News Category
From Date
To Date
Maximum Number of Result

ව්‍යවස්ථාවේ ඒකීය වචනය තිබියදී රටේ ඒකීයභාවය නැතිකරන්නේ මෙහෙමයි

Aug 3, 2026 at 11:20 AM
|

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් පත්කළ උපකමිටු 6ක වාර්තා සහ ඉන්පසුව එම වාර්තා පදනම කරගෙන සකස්කළ මෙහෙයුම් කමිටු වාර්තාව මගින් ප‍්‍රධාන වශයෙන් යෝජනා 03ක් සමාජගත කෙරුණි.  පළමු වැන්න, ව්‍යස්ථාවේ ‘එකීය වචනය’සඳහන් වන දෙවන වගන්තිය සංශෝධනය කිරීමය. දෙවැන්න බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය ලබාදෙන 9 වැනි වගන්තිය සංශෝධනය කිරීමය. තුන්වැන්න, 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව පවතින බාධක ඉවත්කොට එය තවදුරටත් ශක්තිමත් කිරීමය. පළමු යෝජනා 02ක මහා සංඝරත්නය සහ ජාතිකවාදී විද්වතුන් ඇතුළු මහජනයාගේ විරෝධයට ලක්විය. නමුත් 03 වැනි යෝජනාව සාක්ෂාත් කර ගැනීම සඳහා ඉදිරිපත් කෙරුනු සෙසු යෝජනා මාලාව එසේ බරපතල ලෙස සමාජ අවධාරණයට ලක් නොවීය.එම සෙසු යෝජනා මාලාව තුල බෙදුම්වාදි බලවේග විසින් වසර 40ක් තිස්සේ ඉල්ලා සිටි සියලූ ඉල්ලීම් වල හරය අඩංගුවේ.  


13 වැනි සංශෝධනය ශක්තිමත් කිරීම හෙවත් යම් බෙදුම්වාදී විද්වතුන්ට අනුව ‘‘13 මත ගොඩනැගීම’’ සඳහා ඉදිරිපත් වූ එම යෝජනා ප‍්‍රධාන වශයෙන් 8 ක් හඳුනාගත හැක. පළමුවැන්න, මධ්‍යම ආණ්ඩුවට පළාත් ආණ්ඩුවේ කටයුතු වලට මැදිහත්වීමට ප‍්‍රතිපාදන සලසන සමගාමී බලතල ලැයිස්තුව ඉවත් කිරීමය. දෙවැන්න, මධ්‍යම රජයේ යම් බලතල විශේෂයෙන්ම ජාතික ප‍්‍රතිපත්ති සකස් කිරීමේ බලය ඉවත් කිරීමය. තුන්වැන්න, මේ වන විට මධ්‍යම රජයේ රාජ්‍ය සේවා කොමිසම විසින් පාලනය කරනු ලබන දිසාපතිවරුන් සහ උපදිසාපතිවරුන් වැනි පළාතේ ඉහළ රාජ්‍ය නිලධාරීන් පාලනය කිරීමේ බලය පළාත් රාජ්‍ය සේවා කොමිසම යටතට ගැනීමය. ඊට අදාල අතුරු යෝජනාව වන්නේ රාජ්‍ය සේවා කොමිසමට නියෝග දීමේ බලය ප‍්‍රධාන ලේකම්වරයා හරහා මහ ඇමැතිවරයා අතට ගැනීමය.  හතරවැනි යෝජනාව වන්නේ පළාත් ආණ්ඩුව පාලනය කිරීම සඳහා ආණ්ඩුකාරවරයා සතු බලය දියාරු කිරීම සහ ඔහු පත්කිරීමේදී මහ ඇමැතිවරයාගේ අනුමැතිය අවශ්‍ය බවට ප‍්‍රතිපාදන පැනවීමය. විශේෂයෙන්ම ඒ මගින් දැනට පවතින පළාත් ප‍්‍රඥප්තියක් සම්මත වීමෙන් පසුව එය ආපසු හරවා යැවීම සඳහා ආණ්ඩුකරවරයා සතු බලය අහෝසි කිරීම එම ක‍්‍රියාවලියේ මූලික අරමුණ බව පෙනේ. පසුගිය කාලයේදී උතුරු පළාත් සභාව විසින් සම්මත කළ ‘‘මහ ඇමති අරමුදල් ප‍්‍රඥප්තිය’’ ආපසු හරවා යැවීමට ආණ්ඩුකාර මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතාට හැකිවූයේ එම ප‍්‍රතිපාදනය අනුවය. එය ඉවත් කළ විට දැනට පවතින 13 වැනි සංශෝධනය ප‍්‍රකාරව කිසිදු ගැටළුවකින් තොරව පොලිස්, ඉඩම් සහ මූල්‍ය ප‍්‍රඥප්තිඑක පෙළට සම්මත කිරීමේ ඉඩ ලැබේ. 


