News Category
From Date
To Date
Maximum Number of Result

‘‘ක්ලීන් ශ‍්‍රී ලංකා’’ සඳහා ඌන පූර්ණයක්

Jan 29, 2025 at 10:54 AM
|

මහජනයා විසින් ඓතිහාසික ජනවරමක් ලබාදෙමින් වර්තමාන ආණ්ඩුව බලයට පත් කරන්නේ පෙර සිටි පාලකයන් විසින් නිර්මාණය කළ බහුවිධ අර්බුද ජය ගැනීම සඳහා බව ඉතා පැහැදිලිය. එහිදී අතීත පාලකයෙන් ප‍්‍රතික්ෂේප කිරීම මගින් ඔවුන්ට දඬුවම් කිරීමේ අපේක්ෂාවද මහජනයාගෙන් යම් ප‍්‍රතිශතයක හදවත් තුළ තිබූ බව රහසක් නොවේ. මහජනයා රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයා අත තිබූ ‘‘රිලේ බැටන්’’ එක උදුරා අනුර දිසානායක මහතා අතට දුන්නද ඔහුට දිවීමට සිදුව ඇත්තේ මීට පෙර සිටි පාලකයින් විසින් නිර්මාණය කළ ධාවන පථයේම බව දැන් ඉතා හොඳින් දැකගත හැක. එහෙත් බහුතර ජනයාට ඒ පිළිබඳව අවබෝධයක් නැත. එහිදී විශේෂයෙන්ම රනිල් වික‍්‍රමසිංහ මහතා එම ධාවන පථය ශක්තිමත් කිරීම හෙවත් ඉන් එළියට පැනගැනීම වැළැක්වීම සඳහා බරපතල බාධක ප‍්‍රමාණයක් පැනවුවද ඒ පිළිබඳව බරපතල සමාජ කතිකාවක් ගොඩනැගෙන්නේ නැත. එහෙත් රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ලෙස ඊනියා යහපාලන ආණ්ඩුව කාලයේදී සහ ඉන් පසුව පශ්චාත් අරගල ඊනියා පත් කළ ජනාධිපතිවරයා ලෙස රෝපණය කළ ‘‘අර්බුද බීජවල’’ අස්වනු නෙලීමට සිදුවන්නේ වර්තමාන ආණ්ඩුවටය. 

එසේ රෝපණය කළ අර්බුද බීජ රාශියක් අතුරින් ඇමරිකානු ඩොලර් බිලියන 12.5 ක ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීම හෙවත් ඉතා ඉහළ පොළියට විදේශීය වාණිජ ණය ලබා ගැනීමත ඒ වන විට පැවති විදේශ විනිමය පනත අහෝසි කර කළු වෙළඳ පොළ ප‍්‍රචලිත කරන 2017 නව විදේශ විනිමය පනතක් සම්මත කිරීමත මහ බැංකුව ස්වාධීන කිරීමේ නාමයෙන් 2023 මහ බැංකු පනත මගින් රටේ මූල්‍ය පාලනයට අදාළ මහජන පරමාධිපත්‍ය මූල්‍ය අරමුදලේ එජන්තයන්ට පැවරීමත මූල්‍ය අරමුදලේ සොච්චම් ණය මුදලක් සඳහා ආණ්ඩුව බරපතල කොන්දේසි ප‍්‍රමාණයට හිර කිරීම ආදිය ප‍්‍රමුඛ වේ. ඊට අමතරව ඊනියා විවෘත ආර්ථිකය යටතේ 1977 සිට රටේ ආර්ථිකය පරාදීනත්වයට නතු කිරීම සඳහා හේතු වූ සාධක ලැයිස්තුව ඉතා දීර්ඝ එකකි. 

