1988 - 1989 යුගයේ මෙරට ඉස්මතු වූ සන්නද්ධ අරගලය, ඊට බලපෑ හේතු සහ සමාජ පසුබිම පිළිබඳ මූලික කරුණු මැදහත්ව විමසා බැලීම මේ ලිපි මාලාවේ අරමුණ වේ. එම අරගලය තුළ කෙබඳු ආකාරයේ වැරදි අඩුපාඩු සීමාකම් පැවතියද අප එය අවබෝධ කොට ගත යුත්තේ ලංකාව නමැති ජාතික රාජ්‍යයේ ස්වාධීන පැවැත්ම, රටේ ඒකීයභාවය වෙනුවෙන් බෙදුම්වාදී, ජාතිවාදී විදෙස් න්‍යාය පත්‍රයන්ට එරෙහිව දියත් වූ දේශප්‍රේමී ජාතිකවාදී අභිලාෂයන් සහිත සටනක් වශයෙනි. ඒ මූලික අවබෝධයට යටත්ව එදා පැවති සමාජ දේශපාලන පසුබිම ඔස්සේ එම අරගලය මැදහත්ව හා විචාරශීලීව අවබෝධ කරගැනීම රටේ වර්තමාන සමාජ දේශපාලන අභියෝගයන් ජයගැනීම සඳහාද වැදගත් ප්‍රවේශයක් බව අපි විශ්වාස කරමු.
භූ විද්‍යාව පිළිබඳ මෙරට රාජ්‍ය ආයතනයක් ආරම්භ වී ඇත්තේ 1903 වර්ෂයේදීය. එම ආයතනයේ ප්‍රධාන ඛනිජ විද්‍යාඥයා ලෙස කටයුතු කර ඇත්තේ මෙරට ශ්‍රේෂ්ඨ කතුවරයෙක් වූ ආනන්ද කුමාරස්වාමී මහතාය. ඔහුගේ උපදෙස් මත ඛනිජ සම්පත් ගවේෂණය කරගෙන ගිය ඉංග්‍රීසි ජාතික ඛනිජ ගවේෂකයන් විසින් මෙරට පොළොව තුළ නිධන්ව තිබෙන ඛනිජ බොහෝමයක් සොයාගෙන තිබේ. ඒ අතරින් ප්‍රධාන මිනිරන්ය.
නව ව්‍යවස්ථාවක් හෝ නීතියක් හෝ පවතින රාමුවක සංශෝධනයක් අවශ්‍ය වන්නේ කුමන හෝ දේශපාලන අරමුණක් සඳහාය. ඒ අනුව අදාළ ප්‍රතිපාදන සලකා බැලිය යුත්තේ එම දේශපාලන අරමුණට සාපේක්ෂවය. ලෝකයේ මේ වන විට බටහිර අධිරාජ්‍යවාදීන්ගේ උපායමාර්ගික උවමනාවන් සඳහා රටවල් 26ක් බෙදා වෙන්කර ඇත. යටත් විජිත වලට නිදහස ලබාදීමේ දී මෙන්ම ඉන් පසුව දේශපාලන ගැටුම් ඇවිලවීම සහ යම් අවස්ථාවල කිසිදු ගැටුමකින් තොරව එම බෙදා වෙන් කිරීම් සිදු කර ඇත. උදාහරණයක් ලෙස පැපුවා නිව්ගිනියාවෙන් බටහිර පැපුවා රාජ්‍ය වෙන්කර එම කොටස ඉන්දුනීසියාවට ඈඳා ගැනීමට ඉඩ සලසන්නේ චීනයට එරෙහිව ඉන්දුනීසියාව ශක්තිමත් කිරීම සඳහාය. එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්ව බටහිර පැපුවා සහ පැපුවා නිව්ගිනියාව අතර දේශ සීමාව සලකුණු කරන්නේ සිතියම මත කෝදුවක් තබා ඉරක් ගැසීමෙනි. එම නිසා එම දේශසීමාවන් මගින් කඳු සහ ගංගා ආදී ස්වාභාවික මායිම්ද ජේදනය වේ.
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා