ලසන්තගේ ඝාතකයන් සෙවීම ආණ්ඩුව මගහැරියා ද?.. USAID ලංකාවේ මොනවද කළේ?... තිස්ස විහාරය ගැන ශ්‍රීධරන්ගේ ප්‍රකාශයෙන් රට ගිනිගනී ද? - ශමීන්ද්‍ර හෙළිකරන කතාව මෙන්න... (වීඩියෝ)
එක පෑන් පහරින් රටේ ප්‍රශ්න විසඳන බවට පවසමින් බලයට පැමිණි ජාතික ජනබලවේගය ආණ්ඩුව ජනතාවගේ බලාපොරොත්තු ඉටු නොකරන්නේ නම් මෙවර පළාත් පාලන මැතිවරණයේ දී දැඩි අභියෝගයකට මුහුණ දීමට සිදුවන බව ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ මහතා පවසයි.
අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී ඒ මහතා පවසන්නේ රටේ මෙතෙක් බලයට පත්වූ සෑම නායකයකුම පාහේ අනපේක්ෂිත වාතාවරණයන්ට මුහුණ දුන් බවත්, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ද එබඳු අර්බුදවලට අනිවාර්යෙන්ම මුහුණ දීමට සිදුවන බවත් ය.
පසුගිය දා ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක ශ්‍රීධරන් යාපනයේ තිස්ස විහාරය වහාම ඉවත්කර යුතු බව හා නැතිනම් ඔවුන් විසින් ඉවත්කරන බවට පැවසූ ප්‍රකාශය රටම ගිණිතැබිය හැකි දරුණු ප්‍රකාශයක් බවත් ඒ මහතා පවසයි.
යුද්ධය නිමාකර වසර ගණනාවක් ගතවී තිබියුදීත් ශ්‍රීධරන් විසින් පැවසූ එම ප්‍රකාශය ඉතා දරුණු ප්‍රකාශයක් බව පවසන ඒ මහතා, පාර්ලිමේන්තුවේ දී අනිවාර්යෙන්ම මෙය සාකච්ඡාවට ලක්විය යුතු බවත් පවසයි.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් තීතිපතිවරයාගේ තීරණය සම්බන්ධයෙන්ද ආණ්ඩුව දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත්, ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ දී මුලින් සඳහන්ව තිබුනේ වෙඩි තැබීමකින් සිදුවූ ඝාතනයක් ලෙස වුවද පසුව යහපාලන රජය සමයේ මිනිය නැවත ගොඩගෙන විමර්ශනය කිරීමේ දී වෙඩි තැබීමක් සිදුවී නොමැති බවට සඳහන් වූ බවද, එහිදී පොලිසියේ සහ රහස් පොලිසියේ ක්‍රියාකලාපය, අධිකරණයේ ක්‍රියාකලාපය සහ වෛද්‍ය අංශවල ක්‍රියාකලාපය සැකයට භාජනය වන බවත් ඒ මහතා කරුණු අනාවරණය කරයි.
USAID ආයතනයෙන් මෙරටට මුදල් පොම්පකරමින් සිදුකළ මෙහෙයුම් සම්බන්ධයෙන්ද මෙහිදී ඒ මහතා කරුණු අනාවරණය කර තිබේ.
වීඩියෝව පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..