News Category
From Date
To Date
Maximum Number of Result

ආසනික් සටන පාවා දුන්නේ සෞඛ්‍ය බලධාරීන්ද ?

Aug 5, 2026 at 10:43 AM
|

පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇතිකල ආසනික් විරෝධී සටන ශ‍්‍රී ලංකාවේ මිනිස් ජීවිත වලට සහ පරිසරයට ආදරය කරන මිනිස්සුන්ට පරාජය අත්පත් කර දෙමින් අවසන් වී ඇත. එ් අනුව සමාගම් හිතවාදී සහ එ් නිසාම ආසනික් හිතවාදී වු න්ලධාරී ත‍්‍රන්තය ඇතුළු විද්වතුන් මෙන්ම කෘෂි යෙදවුම් සමාගම්ද ජයග‍්‍රහනය අත්පත් කොට ගෙන ඇත. එ් ජයග‍්‍රහනය බොහෝ දුරට තාවකාලික විය හැක. එහෙත් එ් තුලින් අප රටේ නීතිමය රාමුව, පරිපාලන ක‍්‍රම වේද සහ නිලධාරීතන්ත‍්‍රයේ සංස්කෘතිය පිළිබඳ මහජනයාගේ සිත්තුල කල කිරීම සහ පිලිකුල ජනිත වීම වැලැක්විය නොහැක. කවුරු කෑගැසුවත් අපට මොකද ? අපි නෑ සුනාසේ අපේ වැඬේ කරගෙන යමු යන ආදර්ශපාඨය අනුව ක‍්‍රියා කරන අතිබහුතරයක් නිලධාරීන්ට මහජනයාගේ සිත්වල පහල වන අදහස් වැදගත් වන්නේ නැත. එ් නිසා නැවත වටයකින් සමත්කොට ජයග‍්‍රහණය කිරීමට නම් පොදු මහජනයා හට සිත්වල පහල වන අදහස් ක‍්‍රියාවට නන්වා පෙන්වීමට සිදුවනු ඇත.


කෙසේ වෙතත් මේ වන විට රේගුව විස්න අත්අඩංගුවේ තබා ගෙන සිටි ආසනික් සහ රසදිය නැමැති උග‍්‍ර විෂ අඩංගු පලිබෝධනාශක තොග සියල්ල නිදහස් කොට ඇත. එම සමාගම් වලට දඩුවම් කොට ඇත්තේ උග‍්‍ර විෂ සහිත රසායන ද්‍රව්‍යන් ආනයනය කිරීමේ වරදට නොව වෙනත් සුළු වැරදි සඳහාය. ආසනික් විරෝධී සටනේදී රේගු නිලධාරීන් මහජනයාගේ  පැත්තේ සිට නීතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා ප‍්‍රභල උත්සාහයක් ගත්බව රහසක් නොවේ. එ් පිළිබඳව පොදුමහජනතාවගේ අවංක ප‍්‍රණාමය එම ආයතනයට පුද කල යුතු වේ. එහෙත් රේගු නිලධාරීන්ට නීතියේ පවතින අඩුපාඩු සකස් කල නොහැක. පලිබෝධනාශක රෙජිස්ටාර්වරයා ඇතුලූ නිලධාරීතන්ත‍්‍රය නීතියෙන් රිංගා ගොස් පලිබෝධනාශක වෙලෙන්දන්ට උදව් කර ඇති බව පැහැදිලි වුවත් රේගු නීති වෙනස් කිරීමේ බලයක් නැත. එ් බලය ඇත්තේ දේශපාලකයින්ටය. දැන් මහජනයා ගනුදෙනු  බේරාගත යත්තේ ඔවුන් සමගය. කෙසේ වෙතත් මේ නිශ්චිත මොහොතේදී මහජනයාට වැදගත් වන්නේ සටනේ පරාජය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණයක් සිදු කිරීමය.


රේගුව විසින් ආසනික් සහ රසදිය අඩංගුවේ යයි සැකකල ආනයනික පලිබෝධනාශක තොග අත්තඩංගුවට ගත්තේ ආසනික් විෂ සහ රජරට වකුගඩු රෝගය අතර යම් පර්යේෂණාත්මක සම්බන්ධයක් ගොඩනැගීමට විද්වතුන් පිරිසක් කටයුතු කිරීම සමගය. එ් විද්වතුන් අතර මහාචාර්ය නලින් ද සිල්වා, වෛද්‍ය චන්න විජේසුමන, මහාචාර්ය ප‍්‍රියානි පරණගම මහත්මිය වැනි පිරිසක් ඉදිරියෙන් සිටියෝය. එ් වන විට ඔවුන් පලිබෝධනාශක වර්ග 30කට අධික ප‍්‍රමාණයක විවිධ මට්ටම් වලින් ආසනික් සහ රසදිය නැමැති තහනම් කල උග‍්‍ර විෂ අඩංගු වන බව පරීක්‍ෂණ මගින් ඔප්පු කොට තිබුනි. මේ තත්වයට ප‍්‍රතිචාර දක්වමින් අදාල පලිබෝධනාශක වෙළදුන් මාධ්‍ය මගින් තමාගේම සුදුහුණු ගා ගැනීමේ ව්‍යාපෘතියක නියැලූනද මහා සටනකට අවි එසවූයේ නැත. නමුත් ආසනික් විෂ සහ වකුගඩු රෝගය ආශ‍්‍රිත විද්වත් ප‍්‍රවාදයට එරෙහිව සමහර විද්වත් ප‍්‍රවාදයට එරෙහිව සමහර විද්වතුන් සහ රාජ නිලධාරීතන්ත‍්‍රය මරාගෙන මැරෙන මට්ටමින් අවි එසවිය.