පස්වැනි යෝජනාව වන්නේ පළාත්වල ඉඩම් පාලනය කිරීමේ බලය සම්පූර්ණයෙන්ම පළාත් අණුඩවලට පැවරීම සහ පළාත් ඉඩම් පරිහරණ සැලසුමක් සකස් කිරීමේ බලයද පළාත් වලට ලබාදීමය. එවිට මධ්‍යම ආණ්ඩුවේ විශයක් සඳහා ඉඩම් ලබාදීම පළාත් ආණ්ඩුවේ අනුකම්පාවට යටත්වේ. උදාහරණයක් ලෙස පළාත් ඉඩම් පරිහරණ ප‍්‍රතිපත්තිය සහ සැලසුම අනුව හමුදා කඳවුරු පවා ඉවත් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ බලය පළාත් වලට ලැබේ. ඒ මගින් තීරණාත්මක ගැටුමක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබේ. හයවැනි යෝජනාව වන්නේ ස්වාධින කිරීමේ නාමයෙන් පළාත් පොලිස් කොමිසම තවදුරටත් ශක්තිමත් කිරීම සහ එහි බහුතර සාමාජිකයන් පත්කිරීමේ බලය මහ ඇමැතිවරයාට ලබාදීමයි. හත්වැන්න    මධ්‍යම සහ පාලාත් ආණ්ඩු අතර මූල්‍ය පාලන බලය නිශ්චිතව බෙදා වෙන්කිරීම සහ පළාත් මහ ඇමැතිවරයා යටතේ මහ බැංකුවේ පාලනයට පවා යටත් නොවන අරමුදලක් පිහිටුවීමේ බලය ලබාගැනීමය. එවැනි තත්වයකදී එම අරමුදල මගින් මධ්‍යම ආණ්ඩුවේ නිසි අවසරය නොමැතිව ඊනියා මූල්‍ය ආධාර නාමයෙන් විදේශ මුදල් රට තුළට ගෙනඒමේ බලය මහ ඇමති වරයාට ලැබේ. එවැනි බලයක් විග්නේශ්වරන් මහ ඇමැතිවරයාට ලැබුණහොත් ඔහු විසින් විවිධ මූල්‍ය උපාංග යොදා ගනිමින් ඩයස්පේරා ‘‘කළු ඩොලර්’’ වලින් එම අරමුදල ශක්තිමත් කරන ආකාරය දෙස මධ්‍යම ආණ්ඩුවට අසරණව බලා සිටීමට සිදුවනු ඇත. 


අටවැනි යෝජනාව මගින් වෙනම රාජ්‍යයක් ප‍්‍රකාශයට පත්කෙරෙන අවස්ථාවක ජාත්‍යන්තරව ඊට අනුමැතිය ලබාගැනීම සඳහා අවශ්‍ය නීතිමය පසුබිම සකස් කෙරෙන බව පැහැදිලිව පෙනේ. එනම් සංශෝධනය කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන 4 වැනි වග්නිතය ඉවත්කොට ඒ වෙනුවට ‘‘ව්‍යවස්ථාවේ ස\හන් වන පරිධි’’ යනුවෙන් දියාරු සංකල්පයක් ඇතුල් කිරීමය. ඒ මගින් ජනතාවගේ පරමාධිපත්‍යයගේ බලය විධායක, ව්‍යවස්ථාදයක හා අධිකරණ වශයෙන් බෙදී යන ආකාරය නිශ්චිතව විග‍්‍රහ කිරීම වළත්වා වෙනත් වගන්ති මගින් පරමාධිපත්‍යයේ බලය පළාත් සභා සහ මධ්‍යම ආණ්ඩු අතර බෙදීයන බව තහවුරුකිරීමට හැකිවේ. එම සංකල්පීය තත්වය වෙනම රාජ්‍යයක් ප‍්‍රකාශයට පත්කිරීමේදී කෙතරම් දුරට වැදගත් වනවාද යන කරුණ නැගෙනහිර ටිමෝරයට අදාලව පෘතුගාලය විසින් ඔස්ටෙ‍්‍රිලියාවට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ පැවරූ නඩුවේ තීන්දුව තුළින් පැහැදිලි වේ. 


එම නඩු තීන්දුව අනුව ජරමාධිපත්‍යයේ බලය බෙදීයන ආකාරයට යම් ජනතාවකට මධ්‍යම රජය විසින් බලය ලබාදී ඇති වස්ථාවක පළාත් ආණ්ඩුව විසින් එම බලතල ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව මධ්‍යම රජය විසින් බාධා පමුණුවන්නේනම් එම ජනතාවට වෙන්වී යාමේ අයිතිය ලැබේ. එසේම එම ජනතාව ජනසමූල ඝාතන ක‍්‍රියාවලියකට ලක්වී සිටියි නම් එම අයිතිය තවදුරටත් තහවුරු වේ. ඒ අනුව උතුරේ බෙදුම්වාදී දේශපාලකයින් නිරන්තරයෙන්ම රජයට එරෙහි ජන සමූල ඝාතන චෝදනා එල්ල කරන්නේ කුමන හේතුවක් නිසාද? යන්න පැහැදිලි වේ. ඒ අනුව ඒ ආකාරයට ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාව මගින් ජනතාවගේ පරමාධිපත්‍යයේ බලය මධ්‍යම ආණ්ඩුව සහ පළාත් ආණ්ඩුව අතර නිශ්චිතව බෙදීයන බව තහවුරු කළ හැකි නම් ව්‍යවස්ථාවේ සඳහන් වන ‘‘ඒකීය’’ වචනය වැදගත් නොවේ. වෙනත් වචන වලින් කියන්නේනම් එය හුදු ලේබලයක් පමණක් බවට පත්වේ. ඒ අනුව ඒකීය ලේබලය යටතේ වෙන්වීයාමේ නෛතික අයිතිය සහිත ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය වේ. 13 වැනි සංශෝධනයට එරෙහිව එදා 1987දී ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම විභාග කළ එක් විනිසුරුවරයකු වූ රජා වනසුන්දර මැතිතුමාට අනුව එම සංශෝධනය මගින් ශ‍්‍රී ලංකාව ඉන්දියාවටත් වඩා බරපතල ෆෙඩරල් රාජ්‍යයක් බවට පත්විය.. එම බලතල ක‍්‍රියාත්මක කිරීම වලකින්නේ විධායක ජනාධිපතිවරයා සතු බලය ඊට එරෙහිව යොදගචත හැකි වීම නිසාය.    


ඉන්දු ලංකා ගිවිසුම මුල්කරගෙන රජීව් ගාන්ධි ජේ.ආර්. ජයවර්ධන සහ ප‍්‍රභාකරන් ඇතුළු සියළු බෙදුම්වාදී පාර්ශ්ව එක`ග වන්නේ බලවත් ෆෙඩරල් රාජ්‍යයක් උතුරු සහ නැගෙනහිර පළාත් එක්කොට නිර්මාණය කිරීමටය. විශේෂයෙන්ම ඉන්දියාවේ පවා නොමැති ආකාරයට පළාත් ආණ්ඩුවේ විශයකට අදාලව මධ්‍යම රජය විසින් පනතක් සම්මත කිරීම සඳහා විශේෂ බහුතරය අවශ්‍ය බවට ප‍්‍රතිපාදන යෝජනාවන්නේ ඒ අනුවය. නමුත් දකුණේ පැවැති විරෝධතා යොදාගනිමින් ව්‍යවස්ථා කෙටුම්පත සහ අදාළ පනත නිර්මාණය කිරීමේදී යම් බාධක ඇතුල් කිරීමට එවකට රජයට උපදෙස් දුන් උසස් රජයේ නිලධාරීන් සහ නීතිඥවරුන් පිරිසක් සමත් විය. දැන් ඉවත්කළ යුතු බවට බලකෙරෙන ‘‘13ට එරෙහිව පවතින බාධක’’ නිර්මාණය වන්නේ ඒ ආකාරයටය. එම ඉන්දු ලංකා එක`ගතාවයෙන් පසුව ප‍්‍රභාකරන් තවදුරටත් වසර 22ක් යුද්ධ කරන්නේ එම බාධක ඉවත්කර ගැනීම සඳහාය. දැන් ප‍්‍රභාකරන්ගේ ආයුධ වලින් කළ නොහැකි වූ දේ කිරීමට ජාත්‍යන්තර මානව හිමිකම් ‘‘කසයට’‘ හැකිවී ඇත. 


බෙදුම්වාදී බලවේග වලට ශ‍්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීමේ උපාය මාර්ගික අවශ්‍යතාවයක් නැත. එයට ප‍්‍රධාන හේතුව වන්නේ සුළු ජාතික ඡුන්ද වලට ආණ්ඩු පිහිටුවීමේ බලය ලැබෙන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය යටතේ බැවිනි. විධායක ජනාධිපති ද\ක‍්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨයට ඔවුන් ආශිර්වාද කරන්නේ එය මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව පරාජය කිරීම සඳහා යොදාගත් ප‍්‍රධාන උපාංගයක් වූ බැවිනි. ඔවුනට අවශ්‍ය වන්නේ විධායක බලය අඩු කිරීම පමණි. දහනම වැනි සංශෝධනය මගින් එම අරමුණු විය. දැන් ඔවුන්ට අවශ්‍ය වන්නේ 13 වැනි සංශෝධණය ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව පවතින සෙසු බාධක ඉවත්කර ගැනීම සහ එහි ප‍්‍රතිපාදන තවදුරටත් ශක්තිමත් කර ගැනීමටය. එය ඉටුවන්නේ නම් ඔවුන් වසර 30ක් තිස්සේ යුද්ධ කොට ඉල්ලා සිටි සියල්ල ලැබෙන බව ඉතා පැහැදිලිව දැන් තේරුම්ගත හැක. ඒ නිසා දැන් බෙදුම්වාදීන් මෙන්ම ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකිරීමට පොරොන්දු වී සිටින ආණ්ඩුවටද ජනමත විචාරණ පවත්වමින් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට උවමනාවක් නැත. එමෙන්ම එසේ ජනමත විචාරණ පවත්වමින් රටේ ජනතා විරෝධය ගොඩනැගෙන ආකාරයට ‘‘ඒකීය’’ වචනය හෝ බුද්ධාගමට හිමි ප‍්‍රමුඛස්ථානය අහිමි කිරීමට ද ඔවුන්ට උවමනාවක් නැත. සිංහල ජනතාවගේ සිත් රිදවීමේ පරපීඩකකාමී හැගීම් තෘප්තිමත් කර ගැනීම සඳහා යෝජනා කෙරෙන එවැනි අනතුරුදායක අනවශ්‍ය වැඩ වලින් තමාගේ මූලික අරමණ අනතුරේ හෙලීමට තරම් බෙදුම්වාදීන් අ`ද බාලයින් නොවේ. ඔවුන් තම හැගීම් තෘප්තිමත් කර ගැනීම සඳහා විග්නේශ්වරන් මහ ඇමතිවරයා සහ සිවාජිලිංගම් වැනි මන්ත‍්‍රීවරුන් හරහා සිංහල බෞද්ධ ජනතාවට නිරන්තරයෙන් රිදවන බව රහසක් නොවේ.