ගෝඨාභය රාජපක්ෂ පාලනයට, ඊට පෙර රනිල් – මෛත‍්‍රී පාලනය විසින් නිර්මාණය කළ අවුල් නිවැරදි කිරීම සඳහා මහා ජනවරමක් මහජනයා විසින් ලබා දුන්නද ඒ සඳහා නිසි කළ නිසි උපාය මාර්ගික තීන්දු ගැනීමට ඔහු අසමත් විය. ඒ වෙනුවට ඔහු බලය අතහැර පලායාමේදී ලෙඬේ උත්සන්න කළ වෙදාටම රට හෙවත් ලෙඩා බාරදීමට ක‍්‍රියා කළේය. ඒ සියල්ලේ ප‍්‍රතිඵලයක් ලෙස වර්තමාන ආණ්ඩුව බලයට පත් වුවද ඔවුන්ට දැන් ක‍්‍රමයෙන් වර්ධනය වන අතීත අර්බුදයට මුහුණ දීමට සිදුවී ඇත. නමුත් ආණ්ඩුවේ අසමත්කම් පිළිබඳව විවේචන එල්ල කරුණු ලබන විපක්ෂ බලවේග සතුව විසඳුම් නොමැති බවද ඉතා පැහැදිලිය. අර්බුදය නිර්මාණය කිරීමට විවිධ මට්ටම්වලින් දායක වූ ඔවුන් සතුව විසඳුම් නොමැති බව ඊට අදාළව තම යෝජනා ඉදිරිපත් කරමින්, හැකිනම් ක‍්‍රියාත්මක කරන ලෙස, ආණ්ඩුවට අභියෝග කිරීමට අසමත් වීම තුළින් පැහැදිලිවේ. 

කෙසේ වෙතත් මේ වන විට උත්සන්න වෙමින් පවතින බහුවිධ අර්බුද ජයගැනීම සඳහා මහජන දැනුවත්භාවය සහ සහයෝගය හෙවත් දායකත්වය පූර්ව කොන්දේසියක් වන බව කිසිදු සැකයක් නැත. වර්තමාන ආණ්ඩුව බලය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ, විවිධ විද්වතුන් යැයි කියාගන්න පිරිස් විසින් සකස් කළ බව පෙනෙන, ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය නම් වූ දීර්ඝ සංකල්ප පත‍්‍රිකාව මගින් අර්බුදය ජය ගැනීම සඳහා නිශ්චිත සහ ඉලක්ක සහගත උපායමාර්ගික රාමුවක් හෝ සැලසුමක් ඉදිරිපත් වන්නේ නැත. එහි අඩංගු බොහෝ සංකල්ප මගින් මහජනයා තුළ අපේක්ෂා ජනිත කළ හැකි වුවත් එම අපේක්ෂා ඉටු කිරීම සඳහා මඟ පෙන්වීමක් ඒ මගින් ලැබෙන්නේ නැත. ඒ අනුව ආණ්ඩුව විසින් නිර්මාණය කළ මූලික සටන් පාඨය වන ‘‘පුනරුදය’’ එනම් නැවත ඉපදීම සංකේතවත් කරන ප‍්‍රබල වෙනස්කම් සඳහා නිශ්චිත වැඩ ලැයිස්තුවක් හෝ ඉදිරිපත් කිරීමට පසුගිය දින 100 තුළ ආණ්ඩුව අසමත් වී ඇත. ඊට අමතරව ඉහත සඳහන් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තුළ අඩංගු ජනතා විමුක්ති පෙරමුණේ අතීත උරුමය අභියෝගයට ලක්වන යම් යෝජනා නිසා සමාජයේ යම් කොටසක් තුළ ආණ්ඩුවේ ක‍්‍රියාමාර්ග පිළිබඳව සැක සංකා ජනිත කරන බවක්ද දක්නට ඇත.

