News Category
From Date
To Date
Maximum Number of Result

හරිනිගේ අ‍ඬහැරය සහ ජවිපෙ විලාපය

Jan 25, 2025 at 09:19 AM
|

මේ 1987 ඔක්තෝම්බර් 27 වැනිදා ජවිපෙ නායක රෝහණ විජේවීර ශ්‍රී ලංකාවේ මහ ජනයා වෙත නිකුත් කළ ඉන්දු ලංකා ගිවිසුමත්, පළාත් සභාත් බළාත්මක කළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 සංශෝධනයය පිළිබඳ හඬ පටයෙන් උපුටා ගත් කොටසකි.


''අපේ පීතෘභූමිය එහි මෑත ඉතිහාසයේ මුහුණ පෑ භායානකම විපත්තියට ගොදුරු වී සිටින මේ සාතිශය දුෂ්කර අවස්ථාවේදී දේශප්‍රේමී රටවැසියන් සියලූ දෙනා තනිතනිවත් සාමූහිකවත් ඉටු කළ යුතු අපේ පීතෘභූමියේ නිදහස යළි දිනා ගැනීමත් රැකගැනීමත් සඳහා ඉටු කළ යුතු අපේ දරු මුණුපුරු පරම්පරාවත් ඉන්දීය අධිරාජ්‍යයේ වහලූන් බවට පත් නොකිරීම සඳහා ලාංකීය ජාතිය වහල් බවින් මුදා ගැනීම සඳහාත් ඉටු කළ යුතු භාරධූර කර්තව්‍ය පිළිබඳ කරුණු සැකෙවින් පැහැදිලි කිරීමටයි, අද මෙසේ ඔබ අමතන්නේ.


සහෝදර රටවැසියනි,


අවුරුදු ගණනක් තිස්සේ අපි දිගින් දිගටම කියාපු දේවල් දැන් ඇස් පනාපිට සත්‍ය වෙලා තිබෙනවා. අපි කිව්ව වගේම දැන් ජයවර්ධන අපේ උදාර පීතෘභූමිය ඉන්දියන් අධිරාජ්‍යයේ පිළිකන්නක් කරලා හමාරයි. අපේ පුංචි ලාංකීය ජාතිය ඉන්දියන් අධිරාජ්‍යයේ වහලූන් කරලා හමාරයි. තමුන්නාන්සේලාට මතක ඇති 1972 දී විතර ජයවර්ධන යූ.ඇන්.පී යේ නායකත්වයෙන් විතරක් නොවෙයි මුළු පක්‍ෂයෙන්ම තල්ලූවෙලා යන තැනට වැඩ සිද්ධවෙමින් තිබුණ බව. එදා යූ.ඇන්.පියේ හිටපු නායකයා ඩබ්ලි සේනානායක මහත්තයා ජේ.ආර්.ව පක්‍ෂයෙන් පන්නන්න හදනවා කියලා ජයවර්ධන උසාවියේ නඩුවක් දැම්මා. ඒකට උත්තර බඳිද්දී ජයවර්ධන මහා බොරුකාරයෙක් කියලා ඩඞ්ලි උසාවියේදීම කිව්වා. මේ විදිහට ඩඞ්ලි – ජේ.ආර් ගැටුම උච්චතම අවස්ථාවෙ තියෙද්දී ජයවර්ධන යූඇන්පියෙන් පන්නල දාන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී හදිසියේම ඉතාමත් සැක කටයුතු විදිහට ඩඞ්ලි මළේ. ඊට ටික දවසකට පස්සෙ එයාගෙ දෙවැනිය හිටපු කෘෂිකර්ම ඇමැති. එම්.ඞී. බණ්ඩත් මළා. ඒ එක්කම වී.ඒ සුගතදාස, යූ.බී. වන්නිනායක, ඊරියගොල්ල, සී.පී.ද සිල්වා වගේ ඩඞ්ලි පිලේ පතාක යෝධයෝ ඔක්කොම හදිසියෙම මළා. කොහොම සිද්ධ වුණත් මෙන්න මේ නිසයි ජයවර්ධනට යූඇන්පියේ නායකත්වයට ඇවිල්ලා බලය තහවුරු කරගන්න පුළුවන් උනේ.


