ලසන්තගේ ඝාතකයන් සෙවීම ආණ්ඩුව මගහැරියා ද?.. USAID ලංකාවේ මොනවද කළේ?... තිස්ස විහාරය ගැන ශ්‍රීධරන්ගේ ප්‍රකාශයෙන් රට ගිනිගනී ද? - ශමීන්ද්‍ර හෙළිකරන කතාව මෙන්න... (වීඩියෝ)
එක පෑන් පහරින් රටේ ප්‍රශ්න විසඳන බවට පවසමින් බලයට පැමිණි ජාතික ජනබලවේගය ආණ්ඩුව ජනතාවගේ බලාපොරොත්තු ඉටු නොකරන්නේ නම් මෙවර පළාත් පාලන මැතිවරණයේ දී දැඩි අභියෝගයකට මුහුණ දීමට සිදුවන බව ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ මහතා පවසයි.
අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී ඒ මහතා පවසන්නේ රටේ මෙතෙක් බලයට පත්වූ සෑම නායකයකුම පාහේ අනපේක්ෂිත වාතාවරණයන්ට මුහුණ දුන් බවත්, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ද එබඳු අර්බුදවලට අනිවාර්යෙන්ම මුහුණ දීමට සිදුවන බවත් ය.
පසුගිය දා ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක ශ්‍රීධරන් යාපනයේ තිස්ස විහාරය වහාම ඉවත්කර යුතු බව හා නැතිනම් ඔවුන් විසින් ඉවත්කරන බවට පැවසූ ප්‍රකාශය රටම ගිණිතැබිය හැකි දරුණු ප්‍රකාශයක් බවත් ඒ මහතා පවසයි.
යුද්ධය නිමාකර වසර ගණනාවක් ගතවී තිබියුදීත් ශ්‍රීධරන් විසින් පැවසූ එම ප්‍රකාශය ඉතා දරුණු ප්‍රකාශයක් බව පවසන ඒ මහතා, පාර්ලිමේන්තුවේ දී අනිවාර්යෙන්ම මෙය සාකච්ඡාවට ලක්විය යුතු බවත් පවසයි.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් තීතිපතිවරයාගේ තීරණය සම්බන්ධයෙන්ද ආණ්ඩුව දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත්, ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ දී මුලින් සඳහන්ව තිබුනේ වෙඩි තැබීමකින් සිදුවූ ඝාතනයක් ලෙස වුවද පසුව යහපාලන රජය සමයේ මිනිය නැවත ගොඩගෙන විමර්ශනය කිරීමේ දී වෙඩි තැබීමක් සිදුවී නොමැති බවට සඳහන් වූ බවද, එහිදී පොලිසියේ සහ රහස් පොලිසියේ ක්‍රියාකලාපය, අධිකරණයේ ක්‍රියාකලාපය සහ වෛද්‍ය අංශවල ක්‍රියාකලාපය සැකයට භාජනය වන බවත් ඒ මහතා කරුණු අනාවරණය කරයි.
USAID ආයතනයෙන් මෙරටට මුදල් පොම්පකරමින් සිදුකළ මෙහෙයුම් සම්බන්ධයෙන්ද මෙහිදී ඒ මහතා කරුණු අනාවරණය කර තිබේ.
වීඩියෝව පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්