ඒ අනුව ආණ්ඩුව නව ප‍්‍රවේශයක් මගින් මහජන විශ්වාසය තහවුරු කර ගැනීම සහ සමාජයේ නව අපේක්ෂා ජනිත කිරීම සඳහා මහා පරිමාණ ජාතික ව්‍යාපෘතියක් ලෙස ‘‘ක්ලීන් ශ‍්‍රී ලංකා’’ යොදා ගැනීමට උත්සාහ කරන බව පෙනේ. එහෙත් ඊට අදාළව ආණ්ඩුව විසින් උපාය මාර්ගික රාමුවක් සහ නිශ්චිත වැඩපිළිවෙලක් ලියවිල්ලක් ලෙස රටට ඉදිරිපත් කර නැත. ඒ නිසා ආරම්භයේදීම වැරදි කොන්වලින් හෙවත් වලිගයෙන් අල්ලා ගැනීම නිසා එම ව්‍යාපාරය විවිධ පිරිස් විසින් විවිධාකාරයට හඳුනාගන්නා බවක් දක්නට ඇත. යම් පාර්ශ්වවලට අනුව මහා ව්‍යාපෘතිය ආරම්භ වන්නේ පෙබරවාරි මාසයේදීය. ඔවුනට අනුව පුද්ගලික බස් රථ හෝ ත‍්‍රී රෝද රථ රියදුරන් සමග ගැටුම් නිර්මාණය කරන ක‍්‍රියාමාර්ග ඊට අදාළ පෙරහුරු ලෙස හඳුනාගත යුතුය. එවැනි තත්වයක් තුළ පෙරහුරුව එසේ නම් මහා ව්‍යාපෘතිය කෙසේ වනු ඇත්දැයි මහජනයා වික්ෂිප්ත වීම ස්වාභාවික තත්ත්වයකි. තවත් පාර්ශ්වවලට අනුව එය හුදු පරිසරය පිරිසිදු කිරීමේ ව්‍යායාමයකි. ඊට ඌන පූර්ණ එකතු කරන පාර්ශ්ව සමාජයේ අධ්‍යාත්මික පරිවර්තනයක් පිළිබඳවද කතාකරති. එය සාධනීය ප‍්‍රකාශයක් වුවද අවසන් ප‍්‍රතිඵලය කුමක්දැයි සිතින් මවාගැනීම සඳහා අදාළ අරමුණු සහ ඒ කරා ළඟා වන උපාය මාර්ගික ප‍්‍රවේශය සහ වැඩ ලැයිස්තුව නිශ්චිත දින වකවානු සහිතව ප‍්‍රකාශයට පත් නොවීම බරපතල අඩුපාඩුවකි. 

එම තත්වය තුළ අඩු තරමින් ‘‘ක්ලීන් ශ‍්‍රී ලංකා’’ ව්‍යාපෘතිය රට මුහුණ දෙන අර්බුදය ජය ගැනීම සඳහා ආරම්භක ප‍්‍රවේශයක් ලෙස යොදා ගැනීම සඳහා යම් මඟ පෙන්වීමක් ලබාදීම ජාතික බලවේගවල වගකීමක් බවට පත්වේ. ඒ අනුව ක්ලීන් ශ‍්‍රී ලංකා සඳහා චතුර්විධ අරමුණු යෝජනා කළ හැක. එනම් පිරිසිදු පරිසරයක්,පිරිසිදු රාජ්‍ය සේවයක්, පිරිසිදු සමාජයක් සහ පිරිසුදු හෙවත් සාධාරණ ආර්ථිකයක් ලෙස එම අරමුණු ඉදිරිපත් කළ හැක. එම අරමුණු ඉටුකර ගැනීම සඳහා එක් අරමුණකට අදාළ උපායමාර්ගික ප‍්‍රවේශයන් දෙකක් ඇතුළත් වන ආකාරයට අට වැදෑරුම් හෙවත් අෂ්ඨාංගික උපාය මාර්ගික ප‍්‍රවේශයක් මෙසේ ඉදිරිපත් කළහැක. 

පිරිසිදු පරිසරයක්:

පිරිසිදු පරිසරයක් යටතේ පළමු උපාය මාර්ගික ප‍්‍රවේශය ලෙස කෙටිකාලීනව මේ වන විට පළාත් පාලන ආයතනවල දුර්වලතා නිසා සහ මහජනයාගේ දුප්පත් ආකල්ප නිසා අවිධිමත් ලෙස බැහැර කෙරෙන කසල තොග ඉවත් කිරීම සහ ඊට අදාළව දීර්ඝකාලීන විසඳුම් ඉදිරිපත් කළ හැක.  කසළ ඉවත් කිරීමේ කෙටිකාලීන වැඩසටහන් සඳහා නිශ්චිත කාල රාමුවක් නියම කළ හැකි අතර ඒ සඳහා රාජ්‍ය සේවකයින් පොදු මහජනතාව සහ පාසල් සිසුන් ස්වේච්ඡුා පදනමින් යොදා ගත හැකි අතර ආරක්ෂක හමුදා සතු සම්පත් මූලික වශයෙන් යොදාගත හැක. ඊට සමගාමීව දීර්ඝ කාලීනව විධිමත්ව කසල බැහැර කිරීම එනම් දිරායන සහ එසේ නොවන මෙන්ම නැවත භාවිතා කළ හැකි සහ ප‍්‍රතිචක‍්‍රීකරණය කළ හැකි කසල වලට අදාළව ජාතික මට්ටමින් යාන්ත‍්‍රණය සකස් කළ හැක. ඒ සඳහා මූලික වශයෙන් පළාත් පාලන ආයතන යොදා ගැනීම සඳහා දිරිගැන්වීමේ පැකේජයක් හඳුන්වා දිය හැක. ඊට අදාළව පුහුණු කිරීම් සහ සම්පත් ලබාදීම මෙන්ම ආවේෂණය සහ අධීක්ෂණය සඳහා පරිසර අමාත්‍යාංශය යටතේ යාන්ත‍්‍රණයක් සකස් කළ හැක. 

