News Category
From Date
To Date
Maximum Number of Result

2027 අයවැය යෝජනා රැගෙන ජනපති පාර්ලිමේන්තුවට එයි..

Nov 12, 2026 at 02:30 PM
|

2027 වර්ෂය සඳහා වන අයවැය යෝජනා රැගෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණ තිබේ.

අද (12) පෙරවරුවේ රැස්වු අමාත්‍ය මණ්ඩලය විසින් අයවැය යෝජනාවලිය සඳහා අනුමැතිය ලබා දුන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේය.

ජාතික ජන බලවේග රජයේ තෙවන අයවැය වන 2027 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ඔක්තොබර් මස 07 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

ජනාධිපතිවරයා විසින් අද අයවැය කතාව පාර්ලිමේන්තුවේ සිදු කිරීමෙන් පසු අයවැය දෙවන වර කියවීමේ විවාදය හෙට (13) සිට දින 07 ක කාලයක් පැවැත්වීමට නියමිතය.

සම්බන්ධිත පුවත් | Related News

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද වත්මන් රජයේ තෙවන අයවැය ලේඛනය අද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයට පත් කෙරිණි.
ජාතික ජන බලවේග රජයේ කිසිදු දේශපාලනඥයකු හෝ නිලධාරියකු යම් වරදක් සිදු කළහොත් ඔවුන් කිසිම අවස්ථාවක ආරක්ෂා කිරීමට පක්ෂයක් ලෙස හෝ රජයක් ලෙස කටයුතු නොකරන බවත්, එවැනි අවස්ථාවලදී තරාතිරම නොබලා දැඩි නීතිමය හා පක්ෂ මට්ටමින් ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන 2027 මාර්තු මසදී අවසන් වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යළි වැඩසටහනකට යාම පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කරන බවත් ජනපති අනුර කුමාර දිසානායක පවසයි.
රජය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කර ගැනීමට හැකියාව ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
රුවන්වැලි සෑය අභියස ආරම්භ කර ඇති මාරාන්තික උපවාසයේ යෙදී සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට ගෙන තිබේ.
අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල පිළිබඳ වැඩිදුර විභාගය හෙට (13) දින දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.
අනුරාධපුරය, රුවන්වැලි මහා සෑය අභියස පැවැත්වෙන සත්‍යග්‍රහ භූමියේ නොසන්සුන්තාවක් ඇතිව තිබේ.
චීනයේ ජාතික ස්වෛරීභාවය සහ නීත්‍යනුකූල අයිතිවාසිකම් හා අවශ්‍යතා ආරක්ෂා කරගැනීම සඳහා මෙන්ම සම්බාධක, අවහිර කිරීම් සහ බාහිර මැදිහත්වීම්වලට එරෙහිව කටයුතු කිරීමේදී චීනය කියුබාවට ස්ථිර සහාය ලබාදෙන බව චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා ප්‍රකාශ කළේය.
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි හිටපු සමූපකාර කොමසාරිස් සුනිල් සෙනෙවිරත්න හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ප්‍රධාන පුවත්

අයවැයෙන් ලැබෙන සහන.. සම්පූර්ණ අයවැය විස්තරේ මෙන්න..

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද වත්මන් රජයේ තෙවන අයවැය ලේඛනය අද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයට පත් කෙරිණි.

ඉන්දියාව, චීනය, අමෙරිකාව තරහ කරගන්නේ නැතුව අපි අපේ ගමන යනවා.. IMF එක්ක යන ගමනත් ඒ වගේ තමයි.. - ටිල්වින් සිල්වා

ජාතික ජන බලවේග රජයේ කිසිදු දේශපාලනඥයකු හෝ නිලධාරියකු යම් වරදක් සිදු කළහොත් ඔවුන් කිසිම අවස්ථාවක ආරක්ෂා කිරීමට පක්ෂයක් ලෙස හෝ රජයක් ලෙස කටයුතු නොකරන බවත්, එවැනි අවස්ථාවලදී තරාතිරම නොබලා දැඩි නීතිමය හා පක්ෂ මට්ටමින් ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කරයි.

සෝවියට් සංගමයේ බිඳවැටීම ආදර්ශයක් කරගනිමින් රුසියාව පරාජය කිරීමට බටහිර දරන උත්සාහය නිෂ්ඵලයි.. – ෆියෝදෝර් ලුක්යානොව්

1991 සෝවියට් සංගමයේ බිඳවැටීම සුවිශේෂී ඓතිහාසික සිදුවීමක් මිස, වර්තමාන රුසියාව සමඟ කටයුතු කිරීමේදී යළි යළිත් භාවිත කළ හැකි උපායමාර්ගික ආදර්ශයක් නොවන බව රුසියානු ජාත්‍යන්තර සබඳතා සහ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ක්ෂේත්‍රයේ සිටින ප්‍රමුඛතම විශේෂඥයකු වන ෆියෝදෝර් ලුක්යානොව් පෙන්වා දෙයි.

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.. ඒක අල්ලස් ඉල්ලීමක්.. - සුනිල් හඳුන්නෙත්ති කියයි

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් සිදුකළ ප්‍රකාශය දැඩිව හෙළා දකින බවත්, ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

2027 අයවැය අද පාර්ලිමේන්තුවට..

ලබන වසර සඳහා වන අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (12) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිංහල සාහිත්‍යයේ සහ අදීන ජාතික චින්තනයේ මහා ප්‍රදීපස්තම්භය: ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ 97 වන ජන්ම දිනය අදයි..

