News Category
From Date
To Date
Maximum Number of Result

එට්කා ගැන ඒකාබද්ධ විපක්ෂය හරියට නොකියන කතාව

Aug 3, 2026 at 09:35 AM
|

එදා මහින්ද රාජපක්ෂ යුගයේදී ‘‘සීපා’’ නමින් ඉන්දු ලංකා විස්තීර්ණ ආර්ථික සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම ස`දහා ඉන්දියාවෙන් බලපෑම් එල්ල වන විට ඊට එරෙහිව එල්ල වූ මහජන විරෝධතා මහින්ද රාජපක්ෂ පාලනයට ආශිර්වාදයක් විය. එදා මෙම ගිවිසුම අත්සන් නොකර සිටීම ස`දහා මෙම විරෝධතා නිදහසට කාරණා ලෙස භාවිතා කෙරිණි. එම නිසා විරෝධතා එල්ල කළ සුළු පිරිසක් වූ විද්වතුන්ට සහ දේශීය ව්‍යාපාරිකයන්ට මහා බරපතල සටනක් සිදු කිරීමට සිදු වූයේ නැත. ඔවුන් විසින් එක්තරා මට්ටමක බුද්ධිමය සංවාද තුලින් සහ අධ්‍යාපන ප‍්‍රකාශන වලින් කරන ලද දැනුවත් කිරීම් හරහා ගිවිසුමට පක්ෂපාත අදහස් ප‍්‍රකාශ කල පිරිස් යටත් කළේය. එම යටත් කිරීමේ ක‍්‍රියාවලිය පහසු වූයේ එම උපදේශකයින් විසින්ම සිදු කළ යම් වරදවා ගැනීම් නිසාය.


එදා ‘‘සීපා’’ගිවිසුමේ කෙටුම්පත ඒ 4 ප‍්‍රමාණයේ පිටු 72කින් සමන්විත වඋ අතර ඒ තුල විස්තරාත්මක කරුණු අඩංගු විය. උදාහරණයක් ලෙස සේවා වෙළදාමට අදාළව ලෝක වෙළද සංවිධානය විසින් නිර්දේශ ක‍්‍රමවේද 4ම එහි අඩංගු කොට තිබුණි. ඒ අනුව 4 වන කරුණ වන සොභාවික පුද්ගලයා දේශසීමා හරහා සේවා සැපයීමට ගිවිසුමට අයත් වන බව ඉතා පැහැදිලිව වචනයෙන්ම එම ලේඛනයේ සදහන්විය. නමුත් ‘‘සීපා’’ ලේඛනයේ ‘‘එක්ටා’’ ලෙස රූපලාවන්‍ය ප‍්‍රතිකාරයට ලක් කිරීමේදී ඉතා සූක්ෂම විස්තරාත්මක ඉවත්කොට  මූලික ගිවිසුම් රාමුවට අවශ්‍ය වචන පමණක් ඉතා පරිස්සමින් තෝරා බේරා ඇතුලත්කොට ඇත. ඒ මගින් මුල් අවධියේදී විරෝධතා එල්ල කරන පිරිස් නිරායුධ කිරීම අපේක්ෂා කරන බව ඉතා පැහැදිලිව තේරුම් ගත හැත.


ඒ අනුව සීපා ගිවිසුමට එක්ටා නමින් පිටකවරයක් දැමීමේ සූක්ෂම ක‍්‍රියාවලිය තුල අභ්‍යන්තර අන්තර්ගතයේ තුඩු දිය හැකි විස්තර ඉවත්කොට ඇත. ඒවා සියල්ල ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ඇමුණුම් ලෙස, වට්ටෝරු ලෙස, පිලිගැනීම් ලිපි ලෙස, බාර ගැනීමේ ලිපි, රැස්වීම් වාර්තා හෝ අතුරු වාර්තා ගිවිසුම් ලෙස ගිවිසුමට ඇතුලත් කළ හැක. ඒ බව ‘‘ ගිවිසුම් රාමුව’’ ලෙස මහජනයා නොමග යැවීම සදහා හදුන්වාදී ඇති වචනයෙන් හදුන්වන සැබෑ ගිවිසුමේ සදහන්වේ. ඉහත කී රූපලාවන්‍ය ප‍්‍රතිකාර වලට පසුව දැන් ඒ ගිවිසුම සමන්විත වන්නේ පිටු 11කිනි. ඒ අනුව මාර්තු මාසයේ අත්සන් කිරීමට නියමිතව ඇත්තේ ‘‘ ගිවිසුමේ රාමුවක් පමණි’’ සහ සම්පූර්ණ ගිවිසුම අත්සන් කරන්නේ ඊට පසුවය යන පට්ටපල් බොරුව එළිදරව් කිරීම ඉතා වැදගත්වේ. එහෙත් පොදු විපක්ෂය විසින් මාධ්‍ය වලට නිකුත්කර තිබූ නිවේදන මගින් ආන්ඩුවේ උපදේශකයන්ගේ ව්‍යජ තර්කය සනාථකොට තිබුණි. 


