News Category
From Date
To Date
Maximum Number of Result

යළි යටත් කිරීමේ නව උපාංග සහ නිදහස

Aug 3, 2026 at 10:06 AM
|

මෑත කාලීනව අප ඉතා උත්කර්ෂවත් ලෙස සමරන සෑම නිදහස් දිනයක් පාසාම අප රටේ පොදු නිදහස හෙවත් ස්වයිරීභාවයට අදාළ තත්වයන් ක‍්‍රමයෙන් නරක අතර හැරෙමින් ඇත. නමුත් ඒ පිලිබදව බරපතල සමාජ කතිකාවක් පැන නැගී නැත. ඒ වෙනුවට පුද්ගල නිදහස හා මානව හිමිකම් පිලිබදව නව කථිකාවක් ආරම්භවී ඇත. මෑත කාලීනව අධිරාජ්‍යවාදී කුලී හමුදාවක් විසින් මෙහෙයවූ බෙදුම්වාදී ශ‍්‍රී ලංකා රජයේ ජයග‍්‍රහණය වැලැක් වීමට  අවසාන භාගයේදී යුද්ධය නතර කිරීම සදහා ප‍්‍රභල ජාත්‍යන්තර බලපෑමක් එල්ල විය. එය නිදහසින් පසු අප රටේ ජාතික නිදහසට එරෙහිව එල්ල වූ ප‍්‍රභලතම බලපෑම ලෙස හැදින්වීමේ වරදක් නැත. එසේ වුවත් එවකට පැවති රජය ඊට නොබියව මුහුණ දුන් බවට විවාදයක් නැත. ජාත්‍යන්තර බලපෑමකට යටත් නොවී යුද්ධය අවසන් කිරීමෙන් පසුව මානව හිමිකම්  සහ යුද අපරාධ සදහා වගවීමේ නාමයෙන් දිගින් දිගටම ජාත්‍යන්තර බලපෑම් එල්ල විය. එය එක්තරා ආකාරයට පුද්ගල නිදහසේ නාමයෙන් පොදු නිදහස හෙවත් ස්වයිරීභාවය  සහ භෞමික අඛණ්බතාවය අහිමි කිරීමේ උත්සාහයක් ලෙස හැදින්වීමේ වරදක් නැත.


කෙසේවෙතත් එවකට පැවති රජය ඒ සියලූ බලපෑම් වලට සාර්ථකව මුහුණ දෙමින් රටේ ස්වයිරීභාවය ආරක්ෂා කිරීමට සමත් විය. එය රටේ ස්වයිරීභාවය, ස්වාධීනත්වය, සහ පොදු මහජන නිදහසට අදාළ ජයග‍්‍රහණයක්්  ලෙස හැදින්විය හැක. යම් දේශපාලන විචාරකයින් එම ජයග‍්‍රහණය දෙවන නිදහස දිනා ගැනීම ලෙසද අර්ථ දැක්වීය. ඉන් අදහස් වන්නේ යටත් විජිත පාලනයෙන් සංකේතාත්මකව නිදහස් වීමෙන් පසුව ආරම්භ වූ නැවත යටත් කිරීමේ ක‍්‍රියාවලිය පරාජය කොට නැවත නිදහස දිනා ගැනීමය. නමුත් එම ක‍්‍රියාවලිය තුල රටේ පොදු නිදහස නැවත දිනා ගැනීමට අප රට සමත් වුවත් ඒ තුල රටේ ජනතාවගේ පුද්ගලික නිදහස සහ මානව හිමිකම් අහිමි වූ බවට චෝදනා එල්ලවිය. අවසානයේදී එසේ අහිමි වූවායයි සැලකූ දේ නැවත දිනා ගැනීම සදහා වෙනසක් නමින් නව ‘‘නිදහස් සටනක් ’’ ආරම්භ විය. එහි අවසාන ප‍්‍රතිපලය ලෙස නව පුද්ගල  නිිදහස සදහා  පොදු නිදහස අනතුරේ හෙළමින් පොදු නිදහස ලබාදුන් පාලනය බලයෙන් පහ කෙරිණි. 


ඉන් පසුව උදාවූ නව පාලනය  ඉතා කෙටි කලකින් ඊට පෙර පැවති පාලනය විසින් ප‍්‍රතික්ෂේප කළ ජාත්‍යන්තර බලපෑම් ක‍්‍රියාවලියට අවනත වන ආකාරය පැහැදිලිව දක්නට ඇත. නමුත් වර්තමාන පාලනය ඒ අවනත වීම අර්ථකතනය කරන්නේ ජාත්‍යන්තර සහාය ලබා ගැනීමක් ලෙසය. ඉහත සදහන් කළ ආකාරයට රටේ ස්වයිරීභාවය සහ භෞමික අඛණ්ඩතාවයට බරපතල බලපෑම් ඇති කරන එම එකගතාවයන් හෙවත් යටත්වීම් සාධාරණීයකරණය කෙරෙන්නේ පුද්ගලික නිදහස සහ මානව හිමිකම් ආදීසංකල්ප වලට මුවා වෙමිනි. එහෙත් ප‍්‍රායෝගිකව පෙරට වඩා වැඩි පුද්ගලික නිදහසක් ලැබෙන බවක් පොදු ජනතාවට නම් දැනෙන්නේ නැත. ඒ වෙනුවට ක‍්‍රමයෙන් පුද්ගලික නිදහස තමා කෙරෙහි පොලිස් රාජ්‍යයක් ගොඩ නැපවතින බවට රජයට චෝදනා එල්ල වෙමින් ඇත. 