පලමු වටයේදීම මේ විද්වතුන් සහ නිලධාරීන් කියා සිටියේ එසේ ආසනික් හො ්රසදිය අඩංගු පලිබෝධනාශක ශ‍්‍රී ලංකාවට ආනයනය කරන්නේ නැති බවයි. නමුත් ආසනික් අඩංගු පලිබෝධනාශක පිළිබඳ පර්යේෂණවල නියැළුනු විද්වතුන් එ් පිළිබඳ සාක්‍ෂි දැඩි ලෙස ඉදිරිපත් කිරීමේදී ඔවුන්ට අඩියක් පිටුපසට ගැනීමට සිදුවිය. එහෙත් පෙරලා ඔවුන් වෙනත් අඩියක් ඔසවා පහරදීමට පටන්ගත්තේ පෙරටද වඩැ වේගයෙනි. ඔවුන්ගේ දෙවැනි අවිය හෙවත් තර්කය වූයේ පනතේ රෙගුලාසි අනුව නීති විරෝධි වන්නේ ආසනික් ප‍්‍රධාන සංඝටකයක් ලෙස අඩංගු වුවහොත් පමණි යන්නයි. එ් අනුව ආසනික් ‘අපද්‍රව්‍යය් හෝ වෙනත් ලේබලයක් යටතේ අඩංගු වුවහොත් එය නීතිවිරෝධි නැත. එසේම ඔවුන් තවත් අතයමින් පහරදීමක් සිදුකලේය. එ් රසදිය විෂ පිළිබඳව කිසිවක් කථා නොකර සිටීමත්. එයට හේතුව රසදිය කුමන තත්වයක් යටතේ හෝ පලිබෝධනාශක වල අඩංගු නොවිය යුතු බවට ජාත්‍යන්තර සම්මුති පවා පැවරීමයි. ලෝක ආහාර සංවිධානයේ නිර්දේශය අනුව අප‍්‍රද්‍රව්‍යයක් ලෙස ආසනික් සුළු වශයෙන් හෝ තිබිය හැක්කේ තඹ සංඝටක අඩංගු පලිබෝධනාශක වල පමණය. නමුත් එවැනි පලිබෝධනාශක කිසිවක් ශ‍්‍රී ලංකාවට ආනයනය කරන්නේ නැත. එ් අනුව ආසනික් ඉතාම සුළු වශායන් අඩංගු වුවත් එය කුමන හේතුවක් යටතේ ලේබල් කලත් ශ‍්‍රී ලංකාවේ නීතියට අනුව සම්පූර්ණයෙන්ම නීති විරෝධී විය යුතුය.


එ් ආකාරයට ආසනික් හිතවාදී පලිබෝධනාශක රෙජිස්ටාර්වරයාගේ තර්ක වලට ප‍්‍රතිතර්ක ඉදිරිපත් වන විට ඔහු තුන්වැනි අවිය ලෙස තවත් තර්කයක් ඉදිරිපත් කලේය. එ් පලිබෝධනාශකවල අඩංගු වන ආසනික් ප‍්‍රමාණය ඉතා සුළු ප‍්‍රමාණයක් නම් එ් මගින් මහජන සෞඛයයට හානියක් නොවන බවයි. එ් තර්කය තහවරු කිරීම සඳහා කොන්දේසි දෙකක් සැපිරීම අවශ්‍ය විය. පලමුවැන්න පනත අනුව පරීක්‍ෂණ කල යුත්තේ කාර්මික තාක්‍ෂණික ආයතනයේදී පමණක් බව පවසමින් ස්වාධීන ආතන 3 කින් එකම සාම්පලය තුන් වරක් පරීක්‍ෂා කිරීම සඳහා ගෙන ආ යෝජනාව ප‍්‍රතික්ෂේප කිරීමයි. එ් මගින් ඔවුන් අරමුණු තුනක් ඉටුකර ගත්තේය. එ් අනුව 30 අධ්ක ආසනික් සහ රසදිය අඩංගු වූ පලිබෝධනාශක ලැයිස්තුව 9 දක්වා අඩුකර ගැනීමට ඔවුන් සමත් විය. ඊට අමතරව එ්වා තුල අඩංගු වූ විෂ ප‍්‍රමාණයන් කලින් කැලැණි විශ්වවිද්‍යාලයේ දී  ඔප්පු කර පෙන්වූ ප‍්‍රමාණයන්ට වඩා ඉතා අඩු ප‍්‍රමාණයක් බව පෙන්වීමද ඔවුන් සමත් විය. තුන් වන අරමුණ ලෙස එම ආයතනයේ රසදිය පරීක්‍ෂා කිරීමට පහසුකම් නොමැති බව පවසා රසදිය ප‍්‍රශ්නය යටගසා ආසනික් ගැන පමණක් කථාකිරීමේ අවස්ථාවද ඔවුන් නිර්මාණය කරගත්තේය. එම ක‍්‍රියාවලිය හරහා ඔවුන් ඉටුකරගත යුතු වූ දෙවන කොන්දේසිය වූයේ පලිබෝධනාශක තාක්‍ෂණික උපදේශක කම්ටුව හරහා ආසනික් සුළු ප‍්‍රමාණයක් තිබීම මහජන සෞඛ්‍යයට හානිකර නොමැති බව ප‍්‍රකාශ කරවා ගැනීමයි. 