එම නිසා සීපා මෙන්ම එක්ටා ගිවිසුමට විරුද්ධ විද්වතුන් සහ විපක්ෂය විසින් පළමුවෙන්ම කළ යුත්තේ ආණ්ඩුවේ උපදේශකයන්ගේ පට්ටපල් බොරු හෙළිදරව් කිරීම සහ එය තාක්ක්‍ෂණිකව අභියෝගයට ලක් කිරීමය. එවිට ඒමගින් කරන දේ ඒවට තව කල් තිබෙනවායයි මහජන මතයක් හැදීමට ඇති ඉඩ අවමවේ. මේ එක්ටා නමින් සහ ගිවිසුම් රාමුව පමණි යන ලේබලය යටතේ එන්නේ වචන වලින් සහ මතුපිටින් සැර බාල කළ සීපා ගිවිසුම බව සහ එය එකම ගිවිසුම බවත් වෙනත් ගිවිසුමක් නොමැති බවත් හොදින් තහවුරු කිරීම ඔවුන්ගේ මූලික වගකීමවේ.


රාජ්‍ය නායකයා විසින් අත්සන් කිරීම අවශ්‍ය වන්නේ එම ඊනියා ගිවිසුම් රාමුව පමණක් බවත් ඉන් පසුව එකතුවන ලේඛන මගින් අදාල ගිවිසුම අදාළ ක‍්‍රමයෙන් පුළ්ල් කෙරෙන්නේ දෙපාර්ශවයේ නිලධාරීන්ගේ අත්සනින් බවත් මහජනයාට පෙන්වා දිය යුතුය. ඉතා සරල උදාහරණයක් ලෙස ගරු ජී.එල් පීරිස් මහාචාර්යතුමාගේ වචන වලට අනුව ඉඩමේ මායිම් සළකුණුකොට ඉඩම ලියා දී එහි භුක්තිය ලබාදුන් පසුව එහි හදන ගොඩනැගිලි මොනවාදැයි පසුව තීරණය වේ. එම අවස්ථාවේදී එම ගොඩනැගිලි මොනවාදැයි සළකුණු කිරීම අවශ්‍ය නැත. එවිට අසල්වැසියන්ගෙන් ප‍්‍රශ්න ඇති විය හැක. එම ඉඩමේ හදන්නේ සමාජ ශාලාවක් කැසිනෝ මධ්‍යස්ථානයක් යයි ඉඩම ලියන අවස්ථාවේදීම ප‍්‍රසිද්ධ කළහොත් මහජනයා ඊට විරුද්ධ වන නිසා ඉඩමේ අයිතිකාරයාට ඉඩම ලිවීමේදී බලපෑම් ඇතිවේ. නමුත් පසුව ක‍්‍රම ක‍්‍රමයෙන් ගොඩනැගිල්ල ඉදිකොට අවසානයේදී බෝඞ් ලෑල්ල ගැසීමේදී අසල්වැසියාට නීතියෙන් සහ බොහෝවිට දේශපාලනිකවද කළ හැක්කේ සීමා සහිත විරෝධය පළ කිරීමක් පමණි. එවිට යම් පිරිසක් එසේ විරෝධය පළ කළත් බහුතරය වැඬේ අත්හරින ප‍්‍රවනතාව වැඩිවේ. මෙම කරුණ දිගින් දිගටම පැහැදිලි කිරීම අවශ්‍ය වන්නේ ඊට බින් අවධානය යොමුව නැති නිසාය.


