News Category
From Date
To Date
Maximum Number of Result

මාළු වැඩි තැන් හඳුනගන්න හැකි තනි තාක්ෂණික මෙවලමක් දැනට ලෝකයේ නෑ.. - ‘මාළු ඇප්’ එක සහ තාක්ෂණික යථාර්ථය ගැන INORA ආයතනය හෙළිකරයි..

Nov 15, 2026 at 05:01 PM
|

මත්ස්‍ය ගහණය වැඩි ප්‍රදේශ හඳුනාගැනීම සඳහා ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) නිර්මාණය කිරීම සරල කාර්යයක් නොවන බවත්, ඒ සඳහා විශාල මූල්‍ය ආයෝජනයක් සහ විශේෂිත තාක්ෂණික දැනුමක් අවශ්‍ය බවත් INORA - Institute of Ocean Resources Analysis ආයතනයේ විධායක අධ්‍යක්ෂ අයේෂ් ඉන්ද්‍රනාත් රණවක පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ සාගරයේ මත්ස්‍ය ගහණය වැඩි ප්‍රදේශ නිශ්චිතව හඳුනාගත හැකි තනි තාක්ෂණික මෙවලමක් දැනට ලොව භාවිතයේ නොමැති බවයි.

කෙසේ වෙතත්, චන්ද්‍රිකා තාක්ෂණය මඟින් සාගර ජලයේ මතුපිට උෂ්ණත්වය (Sea Surface Temperature - SST), හරිතප්‍රද සාන්ද්‍රණය (Chlorophyll Concentration), සාගර දියවැල් සහ රළවල උස වැනි දත්ත විශ්ලේෂණය කරමින් මත්ස්‍ය ගහණය වැඩි විය හැකි ප්‍රදේශ අනුමාන කළ හැකි බව ඔහු සඳහන් කරයි.

එමෙන්ම, රාත්‍රී කාලයේ ලබාගන්නා චන්ද්‍රිකා ඡායාරූප සහ Visible Infrared Imaging Radiometer Suite (VIIRS) වැනි තාක්ෂණයන් මඟින් මුහුදේ ක්‍රියාත්මක වන ධීවර යාත්‍රා පිළිබඳ තොරතුරු ලබාගත හැකි බවත්, Vessel Monitoring System (VMS) සහ Automatic Identification System (AIS) හරහා යාත්‍රාවල ගමන් මාර්ග සහ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

ඔහුගේ අදහසට අනුව, VMS හරහා හඳුනාගන්නා ධීවර යාත්‍රා පොකුරු පවතින ප්‍රදේශ පිළිබඳ තොරතුරු අනෙකුත් යාත්‍රා වෙත සන්නිවේදනය කිරීම වඩාත් ප්‍රායෝගික ක්‍රමයකි.

මේ සඳහා නිර්මාණය කරන යෙදවුම NARA ආයතනය, ධීවර දෙපාර්තමේන්තුව, නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සමග සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කළ යුතු බව ද ඔහු අවධාරණය කරන අතර, දැනට පවතින VMS ඇතුළු තාක්ෂණික පද්ධති සමග එය සම්බන්ධ කිරීමත් අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දෙයි.

2018 වසරේදී ද මෙවැනි යෙදවුමක් ධීවර අමාත්‍යාංශයට ඉදිරිපත් කළ බවත්, එවකට පැවති නිලධාරීවාදී බාධා සහ දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් එම අවස්ථාව මෙරට ධීවර ක්ෂේත්‍රයට අහිමි වූ බවත් අයේෂ් ඉන්ද්‍රනාත් රණවක සඳහන් කරයි.

එමෙන්ම, 2020 වසරේදී රුපියල් මිලියන 100ක පමණ වියදමින් කාලගුණ තොරතුරු ලබාදීම සහ අනතුරකදී ධීවර යාත්‍රාවල ස්ථාන හඳුනාගැනීම සඳහා පෞද්ගලික සමාගමක් විසින් ජංගම යෙදවුමක් නිර්මාණය කර ඇති බව ද ඔහු පවසයි.