එ් අතර පලිබෝධනාශක රෙජිස්ටාර්වරයා මහජන විරෝධය සමනය කිරීම සඳහා තවත් දේශපාලනමය පරිපාලන ක‍්‍රියාවක්ද සිදුකළේය. ඔහු ආසනික් අඩංගු යයි ඔප්පු වූ බවට තමා ප‍්‍රකාශ කල පලිබෝධනාශක වර්ග 9 තහනම් කරමින් නියෝගයක් නිකුත් කලේය. එ් නියෝගයට අනුව එ්වා ආනයනය කිරීම හෝ විකිණීම තාවකාලිකව නැවැත්විය යුතුය. නමුත් ඔහු තම නියෝගය ක‍්‍රියාත්මක වන බව සහතික කර ගැනීම සඳහා පරිපාලනමය යාන්ත‍්‍රණයක් හදුන්වාදීම හෝ එ් පිළිබඳව මහජනයා අතර පුළුල් දැනුවත් කිරීමක් සිදුනොකලේය. එ් නිසා එම නියෝගය හුදු කොල කැබැල්ලක ලියැවුනු  වගන්තියකට සීමාවිය. 


කෙසේ වෙතත් පලිබෝධනාශක රෙජිස්ටාර්වරයාට තම මිතුරන් වන පලිබෝධනාශක වෙලදුන් බාරදුන් අභියෝගය වූයේ එය තාවකාලිකව තහනම් නියෝගය ඉවත්කර ගනිමින් රේගුව රදවාගෙන ඇති තොගද නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කිරීමයි. එ් සඳහා නීතිය අනුව ඔහු යොදාගත යුත්තේ පලිබෝධනාශක තාක්‍ෂණික උපදේශක කම්ටුවය. එ් අනුව ඔහු 2011 අගෝස්තු 5 වැනි දිව 55 වැනි තාක්‍ෂණික උපාදේශක කමිටුව කැදවිය. කමිටුවේ රබර් සීල් එක ගසා ගැනීමට අවශ්‍ය තීන්දුව බොහෝ නිලධාරීන් තනි තනිව ඉදිරිපත් කොට තිබුනි. ආසනික් හිතවාදී සහ  සමාගම් හිතවාදී විද්වත් නිලධාරීතන්ත‍්‍රය කම්ටුව කැදවීමට බොහෝ කලකට පෙර සිටම කියාසිටියේ ඉතා සුළු වශයෙන් ආසනික් අඩංගු වේ නම් මහජන සෞඛ්‍යයට හානියක් නොවන බවය. එ් සඳහා තර්කයක් ලෙස ඔවුන් ඉදිරිපත් කලේ ජලයේ අඩංගු විය හැකි උපරිම ආසනික් ප‍්‍රමාණය ලෝක සෞඛ්‍යය සංවිධානය මගින් නිර්දේශකර ඇති බැවින් පලිබෝධනාශක වලට අදාලවද එවැනි ප‍්‍රමාණාත්මක සීමාවක් පැනවිය හැකි බවයි. නමුත් පනත අනුව මෙන්ම විවිධ ජාත්‍යන්තර සංවිධාන වල නිර්දේශ අනුවද එවැනි අවම හෝ උපරිම සීමා පනවා නැත. එසේම එ් කමිටුව හමුවට රසදිය විෂ පිළිබඳව වචනයක්වත් ඉදිරිපත් නෙෙ කිරීමද රෙජිස්ටාර්වරයා පරිස්සම් විය.