ඇමතිවරයාගේ ලකුණු දමා ගැනීම සදහා පට්ටපල් බොරු කියන විද්වතුන් යයි කියා ගන්නා ඇමතිවරු කිහිප දෙනෙක් සේවා අංශයේ 4 වැලනි ක‍්‍රමවේදය විවෘත නොකරන බව කියන විට මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයා සහතික කොට කියා සිටියේ තොරතුරු තාක්ෂණය සහ නාවාක අංශ වල පඅහඅණු විද්වතුන්  සහ ශ‍්‍රමිකයන්ගේ හිගයක් පවතින බැවින් රටේ සංවර්ධනය සදහා ඔවුන්ට අවස්ථා ලබාදිය යුතු බවයි. ගිවිසුම් රාමුවේ වචන වලට අනුව සේවා වෙළදාමේ ක‍්‍රමවේද 4ම අදාළ විස්තරාත්මක කරුණු පසුව ඇතුලත් කළ හැක. එම නිසා ඉතා සරලව විරුද්ධ පාර්ශවය රජයට අභියෝග කළ යුත්තේ සේවා අංශයේ 4 වැනි ක‍්‍රමවේදය ගියවිසුම මගින් ආවරණය නොවන බවට පැහැදිලි වගන්තිියක් ඇතුලත් කරන ලෙසය. එය කිසිසේත්ම සිදු නොවන බව සියයට දෙසීයකින් සහතික කළ හැක. එයට හේතුව පුද්ගලයන්ගේ පැමිණීම හරහා ආර්ථික පමණක් නොව දේශපාලන සහ සමාජ සංස්කෘතික ආක‍්‍රමණයකටද ම`ගපාදා ගැනීම ඔවුන්ගේ ප‍්‍රධාන අරමුණක් වීමය. එමනිසා ආණ්ඩුවේ ඇමතිවරු කටේ තොලේ නොගෑවී කියන පට්ටපල් බොරු ක‍්‍රමයෙන් එළිදරව් වීම ප‍්‍රශ්නයක් නැතැයි ඔවුන් කල්පනා කරන බැවින් විපක්ෂයේ අභියෝගය වන්නේ මහජනයා විසින් ක‍්‍රමයෙන් ඒවා බොරු බව තේරුම් ගැනීමට ඉඩ හැරීම වෙනුවට අභියෝගාත්මක ගිවිසුම් අත්සන් කිරීමට පෙර එම බොරු පැහැදිලිව හෙළිදරව් කිරීමය. 


තුන්වනුව මේ ඇමතිවරු මහජනයාගෙන් අහන්නේ විදේශ ආයෝජන අවශ්‍යද නැද්ද යන්නය. එහෙත් ඔවුන් විරෝධතාකරුවන්ගෙන් ප‍්‍රශ්න කරන්නේ මේ රටේ සංවර්ධන ක‍්‍රියාවලියට විරුද්ධ වන්නේ මහින්ද රාජපක්ෂගේ උවමණාවටද යන්නය. ඊට ඉතා සරල පිළිතුර වන්නේ දැනටමත් ලෝකයේ  ඕනෑම රටක ආයෝජකයෙකුට ශ‍්‍රී ලංකාවට පැමිණ ඉතා සුරක්ෂිතව තම මුදල් යෙදවීමට සුදුසු නීතිමය රාමුවක් ශ‍්‍රී ලංකාවේ තිබෙන බවය. ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත මගින් ලබාදෙන සහන වලින් 50‍්‍ර වත් ඉන්දියාවට ඉන්දියාවට ලබා දෙන්නේ නැත. එසේම දැනට තිබෙන නිදහස් වෙළද ගිවිසුම යටතේද ආයෝජන දිරිගැන්වීමේ ප‍්‍රතිපාදන ඇත. නමුත් ඔවුන් අපේ රටට ගෙන ආවේ පරණ යකඩ සහ යකඩ උණු කිරීමේ කසල කර්මාන්ත සහ  ෆාම් තෙල් වලට හයිට‍්‍රජන් වායුව ගසා ව්‍යාජ තෙල් හදන ඊනියා කර්මාන්ත පමණි. ඒසදහා ඒසා විශාල තවත් දියුනු කර්මාන්ත රට තුලට ගෙන ඒමට මැලිවන ඉන්දියානු ආයෝජකයින් සතුටු කිරීම සදහා තවදුරටත් වැඩිපුර ලබාදෙන සහන මොණවාදැයි හෙ` එළිදරව් කිරීම රජයේ වගකීමකි.