කෙසේ වෙතත් රජය සහ බටහිර බලවේග අතර එම එකගතාවයන් හරහා   විවිධ පෙරමුණු වලින් දියත් වන යටත් කිරීමේ ක‍්‍රියාවලියේ හැඩතල පොදු මහජන සංවාදයට ලක් වන්නේ නැත. ඊට ප‍්‍රධාන වශයෙන් හේතු වන්නේ යටත් කිරීමේ නව උපාංග වල ස්වරූපය හෙවත් හැඩ තල පිලිබද ගැඹුරු මහජන කථිකාවක් නොමැති වීමය. එම නිසා යටත් කිරීමේ උපාංග පිලිබදව සංවාදයට පෙර යටත් කිරීම යනු කුමක්ද සහ නිදහස යනු කුමක්ද යන්න නැවත වටහා ගැනීම වැදගත් වේ. නිදහස නැමති සංකල්පයට ලෝකයේ වැඩි වටිනාකමක් හිමි වන්නේ මීට වසර 500කට පෙර ආරම්භ වූ යටත්විජිත කරණ ක‍්‍රියාවලියට සමගාමීවය. එදා වෙළදාම මුල් කරගත් ආයුධ සන්නද්ධ ආක‍්‍රමණ හරහා බටහිරඅධිරාජ්‍යවාදී රටවල් විසින් ලෝකයේ දුර්වල රටවල පාලන බලය අල්ලා ගන්නා ලදිග

එහිදී එම රටවල සම්පත් කොල්ල කෑම සදහා සිදු කළ එම ආක‍්‍රමණ හරහා එම රටවල් දීර්ඝකාලීන යුදමය තත්වයට ඇද දමන ලදි. අවසානයේ දී යුද්ධමය වශයෙන් දුර්වල වන රාජ්‍යයන් සමග ගිවිසුම් ගතව රටේ සමස්ථ පාලන බලය අත්පත් කර ගැනීම සිදුවිය. එම යටත්විජිත කරණ ක‍්‍රියාවලිය තුල ඉතා සෘජු ආයුධ සන්නද්ධ ආක‍්‍රමණයක් සිදු වූ අතර ඒ තුල රටේ ස්වයිරීභාවය සහ පොදු නිදහස් මෙන්ම පුද්ගල නිදහසද අහිමි විය. එහිදී එම රටවල ජනතාවට ආක‍්‍රමනිකයා හෙවත් සතුරා පැහැදිලිව හදුනා ගත හැකි වූ අතර යටක් කිරීමේ උපාංගය වන සන්නද්ධ බලය භෞතිකව අත්විදිය හැකි විය. 


කෙසේවෙතත් එම යටත් කිරීමේ ක‍්‍රියාවලිය තුලම ප‍්‍රති ප‍්‍රහාර දීමේ සහ නිදහස ලබා ගැනීමේ අරමුණද රෝපණය විය. ඒ අනුව යටත් විජිත රාජ්‍යයක් තුල යටත් කිරීමේ ක‍්‍රියාවලියට සමගාමීව නිදහස දිනා ගැනීමේ ක‍්‍රියාවලියද විවිධ මට්ටම් සහ ස්වරූප වලින් එකවිට පැවතීය. එසේම අධිරාජ්‍යවාධී රටවල් විසින් ලෝකය අත්පත්කර ගැනීම සදහා දියත් කළ යටත් විජිත ක‍්‍රියාවලියේ උච්චතම අවස්තාව වන දෙවන ලෝක යුදධයෙන්  අනතුරුව අධිරාජ්‍යන් බිදවැටීමේ යුගයක් ආරම්භ විය. ඒ බිද වැටීමට සාපේක්ෂව යටත්විජිත වල නිදහස් අරගල ත‍්‍රීවූ වූ අතර අවසානයේ ක‍්‍රමයෙන් යටත්විජිත වලින් සන්නද්ධ බලය ඉවත්කර ගැනීමේ සහ රාජ්‍ය පාලනය  ‘‘ ස්වදේශිකයන් අතට’’ ලබාදීමේ ක‍්‍රියාවලිය ආරම්භ විය. එම ක‍්‍රියාවලියේ තීරණාත්මක සහ උච්චතම අවස්ථාව නිදහස ලබාදීම හෝ දිනා ගැනීම ලෙස හැදින්විය. එය සංඛේතාත්මකව මහජනයාට දැනෙන ලෙස ප‍්‍රකාශයට පත් කළ දිනය නිදහස් දිනය බවට පත්විය.