කෙසේවෙතත් අවසානයේදී කමිටුව තීරණය කලේ අදාල පලිබෝධනාශක වර්ග 9 යේ අඩංගු වන ආසනික් ප‍්‍රමාණය විශාල ප‍්‍රතිහතයක් නොවන බැවින් එ්වා නිසා මහජන සෞඛයයට හානියක් සිදුනොවන බවය. නමුත් එහිදී ඔවුන් අවම හෝ උපරිම ප‍්‍රමාණයන් පිළිබඳව කිසිවක් සඳහන් නොකල අතර තවත් පරස්පර තීන්දුවක්ද ගත්තේය. එ් තීන්දුව අනුව ආසනික් දීර්ඝකාලයක් පොලොවතුල එක්රැස් විය හැකි බැවිනි. මීට පසුව පලිබෝධනාශක ආනයනය කිරීමේදී ආසනික් ඇතුලූ තවත් මූලද්‍රව්‍ය කිහිපයක් අඩංගු නොවන බව සහතික කල යුතුය. එහිදී සඳහන් වන්නේ අංශු මාත‍්‍ර හෝ කිසිදු මැනිය හැකි ප‍්‍රමාණයක් අඩංගු නොවිය යුතු බවයි. එ් අනුව ඊට පෙර ආසනික් විරෝධී විද්වතුන් ඉදිරිපත් කල තර්කය වූ ....... අනුව ආසනික් බිඳක් හෝ  අඩංගු නොවිය යුතු බව මෙම කමිටුව පිලිගෙන ඇත. එසේ නම් එම කමිටුව මගින් අවසර දී ඇත්තේ දැනට තහනම් කොට ඇති පලිබෝධනාශක වල තහනම ඉවත් කිරීමට සහ රේගුවේ රදවාගෙන තිබෙන තොග නිදහස් කිරීමට අදාලවය. වෙනත් වචන වලින් කියනවා නම් වෙලදුන්ට සමාව ලැබී ඇත්තේ මේ වතාවට පමණී. එනම් තාවකාලික ජයග‍්‍රහණයක් පමණී. එ් අනුව පලිබෝධනාශක රෙජිස්ටාර්වරයා ඇඹරූ ලනුවෙන් තොග ටිකක් පමණක් ගලවා ගිලාදමා කමිටුව තම ගරුත්වය අල්පමාත‍්‍ර වශයෙන් හෙවත් නොගිනිය හැකි ප‍්‍රමාණයකින් බේරාගෙන ඇත. එහෙත් ආසනික් සහිත පලිබෝධනාශක දිගින් දිගටම භාවිතා කිරීම අනතුරුදායක බව පිලිගැනීම නිසා දැනට රටතුලට ආනයනයකොට ඇති තොගය නිදහස් කිරීම ඉතා පැහැදිලිවම සාධාරණීයකරණය කලනොහැකි  අනාර්තික තීන්දුවක් බවට පත්වේ. එවැනි තීන්දුවක් ගැනීම වැලැක්වීමේ ප‍්‍රධාන වගකීම තිබූ නිලධාරියා වන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා නියෝජනය කරමින් කමිටුවට සහබාගීවූ පාරිසරික සහ වෘත්තිය සෞඛ්‍ය පිලිබඳ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයාය. ඔහු එම කමිටුවේදී ගොළුවෙකු සේ වචනයක් වත් කථානොකර  අන් අයගේ බලහත්කාරය ඉවසාදාර ඇත. එම නිලධාරියා කමිටුවට සහභාගී වන බව හෝ ඉන් පසුව ලේකම්වරයාට වාර්තා කොට නැත. ඔහු ඉතා හොදින්ම දන්නා පරිධි සෙැඛ්‍ය ලේකම්වරයා විසින් විෂවේදයට අදාල නිර්දේශ ලබාගැනීම සඳහා විශේෂඥ කමිටුවක්  පත්කොට ඇත. එ් නිසා ආසනික් සුළු ප‍්‍රමාණවලින් තිබුනද ගැටළුවක් නැති බවට තීන්දුව ගන්නා විට එ් පිළිබඳව අදාල විශේෂඥ කමිටුවෙන් උපදෙස් පැතිය යුතු බව ඔහු කිවයුතුව තිබුනි. 


මහජන සෞඛ්‍යයට සහ පරිසරයට අදාලව ඉතා බරපතල තීන්දුවක් සඳහා තම අනුමැතිය දීමට ප‍්‍රථම අඩුතරමින් එහි බරපතලකම සලකා ලේකම්තුමාගේ උපදෙස් පැතීමට යුතුකමක් ඔහුට තිබුණි. නමුත් මහජනයා වෙනුවෙන් ඔහු තම යුතුකම ඉටුකලේ නැත. එ් පිළිබඳව ලේකම්තුමා ගන්නි තීන්දුව දෙස මුළු රටම විමසිලිවත්ව බලාසිටිනු ඇත. ගරු කටයුතු වෛද්‍යවරයෙකු වන ලේකම්තුමා අඩුවශයෙන් තම ගරුත්වය රැක ගැනීම සඳහා හෝ ක‍්‍රියාමාර්ගයක් ගත යුතුව ඇත. එ් අනුව ඔහු තම නිලධාරියාට යම් සඩුවමක් ලබාදෙන අතර කමිටුව විසින් ගන්නා ලද තීන්දුව නැවත සලකාබැලීම සඳහා ඉල්ලීමක් කල යුතුව ඇත. එ් මගින් සමහර විට ආසනික් හිතවාදී නිලධාරීතන්ත‍්‍රය සහ සමාගම් විසින් තාවකාලිකව අත්පත්කර ගත් ජයග‍්‍රහණය ආපසු හැරවීමේ ඉඩකඩක්ද ඇත. එසේ වන්නේ දැනටමත් ශ‍්‍රී ලංකා හරිත පක්‍ෂය සහ පාරිසරික යුක්තිය සදහා වන මධ්‍යස්ථානය විසින් පලිබොධනාශක රෙජිස්ටාර්වරයා ඇතුලූ වගකිවයුතු නිලධාරීන්ට විරුද්ධව නඩු පවරා ඇති බැවිනි. 