හතරවැනි කාරණය වන්නේ සේවා වෙළදාම පළමු ආකාර ඩ3ක් දැනටමත් ක‍්‍රියාකත්මක වන බව පෙන්වාදීමය. දේශසීමා හරහා පාර්ශව දෙක විසින් සේවා වෙළදාම කිරීම හෙවත් පළමු ක‍්‍රමය අන්තර්ජාලය හරහා දැනටමත් සිදුවේ. දෙවන ක‍්‍රමය වන දෙවන පාර්ශවයේ රටට ගොස් සේවාව ලබා ගැනීමය. අප රටේ රෝහල්  දැනටමත් ඉන්දියාවට ගොස් සේවා ලබා ගනිති. තුන්වන ක‍්‍රමය වන වානිජ වශයෙන් සමාගමක් ආරම්භ කොට හෝ ශාකාවක් පිහිටුවීම මගින් අනෙක් අනෙක් පාර්ශවය රට තුල සේවා සැපයීමද ශ‍්‍රී ලංකාවේ හොදින් සිදුවේ. ඇපලෝ රෝහල ඊට හොද උදාහරණයකි. එම ඉන්දියානු ආයතන වලට මෙන්ම ශ‍්‍රී ලංකාවේ ආයතන වලට අවශ්‍ය ඉන්දියානු වෛiවරුන්ටද ශ‍්‍රී ලිංකාවට පැමිණ රක්ෂා ලබා ගැනීමටද ඉඩ සලසා ඇත. නමුත් එය සිදුවන්නේ එසේ ඉල්ලූම්පත‍්‍රය අනුව මෙන් වශයෙන් අවශ්‍යතාවය සලකා බැලීමෙනි. 


ඒ අනුව 4වන ආකාරය වන පුද්ගලයන්ට නිදහසේ පැමිණීමට ඉඩ කඩ ලබාදීම පමණක් දැනට සිදු නොවේ. එනම් ඒක පාර්ශවීයව ශ‍්‍රී ලංකාව විසින් ඉන්දියානුවෙකුට රට තුලට ඒමට ඉඩ දෙනවාද නැද්ද යන්න තීරණය කරනවා වෙනුවට පොදු පූර්ව එකගතාවයක් මගින් ඉල්ලූම් කරන ඔනෑම අයෙකුට විරෝධතාවයකින් තොරව රට තුලට ඒමට ඉඩ සැලසීමය. මේ වෙනස මහජනයාට හොදින් පැහැදිලි විය යුතුය. ඒ අනුව විදෙස් ආයෝජන වලට පොදුවේ එපා කීමක් හෝ ඉන්දියානු ආයෝජන වලට විශේෂයෙන් එපා කීමක් සිදු නොවන බව විරෝධතාකරුවන් ඉතා හොදින් පැහැදිලි කළ යුතුය. තමා විරුද්ධ වන්නේ තරගකාරීව පොදු පූර්ව එකගතාවයකින් පිරිස් බලය පැමිණීමට ඉඩ දීමේ කරුණට පමණක් බව සහ එයට ඉඩ ලබාදුනහොත් ගංවතුර ගේට්ටු වසා දැමීමට පසුව ඉඩ නොලැබෙන බව තර්කානුකූලව ඔප්පු කළ යුතුය. ඊට අදාළ අනෙක් කරුණ හෙවත් විරෝධතාවයට හේතු වන පස්වන කරුණ වන්නේ එක් රටක පමණක් විශේෂයෙන් සැලකීම් ගිවිසුම් අත්සන් කිරීමෙන් රටට සිදුවන පාඩුවයි. උදාහරණයක් ලෙස චීනය හෝ යුරෝපය සමග පවතින නීති යටතේ සේවා වෙළදාම කරන ආකාරයට ඉන්දියාවටද අවස්ථාව ලබා දීමෙන් තරගකාරීව වඩා සුදුසු වාසාය ලබා ගැනීමේ ඉඩ රටට ලැබේ. එක් රටකට නීතිය මගින් එනම් ගිවිසුමක් මගින් විශේෂ වරප‍්‍රසාද ලබාදුන් පසු අනෙක් රටවලින් විවෘතව ආයෝජන ලබා ගැනීමට බාදා එල්ලවේ. එසේම එවිට විශේෂයෙන් තොරා ගන්නා ප‍්‍රමිතීන් අප රටේ ප‍්‍රමිතීන් බවට පත්වන අතර විශේෂයෙන් සේවා අංශ වලට අදාළ අධ්‍යාපන අවස්ථාවන්ද ඒ රටේ මට්ටමට අනුව පහත වැටීම සිදුවේ. එමනිසා ඉන්දියාව සමග විශේෂයෙන් නතරවීම හෝ චීනයට හෝ යුරෝපයට වඩා ඉන්දියාවට විශේෂයෙන් සැලකීම යන ආකාර දෙකම  රටට අහිතකර බව තර්කානුකූලව පෙන්වාදීම මගින් ආන්ඩුවේ ඊනියා ව්‍යාජ උපදේශක විද්වතුන් නිරායුධ කළ හැක.