ජයවර්ධනගෙ යූඇන්පී නායකත්වය සේනානායකලගෙ නායකත්වයට වඩා ඉඳුරාම වෙනස්, දේශද්‍රෝහියො, පල්හොරු, දේශපාලන පාදඩයො, ලැජ්ජා නැති බොරුකාරයො, අධිරාජ්‍යවාදී ඒජන්තයො භයානක මීනිමරුවො මේ සොර නඬේ තමයි ධර්මිෂ්ඨ හැවක් ඇතුළට රිංගලා ධර්මයෙන් රට කරනවාය කියල බොරු පොරොන්දු දීල ශ්‍රීලංකා සමසමාජ කොමියුනිස්ට් හවුල් ආණ්ඩුවේ වැරදි උපයෝගී කරගෙන මහජනයාගේ ඇස්වලට වැලිගහලා 1977 බලයට ආවෙ දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගන්නෙ නෑ කිව්ව පාර්ලිමේන්තුවෙ කාලෙ දික්කරන්නෙ නෑ කිව්වා.


ඉන්දියන් ධනේශ්වර පාලකයො එදා කියල තිබුණෙත් මීට මුළුමනින්ම සමාන දෙයක්, ඉන්දියන් ධනේශ්වර පංතියේ දේශපාලන නායකයා, ජවහල්ලාල් නේරු 1944 දී ලියපු ‘‘ඩිස්කවරි ඔෆ් ඉන්ඩියා’’ ඉන්දියාව සොයා ගැනීම කියන පොතේ 569 වන පිටුවේ මේ විදිහට කියනවා.


‘‘ලෝක පාලන මධ්‍යස්ථානය වශයෙන් අත්ලාන්තික් කලාපයට හිමි තැන නුදුරු අනාගතයේදී පැසිපික් කලාපය විසින් හිමිකර ගනු ඇතැයි සිතිය හැකිය. සෘජු ලෙසම පැසිපික් රාජ්‍යයක් නොවුනද ඉන්දියාව නොවැළැක්විය හැකි ලෙසම එහි වැදගත් බලපෑමක් කරනු ඇත.


ඉන්දීය සාගර කලාපයේත් ගිණිකොණ දිග ආසියාවේත්, මැදපෙරදිග දක්වාත් ආර්ථික හා දේශපාලනික ක‍්‍රියාකාරීත්වයේ මධ්‍යස්ථානය වශයෙන් ඉන්දියාව සංවර්ධනය වනු ඇත. නුදුරු අනාගතයේදී ලොව වේගයෙන් සංවර්ධනය වන්නට තිබෙන කොටසක ඇය ආර්ථික හා යුද්ධෝපායික වැදගත්කමක් ගනු ඇත. ඉන්දියාව දෙපැත්තෙන්ම ඇයව මායිම් වන රාජ්‍යයන්ගේ – ඉරානය, ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ලංකාව, බුරුමය, මලයාව, සියම, ජාවාය යනාදී කලාපීය ගොනුවීමක් වේ නම් වත්මන් සුළුජාතික ප‍්‍රශ්න එක්කෝ නැති වී යනු ඇත. නැතිනම් අඩු ගණනේ සාකල්‍යයෙන්ම වෙනස් වූ සන්දර්භයක් තුළ සැළකිල්ලට ලක් කිරීමට සිදු වනු ඇත.