මෙහිදී ආසනික් විරෝධී සටනට දායක වූ පිරිස එම යුතුකම ඉටුකලේ තම හෘදයක්‍ෂියේ පෙලඹවීම නිසා මිස වෙනත් කිසිදු පුද්ගලික හේතු නිසා නොවේ. කෘෂිකර්ම නිළධාරින් තමා නිතර ඇසුරු කරන කෘෂි රසායන සමාගම්වලට ඇති හිතවාදි බව සහ තම හෘද සාක්‍ෂිය යන දෙකෙන් පළමුවැන්න තෝරාගැනීම පිළිබඳව අපට විශාල කණගාටුවක් නැත. එසේ වන්නේ ඔවුන්ගේ සමාගම් හිතවාදය නිසා රටේ කෘෂිකර්මාන්තයට සිදුවන බොහෝ අකටයුතුකම් නිතර දෙවේලේ අප අත් දකින නිසාය. විශේෂයෙන්ම සමාගම් විසින් කෘෂිකර්ම නිළධාරිතන්ත‍්‍රයේ ඉහළ පිරිස්වල හිසට ඉදිරියෙන් එල්ලා ඇති ‘‘අනාගත රැකියා අවස්ථා’’ නැමැති කැරට් අලය නිසා වන පෙළඹවීමද අපට තේරුම්ගත හැක. (එවැනි රැකියා අවස්ථා සමාගම්වලට කඬේ යන සියලූ දෙනාටම නොලැබීම වෙනම කාරණයකි.* නමුත් අපට ඇති ප‍්‍රශ්නය සෞඛ්‍ය අමාත්‍යංශයේ නිළධාරියා එවැනි පාවාදීමක් කළේ කුමක් සඳහාද යන්නයි. එම කමිටුවේ සිටි අනෙක් විද්වත් නිළධාරින් සමාගම් හිතවාදි සහ ආසනික් හිතවාදි නිළධාරින්ට යටත්වුයේ කුමක් නිසාද යන්න ඔවුන් විසින්ම තම හෘද සාක්‍ෂියෙන් විමසා දැනගත යුතුය. එසේම ආසනික් සහ රසදිය වැනි උග‍්‍රවිෂ වර්ග ශරීරගතවීම නිසා රෝගීවන යන මියයන සියලූ ජනතාවගේ සාපයෙන් බේරිමේ මඟක්ද ඔවුන් සොයා ගත යුතුය.


අවසාන වශයෙන් කිවයුත්තේ සමාගම් හිතවාදි නිළධාරින්ගේ ආසනික් හිතවාදය පිළිබඳව අපට කණගාටුවක් නැතත් ආසනික් හිතවාදි විද්වතුන්ගේ විද්වත්භාවයේ දුප්පත්කම පිළිබඳව අපට බලවත් කණගාටුවක් තිබෙන බවය. පළිබෝධනාශක වල ආසනික් නැති බව මේ විද්වතුන් මුලින්ම තර්ක කළේය. පසුව පරික්‍ෂණ මගින් ඔප්පු වූ පසුව ඒවා ටිකක් තිබුණාට කමක් නැතැයි ඔවුන් පැවසුවේය. ඉන්පසු එසේ තිබුණාවුවත් රජරට වකුගඩු රෝගය සහ ආසනික් අතර සම්බන්ධයක් නැතැයි ඔවුහු තරයේ කියා සිටියෝය. ඊට අමතරව එවැනි සම්බන්ධයක් ඇතැයි කියන පිරිස් දෙවියන් බුදුන් අදහන අය බැවින් ඔවුන්ගේ මතවාද විද්‍යාත්මක ක‍්‍රමවේදවලට පටහැනි බවද ප‍්‍රකාශ විය.


නමුත් ආසනික් සහ රසදිය මාරාන්තික විෂ වර්ග බවත් ඒවා බිඳක් හෝ අඩංගු පළිබෝධනාශක ආනයනය නීති විරෝධී බවද ඔවුහු ඉතා හොඳින් දැන සිටියහ. රජරට වකුගඩු රෝගය සහ ආසනික් අතර සම්බන්ධය තහවුරු කිරිම සඳහා තවදුරටත් පර්යේෂණ අවශ්‍ය බව පැවසීම විවාදයක් නොමැතිව පිළිගත හැක. නමුත් ආසනික් අංක එකේ පිළිකාකාරකයක් බව සහ දියවැඩියාව සහ සමේ රෝග ආදී රෝග රාශියකට හේතුවන රෝගකාරකයක් බව ලෝකය පුරා පර්යේෂණවලින් ඔප්පු වී ඇති බව මේ විද්වතුන් ඉතා හොඳින් දනිති. එසේම මේ විෂ වර්ග මුලද්‍රව්‍යය බැවින් ඒවා විනාශ නොවී මහපොලවේ එක්රැස්වන බවත් ඒ නිසා ඒවා ආහාර දාමයට ඇතුලූවන බවත් සාමාන්‍යපෙළ සිසුන්ට වුවද අවබෝධකරගත හැක. එසේ නම් මේ සියලූ විනාශකාරි තත්ත්වයන් දැනුවත්ව නොසලකාහරිමින් මේ විද්වතුන් ආසනික් හිතවාදි නිලධාරි තන්ත‍්‍රය සමඟ එක පෙළට සිටගන්නේ කුමක් නිසාද? ඒ ඉතා පැහැදිලිවම රජරට වකුගඩු රෝගය සහ ආසනික් අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව තහවුරු කිරිම සඳහාය. එමගින් ඊට පෙර තමන් ඉදිරිපත්කළ වකුගඩු රෝග ආශ‍්‍රිත ප‍්‍රවාදය අවලංගු නොවන බව තහවුරුකරගැනීමට මේ විද්වතුන් දුප්පත් උත්සාහයක යෙදේ. වෛද්‍යවරුන් බොහෝමයක් ඇතුලූ විද්වතුන් ආසනික් සටනේදි නිහඬව සිටියේ හෝ ඊට පිටුපෑවේ එවැනි සරල පුද්ගලික කරුණු නිසාය. එක් වෛද්‍යවරයෙක් ආසනික් පර්යේෂණවලට සම්බන්ධ වෛද්‍යවරයකු පිළිබඳ අදහස් දක්වමින් කියා සිටයේ ‘‘ඌ ජන්දේ ඉල්ලපු එකෙක් උගේ කටත් වැඩියි.’’ යනුවෙනි. ඔහු ආසනික් වාදී වන්නේ ඒ වෛද්‍යවරයා සමඟ තිබෙන පුද්ගලික වෛරයක් නිසාය. මේ සියල්ල පිළිබඳ මෙනෙහි කිරිම පශ්චාත් මරණ පරික්‍සණයටම අයත් කාර්්‍යයකි. තාවකාලික පරජය ජයග‍්‍රහණයක් බවට පරිවර්තනය කරගත හැක්කේ ඒ සියලූ අත්දැකිම් වලින් පාඩම් ඉගෙන ගැනීමෙන් පමණි.