එම සෙසු රිදවීම් සම`ග ඒකීය වචනය ඉවත් කිරීමේ සහ බුද්ධාගමට හිමි ප‍්‍රමුඛස්ථානය අහිමි කිරීමේ යෝජනා වලට එරෙහිව තිබෙන යෝජනා එකට එක්වූ විට මහා බරපතල ඝෝෂාවකට ම`ග පෑදේ. එම ව්‍යාජ ගෝෂාව තුළ බෙදුම්වාදීන්ගේ සැබෑ මාර්ග සිතියම සහ ආණ්ඩුව ඊට ගොදුරුවන ආකාරය පිළිබඳ සංවාදය යටපත් වේ. එම තත්වය කෙතරම් බරපතල ද යක් ඒකීවය වචනය සහ බුද්ධාගම පිළිබඳ රජය විසින් දිරිගන්වන සංවාදයට ගොදුරු නොවේ. ජාතිකවාදී විද්වතුන් පවා 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කොට ශක්තිමත් කෙරෙන යෝජනාව මගින් සැබෑ ලෙසම ඒකීය භාවය අනතුරට ලක්වන ආකාරය පිළිබඳව සංවාදය ඔවුන් විසින් මතු කරන්නේ නැත. දැන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෛත‍්‍රී පාර්ශ්වයේ ප‍්‍රබලයින් විසින් ජනමත විචාරණයකින් තොර සංශෝධනයකට තමා එක`ග බව ප‍්‍රකාශ කොට ඇත. ඒ අනුව 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව පවතින බාධක ඉවත්කොට ඒ මත ගොඩනැගීම සඳහා ඉදිරිපත්වන ව්‍යවස්ථා සංශෙෘ්ධනයකට විශේෂ බහුතර කැමැත්ත ලබාදීම සඳහා ඔවුන්ට මානසික බාධක පැනවෙන්නේ නැත. ඊට හේතුව ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවීමය. ඊට අමතරව එම භයානක යෝජනාවල සීනි තැවරීම සඳහා මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම වැනි වෙනත් යෝජනා කිහිපයක් ද ඉදිරිපත් කෙරෙනු ඇත. එසේම ඒකීය වදනය හෙවත් ‘‘ලේබලය’’ ඉවත් කිරීම සහ ඒකීයභාවය නැති කිරීම යන ක‍්‍රියාමාර්ග අතර පවතින වෙනස මහජනයා විසින් තේරුම් ගැනීමද බෙදුම්වාදීන්ගේ පැත්තෙන් ගත් විට ඉතා වාසිදායකවේ.


එවැනි යෝජනාවලියකට පක්ෂපාතීත්වය දැක්වීමේදී නිදහසට කාරණා ලෙස ඉදිරිපත් කිරීමටද හේතු ඔවුන් විසින් සොයාගනු ඇත. එම හේතු අතුරින් පළමු වැන්න දෙමළ ජනතාවට යමක් දිය යුතුය යන ප‍්‍රසිද්ධ පිළිගැනීමයි. එහිදී ඔවුන් දෙමළ ජනතාවට අයිතිවාසිකම් ලබාදීම සහ බෙදුම්වාදීන්ට කප්පම් ලබාදීම අතර පවතින අහසට පොළොව මෙන් වූ වෙනස ගැන කිසිවක් කථා නොකරනු ඇත. දෙවැන්න මහින්ද රාජපක්‍ෂ මහතා 13ූ හෙවත් තර්ටීන් ප්ලස් යනුවෙන් හැදින්වූයේ මෙම යෝජනා මාලාව බවට ඉදිරිපත් කෙරෙන ව්‍යාජ තර්කයට කැමැත්තෙන් යටත්වීමය. තුන්වනැන්න බෙදුම්වාදී බලවේග විසින් ඉල්ලා සිටි ආකාරයට ජනමත විචාරණයක් අවශ්‍යවන බරපතල සංශෝධන ගෙන ඒමට ආණ්ඩුව ක‍්‍රියා නොකළ බැවින් මේ සුළු දේ වත් දිය යුතුය යන මනෝභාවයට යටත් වීමය. නමුත් ඒ මගින් ඔවුන් තමා විසින් කරනු ලබන මහා පාවාදීම, ස`ගවා බුද්ධාගමට හිමි තැන සහ ඒකීය වචනය බේරාගත් වීරයින් බවට පත්වීමට ද උත්සාහ කරනු ඇත. 


