නූතන යුගයේ ජාතිකවාදී රාජ්යයක් අර්ථ දැක්විය හැක්කේ කෙසේද යන ප්රශ්නයට හොවාඩ් නිකලස් නම් සුප්රකට ආර්ථික විද්යා මහාචාර්යවරයා අප්රිකාව පිළිබඳ සිදුකරන ලද සාකච්ඡාවකදී පැහැදිලි කරනුයේ මෙසේය. ඔහු නෙදර්ලන්තයේ, රොටර්ඩෑම් හි පිහිටි එරස්මස් විශ්ව විද්යාලයේ සමාජ අධ්යයන අංශයේ සේවයේ නියුතු කීර්තිමත් ආර්ථික විද්යා මහාචාර්යවරයෙකි. පහත දැක්වෙන ඔහුගේ මෙම අර්ථ දැක්වීම ජාතිකවාදී රාජ්යය පිළිබඳව පමණක් නොව සැබෑ ජාතිකවාදය හෝ සැබෑ ජාතිකවාදියා යනු කවරෙක්ද යන ප්රශ්නයටද එක සේ අදාළ වේ.
අපේ රටට ජාතික ප්රතිපත්තියක් අවශ්ය බවට සහ එසේ නොමැති නිසා වත්මන් අර්බුදය පැන නැගුණු බවට බොහෝ පිරිසක් හඬ න`ගන බව දක්නට ඇත. එහෙත් මන්තරයක් සේ එම වචන ද්විත්වය පුනරුච්චාරණය කළ ද එවැනි ප්රතිපත්තියක අඩංගුව හෙවත් මූලික උපායමාර්ගික රාමුව කුමක් විය යුතුද යන්න පිළිබඳව ඔවුන් විසින් කිසිදු කොන්දේසියක් පනවන්නේ නැත. ඒ නිසා ජාතික ප්රතිපත්තියක නාමයෙන් විවිධ විෂය ක්ෂේත්රවලට අදාළව ඉතා උසස් අරමුණු සහ විචිත්රවත් අපේක්ෂා සහිත සංකල්පීය රාමු ඉදිරිපත් කරමින් පවතින සමාජ ආර්ථික මොඩලය එසේම පවත්වා ගන්නා අතර ඒ තුළ යම් රූපලාවන්ය වෙනස්කම් සඳහා යෝජනා ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබී ඇත.
ලසන්ත වික්රමතුංග ඝාතනය සම්බන්ධයෙන් නීතීපතිගේ උපදෙස් මේ වන විට අර්බුදයක් මතුව ඇත එම කරුණු මගින් පෙන්වා දෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව රජය අල්ලා පොලවේ ගැසිමක් සිදුකල ඇති බවයි එසේම නිසි නීති උපදෙස් නියමිත කාලයට නොලැබීම නිසා වත්මන් පෞද්ගලික වෛද්ය විද්යාල සම්බන්ධ අර්බුදය දෙවන වරටත් රජය අල්ලා පොලවේ ගැසිමක් බව මේ වන විට සිදුවෙමින් පවතින කරුණු අනුව පෙනී යයි රටේ නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටින්නේ රජය වෙනුවෙන් ක්රියා කිරීමට සහ රජයට නීති උපදෙස් දීම වෙනුවෙන් ය
ජනාධිපති අනුර කුමාර දිසානායක රටේ බලය එකමිටට හිමිකර ගැනීම පිළිබඳ ලංකාවේ විවිධ වාද විවාද ඇති වන අතරේ විදෙස් විශ්ලේෂණ ද රැසක් ඉදිරිපත් වූ ආකාරය දැකගත හැකිවිය. බොහෝ විට වාද විවාද සහ විශ්ලේෂණවල දැකිය හැකි වූ කේන්ද්රීය තර්කය නම් අන් කිසිවක් නොව අනුර කුමාර සහ ඔහු නායකත්වය දෙන ජාතික ජන බලවේගය ලංකාවේ රාජ්යතන්ත්රය තුළ කාලයක් තිස්සේ වර්ධනය වෙමින් තිබෙන දූෂණය, වංචාව, අල්ලස, අකාර්යක්ෂමතාව, පවුල් වාදය, ප්රභූවාදය ආදියට එරෙහිව නැගූ විරෝධය එකී දේශපාලන ජයග්රහණයට හේතු වූ බවය. සාම්ප්රදායික දේශපාලනය පිළිබඳ කාලයක් තිස්සේ රටේ වර්ධනය වූ අප්රසාදය ඒ පිටුපස තිබුණු ප්රධාන සාධකය බව දේශීය දේශපාලන පණ්ඩිතයෝ සඳහන් කරති.
මහජනයා විසින් ඓතිහාසික ජනවරමක් ලබාදෙමින් වර්තමාන ආණ්ඩුව බලයට පත් කරන්නේ පෙර සිටි පාලකයන් විසින් නිර්මාණය කළ බහුවිධ අර්බුද ජය ගැනීම සඳහා බව ඉතා පැහැදිලිය. එහිදී අතීත පාලකයෙන් ප්රතික්ෂේප කිරීම මගින් ඔවුන්ට දඬුවම් කිරීමේ අපේක්ෂාවද මහජනයාගෙන් යම් ප්රතිශතයක හදවත් තුළ තිබූ බව රහසක් නොවේ. මහජනයා රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා අත තිබූ ‘‘රිලේ බැටන්’’ එක උදුරා අනුර දිසානායක මහතා අතට දුන්නද ඔහුට දිවීමට සිදුව ඇත්තේ මීට පෙර සිටි පාලකයින් විසින් නිර්මාණය කළ ධාවන පථයේම බව දැන් ඉතා හොඳින් දැකගත හැක. එහෙත් බහුතර ජනයාට ඒ පිළිබඳව අවබෝධයක් නැත. එහිදී විශේෂයෙන්ම රනිල් වික්රමසිංහ මහතා එම ධාවන පථය ශක්තිමත් කිරීම හෙවත් ඉන් එළියට පැනගැනීම වැළැක්වීම සඳහා බරපතල බාධක ප්රමාණයක් පැනවුවද ඒ පිළිබඳව බරපතල සමාජ කතිකාවක් ගොඩනැගෙන්නේ නැත. එහෙත් රනිල් වික්රමසිංහ අගමැතිවරයා ලෙස ඊනියා යහපාලන ආණ්ඩුව කාලයේදී සහ ඉන් පසුව පශ්චාත් අරගල ඊනියා පත් කළ ජනාධිපතිවරයා ලෙස රෝපණය කළ ‘‘අර්බුද බීජවල’’ අස්වනු නෙලීමට සිදුවන්නේ වර්තමාන ආණ්ඩුවටය.
2024 /25 මාස් කන්නයේ වී සඳහා සාධරණ සහතික මිලක් පිළිබඳ ගොවිජන යෝජනාවලිය මෙම මස 10 වෙනිදා කෘෂිකර්ම ඇමතිවරයාට බාරදෙන බව ජාතික ගොවිජන එකමුතුු පවසයි. එහි සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසුවේ වී වගා කරන සියලු මහා වාරිමාර්ග හා මහවැලි කලාප ගොවිජන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් වී ඇතුළු කෘෂි නිෂ්පාදන මිල නියාමන කමිටුව මගින් මෙකී යෝජනාවලිය සකස් කරනු ලබන බවයි වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.
ප්රධාන පුවත්
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්