 අධිරාජ්‍යවාධී රටවල් තම යටත් විජිත වලට ඒ ආකාරයට නාමික නිදහස ලබා දෙන ක‍්‍රියාවලිය තුලම අවසානයේ දී සෘජු සන්නද්ධ මැදිහත් වීමක් නොමැතිව යටත් කිරීමේ ක‍්‍රියාවලිය පවත්වාගෙන යාම සදහා අවශ්‍ය බීජ රෝපණය කළේය. ඊනියා නිදහස ලබා දීමෙන් පසුව එම බීජ වලට ජලය සහ පොහොර දමා වර්ධනය කිරීමේ ක‍්‍රියාවලියද ඒ සමගම පටන් ගැනුණි. එසේ නිදහස ලබාදීමෙන් පසුව ඉතා සූක්ෂම ලෙස සැගවූ ක‍්‍රියා දාමයන් හරහා ආරම්භ වූ නැවත යටත් කිරීමේ ක‍්‍රියාවලිය හැදින්විය හැක්කේ නව යටත් විජිතකරණ ක‍්‍රියාවලිය ලෙසය. ඒ තුල ඉතා ප‍්‍රභල ලෙස රාජ්‍යතාන්ත‍්‍රික සහ මූල්‍ය උපාංග භාවිත විය. ඒවා ක‍්‍රියාත්මක කිරීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය , මූල්‍ය අරමුල, ලෝක බැංකු වැනි ආයතන බිහි විය. එම ක‍්‍රියාවලිය තුල මහජනයාගේ පිටට තුවක්කුව තියාගෙන ඉඩම් සහ සම්පත් කොල්ල කන විදේශිකයා වෙනුවට ඔවුන්ගේ දේශීය නියෝජිතයන් ජාලයක් බිහි විය. ඔවුන්ගෙන් බහුතරය මොළ සේදීමට ලක් කළ කලූ සුද්දන් වූ අතර ආයුධ වලට වඩා තියුණු සහ භයානක උපදෙස් ලබා දෙන සුදු හම සහිත සුලූ පිරිසක්ද ඊට අයත් විය. ඔවුන් බිහි කිරීම සහ පවත්වාගෙන යාම සදහා යටත් විජිත අධ්‍යාපනය, විශේෂයෙන්ම බටහිර ආගමික ,අධ්‍යාපන ආයතන, බරපතල මෙහෙයක් ඉටු කළේය.


එම උපදෙස් හරහා අධිරාජ්‍යවාදී සමාගම් විසින් පහසුවෙන් ආක‍්‍රමණය කළ  හැකි ආකාරයට භාණ්ඩ හා මූල්‍ය වෙළදපල විවෘත කෙරුනු අතර විවිධ වෙළ`ද, ආර්ථික සහ ආරක්ෂක ගිවිසුම් වලට  රාජ්‍යයන් පෙළඹවීය. බොහෝ රටවල හමුදා කදවුරු ප‍්‍රමාණයක් දිගටම පවත්වාගෙන යාම සදහාද ආරක්ෂක ගිවිසුම් අත්සන් කෙරිණි. එහෙත්් ශීී ලංකාවේදී එම උත්සාහයන් ඒ ආකාරයටම සාර්ථක නොවීය. නමුත් ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය විනාශකොට බීජ සහ ආහාර සදහා විදේශීය සමාගම් මත යැපෙන තත්වයක් ඇති කිරීමට  සහ බෙදුම්වාදී මතවාද පෝෂණය කොට අවසානයේදී රට බෙදා දුර්වල කිරීම මුල්කරගත් ගැටුම්කාරී තත්වයන් නිර්මාණය කිරීමටද ඔවුන් සමත් විය. 


මේ වන විට ඒ නව යටත් විජිත ක‍්‍රියාවලියට යාහැකි උපරිම දුර ගමන් කොට අවසාන බවට ලෝකයේ ප‍්‍රභල මතයක් ගොඩනැගී ඇත. එක්තරා ආකාරයට මෘදු උපාංග මගින් පවත්වාගෙන ගිය ඒ ඒ නව යටත්විජිත  ක‍්‍රියාවලිය වර්තමාන ගෝලීය අධිරාජ්‍යයක් ගොඩනැගීමේ අභිලාශයට සෑහෙන්නේ නැත. ඒ අනුව පසුගිය දශකය තුල අප අත්විදින්නේ යළී යටත්විජිතකරණ ක‍්‍රියාවලියක බව පිළිගැනීමට සිදුවේ. එය එදා සන්නද්ධ ආක‍්‍රමණය හරහා සිදු කළ මැදිහත්වීමට බොහෝ දුරට සමාන ක‍්‍රියාවලියක්? ඒ සදහා පැරණි උපාංග ද මෙන්ම වඩා දියුණු නව උපාංග භාවිතාවේ. ඒ නව උපාංග වල හැඩතල 2002 වසරේ ‘‘යළි ’’පුබුදමු ශ‍්‍රී ලංකා වැඩ සටහන යටත් යම් පමණකට හෙළිදරව් විය. වර්තමාන යහපාලන අය වැය තුලින් ඒවායේ දිගුවක් මෙන්ම තවත් ප‍්‍රභල නව උපාංගද හදුනා ගත හැක. එවැනි යළි  යටත්විජිතකරණ උපාය මාර්ගික උපාංග ප‍්‍රධාන වශයෙන් 10ක් පමණ හදුනා ගත හැකිය. 


