ආහාර ගිනිකන්ඳ මුදුනේ සිට....
පසුගිය 16 වැනිදාට යෙදුනු ලෝක ආහාර දිනය සමරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර සුරක්‍ෂිතතා සතියක් ප‍්‍රකාශයට පත්කොට ඇත. ඔවුන් එහිදී ආහාර සුරක්‍ෂිතාව :ත්‍දදා ීැජමරසඑහ* පිළිබඳව කථාකලත් ඔවුන්ගේ අවධානයට ලක්වන්නේ ආහාර වල සෞඛ්‍ය ආරක්‍ෂාව :ත්‍දදා ී්එැඑහ* පමණී. ඇත්තවශයෙන්ම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර පිළිබඳව කුමක් කථාකලත් ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය විමසා බැලීමේදී පැහැදිලිව පෙනී යන දෙයක් ඇත. ඒ ඔවුනට ආහාර ආරක්‍ෂාව, ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණය අතර පවතින සමාජ-ආර්ථික, දේශපාලන හෝ සංස්කෘතික සහ පාරසරික සහ-සම්බන්ධතාවයන් පිළිබඳව ගැඹුරු අවබෝධයක් නොමැති බවය.
පසුගිය කාලයේදී සෞඛය අමාත්‍යාංශය සහ කොළඹ නගර සභාව ආහාර වල සෞඛ්‍ය ආරක්‍ෂාව නැමැති සාධකය ව්‍යුක්තව ගෙන ක‍්‍රියාමාර්ග ගැනීම නිසා කොළඹ නගරයේ අඩු ආදායම්ලාභී පවුල් 65,000 ක සාමාජිකයින්ට බලවත් අසාධාරණයක් සිදුවෙමින් ඇත. එහිදී ඔවුන් ආහාර ආරක්‍ෂාවට යටත්කොට එම ජනතාවගේ ආහාර සුරක්‍ෂිිතතාව සහ පෝෂණය අනතුරට හෙලා ඇත. ඒ වීදිවල පැකට්කළ ආහාර විකිණීමට බාධා පැමිණවීම මඟිනි. මෙම ක‍්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට පෙර එම ජනතාව අතර විශාල වශයෙන් බත් සහ ඉදිආප්ප, පිට්ටු ආදී සහල්පිටි ආහාර ප‍්‍රචලිතවීම ආරම්භ වී තිබුණි. ඒ තුළ උදේ වේලට පවා ඔවුන් අතර පාන් හෝ ෆාම් තෙල්වල ගිල්වා හදන පාන්පිටි රොටී වර්ග වෙනුවට බත් ආහාරයට ගැනීමට ප‍්‍රවනතාවයක් ඇතිවිය. එසේ වන්නේ අඩු ආදායම්ලාභී නිවෙස්වල සකස්කරන බත් පැකට් ඉතා අඩු මිලට නගරය පුරාම වීදි වෙළදුන් මඟින් මිලඳී ගැනීමට හැකිවීම නිසාය.
පිටපළාත් වලින් කොළඹට එන ජනතාවටද අඩුමිලට බත් පැකට්ටුවක් මිලදී ගැනීමට හැකිවීම නිසා එම ආහාර පුරුද්ද ඉතා කෙටිකාලෙකින් ප‍්‍රචලිත විය. ඒ මඟින් එක් පැත්තකින් එම ජනතාවට ආර්ථික ඉඩ ප‍්‍රස්ථා ප‍්‍රමාණයක් විවෘත විය. අනෙක් පැත්තෙන් ඒ හරහා රාජ්‍ය අනුග‍්‍රහය නොමැතිව පෝෂණ වැඩසටහනක්ද ප‍්‍රචලිත විය. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කළයුතු දේට ඔවුන් විසින්ම බාධා පමුණුවමින් ඇත. එසේ වන්නේ ඉහත සඳහන්කළ ආකාරයට ආහාරවලට අදාල ආරක්‍ෂාව, සුරක්‍ෂිතතාව, පෝෂණය සහ සංස්කෘතිය යන සාධක වල අන්තර් ක‍්‍රියාකාරීත්වය පටලවා ගැනීම නිසාය.