මගේ පැත්තෙන් ගත් කල ලෝකය විශාල උත්තර් ජාතීය රාජ්‍යයන් කිහිපයකට බෙදීම ගැන ඒවා කිසියම් බලසම්පන්න ලෝක බැම්මකින් නොබැඳේ් නම්x මගේ කිසිම කැමැත්තක් නැත. නමුත් ලෝක එක්සත්කමක්, ලෝක සංවිධානයක් ඇතිවීම වැළක්වීමට තරම් ජනතාව මුග්ධවේ නම් ප‍්‍රාදේශීය ස්වාධිපත්‍යයක් සහිතව තනි යෝධ රාජ්‍යයක් ලෙස ක‍්‍රියාත්මක වන මෙබඳු එක් එක් අති විශාල උත්තර් – ජාතීය කලාපයක් හැඩ ගැසීමට බොහෝසෙයින් ඉඩ ඇත. එහෙයින් කුඩා ජාතික රාජ්‍යය මැකී යනු ඇත. ඒවාට පැවතිය හැක්කේ ස්වාධීන දේශපාලන ඒකක වශයෙන් නොව සංස්කෘතික ස්වාධිපත්‍යයක් ඇති ප‍්‍රදේශ වශයෙනි. ඉන්දියාවට සිය බලපෑම් කළ හැකි වේ නම් කුමක් සිදුවුවද ලෝකයට යහපත් වනු ඇත.’’


ඉතින් මේක කියන විදියට එදා නේරුට අවශ්‍ය වෙලා තිබුණුදේ ඉටුකරලා දෙන්න, ඒ කියන්නෙ නේරුව හාම්පුතු සැටියට පිළිගන්න, ඉන්දියාවෙ ආධිපත්‍යයට යටවෙන්න, අවුරුදු හතළිස් සයකට එහා ඉඳලා ජයවර්ධන ලෑස්තිවෙලා ඉඳලා තියෙන බව කාටත් තේරුම් ගන්න පුළුවන්.


ඉන්දියන් ධනේශ්වර පංතිය එසේ පාලක පංතිය බවට පත් වූ දා ඉඳලම ඒගොල්ලන්ගේ ප‍්‍රතිපත්ති, උපායමාර්ග, උපක‍්‍රම, ක‍්‍රියාමාර්ග සේරම සකස් කළේ ඉන්දියාව ඉස්සර වෙලා කලාපීය බලවතා කරලා දෙවනුව ලෝක අධිරාජ්‍ය බලයක්, සුපිරි අධිරාජ්‍ය බලවේගයක් කරන ඉදිරි දැක්ම ඇතිවයි. ඉන්දියන් ධනේශ්වර පංතියේ ආර්ථික, දේශපාලන, යුදමය, විදේශ කියන මේ සෑම ප‍්‍රතිපත්තියකම ඒවායේ යටින් දුවපු අරමුණ ඒකයි.


අපි දන්නවා ජර්මනියෙන්, ඉතාලියෙන්, ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලව සිද්ධ වුණේ පමා වෙලා. මේ නිසා ඒ රටවල්වල තිබුණු කුඩා කුඩා වැඩවසම් රාජධානි එකතු කරලා ජාතික රාජ්‍යයක් බිහිකරන්න පමා වුණා. මේ නිසා ඉතාලිය, ජර්මන් ධනපතියන්ට අල්ලගන්න යටත්විජිත ඉතුරු වෙලා තිබුණේ නෑ. ඒ මොකද ඒගොල්ල නැගිටලා එනකොට අනිත් අය ඔක්කොම අල්ල ගෙන ඉවරයි. මෙන්න මේ නිසා ලෝක ජනතාවට සිද්ධ වුණා ලෝක යුද්ධ දෙකට මුහුණ දෙන්න. ලෝක යුද්ධ දෙකම පටන් ගත්තේ මේ දෙන්නා. ඒ වගේ ඉන්දියාව ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය සම්පූර්ණ වුණෙත් බොහොම කල් ගිහිල්ලා. මේ විදිහට ප‍්‍රමාද වෙලා. බහුජාතික රාජ්‍යයක් වුණු ඉන්දියාවේ ධනේශ්වර පංතිය තමන්ගෙ පසුගාමීත්වය ඉක්මණින්ම මගහරවා ගන්න යොදාගත්තෙත් ජර්මනියෙ බිස්මාක්ල, ඉතාලියෙ කවුර්ල යොදාගන්න රාජ්‍ය ධනවාදී පිළිවෙතමයි.