වෙද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර


  


  





සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාතයාංශය නිකුත් කල නවතම වාර්තාවකට අනුව කොටි සංවිධානය ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තය ඇතුළු දකුණු ඉන්දියානු ප‍්‍රදේශ මුල්කරගෙන නැවත වටයකින් සංවිධානය වෙමින් ඇත. ඒ නිසා ඉන්දියානු රජය එම සංවිධානයට
මාර්තු මස ජිනීවාහිදි පැවැත්වෙන 22 වැනි මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කරන බව මේ වන විට නිවේදනය කොට ඇත. නමුත් එවැනි තීන්දුවකට පසුව ශ‍්‍රී ලංකාවේ මහජනතාව අතර ප‍්‍රබල ඉනන්දියානු විරෝධ
’’ අධිරාජ්‍යවදී කුලී හමුදාවක් සහමුලින්ම විනාශ කොට රටක් නිදහස් කර ගැනීම පිළිබඳ ශ‍්‍රී ලාංකික ජාතිය ලෝකයේ ප‍්‍රමුඛතම ජාතියක් ලෙස ඉතිහාස ගත වනු ඇත. එසේම එවැනි වු මහා ජයග‍්‍රහණයකට පිටුපස හැරවු ජාතියක් ලෙසද අප ඉතිහාසගත වනු ඇත. ’’
මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකානු තානාපති ලෙස පත්කොට ඇති ඩොනෙහියු නැමැති කාන්තාව පසුගිය දා මාධ්‍යයට ඉතා උද්දච්ච ප‍්‍රකාශයක් කලාය. ඇගේ ප‍්‍රකාශයේ සැබෑ සිංහල තේරුම අනුව ඇය කියන්නේ ශ‍්‍රී ලංකාව යෝජනාව ගෙන එ්මට පෙර හිස
මාර්තු 27 වැනිදා ජිනීවා සමුළුවේදී සාකච්ඡුාවට සහ ඡුන්ද විමසීමට ලක්වන ඇමෙරිකානු යෝජනාවේ කෙටුම්පත මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇත. ඊට ප‍්‍රතිචාර දක්වන දෙමළ ඩයස්පෝරාව කියා සිටින්නේ ඇමෙරිකාව විසින් දෙමළ ජනතාවගේ අපේක්‍ෂා නොසලකා හැර ඇති බවයි. ඊට අමතරව සමහර රජයේ පාර්ශවද එම යෝජනාව ඔවුන් බලාපොරොත්තු වූ තරම් බරපතල නැතැයි මත පළකරමින් ඇත. නමුත් ජිනීවාහිදී රජය කටයුතු කළයුතු ආකාරය පිළිබඳව පසුගිය දිනවල රජයට උපදෙස් දුන් බෙදුම්වාදී න්‍යායචාර්්‍යවරුන් ඒ පිළිබඳව අනාවැකි පළකරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ජිනීවාහිදී ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරමින් තම මතය ඉදිරිපත් කළ ජී.එල්. පීරිස් අමාත්‍යතුමාට ඉතා තදින් දෝෂාරෝපනය කරති.
පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වූ හේතුවක් සොයාගත නොහැකි වකුගඩු රෝගයට අදාල විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව බැලූ බැල්මට හේතු කිහිපයක් නිසා සුවිශේෂී විය. පළමුවැන්න එය විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත්
පසුගිය 16 වැනිදාට යෙදුනු ලෝක ආහාර දිනය සමරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර සුරක්‍ෂිතතා සතියක් ප‍්‍රකාශයට පත්කොට ඇත. ඔවුන් එහිදී ආහාර සුරක්‍ෂිතාව :ත්‍දදා ීැජමරසඑහ* පිළිබඳව කථාකලත් ඔවුන්ගේ අවධානයට ලක්වන්නේ ආහාර වල සෞඛ්‍ය ආරක්‍ෂාව :ත්‍දදා ී්එැඑහ* පමණී. ඇත්තවශයෙන්ම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර පිළිබඳව කුමක් කථාකලත් ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය විමසා බැලීමේදී පැහැදිලිව පෙනී යන දෙයක් ඇත. ඒ ඔවුනට ආහාර ආරක්‍ෂාව, ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණය අතර පවතින සමාජ-ආර්ථික, දේශපාලන හෝ සංස්කෘතික සහ පාරසරික සහ-සම්බන්ධතාවයන් පිළිබඳව ගැඹුරු අවබෝධයක් නොමැති බවය.
ඇමෙරිකාවේ දැන උගත් ජනතාව අන්දුන් කුන්දුන් කරමින් 2012 මාර්තු 16 වැනිදා ඉතා වැදගත් ලේඛනයකට ඒ රටේ ජනාධිපති බරක් ඔබාමා විසින් අත්සන් තැබිනි. එම ලේඛනය හැදින්වෙන්නේ ‘‘ විධායක නියෝගය ’’ යන තාක්‍ෂණික නාමයෙනි. ඒ මගින් ඔහුගේ බලයලත් ලේකම්වරුන්ට සමස්ථ රටම යුද වාතාවරණයක තැබීම සඳහා අවශ්‍ය සියළු බලතල ලබා දී ඇත. ඒ අනුව අනාගතයේදී ඕනෑම දවසක ඇමෙරිකාවේ රාජ්‍ය සහ පුද්ගලික සමාගම් සතු දේපල සහ මහජනයා සතු දේපල මෙන්ම රටේ පොදු සම්පත් යුද්ධය
පහත පළකෙරෙන අතිගරු ජනාධිපතිතුමාට යොමුකෙරෙන ලිපියෙන් ඉල්ලා සිටින පරිදී රජරට වකුගඩු රෝගය පාලනය කිරීමට අදාල මූලික පියවරක් ලෙස කෘෂි රසායන භාවිතය පාලනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් එම අමාත්‍යාංශයේ

