News Category
From Date
To Date
Maximum Number of Result

ලාෆ් ගෑස් දැවැන්ත මිල වැඩි කිරීමක.. රුපියල් 1,775කින් මිල ඉහළ දමයි..

Nov 14, 2026 at 05:03 AM
|

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ද ඉහළ දමා තිබේ.

ඒ අනුව, රුපියල් 4,965ක් ලෙස පැවති කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 6,740කි.

එමෙන්ම, රුපියල් 1,988ක් ලෙස පැවති කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ නංවා ඇති අතර, එහි නව මිල රුපියල් 2,720කි.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින මිල ගණන් අනුව ශ්‍රී ලංකාවට ගෑස් තොග මිලදී ගැනීමේ පිරිවැය ඉහළ යාම මෙම මිල සංශෝධනයට හේතු වී ඇති බව සමාගම පවසයි.

කෙසේ වෙතත්, අලෙවි නියෝජිත ජාලය හරහා අඛණ්ඩව ගෑස් සැපයීම පවත්වාගෙන යාමට සියලු උත්සාහයන් ගන්නා බව ලාෆ්ස් ගෑස් සමාගම තහවුරු කර තිබේ.

සම්බන්ධිත පුවත් | Related News

අනුරාධපුර පූජාභූමියේ පැවැත්වූ සත්‍යග්‍රහයට පහරදීම සම්බන්ධයෙන් ලංකාවේ ජීවත්වන බෞද්ධ ජනතාව මෙන්ම ලෝකයේ සිටින බෞද්ධ ජනතාවද දැඩි කම්පනයකට පත්ව ඇති බවත්, මෙම සිදුවීම් වර්ධනය වී මේවා සාමාන්‍ය සිදුවීම් බවට පත්වී බුද්ධ ශාසනය පරිහානියට පත්වීම ඉතා ඉක්මනින් සිදුවනු ඇති බවත් පූජ්‍ය ඔලගන්වත්තේ චන්දසිරි හිමි පවසති.
රුවන්වැලි සෑය පරිශ්‍රයේ පැවති සත්‍යග්‍රහයට පහරදීම ගුරු සංගමයක් ලෙස ලංකා ගුරු සංගමය හෙළා දකින බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසයි.
අමෙරිකාවේ ගුවන් ගමන් පාලන මධ්‍යස්ථානවල ඇති වූ සන්නිවේදන පද්ධති දෝෂයක් හේතුවෙන් එරට පුරා ගුවන් යානා පිටත්වීම් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අයවැය කතාව 2027 සටහන් පොතෙහි තාක්ෂණික සටහන් වල සහ ඇමුණුම්වල කිසිඳු තැනක ජනාධිපතිවරයා සඳහන් කළ විශ්වවිද්‍යාල 50 සහ වැව් 450 ඉදිකිරීමට අදාළ ප්‍රතිපාදන සටහන් වී නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා විසින් පාර්ලිමේන්තුවේ දී සඳහන් කරන ලදී.
2025 වසරේ අයවැය යෝජනාවලින් සියයට 40කට ආසන්න ප්‍රමාණයක් සැලකිය යුතු මට්ටමින් ක්‍රියාත්මක වී නොමැති බව වෙරිටේ රිසර්ච් ආයතනයේ නවතම ඇගයීමකින් අනාවරණය වී තිබේ.
ජනතා ප්‍රශ්න වසර 2කින් විසඳිය නොහැකි බවත්, ඇතැම් ප්‍රශ්න විසඳීම එතරම් පහසු නොවන බවත්, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
2027 වසරේදී ඔලිම්පික් හෝ ආසියානු ක්‍රීඩා උළෙලක් නොපැවැත්වෙන පසුබිමක, එම තරගාවලි ජයග්‍රහණය කරන ක්‍රීඩකයින්ට රුපියල් මිලියන 100ක් සහ 50ක් වැනි ඇගයීම් දීමනා ලබාදෙන බව අයවැයෙන් ප්‍රකාශ කිරීම හුදෙක් ජනතාව රැවටීමක් බව සමගි ජන බලවේගයේ ගම්පහ සංවිධායක වරුණ රාජපක්ෂ මහතා පවසයි.
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව නොවැම්බර් මස 18 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නියම කළේය.
ලංකා ලීඩර් වෙත ජාතික සංවිධාන නියෝජනය කරමින් ප්‍රකාශයක් සිදුකළ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ අනුරාධපුර භික්‍ෂු සත්‍යයක් ක්‍රියාවට පහර දීම ආණ්ඩුව විසින් සැලසුම් සහගතව සිදුකළ ක්‍රියාවක් බවය.