ඉන්දිය රාජ්‍ය ධනවාදය අද රාජ්‍ය ඒකාධිකාරී ධනවාදය දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේ රාජ්‍ය ඒකාධිකාරී ධනවාදය කලාපීය රටවල් සම්බන්ධයෙන් දැඩි ආක‍්‍රමණශීලී ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන බව පැහැදිලිව දකින්න පුළුවන්.


ඉන්දියන් ජනතාව ඉතාම දුප්පත්. ඒ නිසා පසුගාමී ඉන්දියන් ධනවාදයට මෙන්ම ඒකාධිකාරීන්ගෙ නිෂ්පාදන වලට අවශ්‍ය විදියට ඒ තරමට දේශීය වෙළෙඳපොළ පුළුල් කරගන්න බැහැ. ඒ නිසා ඉන්දියන් බැංකුකාරයන්ට, කර්මාන්තකාරයින්ට තමන්ගෙ රටින් පිටත වෙළෙඳපොළ සොයන්න සිද්ධ වෙලා තියෙනව. මෙතනදී ඒ ගොල්ලන්ට දියුණු ධනපති රටවල් එක්ක හැප්පෙන්න බැහැ. ඒ නිසා ඒ ගොල්ලෝ ස්වභාවිකවම නැඹුරුවෙලා තියෙනවා අසල්වැසි අපි වගේ දුබල රටවල් වෙතට. ඉන්දියාවේ ‘‘ආධාර’’ වෙළෙඳ ප‍්‍රතිපත්ති, තාක්‍ෂණය, හුවමාරු, විදේශ ආයෝජන, කොන්ත‍්‍රාත් බැංකු මේ ඔක්කොම මුළු මහත් විදේශ ප‍්‍රතිපත්තියක් ගොඩනැගිල තියෙන්නෙ ඒ අරමුණ මතයි.


ලෝක ජාතීන් අතර අසමානතාව වර්ධනය කෙරුවෙ, සූරාකෑම් වර්ධනය කෙරුවෙ ජාත්‍යන්තර ධනවාදය විසින්ම බව අප දන්නවා. ඒක දැන් ආයෙත් තුන්වැනි ලෝකයේම වඩා දියුණු රටවලූයි, අඩු දියුණු රටවලූයි අතරෙ පුනරුත්පාදනය වෙලා.