ඉන් පළමු උපාංගය වන්නේ මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යුද අපරාධ සදහා වගවීම ආදී සටන්පාඨ හරහා ප‍්‍රභල රාජ්‍ය තාන්ත‍්‍රික මැදිහත්වීමකට ඉඩ සලසා ගැනීමය. ඒ මගින් දිර්ඝ කාලී්නව රටේ අභ්‍යන්තර කටයුතු වලට අත දමා ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග වලට ඉඩ සැලසේ. ජිනීවා යෝජනා හරහා ආරම්භ වන දීර්ඝ කාලීන ක‍්‍රියාවලිය සහ ඒ තුලින් මතුවන සත්‍ය සෙවීමේ කොමිසම සහ මානව හිමිකම් කොමසාරිස්ගේ ශාඛා කර්යාලයක් පිහිටුවීම ආදිය ඊට හොදම උදාහරණ සපයයි. දෙවැන්න එම ක‍්‍රියාවලිය හරහාම ව්‍යවස්ථා සංශෝධනය සදහා පෙළඹවීම මගින් මධ්‍යම රාජ්‍ය දුර්වල කොට පරිධිය ශක්තිමත් කිරීමයි. ඒ මගින් බෙදුම්වාදය සහ ඒ ආශ‍්‍රිත ගැටුම වර්ධනය කිරීම මගින් එක් පැත්තකින් රාජ්‍යය තව දුරටත් දුර්වල කරන අතර මැදිහත්වීමටද වැඩි ඉඩක් සලසා ගැනේ. තුන්වැන්න  රජයේ සමාජ වගකීම් රාජ්‍ය නොවන සංවිධාන වලට සහ මහජනයාට සෘජුව වග නොකියන ද්වීතික ආයතන වලට පැවරීමයි. ඒ මහින්ද රාජ්‍ය තවදුරටත්  දුර්වල කෙරෙන අතර බිම් මට්ටමේ විකල්ප රාජ්‍යයක් හෙවත් රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සිවිල් බලවේගයන්ද නිර්මාණය කෙරේ. 


හතරවන උපාංගය වන්නේ රජයේ වාණිජ ව්‍යාපාර සහ රාජ්‍ය සේවා පෞද්ගලීකරණය කිරීම මගින් බහුජාතික සමාගම් වලට අත් පත් කරගත හැකි ප‍්‍රාග්ධන  සහ සේවා වෙළ`දපලක් බිහි කිරීමයි. පසු ගිය අය වැය මගින් යෝජිත ඊනියා තමාසෙක් මොඩලය සහ කොටස් වෙළදපල හරහා උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් රාජ්‍ය ආයතන පවා පෞද්ගලීකරණය කිරීමට යෝජනා වී ඇත. ඒ මගින් එක වෙඩි උණ්ඩයක් හෝ පත්තු නොකර සමස්ථ රජ්‍යයම වුවද අත්කර ගැනීමට හැකි තත්වයක් නිර්මාණය වේ. පස් වැනි උපාංගය වන්නේ මූල්‍ය වෙළදපල සම්පූර්ණයෙන්ම පාලනයෙන් නිදහස් කර ජාත්‍යන්තර මූල්‍ය ජාවාරම්කාරයින්ට එය අත්පත්කර ගත හැකි තත්වය නිර්මාණය කිරීමය. පසුගිය අයවැය මගින් එය ඉතා සාර්ථකව ඉටු කර ඇති රාජ්‍ය බාංකු ඒ අතරවේ. ඒ මගින් ජාත්‍යන්තර මූල්‍ය ධනපතින්ට රටේ නිශ්පාදන පද්ධතිය අත්පත්කර ගැනීමට මෙන්ම මූල්‍ය වෙළ`දපල  ඕනෑම අවස්ථාවක අනතුරට ලක් කළ හැකි දුර්වල තත්වයකට පත්කිරීමටද හැකිවේ.


හයවැනි උපාංගය එදා යටත්විජිත සමයේ සිදු කළ ආකාරයට භූමියේ අයිතිය භෞතිකව අත්පත් කර ගැනිමය. පසුගිය අය වැය මගින් ඊට බොහෝ පහසුකම් සලසා ඇත. එමගින් එක් පැත්තකින් රජයේ ඉඩම් දීර්ඝකාලීන බදු පදනම යටතේ හෙක්ටයාර් 5000 දක්වා බහුජාතික සමාගම් වලට ලබා දීමට යෝජනා කෙරෙන අතර අනෙක් පැත්තෙන් පෞද්ගලික ඉඩම් මිලදී ගැනීම් සදහා පනවා තිබූ 100‍්‍ර බද්ධ ඉවත් කිරීමද සිදුකොට ඇත. ඒ මගින් දැනට පාඩු  සහිතව පවත්වාගෙන යන  තේ සහ රබර් වතු නැවත ‘‘ ලිප්ටන්ලා’’ අතට පත්වීමද සිදුවිය හැක. ඒ අතර ගොවියාට ඉඩම් අයිතිය දීමේ මුවාවෙන් කෘෂි ඉඩම් වෙළ`දපලක් බිහි කිරීම සහ කුඩා ඉඩම් වලින් මහා  ඉඩම් නිර්මාණය කිරීමටද තත්වයන් සකස් කෙරී ඇත. ඒ මගින් අවසානයේදී ගොවියා තම ඉඩම් මහා සමාගම්වලට විකුණා දමන තත්වයට පත්කෙරේ.