ප්‍රධාන පුවත්

2025 අයවැය යෝජනාවලින් 40%කට ආසන්න ප්‍රමාණයක් ඉටු වෙලා නැහැ.. - වෙරිටේ රිසර්ච් අනාවරණය කරයි..

2025 වසරේ අයවැය යෝජනාවලින් සියයට 40කට ආසන්න ප්‍රමාණයක් සැලකිය යුතු මට්ටමින් ක්‍රියාත්මක වී නොමැති බව වෙරිටේ රිසර්ච් ආයතනයේ නවතම ඇගයීමකින් අනාවරණය වී තිබේ.

ආණ්ඩුව විසින් භික්ෂු වේශධාරියකු යොදා ගනිමින් අනුරාධපුර භික්‍ෂු සත්‍යයක් ක්‍රියාවට පහර දීම මගින් ආණ්ඩුවේ දුෂ්ඨ බහු අරමුණු හෙළිදරව් වුණා.. - ජාතික සංවිධාන හෙළා දකී..

ලංකා ලීඩර් වෙත ජාතික සංවිධාන නියෝජනය කරමින් ප්‍රකාශයක් සිදුකළ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ අනුරාධපුර භික්‍ෂු සත්‍යයක් ක්‍රියාවට පහර දීම ආණ්ඩුව විසින් සැලසුම් සහගතව සිදුකළ ක්‍රියාවක් බවය.

අනුරාධපුර බෞද්ධ පූජා භූමියට අත තියන්න ඉඩ දෙන්නේ නැහැ.. සාමකාමී සත්‍යග්‍රහයට එල්ල කළ “පැලවත්තේ වඩුග මැර ප්‍රහාරයෙන්” ආණ්ඩුවේ මර්දනකාරී දිශානතිය හෙළිවුණා.. - විමල් වීරවංශ

අනුරාධපුර ඓතිහාසික බෞද්ධ පූජා භූමිය සම්බන්ධයෙන් ආණ්ඩුව නිකුත් කර ඇති ගැසට් නිවේදනය පිටුපස ජනතාවට හෙළි නොකළ තවත් ව්‍යාපෘති සැලැස්මක් පවතින බවට සැකයක් මතුවන බවත්, එම ව්‍යාපෘතියේ සම්පූර්ණ වාර්තාව වහාම රටට හෙළි කරන ලෙසත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

ආනයන තහනම අභියස රුසියානු පොසිල ඉන්ධන සඳහා යුරෝපා සංගමය යුරෝ බිලියන 8.7ක් වැය කරයි

රුසියානු පොසිල ඉන්ධන මත යැපීම අවසන් කරන බවට බ්‍රසල්ස් පාලකයන් නැවත නැවතත් ප්‍රකාශ කළද, රුසියාවේ ප්‍රමුඛතම ආක්ටික් ගෑස් ව්‍යාපෘතියක් වන යමාල් (Yamal) හි ප්‍රධානතම පාරිභෝගිකයා තවමත් යුරෝපා සංගමය බවට පත්ව තිබේ.

භික්ෂු සාසනය විනාශ වීමේ වගකීම නායක හිමිවරු භාරගන්න.. - සාසනය වෙනුවෙන් කිසිම පනතක් ගේන්න ලැබුනෙ නෑ.. - පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල මෑතකදී ඇති වූ උණුසුම් තත්ත්වය සහ භික්ෂූන් වහන්සේලා මුහුණ දී ඇති අභියෝග සම්බන්ධයෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියන් දැඩි අදහස් පළ කරමින් පෙන්වා දෙන්නේ වර්තමානයේ භික්ෂු සමාජය දැඩි අනාරක්ෂිතභාවයකට මුහුණ දී ඇති බවයි.