ඉන්දීය උප මහාද්වීපයෙන් විශාල කොටසක රාජ්‍ය බලය තමන් අතට ගත්ත ඉන්දියන් ධනේශ්වර පංතිය තමන්ගෙ දේශපාලන දර්ශනයක්, ප‍්‍රතිපත්තිත්, උපාය උපක‍්‍රමත් ගොඩනැගුවේම බි‍්‍රතාන්‍ය අධිරාජවාදීන්ගෙ සපත්තුවට බැහැල. බි‍්‍රතාන්‍ය ධනේශ්වර පංතියේ ආභාසයෙන් සැදුණු වැඩුණු ඉන්දියන් ධනපති පංතියක් එහෙම කරන එක පුදුමයක් නොවෙයි. මේ විදියට ඉන්දියන් උප මහාද්වීපයෙන් තදාසන්න ප‍්‍රදේශවලත් බි‍්‍රතාන්‍ය යටත් විජිතවල, අර්ධයටත් විජිතවල තමන්ගෙ අණසක පිහිටුවන එක තමයි දැන් ඉන්දීයන් ආක‍්‍රමණකාරී විදේශ ප‍්‍රතිපත්තියෙ පරමාර්ථය වෙලා තියෙන්නෙ. මෙතනදී බි‍්‍රතන්‍යයන්ගෙ සපත්තුවට බැහැලා ඒ රටවල්වලට රිංගාගෙන හිටපු නොයෙකුත් ඉන්දියන් ජාවාරම්කාරයොත්, අනික් සංක‍්‍රමණික ඉන්දියානුවොත් මේකට යොදාගන්න ඔවුන්ට පුළුවන් වුණා. අද මලයාව, සිංගප්පූරුව, සියම, ලංකාව, මොරීෂිස් වගේ රටවල්වල ඉන්න ඉන්දියන් සංක‍්‍රමණිකයො ඉන්දියන් ධනපති පංතිය විසින් තමන්ගෙ ඒජන්තයන් සැටියට ඉතාමත් සකී‍්‍රයව මේ කටයුත්තට යොදා ගෙන තියෙනවා. මොවුන් තමයි ඉන්දියන් ධනපති පංතිය විසින් තමන්ගේ පස්වැනි සේනාංකය හැටියට දැනුවත්වම යොදා ගෙන තියෙනවා. මොවුන් තමයි ඉන්දියන් ධනපති පංතිය විසින් තමන්ගේ පස්වැනි සේනාංකය හැටියට දැනුවත්වම යොදා ගෙන තියෙන්නේ.

ඉන්දියන් ධනපති පංතිය තමන්ට උපායමාර්ගිකව වැදගත් තැන්වල මේ උපාය මාර්ගය වඩාත් තහවුරුව ක‍්‍රියාවට නංවලා තියෙනවා. භූටානය, බංග්ලාදේශය, කාශ්මීරය, ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව අනුගමනය කරපු ප‍්‍රතිපත්තිය මේකට හොඳම නිදර්ශන.


දැන් ආයෙත් ඉන්දියන් අධිරාජ්‍යයේ බලය කලාපයේ සුපිරි බලය හැටියට ඉස්මතුවෙලා තියෙන තත්ත්වය යටතේ අවස්ථාව අනුව කරණම ගසලා ඉන්දියන් අධිරාජවාදය හාම්පුතා හැටියට පිළිගන්න ඉදිරිපත්වෙලා.


ඉන්දියන් ආක‍්‍රමණකාරී විදේශ ප‍්‍රතිපත්තිය නිසා ඉන්දියාව වටේ රටවල් ඔක්කොම සතුරු කර ගෙනයි සිටියෙ. එහෙම ඉන්දැද්දී සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව චීනයත් එක්ක, පකිස්ථානයත් එක්ක මිත‍්‍ර වුණු එක ඉන්දියන් ධනපති පාලකයින්ට රිස්සුවේ නෑ. චීන නැව්වලට මිත‍්‍ර නැව් හැටියට ලංකාවෙ වරායවලට ඇතුළු වෙන්න ඉඩදුන්නු එක ගැන ඉන්දියාව උරණ වුණා. ඒ වගේම 1971 දී නැගෙනහිර පකිස්ථාන් ප‍්‍රශ්නෙ වෙලාවේ පකිස්ථාන් ගුවන්යානාවලට බටහිර පකිස්ථානෙ ඉඳලා කටුනායක හරහා ඩැකාවලට සෙබළු අරන් යන්න, ඉඩදීපු එක ගැනත් උරන වුණා. මගේ මතකයේ හැටියට 1972 ජූලි මාසෙදී, සමහරවිට අගෝස්තු සැප්තැම්බර් වෙන්නත් පුළුවන්. ඒ කාලෙ අපි වැලිකඩ සිරගෙදර, ඉන්දිරා ගාන්ධි ලංකාවට ආව. ඇවිත් සිරිමා බණ්ඩාරනායක නෝනත් එක්ක උපදේශකයන්ගෙන් තොරව කතාකරන්න ඕනෙයි කිව්වලූ. කියලා සාකච්ඡුාවක් කරලා චීනයත් පකිස්ථානයත් එක්ක තියෙන හිතවත්කම ගැන තදින් දොස් කිව්වලූ’’ මගේ ආරක්‍ෂාව මට වැදගත්. ඒ හින්දා බලාගනින්’’ කිව්වලූ. මේක, පස්සෙ බණ්ඩාරනායක නෝනා මෛත‍්‍රීපාල සේනානායක මහත්තයත් එක්ක කියල එයා වෙනත් අයට කීව නිසා අපටත් ආරංචි වුණා. ලංකාව ස්වාධීනව කෙළින් ඉන්නවට, ඉන්දියාව කැමති නැති දේ කරනවට ඉන්දියන් ධනපති පංතිය කවදාවත් කැමති වුණෙ නෑ.