කෙසේ වෙතත්, වෙරළේ සිට නාවික සැතපුම් 20ත් 25ත් අතර දුරකට ගමන් කිරීමේදී ජංගම දුරකථන සංඥා අහිමි වීම නිසා එම යෙදවුමේ සන්නිවේදන කටයුතු සීමා වන බවත්, NARA ආයතනය 2008/2009 කාලයේ සිට මත්ස්‍ය ගහණය වැඩි ප්‍රදේශ පිළිබඳ දත්ත ධීවර ජනතාවට ලබාදීම ආරම්භ කර ඇති බවත් ඔහු සඳහන් කරයි.

මේ අතර, වසර අටක පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර සමාගම් ද සම්බන්ධ කරගනිමින් ධීවර ජනතාවට ඉහළ මිලක් ලබාගැනීමට හැකි වෙන්දේසි වේදිකාවක් වන Blue Biz Lanka නිර්මාණය කළ බවත්, එය මේ වනවිට පර්යේෂණ මට්ටමින් ක්‍රියාත්මක වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

සම්බන්ධිත පුවත් | Related News

ලෝකයේ පවතින න්‍යෂ්ටික අවි සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු කිරීම අරමුණු කරගනිමින්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ.
ජනාධිපතිවරයා විසින් සිය අයවැය යෝජනා මඟින් ද්විත්ව පුරවැසියන්ට සහ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට අපේක්ෂා කරන සහන සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්තිමය ස්ථාවරයක් නොමැති බවත්, එය හුදෙක් දේශපාලන ත්‍යාග ලබාදීමේ වැඩපිළිවෙළක් වී ඇති බවත් දේශප්‍රේමී ජාතික පෙරමුණේ නායක, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.
වත්මන් රජය ඉදිරිපත් කර ඇති අයවැය හරහා ජනතාවට අලුත් බොරු තොගයක් පවසා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
2025 වසරේ අයවැය යෝජනාවලින් සියයට 40කට ආසන්න ප්‍රමාණයක් සැලකිය යුතු මට්ටමින් ක්‍රියාත්මක වී නොමැති බව වෙරිටේ රිසර්ච් ආයතනයේ නවතම ඇගයීමකින් අනාවරණය වී තිබේ.
අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ද ඉහළ දමා තිබේ.
ලංකා ලීඩර් වෙත ජාතික සංවිධාන නියෝජනය කරමින් ප්‍රකාශයක් සිදුකළ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ අනුරාධපුර භික්‍ෂු සත්‍යයක් ක්‍රියාවට පහර දීම ආණ්ඩුව විසින් සැලසුම් සහගතව සිදුකළ ක්‍රියාවක් බවය.
අනුරාධපුර ඓතිහාසික බෞද්ධ පූජා භූමිය සම්බන්ධයෙන් ආණ්ඩුව නිකුත් කර ඇති ගැසට් නිවේදනය පිටුපස ජනතාවට හෙළි නොකළ තවත් ව්‍යාපෘති සැලැස්මක් පවතින බවට සැකයක් මතුවන බවත්, එම ව්‍යාපෘතියේ සම්පූර්ණ වාර්තාව වහාම රටට හෙළි කරන ලෙසත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.
රුසියානු පොසිල ඉන්ධන මත යැපීම අවසන් කරන බවට බ්‍රසල්ස් පාලකයන් නැවත නැවතත් ප්‍රකාශ කළද, රුසියාවේ ප්‍රමුඛතම ආක්ටික් ගෑස් ව්‍යාපෘතියක් වන යමාල් (Yamal) හි ප්‍රධානතම පාරිභෝගිකයා තවමත් යුරෝපා සංගමය බවට පත්ව තිබේ.
අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල මෑතකදී ඇති වූ උණුසුම් තත්ත්වය සහ භික්ෂූන් වහන්සේලා මුහුණ දී ඇති අභියෝග සම්බන්ධයෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියන් දැඩි අදහස් පළ කරමින් පෙන්වා දෙන්නේ වර්තමානයේ භික්ෂු සමාජය දැඩි අනාරක්ෂිතභාවයකට මුහුණ දී ඇති බවයි.

ප්‍රධාන පුවත්

මාළු වැඩි තැන් හඳුනගන්න හැකි තනි තාක්ෂණික මෙවලමක් දැනට ලෝකයේ නෑ.. - ‘මාළු ඇප්’ එක සහ තාක්ෂණික යථාර්ථය ගැන INORA ආයතනය හෙළිකරයි..