ආහාරවල සෞඛ්‍ය ආරක්‍ෂාව ඉතා වැදගත් බවට විවාදයක් නැත. එහෙත් ලෝකය පුරා අත්දැකීම් විමසා බැලීමේදී ඉතා පැහැදිලිව පෙනී යන දෙයක් ඇත. ඒ නීති මඟින් පාලනය කිරීමට වඩා ජනතාවගේ අධ්‍යාපන සහ සමාජ ආර්ථික මට්ටම් දියුණු වීම මෙන්ම පහසුකම් සහ පුහුණුව ලබාදීම මඟින් ඵලදායී ප‍්‍රතිඵල අත්පත්කරගත් බවය. ලෝකය පුරා ආහාර මඟින් ආසාදනය වන රෝග ප‍්‍රචලිතවීම ක‍්‍රමාණුකූලව පහල බසින්නේ එම ජයග‍්‍රහණ වලට සාපේක්‍ෂවය. එහෙත් අදවන විට ආහාර ආරක්‍ෂාවට අදාල සෞඛ්‍ය ප‍්‍රශ්න අභිභවා පෝෂණයට සහ ආහාර සුරක්‍ෂිතතාවට අදාල ප‍්‍රශ්න ඉතා බරපතල ලෙස මතුවෙමින් ඇත. අද ලෝකයේ සිදුවන මරණ වලින් 60% කට වගකිව යුතු වන්නේ ප‍්‍රධානවශයෙන් ආහාර සංස්කෘතිය සමඟ බැඳුණු රෝගී තත්වයන් බව පිළිගැනේ. මීට අවුරුදු 30 කට පෙර අධික තරබාරුවෙන් පීඩාවට පත් ජනගහනය 10% පමණවූවත් අද එය 50% දක්වා ඉහළ යමින් ඇත. එහිදී නරකම තත්වයක් වන්නේ 10% ක් පමණ පවුල්වල අධිපෝෂණ තත්වය සහ අව පෝෂණ තත්වය එකවිට පැවතීමය.
මේ වෙනස්කම් සමඟ සමපාතවන සුවිශේෂී ලෝක ප‍්‍රවනතාවයක් පසුගිය අඩසියවස තුළ සිදුවිය. ඒ බහුජාතික සමාගම් වල ග‍්‍රහණයට නතුවූ ඉතා පුළුල් ලෝක ආහාර වෙළඳපලක් නිර්මාණය වීම සහ සාමාන්‍ය පොදු ජනතාව ක‍්‍රමයෙන් සොභාවික ආහාර පුරුදුවලින් ඈත් වීමය. මේ තත්වය තුළ අද ලෝක ජනගහණයෙන් මිලියන 1000 ක් පමණ රාත‍්‍රී නින්දට යන්නේ ආහාර වේලක් නොමැතිව බඩගින්නේය. කණගාටුවට කරුණ වන්නේ ආර්තික වශයෙන් එවැනි තත්වයකට පත්වී ඇති ජනතාව වාසය කරන්නේ ආහාර නිෂ්පාදනයට අවශ්‍ය බොහෝ සාධක වලින් සපිරි ප‍්‍රදේශ වල වීමය.