අවසාන වශයෙන් කලාපයේ භූ දේශපාලන අවශ්‍යතාවය මත ශ‍්‍රී ලංකාව තමාගේ නිල නොවන ‘‘කොලනියක්’’ බවට පත්කර ගැනීමට මාන බලන රටක් සමග විශේෂ වරප‍්‍රසාධ ලබාදෙන ගිවිසුම් අත්සන් කිරීම ප‍්‍රඥා ගෝචර නොවන බව මහජනයාට ඒත්තු ගැන්විය යුතුය. ෙඓතිහාසිකව ඉන්දියාව විසින් ශ‍්‍රී ලංකාවට කරන ලද අකටයුතුකම් පිළිබදව දිගින් දිගටම කතා කරමින් ඉන්දියානු විරෝධයක් හැදිය යුතු යයි මින් අදහස් නොකෙරේ. අවශ්‍ය වන්නේ වර්තමානයේදී අපට බලහත්කාරයෙන්ම නොමිලේ ආදම්ගේ පාලම ලබාදෙන්නේ කුමක් නිසාද ත‍්‍රීකුණාමලයේ සිට තලෙයිමන්නාරම හරහා රාමේෂ්වරම් දක්වා කි.මී 126ක් දිග රේල් පාරක් යෝජනා කරන්නේ කුමක් නිසාද යන කරුණු මහජන අවධානයට ලක් කිරීමටයි.


ගෙදරට පැන කෙල්ල ¥ෂණය කිරීම සදහා මාන බලමින් සිටින අසල්වැසි තරුණයෙකු ගෙදර නවතා ගැනීම ට යෝජනා කරන්නේ කවුද? එවැනි පියවරුන්ගේ දරුවන් රැක ගැනීම සමාජයේ වගකීම නොවේද? ඊට අමකර විවිධ බලහත්කාරී ක‍්‍රියාමාර්ග වලට එරෙහිව මහජව නිරෝධය එල්ල වන විට ඒවා නිවරදි කිරීම සදහා ඉන්දියාව පැත්තෙන් කිසිදු පියවරක් නොගැනීමද අප රටක් ලෙස සැලකිල්ලට ගත යුතුය. හොදම උදාහරණය උතුරු මුහුදේ නීතිවිරෝධී බලහත්කාරයෙන් අප රටේ මුහුදු සම්පත් කොල්ල කෑමය.


ඊට අමතරව ඉන්දු ලංකා නිදහස් වෙලද ගිවිසුමේ ගැටළු විසදීමට ඉන්දියාව දක්වන මැලිකමද අප සැලකිල්ලට ගත යුතුය. එහිදී ආණ්ඩුවේ ඊනියා උපදේශකයින් කියා සිටින්නේ නිදහස් ගිවිසුනේ ගැටළු විසදීම සදහා සීපා/ එක්ටා අවශ්‍ය වන බවය. එය ඉතා හාත්ස්‍යජනක දුප්පත් උත්තරයකි. යම් ගිවිසුමක ගැටළු විසදිය යුත්තේ එම ගිවිසුම යටතේ තිබෙන ප‍්‍රතිපාදන යොදා ගනිමින් මිස ඊට වඩා සංකීර්ණ ඊට වඩා වෙනස් ගිවිසුමක් අත්සන් කිරීමෙන් නොවේ. ලෝකයේ කුමන රටක කුමන ගිවිසුමක ගැටළු ඒ ආකාරයට විසදා ඇත්ද යන්න රජයට අභියෝග කිරීම ඉතා වැදගත්වේ. එම තත්වය තුල රජයේ වෛi නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම ඉතා දියුණු ප‍්‍රවේශයකි. පළමුව රජයේ වෙළ`ද ගිවිසුම් වලට අදාළ ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කළ යුතුය. දෙවනුව නිදහස් වෙළ`ද ගිවිසුමේ ගැටළු එම ගිවිසුම යටතේ විසදා ඉන්දියාවේ සත්භාවය තහවුරු කළ යුතුය. එවිට සීපා හෝ එක්ටා ගැන කතා කිරීම ආණ්ඩුවට යම් හෝ  සදාචාර  බලයක් ලැබේ. දැනට තිබෙන තත්වය යටතේ ආණ්ඩුවට කිසිදු සදාචාර බලයක් නැත.



සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාතයාංශය නිකුත් කල නවතම වාර්තාවකට අනුව කොටි සංවිධානය ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තය ඇතුළු දකුණු ඉන්දියානු ප‍්‍රදේශ මුල්කරගෙන නැවත වටයකින් සංවිධානය වෙමින් ඇත. ඒ නිසා ඉන්දියානු රජය එම සංවිධානයට
මාර්තු මස ජිනීවාහිදි පැවැත්වෙන 22 වැනි මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කරන බව මේ වන විට නිවේදනය කොට ඇත. නමුත් එවැනි තීන්දුවකට පසුව ශ‍්‍රී ලංකාවේ මහජනතාව අතර ප‍්‍රබල ඉනන්දියානු විරෝධ
’’ අධිරාජ්‍යවදී කුලී හමුදාවක් සහමුලින්ම විනාශ කොට රටක් නිදහස් කර ගැනීම පිළිබඳ ශ‍්‍රී ලාංකික ජාතිය ලෝකයේ ප‍්‍රමුඛතම ජාතියක් ලෙස ඉතිහාස ගත වනු ඇත. එසේම එවැනි වු මහා ජයග‍්‍රහණයකට පිටුපස හැරවු ජාතියක් ලෙසද අප ඉතිහාසගත වනු ඇත. ’’
මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකානු තානාපති ලෙස පත්කොට ඇති ඩොනෙහියු නැමැති කාන්තාව පසුගිය දා මාධ්‍යයට ඉතා උද්දච්ච ප‍්‍රකාශයක් කලාය. ඇගේ ප‍්‍රකාශයේ සැබෑ සිංහල තේරුම අනුව ඇය කියන්නේ ශ‍්‍රී ලංකාව යෝජනාව ගෙන එ්මට පෙර හිස
මාර්තු 27 වැනිදා ජිනීවා සමුළුවේදී සාකච්ඡුාවට සහ ඡුන්ද විමසීමට ලක්වන ඇමෙරිකානු යෝජනාවේ කෙටුම්පත මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇත. ඊට ප‍්‍රතිචාර දක්වන දෙමළ ඩයස්පෝරාව කියා සිටින්නේ ඇමෙරිකාව විසින් දෙමළ ජනතාවගේ අපේක්‍ෂා නොසලකා හැර ඇති බවයි. ඊට අමතරව සමහර රජයේ පාර්ශවද එම යෝජනාව ඔවුන් බලාපොරොත්තු වූ තරම් බරපතල නැතැයි මත පළකරමින් ඇත. නමුත් ජිනීවාහිදී රජය කටයුතු කළයුතු ආකාරය පිළිබඳව පසුගිය දිනවල රජයට උපදෙස් දුන් බෙදුම්වාදී න්‍යායචාර්්‍යවරුන් ඒ පිළිබඳව අනාවැකි පළකරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ජිනීවාහිදී ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරමින් තම මතය ඉදිරිපත් කළ ජී.එල්. පීරිස් අමාත්‍යතුමාට ඉතා තදින් දෝෂාරෝපනය කරති.
පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වූ හේතුවක් සොයාගත නොහැකි වකුගඩු රෝගයට අදාල විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව බැලූ බැල්මට හේතු කිහිපයක් නිසා සුවිශේෂී විය. පළමුවැන්න එය විද්‍යාත්මක පත‍්‍රිකාවක් ඉදිරිපත්
පසුගිය 16 වැනිදාට යෙදුනු ලෝක ආහාර දිනය සමරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර සුරක්‍ෂිතතා සතියක් ප‍්‍රකාශයට පත්කොට ඇත. ඔවුන් එහිදී ආහාර සුරක්‍ෂිතාව :ත්‍දදා ීැජමරසඑහ* පිළිබඳව කථාකලත් ඔවුන්ගේ අවධානයට ලක්වන්නේ ආහාර වල සෞඛ්‍ය ආරක්‍ෂාව :ත්‍දදා ී්එැඑහ* පමණී. ඇත්තවශයෙන්ම ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර පිළිබඳව කුමක් කථාකලත් ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය විමසා බැලීමේදී පැහැදිලිව පෙනී යන දෙයක් ඇත. ඒ ඔවුනට ආහාර ආරක්‍ෂාව, ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණය අතර පවතින සමාජ-ආර්ථික, දේශපාලන හෝ සංස්කෘතික සහ පාරසරික සහ-සම්බන්ධතාවයන් පිළිබඳව ගැඹුරු අවබෝධයක් නොමැති බවය.
ඇමෙරිකාවේ දැන උගත් ජනතාව අන්දුන් කුන්දුන් කරමින් 2012 මාර්තු 16 වැනිදා ඉතා වැදගත් ලේඛනයකට ඒ රටේ ජනාධිපති බරක් ඔබාමා විසින් අත්සන් තැබිනි. එම ලේඛනය හැදින්වෙන්නේ ‘‘ විධායක නියෝගය ’’ යන තාක්‍ෂණික නාමයෙනි. ඒ මගින් ඔහුගේ බලයලත් ලේකම්වරුන්ට සමස්ථ රටම යුද වාතාවරණයක තැබීම සඳහා අවශ්‍ය සියළු බලතල ලබා දී ඇත. ඒ අනුව අනාගතයේදී ඕනෑම දවසක ඇමෙරිකාවේ රාජ්‍ය සහ පුද්ගලික සමාගම් සතු දේපල සහ මහජනයා සතු දේපල මෙන්ම රටේ පොදු සම්පත් යුද්ධය
පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇතිකල ආසනික් විරෝධී සටන ශ‍්‍රී ලංකාවේ මිනිස් ජීවිත වලට සහ පරිසරයට ආදරය කරන මිනිස්සුන්ට පරාජය අත්පත් කර දෙමින් අවසන් වී ඇත. එ් අනුව සමාගම් හිතවාදී සහ එ් නිසාම ආසනික් හිතවාදී වු න්ලධාරී ත‍්‍රන්තය