හතරවැනි නිදහසට කාරණය හෙවත් හේතුව ලෙස ඉදිරිපත් කරනු ඇත්තේ 13 වැනි සංශෝධනය මගින් රට බෙදිමක් සිදු නොවන බවට ආර්. සම්බන්ධන් මහතා ලබාදෙන ව්‍යාජ සහතිකයයි. එහිදී ඔවුන් ඒ මහතා 2012, මැයි 25 දින මඩකලපුවේදී පැවැත්වූ ටී.එන්.ඒ පක්‍ෂ සමුළුවේදී තම ජනතාවට සහ ජාත්‍යන්තරයට ලබාදුන් සහතිකය ගැන කථා නොකරනු ඇත. එය මෙසේ දැක්විය හැක. ‘‘අප ඊළාම් අරමුණු අත්හැර නැහැ. නමුත් අප ඊට ල`ගාවීම සඳහා යොදාගන්නා උපාය මාර්ගය වෙනස් කරනවා. එනම් යුද්ධය වෙනුවට අවිහංසාවාදී ගාන්ධිවාදී වීදි සටන් යොදාගන්නවා. එම අවස්ථාවේදී මැදිහත්වන ලෙස අප ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.’’ ඒ අනුව සම්බන්ධන් මහතා මෛත‍්‍රී පාර්ශවයේ මන්ත‍්‍රීවරුන්ට සහ ජනතා විමුක්ති පෙරමුණට ලබා දෙන්නේ ව්‍යජ සහතිකයක් බව පැහැදිලිව පෙනේ.


පස්වැනි හේතුව වන්නේ ඉන්දියාව අමනාප කරගත නෙහැක යන්නයි. එය ඉතා භයානක වන්නේ ඉන්දියාව විසින් ඒකාබද්ධ විපක්ෂයට බලපෑම් කිරීමේ ක‍්‍රියාවලිය දැනටමත් බොහෝ සාර්ථකව කරගෙන යන බැවිනි. එවැනි තත්වයක් තුළ 19 වැනි සංශෝධනයේදී සිදුවූ මහා ඓතිහාසික වරද ඒකාබද්ධ විපක්ෂය විසින් නැවත ප‍්‍රතිනිර්මාණය කිරීමේ කණගාටුදායක තත්වයක් වුවද පැන නැගිය හැක. ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රිවරුන් අවසාන මොහෙත වනතුරු ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්පාදක උගුලට එක් පයක් තබාගෙන සිටීම තුළින් මෛත‍්‍රී පාර්ශ්වය විසින් පාද දෙකම ඒ මත තැබීම දිරිගැන්වේ. එවිට ඒකාබද්ධ විපක්ෂය අවසාන තිරණාත්මක මොහොතේදී තම පය උගුලින් මුදවා ගත්තද පළක් නොවේ. එමගින් විශේෂ බහුතරය අහිමි කොට බෙදුම්වාදී 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය  පරාජය කිරිමට හැකි වන්නේ නැත. නමුත් එවිට ඒ මහා පාපයට දායක නොවූ බවට මහජනයා ඉදිරියේ නිර්දෝශිවීමට ඔවුන්ට ඉතා සුළු ඉඩක් ලැබෙනු ඇත. එහෙත් අවසාන නිගමනයේදී ඔවුන් ඡුන්දය නොදී සිටියද තුනෙන් දෙකේ බහුතරය අහිමි ක‍්‍රිරීම සදහා ප‍්‍රතිඵලදායක ක‍්‍රියාමාර්ග නොගැනීමේ වරදින් ගැලවීමට ඔවුන්ට ඉතිහාසය විසින් ඉඩක් නොතබන බවට සැකයක් නැත. විශේෂයෙන්ම ඉතා කෙටි කළකදී බෙදුම්වාදී මාර්ග සිතියම ව්‍යවස්ථා පැදුර මත ඉතා ප‍්‍රචණ්ඩ ආකාරයට දි`ග හැරෙන විට ජනතාව විසින් තම නඩු තීන්දුව නිවැරදිව ලබාදෙනු ඇත. ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථා මර උගුල වෙත එක පයක් තබාගෙන සිටින්නේ තමා සතු‘‘ 51’’ ආරක්‍ෂාකර ගැනීමට බව පැවසේ. නමුත් එම උත්සාහය මගින් තම පැවැත්මය ‘‘24’’ක් දිනා ගැනීමේ අවස්ථාව අහිමි වන බව ඔවුනට නොපෙනීම බරපතල දේශපාලන වරදකි. 