යම් රටක ජනතාවට තමාට අවශ්‍ය ආහාර තම රට තුළදීම නිපදවාගැනීමට ඇති හැකියාව ආහාර සුරක්‍ෂිතතාව ලෙස හැදින්වේ. ආහාර සුරක්‍ෂිතතාවේ ප‍්‍රධාන පැතිකඩවල් තුනක් ඇත. පළමුවැන්න ආහාර භූගෝලීය වශයෙන් ලබාගතහැකි වීමය. දෙවැන්න එම ආහාර මිලදී ගැනීමට හෝ නිපදවා ගැනීමට මූල්‍යමය හැකියාවක් තිබීමය. තුන්වැන්න ආහාර ස්වයිරීත්වය හෙවත් බාහිර සාධකමත යැපීමකින් තොරව තම රටතුල ආහාර නිපදවා ගැනීමට ඇති හැකියාව ලෙස හදුනාගත හැක. කෙසේවෙතත් ආහාර සුරක්‍ෂිතතාවයට මෙන්ම පෝෂණයටද අදාල ප‍්‍රධාන පොදු සාධකයක් ඇත. ඒ ආහාරයේ විවිධත්වයයි. එනම් හැකිතාක් විවිධ ප‍්‍රභවයන්ගෙන් ලැබෙන ආහාරවර්ග පරිභෝජනය කිරීමය. උදාහරණයක් ලෙස බත් සහ ව්‍යන්ජනයන් දෙකක් පමණක් වෙනුවට බත් සමඟ අල, දෙල්, කොස්, පළාවර්ග සහ විවිධ එළවළු වර්ග ආදී වශයෙන් විවිධ ආහාර වර්ග ආහාර වේලට එකතුකර ගැනීම ඉතා වැදගත් වේ. එනම් ආහාර වර්ග රාශියක් ආහාර වේලට එකතුකර ගැනීම ඉතා වැදගත් වේ. එය පෝෂණමය වශයෙන් පමණක් නොව ආර්ථික සහ පාරිසරික වශයෙන්ද දීර්ඝකාලීනව පවත්වාගත හැකි ආහාර සංස්කෘතියක් බැවින් ඒ මඟින් ආහාර සුරක්‍ෂිතතාවයද දීර්ඝකාලීනව සුරැකේ.
නමුත් නූතන පෝෂණවේදීන් පෝෂණයට අදාල ජෛව රසායන පැහැදිලිකිරීම් වලට මුල්තැන දීම නිසා ඊනියා දෙන ලද පෝෂණ තත්වයක් ලඟාගර ගැනීම සඳහා එක් ආහාරයක් හෝ දෙකක් පරිභෝජනය කිරීමද සෑහේ. එසේ සෑහෙන්නේ නැති නම් ඒ ජෛව රසායන නිර්ණායක වලටම අනුව අමතර පෝෂක ද්‍රව්‍යය එම ආහාරයට එකතු කළ හැක. මෙම පෝෂණවේදීන්ට අනුව පාන්පිටි ආහාර වැඩිවශයෙන් පරිභෝජනය කරන පිරිස්වලට යකඩ ඌනතාවය ඇත්නම් කළයුත්තේ පාන්පිටි වලට යකඩ එකතුකිරීමය. මේ පිළිගැනීම මත අද සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රායෝගිකව එවැනි වැඩසටහන් ක‍්‍රියාත්මක කරමින් ඇත. මෙම පෝෂණවේදීන්ට අනුව ඔවුන් කියන කාබෝහයිඩ්‍රේට්, පෝටීන්, ලිපිඩ සහ මූලද්‍රව්‍ය අවශ්‍ය ප‍්‍රමාණවලින් තිබෙනවා නම් ආහාරය කුමක් වූවත් ගැටළුවක් නැත.