ප්‍රධාන පුවත්

සුරේෂ් සලේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් UN වෙතින් ශ්‍රී ලංකා රජයට දැඩි ප්‍රශ්නාවලියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ සහ යුද හමුදා බුද්ධි බලකායේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, ඔහුට එරෙහිව එල්ල වී ඇති අමානුෂික වධහිංසා චෝදනා සහ ඔහුගේ බරපතළ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥ කමිටු කිහිපයක් එක්ව ශ්‍රී ලංකා රජය වෙත සිය දැඩි කනස්සල්ල පළ කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 6.5 පනී - 69%ක සීඝ්‍ර ඉහළ යාමක්!

2026 වසරේ මුල් මාස හත (ජනවාරි - ජූලි) තුළ ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය පෙර වසරේ සමාන කාලයට සාපේක්ෂව සියයට 69 කින් දැවැන්ත ලෙස වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාව පෙන්වා දෙයි.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ

වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙන් පසු රජය ගන්නා මීළඟ පියවර සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව මධ්‍යයේ, විවිධ දේශපාලන පක්ෂ නව IMF වැඩසටහනක් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටී.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ

වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙන් පසු රජය ගන්නා මීළඟ පියවර සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව මධ්‍යයේ, විවිධ දේශපාලන පක්ෂ නව IMF වැඩසටහනක් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටී.

ට්‍රම්ප් තීරණයක් ගැනීමට නොහැකිව අර්බුදයකට හසුවෙලා-ඉරාන ශ්‍රේෂ්ඨ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි

අසර්බයිජානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෂහීන් මුස්තාෆයෙව් සමඟ ඊයේ(28) ටෙහෙරාන් නුවර පැවති හමුවකදී ඉරාන ශ්‍රේෂ්ඨ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි “ට්‍රම්ප් සාකච්ඡා කිරීමටවත්, යුද්ධ කිරීමටවත් නොහැකි අර්බුදකාරී තත්ත්වයකට හසුවී සිටිනවා” යැයි පැවසීය.

2027 අයවැය නොවැම්බර් 12 දා..

2027 වසර සඳහා වන අයවැය කතාව ලබන නොවැම්බර් 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ප්‍රකාශ කළාය.

ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි

ප්‍රංශයේ ඩේවිඩ් මැක්‍රෝන්ගේ රජය සමාජ වියදම්වලින් යුරෝ බිලියන 56කට ආසන්න මුදලක් කපා හැරීමට සැලසුම් කරමින් සිටින පසුබිමක, ප්‍රංශය පුරා දැවැන්ත විරෝධතා මාලාවක් පැතිර ගොස් තිබේ.

ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි

ප්‍රංශයේ ඩේවිඩ් මැක්‍රෝන්ගේ රජය සමාජ වියදම්වලින් යුරෝ බිලියන 56කට ආසන්න මුදලක් කපා හැරීමට සැලසුම් කරමින් සිටින පසුබිමක, ප්‍රංශය පුරා දැවැන්ත විරෝධතා මාලාවක් පැතිර ගොස් තිබේ.

ඊශ්‍රායලයේ සහ ඇමෙරිකාවේ ක්‍රියාකලාපයට එරෙහිව ලෝකයේ ප්‍රබල විරෝධයක් ගොඩනැගෙමින් පවතිනවා.. - ජාත්‍යන්තර දේශපාලනය සහ එක්සත් ජාතීන්ගේ සැසිය ගැන උවිඳු විජේවීරගෙන් විශේෂ විග්‍රහයක්..