උණු උණු කැවුම් වෙනුවට දීල තියෙන්නෙ පුස්කාපු කැවුම්.. - චාමර සම්පත්... ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නෑ.. - සජිත් ප්‍රේමදාස - අයවැය ගැන පක්ෂ විපක්ෂ නියෝජිතයින් කියන කතා..

අයවැයේ ඇත්තේ පසුවට බලාපොරොත්තු වන දේවල් මිස මේ මොහොතේ විසඳුම් නොවන බවත් උණු උණු කැවුම් වෙනුවට දී ඇත්තේ පුස්කාපු කැවුම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.

අනුරාධපුර භික්ෂු සත්‍යග්‍රහයට එල්ල වූ මැර ප්‍රහාරය හෙළා දකිනවා.. - විමල් වීරවංශ

අනුරාධපුර පූජා නගරය ආශ්‍රිත ගැටලුවකට සාධාරණ විසඳුමක් ඉල්ලා සාමකාමී සත්‍යග්‍රහයක නිරත වූ භික්ෂූන් වහන්සේලාට එල්ල වූ මැර ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.

අයවැයෙන් ලැබෙන සහන.. සම්පූර්ණ අයවැය විස්තරේ මෙන්න..

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද වත්මන් රජයේ තෙවන අයවැය ලේඛනය අද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයට පත් කෙරිණි.

ඉන්දියාව, චීනය, අමෙරිකාව තරහ කරගන්නේ නැතුව අපි අපේ ගමන යනවා.. IMF එක්ක යන ගමනත් ඒ වගේ තමයි.. - ටිල්වින් සිල්වා

ජාතික ජන බලවේග රජයේ කිසිදු දේශපාලනඥයකු හෝ නිලධාරියකු යම් වරදක් සිදු කළහොත් ඔවුන් කිසිම අවස්ථාවක ආරක්ෂා කිරීමට පක්ෂයක් ලෙස හෝ රජයක් ලෙස කටයුතු නොකරන බවත්, එවැනි අවස්ථාවලදී තරාතිරම නොබලා දැඩි නීතිමය හා පක්ෂ මට්ටමින් ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කරයි.

සෝවියට් සංගමයේ බිඳවැටීම ආදර්ශයක් කරගනිමින් රුසියාව පරාජය කිරීමට බටහිර දරන උත්සාහය නිෂ්ඵලයි.. – ෆියෝදෝර් ලුක්යානොව්

1991 සෝවියට් සංගමයේ බිඳවැටීම සුවිශේෂී ඓතිහාසික සිදුවීමක් මිස, වර්තමාන රුසියාව සමඟ කටයුතු කිරීමේදී යළි යළිත් භාවිත කළ හැකි උපායමාර්ගික ආදර්ශයක් නොවන බව රුසියානු ජාත්‍යන්තර සබඳතා සහ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ක්ෂේත්‍රයේ සිටින ප්‍රමුඛතම විශේෂඥයකු වන ෆියෝදෝර් ලුක්යානොව් පෙන්වා දෙයි.

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.. ඒක අල්ලස් ඉල්ලීමක්.. - සුනිල් හඳුන්නෙත්ති කියයි

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් සිදුකළ ප්‍රකාශය දැඩිව හෙළා දකින බවත්, ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

2027 අයවැය අද පාර්ලිමේන්තුවට..

ලබන වසර සඳහා වන අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (12) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිංහල සාහිත්‍යයේ සහ අදීන ජාතික චින්තනයේ මහා ප්‍රදීපස්තම්භය: ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ 97 වන ජන්ම දිනය අදයි..

1929 නොවැම්බර් 12 වන දින ගාල්ල දිස්ත්‍රික්කයේ යටලමත්ත ප්‍රදේශයේදී උපත ලද ආචාර්ය ගුණදාස අමරසේකර මහතා, සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රය මෙන්ම දේශීය චින්තනය සහ ජාතිකත්වය පෝෂණය කිරීමෙහිලා අසමසම මෙහෙවරක් ඉටුකළ ප්‍රමුඛ පෙළේ විද්වතෙකි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.