ඇත්තවශයෙන්ම බහුජාතික සමාගම් ආහාරවර්ග කිහිපයක් මත පදනම් වූ තම ආහාර වෙළඳපල විශ්වාශ කළ නොහැකි තරමට පුළුල් කරන්නේ පෝෂණයට අදාල මෙම පටු ජෛව රසායන භාවිතය තුළය. අද අප අතර නොමැති ජෛව රසායන විද්‍යා මහාචාර්ය වික‍්‍රමනායක මහතා මීට වසර 30-40 කට පෙර ඊට එරෙහිව ප‍්‍රභල මතවාදයක් ගෙනගිය අයෙකි. ඔහු ආහාර සහ පෝෂණය නැමැති තම කෘතියේ පමණක් නොව දේශන වලදීද පෝෂණයට පෙර ආහාර වලට මුල්තැන දුන්නේ අද පවතින තත්වය දිවැසින් දුටු නිසා විය හැක. පෝෂණවේදීන්ගේ පටලැවිල්ල තවත් හොඳින් පෙන්වන අවස්ථාවක් වන්නේ සමහර පෝෂණවේදීන් කිරිවල විශේෂ පෝෂණ ගුණයක් නැත යන තර්කය ව්‍යුක්තව ඉදිරිපත් කරමින් ආහාර සුරක්‍ෂිතතාව අවතක්සේරු කිරීමය. ඇත්තවශයෙන්ම අප ඉන්දියානුවන් මෙන් කිරි බොන ජාතියක් නොවුනත් ෙඓතිහාසිකව කිරි කන ජාතියකි. ආහාරයට කිරි එකතුතර ගැනීම පෝෂණමය වශයෙන් ඉතා වැදගත් නොවුවත් ආහාර සුරක්‍ෂිතතාව පැත්තෙන් ඉතා වැදගත් වේ. ආහාර සුරක්‍ෂිතතාව තහවුරුකිරීම සඳහා මිනිසා තණකොළ වූවත් ආහාරයට ගැනීම අනුමත කළ හැක. එහෙත් මිනිසාට තණකොළ දිරවන්නේ නැත. ඒ නිසා තණකොළ දිරවන මැෂිමක් වන හරකාට තණකොළ කවා උගෙන් කිරි ලබාගෙන ආහාරයට ගැනීම යනු ආහාර සුරක්‍ෂිතතාව රැකීම පිළිබඳ හොඳම උදාහරණයකි. ඇත්ත ප‍්‍රශ්ණය වන්නේ රටට අවශ්‍ය කිරි හෝ කිරිපිටි ප‍්‍රමාණය රට තුළ නිපදවා නොගෙන ආනයන මත යැපීමය. කෙසේවෙතත් ව්‍යාජ පෝෂණ හේතු ඉදිරිපත් කරමින් ආනයනික කිරිපිටි ප‍්‍රචලිත කිරීමටද සමහර පෝෂණවේදීන් ඉදිරිපත්වීම ඉතාම දුප්පත් සහ පහත් වෘත්තීය හැසිරීමකි.
අප ජාතියක් ලෙස ෙඓතිහාසිකව ආහාර විශේෂ 800 ක් පමණ පරිභෝජනයට ගත් සුවිශේෂී මිනිස් කොට්ඨාශයකි. එහෙත් අද අප බහුජාතික සමාගම්වල වෙළඳපල උගුල් වලට හසුවී එම ප‍්‍රමාණය දළවශයෙන් 50 පමණ දක්වා අඩුකරගෙන ඇත. ගොවියා වී විකුණාගත නොහැකිව ලතවෙන රටක මිනිසුන් පාන්පිටි මො.ටො. ලක්‍ෂ 10 ක් ආනයනය කොට ගිලදමන්නේ එම ගමනේ තර්කානුකූල ගමනාන්තයක් ලෙසය. කෙසේවෙතත් ආහාර වර්ග රාශියක් මධ්‍යස්ථ ප‍්‍රමාණයෙන් නිපදවීම වෙනුවට වර්ග කිහිපයක් වැඩි වශයෙන් නිපදවීමට ගන්නා උත්සාහය තුළ සිදුවන පරිසර විනාශය වෙනමම කථාකළ යුතු මාතෘකාවකි.