මේ විදියට චීන – ලංකා මිත‍්‍රත්වයටත්, පකිස්ථාන් – ලංකා මිත‍්‍රත්වයටත් ලංකාවෙ ස්වාධීන විදේශ ප‍්‍රතිපත්තියටත් ඉන්දියාව තදින්ම විරුද්ධ වුණා. ඒ විරෝධය උඩ ඉන්දියන් ධනපති පාලකයො එතෙක් ලංකාව ගිලගන්න සෙමින් සෙමින් අනුගමනය කරපු ක‍්‍රියාමර්ග වෙනුවට වේගවත් ආක‍්‍රමණශීලී අලූත් ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන්න පටන්ගත්තා.


මෙතනදී සම්ප‍්‍රදායානුකූල වැඩවලින් ඈතට ගිහිල්ලා එතෙක් ඒගොල්ලම මැදිහත් නොවුණු උතුරු නැගෙනහිර ජාතික ප‍්‍රශ්නයට අත පොවලා, ඒක තමන්ගෙ වුවමනාවක් සඳහා යොදාගන්න බැලූවා. මේකට අලූත් සජීවී අත්දැකීමක් බංග්ලාදේශයෙන් ලැබිලා තිබුණා. මොකක්ද? පකිස්ථාන් බෙංගාලි ජාතික ගැටලූව නොවිසඳී තිබුණ නිසයි, ඒ ජාතික ප‍්‍රතිවිරෝධතාව පාවිච්චි කරලා තමන්ගෙ සම්ප‍්‍රදායික සතුරා වුණු පකිස්ථානය දෙකඩ කරලා දුර්වල කරන්න පුළුවන් වුණේ ඒ වගේ ලංකාවෙන් නොවිසඳී නියත ජාතික ප‍්‍රශ්නය ඒ ගොල්ලන්ට යොදාගන්න පුළුවන් බව දැක්කා.


මේ සොර ගිවිසුම ලංකාවෙ මහජනයාට විතරක් නොවෙයි, ජයවර්ධනගෙම එක්සත් ජාතික පක්‍ෂයටත්, ඒකෙ නායකයන්ගෙන් බහුතරයටත්, ඇමැති මණ්ඩලයටත්, කොටින්ම අගමැතිටත් සොරෙන් කරපු කුමන්ත‍්‍රණයක්. ජයවර්ධනලගෙ, ගාමිණී දිසානායකලගෙ කුමන්ත‍්‍රණයක්. ඒක කෙරුණේ ඒ තරම්ම රහසිගතව. ඒක සමස්ත ලාංකීය ජනතාවටම විරුද්ධව කරපු භයානක කුමන්ත‍්‍රණයක්. ඒකෙ ආදීනව බොහොම අය සිතනවට වඩා ඉතාම භයානකයි.


