ සංවාදයන්ට ශක්තියක් වන බුද්ධිමත් විපක්ෂයක අවශ්‍යතාව තදින්ම පවතින බවද ප්‍රකාශ කළේය.
තවදුරටත් අදහස් දැක්වූ හෙතෙම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ මෙන්ම ඉන්දියාව, චීනය, එක්සත් ජනපදය සහ රුසියාව වැනි රටවල් සමඟ කිසිදු ගැටුමකට නොගොස්, රටේ ආර්ථිකය ගොඩනැඟීමේ ජාතික අරමුණු වෙනුවෙන් සියලු රටවල් සමඟ සාර්ථකව කටයුතු කරන බව වැඩිදුරටත් කියා සිටියේය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අයවැයෙන් ලැබෙන සහන.. සම්පූර්ණ අයවැය විස්තරේ මෙන්න..
ඉන්දියාව, චීනය, අමෙරිකාව තරහ කරගන්නේ නැතුව අපි අපේ ගමන යනවා.. IMF එක්ක යන ගමනත් ඒ වගේ තමයි.. - ටිල්වින් සිල්වා
2027 අයවැය යෝජනා රැගෙන ජනපති පාර්ලිමේන්තුවට එයි..
කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට..
සෝවියට් සංගමයේ බිඳවැටීම ආදර්ශයක් කරගනිමින් රුසියාව පරාජය කිරීමට බටහිර දරන උත්සාහය නිෂ්ඵලයි.. – ෆියෝදෝර් ලුක්යානොව්
කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.. ඒක අල්ලස් ඉල්ලීමක්.. - සුනිල් හඳුන්නෙත්ති කියයි
2027 අයවැය අද පාර්ලිමේන්තුවට..
සිංහල සාහිත්‍යයේ සහ අදීන ජාතික චින්තනයේ මහා ප්‍රදීපස්තම්භය: ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ 97 වන ජන්ම දිනය අදයි..
ජනතා හඬ යටපත් කිරීමට ගෙනෙන මර්දනකාරී නීතිවලට එරෙහිව සියලු දෙනා එක්විය යුතුයි.. – ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම
අනුරාධපුර පූජා නගරය ගැන ගැසට් නිවේදනය නිකුත් වෙනකොට බෞද්ධ කියන වචනය හළනවා.. ගැසට් එකේ වක්‍රව කියන දේවල් අතිශය භයංකාරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
9වන ජනාධිපතිගෙන් 9වන ව්‍යවස්ථාව බේරා ගැනීමේ මහා අධිෂ්ඨාන පූජාව ඇරඹෙයි..
සිරසට දුන් රුපියල් මිලියන 104.6ක මුදල රාජ්‍ය අරමුදල් තමයි.. - අලි සබ්රි හෙළිකරන කතාව..
කොළඹ යට වුනාට බිල්ලට දෙන්නේ බැල්තසාර්ව ද?.. බිමල්ගේ අමාත්‍යංශය ගංවතුරෙන් බේරුනාද?
අරගලය පිටුපස වූ බටහිර සහ ඉන්දීය බලපෑම් ගැන ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව..
එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵලය හමුවේ ඩෙමොක්රටික් පක්ෂයට සහ ට්‍රම්ප් පාලනයට අභියෝග රැසක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
මිහින්තලේ කටු සෑය අභියසදී බුද්ධ ශාසනයේ සහ බෞද්ධ උරුමයේ ආරක්ෂාව වෙනුවෙන් 11 වැනි දා විශේෂ අධිෂ්ඨාන පූජාවක් සහ දේව කන්නලව්වක්..