ප්‍රධාන පුවත්

කැකිරාවේ සුදස්සන හිමි නිකායෙන් නෙරපයි..

සම්ප්‍රදායික ථේරවාදී බුදුදහමේ මූලධර්ම මෙන්ම අටුවා විග්‍රහයන්ට පටහැනි අදහස් සමාජගත කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා විභාග කිරීමෙන් අනතුරුව, කැකිරාවේ සුදස්සන හිමියන්ගේ නිකායික සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝ සභාව තීරණය කර ඇති බව වාර්තා වේ.

කොටියා කියපු අර්ච්චුනා එදා හිටියේ කාත් එක්ක ද?.. ජනාධිපතිවරණයේ දී තමන්ට සහාය දෙනකොට අර්ච්චුනා මරු.. අද කොටියා වෙලා.. - විමල් වීරවංශ

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් පොහොට්ටුවේ අනුරාධපුර රැලියට සම්බන්ධවීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් මාධ්‍යවේදියකු සිදුකළ ප්‍රශ්න කිරීමේ දී විමල් වීරවංශ මහතා පවසන්නේ අර්ච්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරණයේ දී සහාය ලබාදුන්නේ වර්තමාන ජනාධිපතිවරයාට බවය.

ඉන්දියාව සමඟ අත්සන් කළ භයානක ගිවිසුම.. "මෙතෙක් ඉතිහාසයේ මෙවැනි ගිවිසුමක් අත්සන් කර නෑ" - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තබා ඇති නවතම ගිවිසුම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් දැඩි අනතුරු ඇඟවීමක් සිදුකරයි.

කාගම හාමුදුරුවෝ සුදා ඇන්දුවා ද?.. සුදා කාගම හාමුදුරුවන්ව ඇන්දුවා ද?..

පසුගිය කාලයේ ජනතාවට තෝරාගැනීමක් නැතිවූ තැන ජනතා විමුක්ති පෙරමුණ බලයට ගෙන ඒමට තෝරාගත් බවත්, එයත් දැන් නරියෙක් රජවුනා හා සමාන දෙයක් බවට පත්ව ඇති බවත් කාගම සිරිනන්ද හිමි ධර්ම දේශනාවකදී පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

ෆේස්බුක් සටහනකින් ආගමික අපහාසයක් සිදුකළා යැයි සෞදියේදී ලාංකිකයෙකුට මරණ දඬුවම..

ආගමික අපහාසයක් සිදු කළ බවට චෝදනා කරමින් සෞදි අරාබියේදී අත්අඩංගුවට ගෙන මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයාගේ ජීවිතය බේරාගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් උපරිම මැදිහත්වීමක් සිදු කරමින් සිටින බව රජය පවසයි.

"ත්‍රස්තවාදීන් නොව සැමරිය යුත්තේ රටට සේවය කළ බුද්ධිමතුන්.. තිලීපන්ගේ ප්‍රතිමාව වහාම ඉවත් කරන්න".. - අරුන් සිද්ධාර්ථ්

යාපනය, නල්ලූර් ප්‍රදේශයේ, 2026 සැප්තැම්බර් 15 වන දින ඉදිකරන ලද එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයෙකු වූ තිලීපන්ගේ ප්‍රතිමාව වහාම ඉවත් කරන ලෙසත්, එය ස්ථාපිත කිරීමට වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් සර්වජන බලය යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ථ් මහතා රජයෙන් ඉල්ලා සිටී.

තිලීපන්ගේ ප්‍රතිමාවලින් හෙළි වන්නේ ඩයස්පෝරා සම්මුතියයි.. අර්ජුනා “කොටියා” වුණේ වේදිකාව මාරු කළ නිසාද..? - විමල් වීරවංශ

වත්මන් ආණ්ඩුව නීතිය කාටත් පොදුයි කියා පැවසුවද, උතුරු නැගෙනහිර දෙමළ බෙදුම්වාදී අන්තවාදයට සහ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමට පූර්ණ නිදහස ලබා දෙමින් දකුණේ දේශපාලන ප්‍රතිවාදීන් දඩයම් කිරීමේ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි. අද 18 පෙරවරුවේ බත්තරමුල්ල පිහිටි ජාතික නිදහස් පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී වීරවංශ මහතා මෙම අදහස් පළ කළේය.