හත් වැනි උපාංගය රටේ ඇාහාර සුරක්ෂිත තාවය සහ බීජ සුරක්ෂිත තාවය අනතුරේ හෙළමින් ආහාර සදහා  බහුජාතික සමාගම් මත යැපෙන තත්වයක් ඇති කිරීමය. ඒ සදහා බීජ ගොවිපලවල් පවා සමාගම් වලට පවරා දිය යුතුය. මෙවර අය වැය යෝජනා වලට පැකිලීමකින් තොරව ඒ සදහා ප‍්‍රතිපාදන ඇතුලත් කර ඇත. ඊට අමතරව කෘෂි සහනාධාර කපා දමා ගොවියාට කෘෂිකර්මාන්තය එපා කර ඔවුන් මහා සමාගම් වල කෘෂි කම්කරුවන් බවට පත් කිරීමද ඊට අයත්වේ. එවිට සියලූ පුරවැසියන් බ්‍රොයිලර් කුකුලන් මෙන් වෙළදපලෙන් ආහාර ලබා ගැනීම සදහා ජීවත්වන වැටුප් ශ‍්‍රමිකයන් පිරිසක් බවට පත්වේ. බහුජාතිකක සමාගම් වල කුලී කරුවන් පිරිස වැඩි  වන ප‍්‍රමාණයට සාපේක්ෂව ඔවුන් යටත් කිරීමේ හැකියාවද ඉහළ යන බව පැහැදිලි කරුණකි. 


අටවැනි සහ දුෂ්ඨතම උපාංගය වන්නේ ඔත්තුසේවා හරහා ගැටුම්්කාරී තත්වයන් නිර්මාණය කොට ඒවා භාවිතා කරමින් සන්නද්ධ මැදිහත්වීමකට පවා පාර කපා ගැනීමයි. ඉරාකයේ, සිරියාවේ, ලිබියාවේ හෝ ඇෆ්ගනිස්තානයේ මෙන් එකිනෙකා මරා ගන්නා අවාසනාවන්තයින්ගේ දේශයක් දේශපාලන වශයෙන් යටත් කිරීම ඉතා පහසුවේ. ඒ නිසා එදා 83දී සිංහල - දෙමළ ගැටුම් නිර්මාණය කළ ආකාරයට සහ 1915 දී සිංහල මුස්ලිම් ගැටුම් නිර්මාණය කළ ආකාරයට අධිරාජ්‍යවාදී ඔත්තු සේවා මගින් සිංහල - මුස්ලිම් ගැටුම් නිර්මාණය කිරීමේ බරපතල ඉඩක් ඇත. ඒ මගින් අරමුණු 4ක් ඉටුවේ. එක් පැත්තකින් මධ්‍යස්ථ මුස්ලිම් ජනතාව අන්තවාදී සහ බෙදුම්වාදීන්ගේ තුරුලට තල්ලූ කිරීම සිදු වන අතර අනෙක් පැත්තෙන් මරා ගැනීම් වැලැක්වීමේ මුවාවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමට ඉඩ සැලසේ. ඊට අමතරව රාජ්‍ය සහ ජාතිකවාදී බලවේග දුර්වල කිරීමේ අරමුණද ඒ තුලින් ම ඉටුවේ. බොහෝ දුරට එමගින් ජාතිකවාදී බලවේග මර්ධනය කිරීම සදහාද ඉඩ සලසා ගැනීම සිදුවිය හැක. දැන් විවිධ කණ්ඩායම් මගින් රට පුරා පෙට්ට‍්‍රල් හලමින් යන ආකාරය දෙස බලන විට සතුරු ඔත්තු සේවා කළ යුත්තේ අවශ්‍ය අවස්ථාවේ ගිණිකූර ගැසීම පමණි. එවැනි ජාතිවාදී මරා ගැනීමක් මගින් ඇතිවන අවුල මගින් ආණ්ඩුවේ බොහෝ ප‍්‍රශ්න යටපත් කළ හැකිවනු ඇත.


දස වැනි උපාංගය රටේ ආරක්ෂක හමුදාව සහ ඔත්තුසේවා දුර්මුඛ සහ දුර්වල කොට බටහිර හිතවාදී හමුදා නායකත්වයක් ගොඩනැගීමය. ජිනීවා යෝජනා හරහා නඩු අසා හෝ නඩු නැතිව හමුදාවට දඩුවම් කිරීමට බලපෑම් කරන්නේ බටහිරයන්ගේ ඒ උවමනාව සපුරා ගැනීමටය. දැනටමත් ඔත්තුසේවා නිලධාරීන් අත්අඩංගුවට ගනිමින් රජය ඒ උගුලට පය තබා ඇත. ඊට අමතරව පුහුණුවීම් නාමයෙන් බටහිර අරමුදල් යොදවා හමුදාවේ උසස් නිලධාරීන්ගේ මොළ සේදීමේ ව්‍යාපාරයක්ද දැනටමත් යෝජනාවී ඇත.