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සහ ඇමෙරිකානු - චීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මුල් කරගනිමින් පසුගිය සතියේ ලෝක දේශපාලනයේ සිදුවූ ප්‍රධාන සිදුවීම් සම්බන්ධයෙන් දෙවන පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා Divaina Online යූටියුබ් නාලිකාව සමඟ පැවැත්වුණු සාකච්ඡාවකදී දීර්ඝ ලෙස අදහස් දැක්වීය.

අනුරගේ රතු හැට්ටයට යටින් ඉන්නේ වෙනිසියුලාවේ ඇමෙරිකානු පදයට නැටූ ඩෙල්සිලා.. උතුරේ කොටි සැමරුම් හා සිංහල බෞද්ධ උරුමයට එල්ල වන තර්ජන හමුවේ විපක්ෂයේත් අශුද්ධ එකඟතාවක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී ඉකුත් 27 වෙනි ඉරිදා පැවැති විශේෂ ප්‍රසිද්ධ දේශනය අමතමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වර්තමාන ආණ්ඩුවේ දෙවසරක විනාශකාරී ක්‍රියාකලාපය, රට මුහුණ දී සිටින දැවැන්ත භූ-දේශපාලනික අර්බුදය සහ අනාගත දේශපාලන අරගලයේ ගමන් මග පිළිබඳව අතිශය උණුසුම්, දීර්ඝ සහ විවේචනාත්මක හෙළිදරව්වක් සිදු කළේය.

ඕස්ට්‍රේලියානු සමාගමක කොටස් හිමිකම සම්බන්ධ නඩුවෙන් උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්..

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21 ක් සාපරාදී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලැබ සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්නා සුවඳුරුගොඩ අද (29) නියම කළාය.

කියුබාව ‘වැටෙනු ඇතැයි’ ට්‍රම්ප් පැවසීමෙන් පසු චීනයේ සහාය කියුබාවට!

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හවානා නගරය “වැටෙනු ඇත” යැයි පවසමින් කියුබානු පාලනයේ “මූලික වෙනසක්” අවශ්‍ය බව ප්‍රකාශ කිරීමෙන් පසු, බාහිර මැදිහත්වීම්වලට එරෙහිව කියුබාවට සහාය දෙන බවට චීනය ප්‍රතිඥා දී තිබේ.

ඇමරිකාවේ පනස් වසරක ධර්ම දූත මෙහෙවර ඇගයේ: "ධර්ම විකෘතිය යනු කුමක්ද?" - මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගෙන් විශේෂ දේශනයක්..

අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොල පියනන්ද නායක ස්වාමීන් වහන්සේ සහ මඩවල සීලවිමල නායක හිමියන් ඇමරිකා එක්සත් ජනපදයේ ධර්ම දූත මෙහෙවර ආරම්භ කර වසර 50ක් පිරීම නිමිත්තෙන් උන්වහන්සේලාගේ සේවය ඇගයීම සඳහා විශේෂ වැඩසටහනක් පවත්වා තිබේ.

එක්සත් ජාතීන්ගේ අර්ථවත් ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාව සහාය දක්වනවා.. - ඇමති විජිත UN මහ සමුළුව අමතමින් කියයි

ලෝකයේ සිදුවන පරිවර්තනයන්ට වඩාත් අත්‍යවශ්‍ය සහ ප්‍රතිචාරාත්මක සංවිධානයක් බවට පත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ අර්ථවත් ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සහාය දෙන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය හවුල්කරුවෙකු බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ආක්ටික් කලාපීය බලපෑම් හමුවේ ඇමෙරිකාව සහ යුරෝපා සංගමය අතර මතභේදාත්මක තත්ත්වයක් වර්ධනය වෙයි..

ආක්ටික් කලාපය තුළ තම බලය සහ බලපෑම තහවුරු කරගැනීම සඳහා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය (EU) දරන උත්සාහයන් හමුවේ දෙපාර්ශ්වය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික හා උපායමාර්ගික නොගැලපීම් තවදුරටත් පුළුල් වෙමින් පවතින බව වාර්තා වේ.

“අනුර නමින් ඩෙල්සි ඇවිත්?”.. - විමල්ගේ විශේෂ දේශනය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙයි..

“අනුර නමින් ඩෙල්සි ඇවිත්?” තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරන ලද විශේෂ දේශනයක් (27) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.