ඉහත සඳහන් කළ ආකාරයට පසුගිය කාලයේදී ක‍්‍රමයෙන් බත්කෑමට පුරුදු වෙමින් සිටි කොළඹ නගරයේ අඩුපහසුකම් ලාභී ජනතාව සෞඛ්‍ය බලධාරීන් විසින් නැවත පාන්පිටි ගිලින සංස්කෘතියට තල්ලූකිරීම සිදුවන්නේ ආහාර ආරක්‍ෂාවේ නාමයෙනි. එහිදිී ඔවුහු ආහාර පිසින ස්ථානය සහ ආකාරය මෙන්ම පැකට් කිරීමේ සහ විකිණීමේ ක‍්‍රියාවලිය දියුණු කරගැනීමට උදව්කරනවා වෙනුවට විකුණනන බත් පැකට්ටුවේ තිබිය යුතු යම් නිර්ණායක ප‍්‍රමාණයක් පෙන්වා ඒවා තහනම් කරති. බහුජාතික සමාගම් තම වෙළඳපල පුළුල් කරන්නේ මෙම ඊනියා කෘතිම නිර්ණායක වලට පින්සිදු වන්නටය. ශ‍්‍රී ලංකාවේදී ඊට හොඳම උදාහරණය සපයන්නේ යෝගට් වෙළඳපලයි. දැන් බහුජාතික සමාගම් වල යෝගට් කප් එක මෙන් සීල් කෙරෙන ආවරණයක් නොමැති නම් කුඩා පරිමාන යෝගට් නිෂ්පාදන වෙළඳපලේ විකිණිය නොහැක. ඒ මඟින් සෞඛ්‍ය බලධාරීන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කුඩාපරිමාන යෝගට් සහ මුදවපු කිරි නිෂ්පාදකයාගේ ගෙල සිරකිරීමේ කඹය බහුජාතික සමාගම් අතට පත්කොට ඇත. මේ බලධාරීන් ඉපදීමට වසර දහස්ගණනකට පෙර ප‍්‍රචලිත වූ කිරි ආහාර සංස්තෘකිය බහුජාතික සමාගම් අත්අඩංගුවට පත්වන්නේ ඔවුන්ගේ මෙම අමන සහ කෘතිම ආහාර ප‍්‍රමිතීන්වලට පින්සිදු වන්නටය.
මේ පටලැවිළි සියල්ලේ අවසාන ප‍්‍රතිඵලය ලෙස එක් පැත්තකින් මහජනයා පෝෂණය ආශ‍්‍රිත රෝග පීඩා රැසකට ගොඳුරුවෙමින් ඇත. අනෙක් පැත්තෙන් ආහාර ආනයනය සඳහා වැයවන විදේශ විනිමය ප‍්‍රමාණය දිනෙන් දිනම ඉහළ යමින් ඇත. තවත් පැත්තකින් වී මිල ප‍්‍රශ්නය නිසා ගොවියා වී වගාව අත්හරිමින් ඇත. එහි සැබෑ ප‍්‍රතිඵලය අත්විදීමට සිදුවන්නේ තව වසර 10-15 කිනි. ආණ්ඩුවේ බලධාරීන් වී මෙ.ටො. ලක්‍ෂ 02 ක් කළමනාකරණය කිරීම සඳහා නොකරන දෙයක් නැත. තොග විනාශ වීමට ඉඩහැරීම, අඩු මිලට සහල් පිටරට පැටවීමේ සිට සත්ව ආහාර වලට විකිණීම දක්වා වන ආහාර සුරක්‍ෂිතතාවයට අදාල ජාතික අපරාධ රාශියකට ඔවුන් දායක වූවත් තවමත් එම ප‍්‍රශ්නය විසදෙන්නේ නැත. නමුත් පාන්පිටි මෙ.ටො. ලක්‍ෂ 10 න් අඩුතරමින් ලක්‍ෂ එක හමාරක් අඩුකරගත හැකි නම් ප‍්‍රශ්නයට විසදුමක් තිබෙන බව පහේ පන්තියේ ගණිතය ඉගෙන ගන්නා සිසුවෙකුගෙන් වූවත් අසා දැනගත හැක. එහෙත් උපාධියෙන් පසුව පහේ ශිෂ්‍යත්ව ප‍්‍රශ්න පත‍්‍රයට ලියා පරිපාලනයට අවතීර්ණවන නිළධාරීන්ට ඒවා තේරෙන්නේ නැත.