ජයවර්ධන තමන් මේ වගේ ගිවිසුමක් අත්සන් කරන්න වෙනවා කියලා එයාගෙ පක්‍ෂයෙම කෘත්‍යාධිකාරී සභාවට දැන්නුවෙත් අගමැති ජපානයෙ සංචාරය කරමින් ඉන්නැද්දී. අවසානයේ දී ජයවර්ධන එතැනදී කිව්වා කෘත්‍යාධිකාරී සභිකයන්ට ඔබලාට රජීව් ගාන්ධි විශ්වාස නැත. මම එය දනිමි. එනමුදු මට ඔහු විශ්වාසයි. කවුරු විරුද්ධ වුණත් තමන් මේ ගිවිසුමට අත්සන් කරනවා කියලා. තවත් කිව්වා මේ ගිවිසුමෙන් පස්සෙ ජනතා විමුක්ති පෙරමුණ විනාශ කරන්න ඉන්දීය යුද්ධ ආධාර ගන්න පුළුවන් කියලා. ඒ නිසා කවුරුත් මේකට කැමති වෙන්නෙයි කියලා.


අගමැති පේ‍්‍රමදාස ලංකාවට ආවට පස්සෙ පවත්වපු ඇමැති මණ්ඩල රැුස්වීමේදී ගිවිසුම ගැන මහා ගාලගෝට්ටියක් ඇති වුණා. ඉන්දියන් මහ කොමසාරිස් ඇමැති මණ්ඩලය ගෙන්නෙව්වා. ඇමැතිවරුන්ට ගිවිසුම ගැන කරුණු පැහැදිලි කරන්න. ලංකාවට ගිය කල එයින්ම පේනවා නේද? ඇමැති මණ්ඩලය තීරණයක් නොගෙනම විසිරිලා ගියා. ඊට පස්සෙ රජීව් ගාන්ධි ලංකාවට ආවා. ගිවිසුම අත්සන් කරන්න. අවෙ ඇඳිරි නීතිය පනවලා, ආපු ගුවන් යානය ආරක්‍ෂාවට හෙළිකොප්ටර්වලින් වට කරගෙන ඇවිල්ලා කටුනායකට බැහැලා. එතන ඉඳලා ගෝල්ෆේස් එකට හෙළිකොප්ටර්වලින් ඇවිල්ලා, එතනින් වෙඩි නොවදින කාර් එකෙන් ජනාධිපති මන්දිරයට රිංග ගත්තේ හරියට සොරකමකට ආපු සොරෙක් වගෙයි.

ඇඳිරි නීතිය දාලා පාරවල් වලට පාරවල් වලට බසින්න තහනම් කරලා තියේ්ද්දීත් දේශපේ‍්‍රමී මහජනයා තුන් පැත්තකින් මහා ජන ගංගාවක් වගේ කොළඹට ඇදුණා. පෙළපාළිවලින්, පොලීසිය ලව්වා වෙඩි තිබ්බා සිය ගණන් මැරිලා වැටුන. මේ වෙලාවේ අගමැතිවරයාත් ඇමැතිවරුන් ගණනාවකුත් රජීව් ගාන්ධි වර්ජනය කළා. අන්තිමට තෑගි ඔප්පුව ලියවගත්තු රජීව් ගාන්ධි දේශපේ‍්‍රමී ජනතා පුත‍්‍රයකු වූ විජිත රෝහණ නාවුක භටයාගේ තුවක්කු බදින් පාරක් කාලා ගියා. ඒ වෙන කොටත් ගිවිසුම් උඩ ඉන්දීය ආක‍්‍රමණකාරී හමුදාව ලංකාවට ගොඩබස්වමින් තිබුණා. මේ හමුදාව ලංකාවට ගේන්න දකුණු ඉන්දියාවෙ හමුදා කඳවුරුවල කළින්ම ලෑස්ති කරලා තිබුණා. රජීව් ගාන්ධිට ඇවිත් ගිිවිසුම අත්සන් කරන්නත් කලින් ජූලි 28 වැනිදා පත්තරවල ඒ ගැන තිබුණා. උතුරට නැගෙනහිරට ඉන්දියන් හමුදා එව්වට පස්සෙ කොළඹ වරායටත් නැව් තුනක් භටයො ගෙනාව, ජයවර්ධනලගෙ ආරක්‍ෂාවට.