මත්ස්‍ය ගහණය වැඩි ප්‍රදේශ හඳුනාගැනීම සඳහා ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) නිර්මාණය කිරීම සරල කාර්යයක් නොවන බවත්, ඒ සඳහා විශාල මූල්‍ය ආයෝජනයක් සහ විශේෂිත තාක්ෂණික දැනුමක් අවශ්‍ය බවත් INORA - Institute of Ocean Resources Analysis ආයතනයේ විධායක අධ්‍යක්ෂ අයේෂ් ඉන්ද්‍රනාත් රණවක පවසයි.

ට්‍රම්ප්ගෙන් න්‍යෂ්ටික අවි අඩු කිරීමේ නව යෝජනාවක්.. – පුටින් සහ ෂී ජින්පින් චීනයේදී ඓතිහාසික සාකච්ඡාවක..

ලෝකයේ පවතින න්‍යෂ්ටික අවි සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු කිරීම අරමුණු කරගනිමින්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ.

ඩයස්පෝරාව සතුටු කිරීමට ආණ්ඩුව ද්විත්ව පුරවැසිභාවය 'දේශපාලන ත්‍යාගයක්' ලෙස බෙදා දීමේ උත්සාහයක!.. - නීතිඥ නුවන් බැල්ලන්තුඩාවගෙන් අනාවරණයක්..

ජනාධිපතිවරයා විසින් සිය අයවැය යෝජනා මඟින් ද්විත්ව පුරවැසියන්ට සහ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට අපේක්ෂා කරන සහන සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්තිමය ස්ථාවරයක් නොමැති බවත්, එය හුදෙක් දේශපාලන ත්‍යාග ලබාදීමේ වැඩපිළිවෙළක් වී ඇති බවත් දේශප්‍රේමී ජාතික පෙරමුණේ නායක, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.

ආර්ථික වර්ධන වේගය 7%කට ගෙනෙනවා කිව්වා... ආණ්ඩුව භාරගන්නකොට 5.3%යි.. දැන් තුන්වෙනි අයවැය කියවනකොට 4.2%කට අඩු වෙලා.. අවුරුදු තුනක් ආණ්ඩු කරනකොට උද්ධමනය 8.3ට වැඩි වෙලා.. - නාමල් රාජපක්ෂ

වත්මන් රජය ඉදිරිපත් කර ඇති අයවැය හරහා ජනතාවට අලුත් බොරු තොගයක් පවසා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

2025 අයවැය යෝජනාවලින් 40%කට ආසන්න ප්‍රමාණයක් ඉටු වෙලා නැහැ.. - වෙරිටේ රිසර්ච් අනාවරණය කරයි..

2025 වසරේ අයවැය යෝජනාවලින් සියයට 40කට ආසන්න ප්‍රමාණයක් සැලකිය යුතු මට්ටමින් ක්‍රියාත්මක වී නොමැති බව වෙරිටේ රිසර්ච් ආයතනයේ නවතම ඇගයීමකින් අනාවරණය වී තිබේ.

ආණ්ඩුව විසින් භික්ෂු වේශධාරියකු යොදා ගනිමින් අනුරාධපුර භික්‍ෂු සත්‍යයක් ක්‍රියාවට පහර දීම මගින් ආණ්ඩුවේ දුෂ්ඨ බහු අරමුණු හෙළිදරව් වුණා.. - ජාතික සංවිධාන හෙළා දකී..

ලංකා ලීඩර් වෙත ජාතික සංවිධාන නියෝජනය කරමින් ප්‍රකාශයක් සිදුකළ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ අනුරාධපුර භික්‍ෂු සත්‍යයක් ක්‍රියාවට පහර දීම ආණ්ඩුව විසින් සැලසුම් සහගතව සිදුකළ ක්‍රියාවක් බවය.