අවසාන වශයෙන් කිවයුත්තේ අවම වශයෙන් මේ ආහාර සතියේදීවත් පාසල්වල පාන්පිටි ආහාර සහ පැණිබීම විකිණීම තහනුම් කෙරෙන වක‍්‍ර ලේඛණය රෝහල් වලට සහ අනෙකුත් රාජ්‍ය ආයතන වලටද අදාල කරගනිමින්ම ක‍්‍රියාත්මක කරනවා නම් එය මහා පුණ්‍යකර්මයක්ය. එහෙත් වැඩිම මිල ගෙවන ආපනශාලා හිමියාට පාසල් ආපනශාලා විකුණන විදුහල්පතිවරුන්, පාසල් සංවර්ධන සමිති සහ ආදි ශිෂ්‍ය සංගම් සිටිනතාක් කල් එයද ක‍්‍රියාත්මක කළ නොහැකි බව කිව යුතුය. කෙසේවෙතත් අවසාන වශයෙන් කිවයුතු දෙයක්ද ඇත. ඒ අප රටේ සෞඛ්‍ය බලධාරීන් අප රටේ මහා සෞඛ්‍ය ගැටළුවේ විශාල පැතිකඩක් නියෝජනය කරන ‘‘ආහාර ප‍්‍රශ්නය’’ දෙස බලන්නේ නිදහස් සහ විවෘත මනසකින් නොවන බවය.
වෙද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග
ශ්‍රීලංකන් ගුවන් සමාගම මුල්කරගෙන ඇමති සහ නියෝජ්‍ය ඇමති අතර ගැටුම උපරිමයට පැමිණෙයි..
බටහිර රටවල ආරක්ෂණවාදයේ වගකීමෙන් පලා යාමට චීනය බිල්ලක් කර නොගත යුතුය!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය..
හම්බන්තොට වරාය කොළඹ වරායට නොසිතූ අභියෝගයක් වන ලකුණු! – ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් අනාවරණයක්
රාජ්‍ය බලය අල්ලන්න හදන්නේ මාලිමාවද? ජවිපෙ ද? මේ දෙක අතරේ සිටින වෙනත් කොටසක්ද? - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් ප්‍රබල අනාවරණයක්..
පාස්කු ප්‍රහාරය, රාජ්‍ය වගවීම සහ නීතියේ ආධිපත්‍යය: අනාගතයට තීරණාත්මක පූර්වාදර්ශයක්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම නුසුදුසු බව පවසා ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්?
ස්පාඤ්ඤයට එල්ල වූ මහා සංක්‍රමණික බලපෑම ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශේෂ අනාවරණයක්..
ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ට්‍රම්ප් අත්හිටුවයි.. දෙරට අතර සාකච්ඡා අදම..
“දූෂණ රාජ්‍යය” නැති කර රටේ ආර්ථිකය ගොඩනගන්න ආ රජය අද “අපරාධ රාජ්‍යයක්” හමුවේ රටම අසමත් කරනවා... පූජිත එදා පොලිස්පති කළේ අනුර කුමාර.. - විමල්
මැද පෙරදිග යුද උණුසුම ඉහළට.. – කලාපයෙන් පිටවන්නැයි ඇමරිකානුවන්ට එක්සත් ජනපද තානාපති කාර්යාලවලින් හදිසි අනතුරු ඇඟවීමක්!
නොසන්සුන් වූ මහර බන්ධනාගාරයේ නවතම තත්ත්වය මෙන්න..
මහර බන්ධනාගාරයේ තත්වය දරුණුයි.. රාගම ග්‍රාමසේවා වසම් තුනකට පොලිස් ඇඳිරි නීතිය..
රවී සෙනෙවිරත්නටත් ශානි අබේසේකරටත් මරණ දඬුවම ලබා දිය හැකියි.. - උදය ගම්මන්පිල
ඉතිහාසයේ පෙරළිකාර තීන්දුවක්: හේමසිරිට සහ පූජිත්ට ලැබුණු මරණ දඬුවමේ සම්පූර්ණ කතාව..