මේ ගිිවිසුම රටට හානිකර නැත්නම් ඇයි ඒක කුමන්ත‍්‍රණකාරී විදිහට සකස් කෙරුවේ? ඇයි ඒක අත්සන් කරන්න කලින් රටට ඉදිරිපත් නොකළේ? ඇයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළේ? ඇයි ඉන්දියන් හමුදා ගෙන්නන බව කලින් නොකිව්වේ? ඇයි ඒක හැංගුවේ? මේවා අසන්න ඕන ප‍්‍රශ්න නෙවෙයි. කාටත් තේරෙන දේවල්. මේක හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්.


ජයවර්ධනත් රජීව් ගාන්ධීත් අත්සන් කරපු මේ කුමන්ත‍්‍රණකාරී ගිවිසුමට දෙමළ ඊළාම් ත‍්‍රස්තවාදී සංවිධාන එකක්වත් හවුල් කර ගෙන නෑ. ඔවුන් මේකට අත්සන් කරලා නෑ. ඒ ඒකත් ලාංකීය ජනතාවට විරුද්ධව කරපු භායනක කුමන්ත‍්‍රණයක්. මේ නිසා තමයි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණවත්, දෙමළ ඊළාම් කොටිවත්, අනෙක් දෙමළ ඊළාම් සංවිධානවත් කිසිම කොන්දේසියට යටත් නැත්තේ. අම්ර්තලිංගම්වත් ප‍්‍රභාකරන්වත් මේ ගිවිසුමට අත්සන් කරලා නෑ. ඒගොල්ල කිසිම ගිවිසුමකින් බැඳිලා නෑ.


ඊළඟට මේ ගිවිසුමෙන් ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් දෙක, ලංකාවෙ දෙවැනි හා තුන්වැනි විශාල පළාත් දෙක, ඒ කියන්නේ ලංකාවෙ මුළු බිමෙන් තුනෙන් එකක් දෙමළ ජනයාගෙ නිජබිම් කියලා, ඓතිහාසික නිජබිම් කියලා පිළිඅරන් තියෙනවා. ඒ කියන්නෙ දෙමළ ජන කොටසේ පමණක් භූමිය කියලා පිළිඅරන් තියෙනවා.

තිම්පු සාකච්ඡාවලදී දෙමළ ඊළාම් සංවිධාන ඔක්කොම එක දිගටම ඉල්ලූවේ උතුරු නැගෙනහිර ඒ ගොල්ලන්ගේ භූමිය කියලා පිළිගන්න කියලයි. ඒක කිසිසේත්ම කරන්න බැරිය කියලා මේ ආණ්ඩුවම එදා මහ උජාරුවෙන් කිව්වා. තමුන්නාන්සෙලාට මතක ඇති. නමුත් දැන් මොකක්ද වෙලා තියෙන්නෙ.''


1987 දී කොළඹ බිෂොප් විද්‍යාලයේ උසස් පෙළ සිසුවියක වූ ද ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද වලින් පාර්ලිමේන්තු පැමිණ 13 සංශෝධනය බලාත්මක කළ යුතු යැයි අද පවසන්නා වූ ද හරිනි අමරසූරියලා දැන නොදන්නා සේ ඉන්නා කාරණාව වන්නේ ඒ භීෂණ සමයේ හරිනිලා කොළඹ ඉහළ මධ්‍යම පන්තියේ නිවෙස්වල සුවසේ ඉගෙන ගනිද්දී ජනතා විමුක්ති පෙරමුණේ මතවාද වෙනුවෙන් ටයර් සෑ උඩ, වධකාගාර වල දිවි පිදූ හරිනිලාගේම වයසේ දහස් ගනනක ශිෂ්‍ය පරම්පරාවකගේ ඇට කටු මේ මහ පොළොවේ තවමත් මිහිදන් ව ඇති බවයි.


වින්දන විදුර කුමාර

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.