එම දීර්ඝ කාලීන වැඩසටහන යටතට කසල මගින් කාබනික පොහොර නිපදවීම, සත්ව ආහාර ලෙස යොදා ගැනීම (විශේෂයෙන්ම ඌරන් සඳහා* සහ බලශක්තිය නිපදවීම, පොලිතින් සහ රබර් මගින් ඝන ව්‍යුහයන් නිෂ්පාදනය කිරීම, කඩදාසි කර්මාන්තය සඳහා යොදා ගැනීම ආදී වාණිජ ව්‍යාපෘති හඳුන්වා දිය හැක. උදාහරණයක් ලෙස කොළඹ එළවළු තොග වෙළඳපළ ආශ‍්‍රිතව දිනකට එකතු වන සත්ව ආහාර සඳහා පවා යොදාගත හැකි ඊනියා අපද්‍රව්‍ය ප‍්‍රමාණය මෙට‍්‍රික් ටොන් 30ක් පමණ වන බවට සාක්ෂි ඇත. කඩුවෙල මහ නගර සභා බල ප‍්‍රදේශය තුළ නිවාස සහ හෝටල් මගින් ඉවත් කරන සත්ත්ව ආහාර ලෙස යොදා ගත හැකි ඉඳුල් ප‍්‍රමාණය මෙට‍්‍රික් ටොන් 30ක් පමණ වන බව දැන ගැනීමට ඇත. ඒ අනුව තදාසන්න ප‍්‍රදේශවල කුඩා පරිමාණ ඌරන් ඇති කරන ගොවිපළ රාශියක් සඳහා ආහාර සැපය හැකි බව පැහැදිලි වේ. 

පිරිසිදු පරිසරයක් අරමුණට අදාළ දෙවන උපාය මාර්ගයක ප‍්‍රවේශය වන්නේ පරිසරය පිරිසිදු කරන පරිසරයක් සහ ජීවන රටාවක් නිර්මාණය කිරීමය. ඒ මගින් මහජනයාගේ ආකල්ප, හැසිරීම් සහ ආහාර පරිභෝජන රටාව පවා වෙනස් කිරීම සඳහා මානසික බලපෑම් ඇති කළ හැක. ඒ සඳහා ප‍්‍රමුඛතම වැඩසටහනක් ලෙස සැලකිය හැක්කේ රටේ පවතින 35000ක් පමණ වන කුඩා සහ මධ්‍යම පරිමාණ වැව් සහ ඒ ආශ‍්‍රිත පරිසර පද්ධති ප‍්‍රතිසංස්කරණය සඳහා මහජන සහභාගීත්ව ක‍්‍රියාකාරකම් හඳුන්වා දීමය. ඊට සහාය වීම සඳහා ආරක්ෂක හමුදාව සතු සම්පත් සහ අදාළ රාජ්‍ය ආයතන සහ ගොවි සංවිධාන වල සහභාගීත්වය දිරිමත් කිරීම සඳහා පරිපාලන යාන්ත‍්‍රණයක් සහ දේශපාලන මැදිහත්වීම සඳහා ක‍්‍රමවේදයක් හඳුන්වා දිය හැක. ඊට අදාළව අරමුදලක් ගොඩනැගීම සඳහා පුද්ගලික අංශය සහ මහජන සහය දිරිමත් කළ යුතුය. ඒ සඳහා රාජ්‍ය මාධ්‍ය ආයතන යොදාගත හැක.