චන්ද්‍රයා මත යුද්ධයකට සූදානම් වෙමින්ද?.. ඇමරිකාව චන්ද්‍ර කක්ෂය වෙඩි බෙහෙත් ගබඩාවක් බවට පත් කිරීමට සැරසෙයි..

පෘථිවිය මත පැවති කඳවුරු දෙකේ ගැටුම්කාරී පැරණි පිටපත, චන්ද්‍රයා ආශ්‍රිත අභ්‍යවකාශය තුළ ද ඇමරිකාව විසින් යළි ක්‍රියාත්මක කරමින් සිටී.

රුසියාවෙන් තෙල් ගන්නා ඉන්දියාව හා චීනය ඇතුළු රටවලට 100%ක බද්දක් පැනවීමට අමෙරිකාව සැරසෙයි..

රුසියාවෙන් බොරතෙල් සහ ගෑස් මිලදී ගන්නා රටවල් සඳහා සියයට 100ක් දක්වා වූ දැවැන්ත තීරුබදු පැනවීමට සහ රුසියාවට එරෙහිව සම්බාධක දැඩි කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පුළුල් බලතල ලබා දෙන නව පනත් කෙටුම්පතක් අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

"කියුබාව බිඳවැට්ටවීමට ඇමෙරිකාව දරන උත්සාහය කිසිදා සාර්ථක වන්නේ නැහැ".. - කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Carlos Fernandez De Cossio

එක්සත් ජනපදය විසින් පනවා ඇති දැඩි ආර්ථික හා බලශක්ති සම්බාධක හමුවේ කියුබාවේ දෛනික ජන ජීවිතය සහ සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයකට ලක්ව තිබුනද කියුබාව බිඳවැට්ටවීමට ඇමෙරිකාව දරන උත්සාහය කිසිදා සාර්ථක නොවන බව කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Carlos Fernandez De Cossio මහතා පවසයි.

ඇමරිකාවේ ඩීසල් මිල අඛණ්ඩව දෙවැනි දිනයටත් ඉහළට ! ඉතිහාසයේ ඉහළම අගය බව විශ්ලේෂකයෝ පවසති !

ඇමරිකාවේ ඩීසල් වල සාමාන්‍ය මිල අඛණ්ඩව දෙවැනි දිනයටත් නව සර්වකාලීන ඉහළම අගයක් වාර්තා කරමින්, ගැලුමකට ඩොලර් 6.31ක් (ලීටර් 3.8ක් පමණ) හෙවත් ඩීසල් ලීටරයක් අමෙරිකානු ඩොලර් 1.67 දක්වා ඉහළ ගොස් ඇති බව, ඊයේ(16) දිනයේදී ජාත්‍යන්තර විශ්ලෙෂකයන් විසින් ඇමරිකානු මෝටර් රථ සංගමයේ (AAA ) දත්ත අධ්‍යයනය කිරීමෙන් පසුව පවසා ඇතැයි වාර්තා වේ.

රජ්ජුරුවන්ගේ කරඬුව ඉවත් කර අලුතින් දළදා කරඬුවක් ආදේශ කිරීම සුදුසුද?.. - අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී හිමියන්ගෙන් විශේෂ අදහස් දැක්වීමක්..

උත්තරීතර අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී, අතිපූජ්‍ය බලපිටියේ සිරි සීවලී නායක හිමිපාණන් වහන්සේ විසින් ශ්‍රී දළදා වහන්සේගේ කරඬුව වෙනස් කිරීම සම්බන්ධයෙන් විශේෂ අදහස් දැක්වීමක් සිදුකර තිබේ.

2/3ක බලයක් ලැබුනු කිසිදු ආණ්ඩුවක් සම්පූර්ණ ධුර කාලය ඉඳල නෑ.. - උවිඳු විජේවීර

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) බලයක් ලබාගත් කිසිදු ආණ්ඩුවකට තමන්ගේ සම්පූර්ණ ධුර කාලය සම්පූර්ණ වන තෙක් බලයේ රැඳී සිටීමට නොහැකි වී ඇති බව 'දෙවන පරපුර' පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා පවසයි.

බොරු කියන එක ආත්මගත ක්‍රියාවක් බවට පත්වෙලා.. - වත්මන් ආණ්ඩුවේ දේශපාලන භාවිතාව හා රටේ ඉදිරි දිශානතිය ගැන විමල් වීරවංශගෙන් අනාවරණයක්..

ජාතික නිදහස් පෙරමුණේ නායක සහ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් දේශපාලන තත්ත්වය සහ ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් ගමන්මඟ පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කරයි.

එයාර් බස් ගනුදෙනුවට නාමල් රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව..

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධියට අදාල සැකකරුවන් සම්බන්ධයෙන් නිතිපති උපදෙස් ලැබී ඇති බැවින් අදාල චෝදනා ප්‍රමාදයකින් ‍තොරව ගොනු කරන බව නිතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ ඊයේ (16) ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.