ඉන්දුයානු ඔත්තුසේවා විසින් මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීම සඳහා දියත් කළ මෙයෙහුම ලෝකයේ සෙසු ‘රෙජීම්’ වෙනස් කිරීමේ මෙහෙයුම් සමග සැසදීමේදී එම මොහෙයුම තුළ කොතරම් සූක්‍ෂම මනෝවිද්‍යත්මක යුද උපක‍්‍රම භාවිතා වුවද යන්න පැහැදිලවේ. ඊට සාපේක්ෂව කල්පනා කරන විට ඒකාබද්ධ විපක්ෂය නිර්දෝශී කෙරෙන එහෙත් විශේෂ බහුතරයෙන් ව්‍යවස්ථාව සම්මත කෙරෙන අතරමැදි තැනකට සියළු බලවේග පෙළ ගැස්සවීමට ඉන්දියානු උපදේශකයින් උත්සාහ කරන බවට කිසිදු සැකයක් නැත. එවැනි තත්වයක් තුළ ඒකීය වචනය සහ බුද්ධාගමට හිමි තැන පිළිබඳ ව්‍යාජ සංවාද නවත්වා රටේ ඒකීයභාවය අනතුරට ලක්කෙරෙන ජාත්‍යන්තර බෙදුම්වාදී න්‍යාය පත‍්‍රයේ සැබෑ ස්වරූපය පිළිබඳ සංවාදය සමාජය තුළ මතු කිරීම රටට අදාරය කරන සියළු මිනිසුන්ගේ අවම යුතුකම බව අවධාරණය කළයුතුවේ. 


වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර  

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාතයාංශය නිකුත් කල නවතම වාර්තාවකට අනුව කොටි සංවිධානය ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තය ඇතුළු දකුණු ඉන්දියානු ප‍්‍රදේශ මුල්කරගෙන නැවත වටයකින් සංවිධානය වෙමින් ඇත. ඒ නිසා ඉන්දියානු රජය එම සංවිධානයට
මාර්තු මස ජිනීවාහිදි පැවැත්වෙන 22 වැනි මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කරන බව මේ වන විට නිවේදනය කොට ඇත. නමුත් එවැනි තීන්දුවකට පසුව ශ‍්‍රී ලංකාවේ මහජනතාව අතර ප‍්‍රබල ඉනන්දියානු විරෝධ
’’ අධිරාජ්‍යවදී කුලී හමුදාවක් සහමුලින්ම විනාශ කොට රටක් නිදහස් කර ගැනීම පිළිබඳ ශ‍්‍රී ලාංකික ජාතිය ලෝකයේ ප‍්‍රමුඛතම ජාතියක් ලෙස ඉතිහාස ගත වනු ඇත. එසේම එවැනි වු මහා ජයග‍්‍රහණයකට පිටුපස හැරවු ජාතියක් ලෙසද අප ඉතිහාසගත වනු ඇත. ’’
මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකානු තානාපති ලෙස පත්කොට ඇති ඩොනෙහියු නැමැති කාන්තාව පසුගිය දා මාධ්‍යයට ඉතා උද්දච්ච ප‍්‍රකාශයක් කලාය. ඇගේ ප‍්‍රකාශයේ සැබෑ සිංහල තේරුම අනුව ඇය කියන්නේ ශ‍්‍රී ලංකාව යෝජනාව ගෙන එ්මට පෙර හිස
මාර්තු 27 වැනිදා ජිනීවා සමුළුවේදී සාකච්ඡුාවට සහ ඡුන්ද විමසීමට ලක්වන ඇමෙරිකානු යෝජනාවේ කෙටුම්පත මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇත. ඊට ප‍්‍රතිචාර දක්වන දෙමළ ඩයස්පෝරාව කියා සිටින්නේ ඇමෙරිකාව විසින් දෙමළ ජනතාවගේ අපේක්‍ෂා නොසලකා හැර ඇති බවයි. ඊට අමතරව සමහර රජයේ පාර්ශවද එම යෝජනාව ඔවුන් බලාපොරොත්තු වූ තරම් බරපතල නැතැයි මත පළකරමින් ඇත. නමුත් ජිනීවාහිදී රජය කටයුතු කළයුතු ආකාරය පිළිබඳව පසුගිය දිනවල රජයට උපදෙස් දුන් බෙදුම්වාදී න්‍යායචාර්්‍යවරුන් ඒ පිළිබඳව අනාවැකි පළකරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ජිනීවාහිදී ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරමින් තම මතය ඉදිරිපත් කළ ජී.එල්. පීරිස් අමාත්‍යතුමාට ඉතා තදින් දෝෂාරෝපනය කරති.
පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වූ හේතුවක් සොයාගත නොහැකි වකුගඩු රෝගයට අදාල විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව බැලූ බැල්මට හේතු කිහිපයක් නිසා සුවිශේෂී විය. පළමුවැන්න එය විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත්
පසුගිය 16 වැනිදාට යෙදුනු ලෝක ආහාර දිනය සමරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර සුරක්‍ෂිතතා සතියක් ප‍්‍රකාශයට පත්කොට ඇත. ඔවුන් එහිදී ආහාර සුරක්‍ෂිතාව :ත්‍දදා ීැජමරසඑහ* පිළිබඳව කථාකලත් ඔවුන්ගේ අවධානයට ලක්වන්නේ ආහාර වල සෞඛ්‍ය ආරක්‍ෂාව :ත්‍දදා ී්එැඑහ* පමණී. ඇත්තවශයෙන්ම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර පිළිබඳව කුමක් කථාකලත් ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය විමසා බැලීමේදී පැහැදිලිව පෙනී යන දෙයක් ඇත. ඒ ඔවුනට ආහාර ආරක්‍ෂාව, ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණය අතර පවතින සමාජ-ආර්ථික, දේශපාලන හෝ සංස්කෘතික සහ පාරසරික සහ-සම්බන්ධතාවයන් පිළිබඳව ගැඹුරු අවබෝධයක් නොමැති බවය.
ඇමෙරිකාවේ දැන උගත් ජනතාව අන්දුන් කුන්දුන් කරමින් 2012 මාර්තු 16 වැනිදා ඉතා වැදගත් ලේඛනයකට ඒ රටේ ජනාධිපති බරක් ඔබාමා විසින් අත්සන් තැබිනි. එම ලේඛනය හැදින්වෙන්නේ ‘‘ විධායක නියෝගය ’’ යන තාක්‍ෂණික නාමයෙනි. ඒ මගින් ඔහුගේ බලයලත් ලේකම්වරුන්ට සමස්ථ රටම යුද වාතාවරණයක තැබීම සඳහා අවශ්‍ය සියළු බලතල ලබා දී ඇත. ඒ අනුව අනාගතයේදී ඕනෑම දවසක ඇමෙරිකාවේ රාජ්‍ය සහ පුද්ගලික සමාගම් සතු දේපල සහ මහජනයා සතු දේපල මෙන්ම රටේ පොදු සම්පත් යුද්ධය
පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇතිකල ආසනික් විරෝධී සටන ශ‍්‍රී ලංකාවේ මිනිස් ජීවිත වලට සහ පරිසරයට ආදරය කරන මිනිස්සුන්ට පරාජය අත්පත් කර දෙමින් අවසන් වී ඇත. එ් අනුව සමාගම් හිතවාදී සහ එ් නිසාම ආසනික් හිතවාදී වු න්ලධාරී ත‍්‍රන්තය