පිරිසිදු රාජ්‍ය සේවයක් 

පිරිසිදු රාජ්‍ය සේවයක් බිහිකිරීම සඳහා මූලික උපාය මාර්ගික ප‍්‍රවේශයන් දෙකක් වැදගත් වේ. පළමුවැන්න ඉහළ නිලධාරීන්ගේ සහ දේශපාලන නායකයින්ගේ මහජන වගවීම් සහතික කිරීම සඳහා නීතිමය රාමුවක් හඳුන්වාදීමය. ලෝක මට්ටමින් පවතින ආදර්ශය වන්නේ නායකත්ව ආචාර ධර්ම පද්ධතියක් නීතිගත කිරීම සහ බිඳවැටීම විභාග කිරීම සඳහා ත‍්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කළ හැකි ආකාරයට නව නීතිමය රාමුවක් හඳුන්වා දීමය. ඒ මගින් මූලික වශයෙන් අදාළ නායකයින් තමාට තමා වගකිවයුතු නීතිමය සහ ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන වලට අනුව කටයුතු කිරීම සහතික කළ හැක. ඊට අමතරව කාර්යක්ෂමතාවය සහ ප‍්‍රතිඵලදායකත්වය පිළිබඳව සොයා බැලීමට සහ පැමිණිලි කිරීමට මහජනයාට සහ මහජන සංවිධානවලට අවකාශය ලැබේ. එසේම එමඟින් නුසුදුසු පුද්ගලයන් පත් නොකිරීමට පෙළඹවීමක් ඇතිවන අතර නුසුදු පුද්ගලයින් විසින් තනතුරු භාර ගැනීම වැළැක්වීම සඳහා අදාල පුද්ගලයින්ට මානසික බාධක පැනවීමක් ද සිදුවේ. 

ඊට අදාළ දෙවන උපායමාර්ගික ප‍්‍රවේශය වන්නේ දුෂණ වංචා වැළැක්වීමය. ඉහත සඳහන් කළ නීතිය මඟින් එම අවශ්‍යතාවයද ඉටුවේ. නමුත් මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා ¥ෂණ විරෝධී පනත තවදුරටත් ශක්තිමත් කිරීම වැදගතක්වේ. ඊට අමතරව අතීත වැරදි විභග කිරීම සහ ද`ඩුවම් ලබාදීම සඳහා, විශේෂයෙන්ම හොරු ඇල්ලීමේ සටන් පාඨය බොරුවක් නොවන බව ඔප්පු කිරීම සඳහා, 1971 අපරාධ යුක්ති විනිශ්චය කොමිසම ආදර්ශයට ගනිමින් නව නීතිමය රාමුවක් හඳුන්වා දිය හැක.

පිරිසිදු සමාජයක්:

පිරිසිදු සමාජයක් අරමුණට අදාළව පළමු උපායමාර්ගික ප‍්‍රවේශය වන්නේ සමාජය සංස්කෘතික වශයෙන් බිඳවැට්ට වීම සහ සමාජ සංස්ථා විඳවැට්ට වීම වැළැක්වීමය. දෙවැන්න සමාජය මානසික වහල් භාවයෙන් හෙවත් පරාදින මානසිකතවයෙන්ගලවා ගැනීමය. ඒ අනුව පළමු උපාය මාර්ගික ප‍්‍රවේශයට අදාළව මූලික ක‍්‍රියාමාර්ග හතරක් යෝජනා කළ හැක. ඒ අතරින් පළමුවැන්න මත්ද්‍රව්‍ය පාලනයට අදාළ පාර්ලිමේන්තු ආංශික කාරක සභාව විසින් ඉදිරිපත්කර සහාගතකර ඇති ඉති වැදගත් නිර්දේශ අඩංගු වාර්තාව ක‍්‍රියාත්මක කිරීමය. දෙවැන්න ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක‍්‍රියාත්මක වූ පාර්ලිමේන්තු සංසදයේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමය. එහිදී එම කමිටු නියෝජනය කළ මන්ත‍්‍රීවරුන් පිළිබඳව සොයා බැලීමට වඩා වැදගත් වන්නේ එම නිර්දේශවලට මුල් වූ විද්වත් අදහස් දැක්වූ මහා සංඝරත්නය සහ විද්වතුන්ගේ  විශ්වාසනීයත්වය පිළිබඳව සොයා බැලීමය.