මේ තත්වය තුල සමහර විට අපට ජාතියක් ලෙස තව නිදහස් දින කීයක් සැමරීමට ඉඩ ලැබේද යන්න අප විසින් සංවාදයට ලක් කළ යුතුව ඇත. අනාගත යලි අත්පත්කර ගැනීමේ ක‍්‍රියාවලිය අප රටේ ඉතිහාසය අවසන්කොට නව ඉතිහාසයක ආරම්භයක් කිරීමේ ක‍්‍රියාදාමයක් බවට පත්වීමේ බොහෝ ඉඩ කඩ ඇත. එය වැලැක්විය හැක්කේ ඉතා සූක්ෂමව අපගේ දෙපතුල් යටින් සිදුවෙමින් පවතින භයානකදේ කල් ඇතිව හ`දුනා ගැනීම මගින පමණි. නිදහස සැමරීම වඩා අර්ථවත් වන්නේ ඊට අදාළ බුද්ධිමය සංවාදයක් තුලින් පමණි.


වෛi වසන්ත බණ්ඩාර



 


සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාතයාංශය නිකුත් කල නවතම වාර්තාවකට අනුව කොටි සංවිධානය ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තය ඇතුළු දකුණු ඉන්දියානු ප‍්‍රදේශ මුල්කරගෙන නැවත වටයකින් සංවිධානය වෙමින් ඇත. ඒ නිසා ඉන්දියානු රජය එම සංවිධානයට
මාර්තු මස ජිනීවාහිදි පැවැත්වෙන 22 වැනි මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කරන බව මේ වන විට නිවේදනය කොට ඇත. නමුත් එවැනි තීන්දුවකට පසුව ශ‍්‍රී ලංකාවේ මහජනතාව අතර ප‍්‍රබල ඉනන්දියානු විරෝධ
’’ අධිරාජ්‍යවදී කුලී හමුදාවක් සහමුලින්ම විනාශ කොට රටක් නිදහස් කර ගැනීම පිළිබඳ ශ‍්‍රී ලාංකික ජාතිය ලෝකයේ ප‍්‍රමුඛතම ජාතියක් ලෙස ඉතිහාස ගත වනු ඇත. එසේම එවැනි වු මහා ජයග‍්‍රහණයකට පිටුපස හැරවු ජාතියක් ලෙසද අප ඉතිහාසගත වනු ඇත. ’’
මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකානු තානාපති ලෙස පත්කොට ඇති ඩොනෙහියු නැමැති කාන්තාව පසුගිය දා මාධ්‍යයට ඉතා උද්දච්ච ප‍්‍රකාශයක් කලාය. ඇගේ ප‍්‍රකාශයේ සැබෑ සිංහල තේරුම අනුව ඇය කියන්නේ ශ‍්‍රී ලංකාව යෝජනාව ගෙන එ්මට පෙර හිස
මාර්තු 27 වැනිදා ජිනීවා සමුළුවේදී සාකච්ඡුාවට සහ ඡුන්ද විමසීමට ලක්වන ඇමෙරිකානු යෝජනාවේ කෙටුම්පත මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇත. ඊට ප‍්‍රතිචාර දක්වන දෙමළ ඩයස්පෝරාව කියා සිටින්නේ ඇමෙරිකාව විසින් දෙමළ ජනතාවගේ අපේක්‍ෂා නොසලකා හැර ඇති බවයි. ඊට අමතරව සමහර රජයේ පාර්ශවද එම යෝජනාව ඔවුන් බලාපොරොත්තු වූ තරම් බරපතල නැතැයි මත පළකරමින් ඇත. නමුත් ජිනීවාහිදී රජය කටයුතු කළයුතු ආකාරය පිළිබඳව පසුගිය දිනවල රජයට උපදෙස් දුන් බෙදුම්වාදී න්‍යායචාර්්‍යවරුන් ඒ පිළිබඳව අනාවැකි පළකරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ජිනීවාහිදී ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරමින් තම මතය ඉදිරිපත් කළ ජී.එල්. පීරිස් අමාත්‍යතුමාට ඉතා තදින් දෝෂාරෝපනය කරති.
පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වූ හේතුවක් සොයාගත නොහැකි වකුගඩු රෝගයට අදාල විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව බැලූ බැල්මට හේතු කිහිපයක් නිසා සුවිශේෂී විය. පළමුවැන්න එය විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත්
පසුගිය 16 වැනිදාට යෙදුනු ලෝක ආහාර දිනය සමරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර සුරක්‍ෂිතතා සතියක් ප‍්‍රකාශයට පත්කොට ඇත. ඔවුන් එහිදී ආහාර සුරක්‍ෂිතාව :ත්‍දදා ීැජමරසඑහ* පිළිබඳව කථාකලත් ඔවුන්ගේ අවධානයට ලක්වන්නේ ආහාර වල සෞඛ්‍ය ආරක්‍ෂාව :ත්‍දදා ී්එැඑහ* පමණී. ඇත්තවශයෙන්ම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර පිළිබඳව කුමක් කථාකලත් ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය විමසා බැලීමේදී පැහැදිලිව පෙනී යන දෙයක් ඇත. ඒ ඔවුනට ආහාර ආරක්‍ෂාව, ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණය අතර පවතින සමාජ-ආර්ථික, දේශපාලන හෝ සංස්කෘතික සහ පාරසරික සහ-සම්බන්ධතාවයන් පිළිබඳව ගැඹුරු අවබෝධයක් නොමැති බවය.
ඇමෙරිකාවේ දැන උගත් ජනතාව අන්දුන් කුන්දුන් කරමින් 2012 මාර්තු 16 වැනිදා ඉතා වැදගත් ලේඛනයකට ඒ රටේ ජනාධිපති බරක් ඔබාමා විසින් අත්සන් තැබිනි. එම ලේඛනය හැදින්වෙන්නේ ‘‘ විධායක නියෝගය ’’ යන තාක්‍ෂණික නාමයෙනි. ඒ මගින් ඔහුගේ බලයලත් ලේකම්වරුන්ට සමස්ථ රටම යුද වාතාවරණයක තැබීම සඳහා අවශ්‍ය සියළු බලතල ලබා දී ඇත. ඒ අනුව අනාගතයේදී ඕනෑම දවසක ඇමෙරිකාවේ රාජ්‍ය සහ පුද්ගලික සමාගම් සතු දේපල සහ මහජනයා සතු දේපල මෙන්ම රටේ පොදු සම්පත් යුද්ධය
පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇතිකල ආසනික් විරෝධී සටන ශ‍්‍රී ලංකාවේ මිනිස් ජීවිත වලට සහ පරිසරයට ආදරය කරන මිනිස්සුන්ට පරාජය අත්පත් කර දෙමින් අවසන් වී ඇත. එ් අනුව සමාගම් හිතවාදී සහ එ් නිසාම ආසනික් හිතවාදී වු න්ලධාරී ත‍්‍රන්තය