අනුරාධපුර බෞද්ධ පූජා භූමියට අත තියන්න ඉඩ දෙන්නේ නැහැ.. සාමකාමී සත්‍යග්‍රහයට එල්ල කළ “පැලවත්තේ වඩුග මැර ප්‍රහාරයෙන්” ආණ්ඩුවේ මර්දනකාරී දිශානතිය හෙළිවුණා.. - විමල් වීරවංශ

අනුරාධපුර ඓතිහාසික බෞද්ධ පූජා භූමිය සම්බන්ධයෙන් ආණ්ඩුව නිකුත් කර ඇති ගැසට් නිවේදනය පිටුපස ජනතාවට හෙළි නොකළ තවත් ව්‍යාපෘති සැලැස්මක් පවතින බවට සැකයක් මතුවන බවත්, එම ව්‍යාපෘතියේ සම්පූර්ණ වාර්තාව වහාම රටට හෙළි කරන ලෙසත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

ආනයන තහනම අභියස රුසියානු පොසිල ඉන්ධන සඳහා යුරෝපා සංගමය යුරෝ බිලියන 8.7ක් වැය කරයි

රුසියානු පොසිල ඉන්ධන මත යැපීම අවසන් කරන බවට බ්‍රසල්ස් පාලකයන් නැවත නැවතත් ප්‍රකාශ කළද, රුසියාවේ ප්‍රමුඛතම ආක්ටික් ගෑස් ව්‍යාපෘතියක් වන යමාල් (Yamal) හි ප්‍රධානතම පාරිභෝගිකයා තවමත් යුරෝපා සංගමය බවට පත්ව තිබේ.

භික්ෂු සාසනය විනාශ වීමේ වගකීම නායක හිමිවරු භාරගන්න.. - සාසනය වෙනුවෙන් කිසිම පනතක් ගේන්න ලැබුනෙ නෑ.. - පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල මෑතකදී ඇති වූ උණුසුම් තත්ත්වය සහ භික්ෂූන් වහන්සේලා මුහුණ දී ඇති අභියෝග සම්බන්ධයෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියන් දැඩි අදහස් පළ කරමින් පෙන්වා දෙන්නේ වර්තමානයේ භික්ෂු සමාජය දැඩි අනාරක්ෂිතභාවයකට මුහුණ දී ඇති බවයි.

උණු උණු කැවුම් වෙනුවට දීල තියෙන්නෙ පුස්කාපු කැවුම්.. - චාමර සම්පත්... ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නෑ.. - සජිත් ප්‍රේමදාස - අයවැය ගැන පක්ෂ විපක්ෂ නියෝජිතයින් කියන කතා..

අයවැයේ ඇත්තේ පසුවට බලාපොරොත්තු වන දේවල් මිස මේ මොහොතේ විසඳුම් නොවන බවත් උණු උණු කැවුම් වෙනුවට දී ඇත්තේ පුස්කාපු කැවුම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.

අනුරාධපුර භික්ෂු සත්‍යග්‍රහයට එල්ල වූ මැර ප්‍රහාරය හෙළා දකිනවා.. - විමල් වීරවංශ

අනුරාධපුර පූජා නගරය ආශ්‍රිත ගැටලුවකට සාධාරණ විසඳුමක් ඉල්ලා සාමකාමී සත්‍යග්‍රහයක නිරත වූ භික්ෂූන් වහන්සේලාට එල්ල වූ මැර ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.

අයවැයෙන් ලැබෙන සහන.. සම්පූර්ණ අයවැය විස්තරේ මෙන්න..

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද වත්මන් රජයේ තෙවන අයවැය ලේඛනය අද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයට පත් කෙරිණි.

ඉන්දියාව, චීනය, අමෙරිකාව තරහ කරගන්නේ නැතුව අපි අපේ ගමන යනවා.. IMF එක්ක යන ගමනත් ඒ වගේ තමයි.. - ටිල්වින් සිල්වා

ජාතික ජන බලවේග රජයේ කිසිදු දේශපාලනඥයකු හෝ නිලධාරියකු යම් වරදක් සිදු කළහොත් ඔවුන් කිසිම අවස්ථාවක ආරක්ෂා කිරීමට පක්ෂයක් ලෙස හෝ රජයක් ලෙස කටයුතු නොකරන බවත්, එවැනි අවස්ථාවලදී තරාතිරම නොබලා දැඩි නීතිමය හා පක්ෂ මට්ටමින් ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.