1929 නොවැම්බර් 12 වන දින ගාල්ල දිස්ත්‍රික්කයේ යටලමත්ත ප්‍රදේශයේදී උපත ලද ආචාර්ය ගුණදාස අමරසේකර මහතා, සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රය මෙන්ම දේශීය චින්තනය සහ ජාතිකත්වය පෝෂණය කිරීමෙහිලා අසමසම මෙහෙවරක් ඉටුකළ ප්‍රමුඛ පෙළේ විද්වතෙකි.

ජනතා හඬ යටපත් කිරීමට ගෙනෙන මර්දනකාරී නීතිවලට එරෙහිව සියලු දෙනා එක්විය යුතුයි.. – ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම

ජාතික සංවිධාන එකමුතුව විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පෙන්වා දුන්නේ, ආණ්ඩුවට අවශ්‍ය වී ඇත්තේ ජනතාවගේ විරෝධතා සහ හඬ යටපත් කරමින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට බවයි.

අනුරාධපුර පූජා නගරය ගැන ගැසට් නිවේදනය නිකුත් වෙනකොට බෞද්ධ කියන වචනය හළනවා.. ගැසට් එකේ වක්‍රව කියන දේවල් අතිශය භයංකාරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

අනුරාධපුර පූජා භූමි සංවර්ධන ක්‍රියාවලිය සඳහා නිකුත් කර ඇති නව ගැසට් නිවේදනය හරහා රටට සහ බුද්ධ ශාසනයට සිදුවිය හැකි බලපෑම් පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී බරපතළ අනාවරණයක් සිදු කළේය.

9වන ජනාධිපතිගෙන් 9වන ව්‍යවස්ථාව බේරා ගැනීමේ මහා ⁣අධිෂ්ඨාන පූජාව ඇරඹෙයි..

බුද්ධ ශාසනයට සහ උතුම් බෞද්ධ සංස්කෘතියට එල්ල වන විවිධ අභියෝග හා කෙනෙහිලිකම් හමුවේ තවදුරටත් නිහඬව බලා නොසිටින බව අවධාරණය කරමින්, සංඝරත්නයේ සහ ගිහි පින්වතුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ අධිෂ්ඨාන පූජාවක් සහ දේව කන්නලව්වක් අද දින සංවිධානය කර තිබේ.

සිරසට දුන් රුපියල් මිලියන 104.6ක මුදල රාජ්‍ය අරමුදල් තමයි.. - අලි සබ්‍රි හෙළිකරන කතාව..

ආසියානු විකාශන සංගමයේ 63 වැනි මහා සමුළුවේ සත්කාරකත්වය වෙනුවෙන් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් වන සිරස නාලිකාවට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අරමුදල්වලින් රුපියල් මිලියන 104.6ක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක දේශපාලන වැඩසටහනකට එක්වෙමින් විශේෂ අදහස් දක්වා තිබේ.

කොළඹ යට වුනාට බිල්ලට දෙන්නේ බැල්තසාර්ව ද?.. බිමල්ගේ අමාත්‍යංශය ගංවතුරෙන් බේරුනාද?

පසුගිය දා ඇතිවූ දැඩි වර්ෂාවත් සමග කොළඹ නගරය පුරා හටගත් හදිසි ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් අගනුවර ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල විය. වාර්ෂාව ඇද හැලුනු ඉතා කෙටි කාලයක් ඇතුළත ඇති වූ මෙම ආපදා තත්ත්වය හමුවේ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය, බාහිර රෝගී අංශය සහ වාට්ටු කිහිපයක් ද ජලයෙන් යටවීම හේතුවෙන් රෝගී ප්‍රතිකාර සේවාවන්ට ද බරපතළ බාධා එල්ල විය.

අරගලය පිටුපස වූ බටහිර සහ ඉන්දීය බලපෑම් ගැන ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව..

2022 වසරේ මෙරට ඇති වූ ‘අරගලය’ යනු උපායමාර්ගික පාලන තන්ත්‍ර වෙනසකට (Regime Change) එහා ගිය, විදේශීය බලපෑම් සහිත මෙහෙයුමක් බවත්, එම තත්ත්වය හමුවේ බටහිර හා ඉන්දීය සැලසුම් වෙනස් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කිරීමට එවකට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළ බවත් ප්‍රවීණ මාධ්‍යවේදී ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු මහතාගේ දිවයින පුවත්පතේ පළ වූ ලිපියක සඳහන් කරයි.

එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵලය හමුවේ ඩෙමොක්‍රටික් පක්ෂයට සහ ට්‍රම්ප් පාලනයට අභියෝග රැසක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණයෙන් ඩෙමොක්‍රටික් පක්ෂය ජයග්‍රහණ ලබා ගත්තද, එම පක්ෂය අභ්‍යන්තරයේ මෙන්ම ඉදිරි පාලන සමයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිබ්ලිකන් පාලනය හමුවේ සංකීර්ණ දේශපාලන හා ආර්ථික අභියෝග රැසක් නිර්මාණය වී ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

මිහින්තලේ කටු සෑය අභියසදී බුද්ධ ශාසනයේ සහ බෞද්ධ උරුමයේ ආරක්ෂාව වෙනුවෙන් 11 වැනි දා විශේෂ අධිෂ්ඨාන පූජාවක් සහ දේව කන්නලව්වක්..

බුද්ධ ශාසනයට සහ අපේ උතුම් බෞද්ධ සංස්කෘතියට එල්ල වන විවිධ අභියෝග හා කෙනෙහිලිකම් හමුවේ තවදුරටත් නිහඬව බලා නොසිටින බව අවධාරණය කරමින්, සංඝරත්නයේ සහ ගිහි පින්වතුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ අධිෂ්ඨාන පූජාවක් සහ දේව කන්නලව්වක් සංවිධානය කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.