ප්‍රධාන පුවත්

සුරේෂ් සලේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් UN වෙතින් ශ්‍රී ලංකා රජයට දැඩි ප්‍රශ්නාවලියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ සහ යුද හමුදා බුද්ධි බලකායේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, ඔහුට එරෙහිව එල්ල වී ඇති අමානුෂික වධහිංසා චෝදනා සහ ඔහුගේ බරපතළ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥ කමිටු කිහිපයක් එක්ව ශ්‍රී ලංකා රජය වෙත සිය දැඩි කනස්සල්ල පළ කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 6.5 පනී - 69%ක සීඝ්‍ර ඉහළ යාමක්!

2026 වසරේ මුල් මාස හත (ජනවාරි - ජූලි) තුළ ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය පෙර වසරේ සමාන කාලයට සාපේක්ෂව සියයට 69 කින් දැවැන්ත ලෙස වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාව පෙන්වා දෙයි.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ

වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙන් පසු රජය ගන්නා මීළඟ පියවර සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව මධ්‍යයේ, විවිධ දේශපාලන පක්ෂ නව IMF වැඩසටහනක් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටී.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ

වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙන් පසු රජය ගන්නා මීළඟ පියවර සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව මධ්‍යයේ, විවිධ දේශපාලන පක්ෂ නව IMF වැඩසටහනක් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටී.

ට්‍රම්ප් තීරණයක් ගැනීමට නොහැකිව අර්බුදයකට හසුවෙලා-ඉරාන ශ්‍රේෂ්ඨ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි

අසර්බයිජානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෂහීන් මුස්තාෆයෙව් සමඟ ඊයේ(28) ටෙහෙරාන් නුවර පැවති හමුවකදී ඉරාන ශ්‍රේෂ්ඨ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි “ට්‍රම්ප් සාකච්ඡා කිරීමටවත්, යුද්ධ කිරීමටවත් නොහැකි අර්බුදකාරී තත්ත්වයකට හසුවී සිටිනවා” යැයි පැවසීය.

2027 අයවැය නොවැම්බර් 12 දා..

2027 වසර සඳහා වන අයවැය කතාව ලබන නොවැම්බර් 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ප්‍රකාශ කළාය.

ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි

ප්‍රංශයේ ඩේවිඩ් මැක්‍රෝන්ගේ රජය සමාජ වියදම්වලින් යුරෝ බිලියන 56කට ආසන්න මුදලක් කපා හැරීමට සැලසුම් කරමින් සිටින පසුබිමක, ප්‍රංශය පුරා දැවැන්ත විරෝධතා මාලාවක් පැතිර ගොස් තිබේ.

ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි

ප්‍රංශයේ ඩේවිඩ් මැක්‍රෝන්ගේ රජය සමාජ වියදම්වලින් යුරෝ බිලියන 56කට ආසන්න මුදලක් කපා හැරීමට සැලසුම් කරමින් සිටින පසුබිමක, ප්‍රංශය පුරා දැවැන්ත විරෝධතා මාලාවක් පැතිර ගොස් තිබේ.

ඊශ්‍රායලයේ සහ ඇමෙරිකාවේ ක්‍රියාකලාපයට එරෙහිව ලෝකයේ ප්‍රබල විරෝධයක් ගොඩනැගෙමින් පවතිනවා.. - ජාත්‍යන්තර දේශපාලනය සහ එක්සත් ජාතීන්ගේ සැසිය ගැන උවිඳු විජේවීරගෙන් විශේෂ විග්‍රහයක්..

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සහ ඇමෙරිකානු - චීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මුල් කරගනිමින් පසුගිය සතියේ ලෝක දේශපාලනයේ සිදුවූ ප්‍රධාන සිදුවීම් සම්බන්ධයෙන් දෙවන පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා Divaina Online යූටියුබ් නාලිකාව සමඟ පැවැත්වුණු සාකච්ඡාවකදී දීර්ඝ ලෙස අදහස් දැක්වීය.

අනුරගේ රතු හැට්ටයට යටින් ඉන්නේ වෙනිසියුලාවේ ඇමෙරිකානු පදයට නැටූ ඩෙල්සිලා.. උතුරේ කොටි සැමරුම් හා සිංහල බෞද්ධ උරුමයට එල්ල වන තර්ජන හමුවේ විපක්ෂයේත් අශුද්ධ එකඟතාවක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී ඉකුත් 27 වෙනි ඉරිදා පැවැති විශේෂ ප්‍රසිද්ධ දේශනය අමතමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වර්තමාන ආණ්ඩුවේ දෙවසරක විනාශකාරී ක්‍රියාකලාපය, රට මුහුණ දී සිටින දැවැන්ත භූ-දේශපාලනික අර්බුදය සහ අනාගත දේශපාලන අරගලයේ ගමන් මග පිළිබඳව අතිශය උණුසුම්, දීර්ඝ සහ විවේචනාත්මක හෙළිදරව්වක් සිදු කළේය.

ඕස්ට්‍රේලියානු සමාගමක කොටස් හිමිකම සම්බන්ධ නඩුවෙන් උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්..

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21 ක් සාපරාදී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලැබ සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්නා සුවඳුරුගොඩ අද (29) නියම කළාය.

කියුබාව ‘වැටෙනු ඇතැයි’ ට්‍රම්ප් පැවසීමෙන් පසු චීනයේ සහාය කියුබාවට!

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හවානා නගරය “වැටෙනු ඇත” යැයි පවසමින් කියුබානු පාලනයේ “මූලික වෙනසක්” අවශ්‍ය බව ප්‍රකාශ කිරීමෙන් පසු, බාහිර මැදිහත්වීම්වලට එරෙහිව කියුබාවට සහාය දෙන බවට චීනය ප්‍රතිඥා දී තිබේ.

ඇමරිකාවේ පනස් වසරක ධර්ම දූත මෙහෙවර ඇගයේ: "ධර්ම විකෘතිය යනු කුමක්ද?" - මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගෙන් විශේෂ දේශනයක්..

අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොල පියනන්ද නායක ස්වාමීන් වහන්සේ සහ මඩවල සීලවිමල නායක හිමියන් ඇමරිකා එක්සත් ජනපදයේ ධර්ම දූත මෙහෙවර ආරම්භ කර වසර 50ක් පිරීම නිමිත්තෙන් උන්වහන්සේලාගේ සේවය ඇගයීම සඳහා විශේෂ වැඩසටහනක් පවත්වා තිබේ.

එක්සත් ජාතීන්ගේ අර්ථවත් ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාව සහාය දක්වනවා.. - ඇමති විජිත UN මහ සමුළුව අමතමින් කියයි

ලෝකයේ සිදුවන පරිවර්තනයන්ට වඩාත් අත්‍යවශ්‍ය සහ ප්‍රතිචාරාත්මක සංවිධානයක් බවට පත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ අර්ථවත් ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සහාය දෙන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය හවුල්කරුවෙකු බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ආක්ටික් කලාපීය බලපෑම් හමුවේ ඇමෙරිකාව සහ යුරෝපා සංගමය අතර මතභේදාත්මක තත්ත්වයක් වර්ධනය වෙයි..

ආක්ටික් කලාපය තුළ තම බලය සහ බලපෑම තහවුරු කරගැනීම සඳහා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය (EU) දරන උත්සාහයන් හමුවේ දෙපාර්ශ්වය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික හා උපායමාර්ගික නොගැලපීම් තවදුරටත් පුළුල් වෙමින් පවතින බව වාර්තා වේ.

“අනුර නමින් ඩෙල්සි ඇවිත්?”.. - විමල්ගේ විශේෂ දේශනය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙයි..

“අනුර නමින් ඩෙල්සි ඇවිත්?” තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරන ලද විශේෂ දේශනයක් (27) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.