ප්‍රධාන පුවත්

සුරේෂ් සලේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් UN වෙතින් ශ්‍රී ලංකා රජයට දැඩි ප්‍රශ්නාවලියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ සහ යුද හමුදා බුද්ධි බලකායේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, ඔහුට එරෙහිව එල්ල වී ඇති අමානුෂික වධහිංසා චෝදනා සහ ඔහුගේ බරපතළ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥ කමිටු කිහිපයක් එක්ව ශ්‍රී ලංකා රජය වෙත සිය දැඩි කනස්සල්ල පළ කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 6.5 පනී - 69%ක සීඝ්‍ර ඉහළ යාමක්!

2026 වසරේ මුල් මාස හත (ජනවාරි - ජූලි) තුළ ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය පෙර වසරේ සමාන කාලයට සාපේක්ෂව සියයට 69 කින් දැවැන්ත ලෙස වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාව පෙන්වා දෙයි.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ

වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙන් පසු රජය ගන්නා මීළඟ පියවර සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව මධ්‍යයේ, විවිධ දේශපාලන පක්ෂ නව IMF වැඩසටහනක් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටී.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ

වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙන් පසු රජය ගන්නා මීළඟ පියවර සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව මධ්‍යයේ, විවිධ දේශපාලන පක්ෂ නව IMF වැඩසටහනක් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටී.

ට්‍රම්ප් තීරණයක් ගැනීමට නොහැකිව අර්බුදයකට හසුවෙලා-ඉරාන ශ්‍රේෂ්ඨ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි

අසර්බයිජානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෂහීන් මුස්තාෆයෙව් සමඟ ඊයේ(28) ටෙහෙරාන් නුවර පැවති හමුවකදී ඉරාන ශ්‍රේෂ්ඨ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි “ට්‍රම්ප් සාකච්ඡා කිරීමටවත්, යුද්ධ කිරීමටවත් නොහැකි අර්බුදකාරී තත්ත්වයකට හසුවී සිටිනවා” යැයි පැවසීය.

2027 අයවැය නොවැම්බර් 12 දා..

2027 වසර සඳහා වන අයවැය කතාව ලබන නොවැම්බර් 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ප්‍රකාශ කළාය.

ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි

ප්‍රංශයේ ඩේවිඩ් මැක්‍රෝන්ගේ රජය සමාජ වියදම්වලින් යුරෝ බිලියන 56කට ආසන්න මුදලක් කපා හැරීමට සැලසුම් කරමින් සිටින පසුබිමක, ප්‍රංශය පුරා දැවැන්ත විරෝධතා මාලාවක් පැතිර ගොස් තිබේ.

ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි

ප්‍රංශයේ ඩේවිඩ් මැක්‍රෝන්ගේ රජය සමාජ වියදම්වලින් යුරෝ බිලියන 56කට ආසන්න මුදලක් කපා හැරීමට සැලසුම් කරමින් සිටින පසුබිමක, ප්‍රංශය පුරා දැවැන්ත විරෝධතා මාලාවක් පැතිර ගොස් තිබේ.

ඊශ්‍රායලයේ සහ ඇමෙරිකාවේ ක්‍රියාකලාපයට එරෙහිව ලෝකයේ ප්‍රබල විරෝධයක් ගොඩනැගෙමින් පවතිනවා.. - ජාත්‍යන්තර දේශපාලනය සහ එක්සත් ජාතීන්ගේ සැසිය ගැන උවිඳු විජේවීරගෙන් විශේෂ විග්‍රහයක්..

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සහ ඇමෙරිකානු - චීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මුල් කරගනිමින් පසුගිය සතියේ ලෝක දේශපාලනයේ සිදුවූ ප්‍රධාන සිදුවීම් සම්බන්ධයෙන් දෙවන පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා Divaina Online යූටියුබ් නාලිකාව සමඟ පැවැත්වුණු සාකච්ඡාවකදී දීර්ඝ ලෙස අදහස් දැක්වීය.

අනුරගේ රතු හැට්ටයට යටින් ඉන්නේ වෙනිසියුලාවේ ඇමෙරිකානු පදයට නැටූ ඩෙල්සිලා.. උතුරේ කොටි සැමරුම් හා සිංහල බෞද්ධ උරුමයට එල්ල වන තර්ජන හමුවේ විපක්ෂයේත් අශුද්ධ එකඟතාවක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී ඉකුත් 27 වෙනි ඉරිදා පැවැති විශේෂ ප්‍රසිද්ධ දේශනය අමතමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වර්තමාන ආණ්ඩුවේ දෙවසරක විනාශකාරී ක්‍රියාකලාපය, රට මුහුණ දී සිටින දැවැන්ත භූ-දේශපාලනික අර්බුදය සහ අනාගත දේශපාලන අරගලයේ ගමන් මග පිළිබඳව අතිශය උණුසුම්, දීර්ඝ සහ විවේචනාත්මක හෙළිදරව්වක් සිදු කළේය.

ඕස්ට්‍රේලියානු සමාගමක කොටස් හිමිකම සම්බන්ධ නඩුවෙන් උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්..

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21 ක් සාපරාදී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලැබ සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්නා සුවඳුරුගොඩ අද (29) නියම කළාය.

කියුබාව ‘වැටෙනු ඇතැයි’ ට්‍රම්ප් පැවසීමෙන් පසු චීනයේ සහාය කියුබාවට!

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හවානා නගරය “වැටෙනු ඇත” යැයි පවසමින් කියුබානු පාලනයේ “මූලික වෙනසක්” අවශ්‍ය බව ප්‍රකාශ කිරීමෙන් පසු, බාහිර මැදිහත්වීම්වලට එරෙහිව කියුබාවට සහාය දෙන බවට චීනය ප්‍රතිඥා දී තිබේ.

ඇමරිකාවේ පනස් වසරක ධර්ම දූත මෙහෙවර ඇගයේ: "ධර්ම විකෘතිය යනු කුමක්ද?" - මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගෙන් විශේෂ දේශනයක්..

අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොල පියනන්ද නායක ස්වාමීන් වහන්සේ සහ මඩවල සීලවිමල නායක හිමියන් ඇමරිකා එක්සත් ජනපදයේ ධර්ම දූත මෙහෙවර ආරම්භ කර වසර 50ක් පිරීම නිමිත්තෙන් උන්වහන්සේලාගේ සේවය ඇගයීම සඳහා විශේෂ වැඩසටහනක් පවත්වා තිබේ.

එක්සත් ජාතීන්ගේ අර්ථවත් ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාව සහාය දක්වනවා.. - ඇමති විජිත UN මහ සමුළුව අමතමින් කියයි

ලෝකයේ සිදුවන පරිවර්තනයන්ට වඩාත් අත්‍යවශ්‍ය සහ ප්‍රතිචාරාත්මක සංවිධානයක් බවට පත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ අර්ථවත් ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සහාය දෙන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය හවුල්කරුවෙකු බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ආක්ටික් කලාපීය බලපෑම් හමුවේ ඇමෙරිකාව සහ යුරෝපා සංගමය අතර මතභේදාත්මක තත්ත්වයක් වර්ධනය වෙයි..

ආක්ටික් කලාපය තුළ තම බලය සහ බලපෑම තහවුරු කරගැනීම සඳහා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය (EU) දරන උත්සාහයන් හමුවේ දෙපාර්ශ්වය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික හා උපායමාර්ගික නොගැලපීම් තවදුරටත් පුළුල් වෙමින් පවතින බව වාර්තා වේ.

“අනුර නමින් ඩෙල්සි ඇවිත්?”.. - විමල්ගේ විශේෂ දේශනය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙයි..

“අනුර නමින් ඩෙල්සි ඇවිත්?” තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරන ලද විශේෂ දේශනයක් (27) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.