තුන්වැන්න වන්නේ භික්ෂු සමාජ සංස්ථාව ආරක්ෂා කිරීම සඳහා විනය විරෝධී භික්ෂූන් ශාසනයෙන් නෙරපීම සඳහා අදාළ කාරක සභා සංඝ සභාවට බලය පැවරෙන ආකාරයට විහාර දේවාලගම පනත සංශෝධනය කිරීමය. ඊට අදාළව ගෞරවනීය මහානායක හිමිවරුන් විසින් විවිධ පාලකයින්ට ඉල්ලීම ඉදිරිපත් කළ ද කළද එම සාධාරණ ඉල්ලීම් ඉටු නොවන්නේ කුමක් නිසාදයි සොයා බැලීමද වර්තමාන රජයේ වගකීමකි. හතර වැනි ප‍්‍රවේශය වන්නේ ගෝලීය බිලියනපතියන් විසින් නිර්මාණය කිරීමට නියමිත ඊනියා ගෝලීය ආණ්ඩුවට අවශ්‍ය යටත් වැසියන් හෙවත් මානසික වහලූන් නිර්මාණය කිරීම සඳහා යොදා ගන්නා සමාජ මාධ්‍ය ජාලා පාලනය කිරීමය. ඒ අනුව ඊට අදාළව ප‍්‍රවේශය සහ අන්තර්ගතය යන පැතිකඩ දෙකම පාලනය කිරීම සඳහා විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම පූර්ව කොන්දේශයක් බවට පත්වේ. 

පිරිසිදු සමාජයක් ගොඩනැගීමට අදාළ දෙවන උපාය මාර්ගික ප‍්‍රවේශය වන්නේ රටේ පොදු ජනතාව පමණක් නොව ඉහළ රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන නායකයින් පවා මානසික වහල් භාවයෙන් ගලවා ගැනීමය. ඊට අදාළව ප‍්‍රවේශයන් දෙකක් යෝජනා කළ හැක. පළමුවැන්න අධ්‍යාපන පද්ධතිය විශේෂයෙන්ම දහම් පාසලද ඇතුළුව ගුරු මූලික හෙවත් ආදර්ශය සහ මග පෙන්වීම මුල් කරගත් ඓතිහාසික අධ්‍යාපන පද්ධතිය නැවත ගොඩනැගීමය. ඒ සඳහා පූර්ව කොන්දේසි ත‍්‍රිත්වයක් ඇත. පළමුවැන්න ගුරු වෘත්තිය රටේ උසස්ම වෘත්තිය බව පිළිගනිමින් ආචාර ධර්ම පද්ධතියක් මෙන්ම සුදුසුකම් සහ පුහුණුව පිළිබඳව නිර්දේශ පැනවීම සඳහා නව නීතියක් මගින් වෛද්‍ය සභාවට සමාන ආකාරයට ගුරු සභාව නමින් නව නීතිමය රාමුවක් හඳුන්වා දීමය. දෙවැන්න දහම් පාසල් විෂය මාලා සහ ක‍්‍රියාකාරකම් වෙනස් කිරීමය. තෙවැන්න දරුවන් පරාදීන මානසිකත්වයෙන් ගලවා ගැනීමට අදාළව පුහුණුව සහ පෙළඹවීම ලබාදීම සඳහා පාසල් ආශ‍්‍රිතව, 2011 චක‍්‍රලේඛය අනුව දේශීය ආහාර පරිභෝජන සංස්කෘතිය ප‍්‍රචලිත කිරීම සහ දේශීය නිෂ්පාදන මිලදී ගැනීම ජාතික වගකීමක් බවට ජාතික මට්ටමින් පුළුල් ප‍්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීමය. 


පිරිසිදු ආර්ථිකයක්:

පිරිසිදු ආර්ථිකයක් හෙවත් සාධාරණ ජාතික ආර්ථිකයක් ගොඩනැගීම සඳහා වන උපාය මාර්ගික ප‍්‍රවේශයන් දෙක අතුරින් පළමුවැන්න ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සහ පරාදීනත්වයෙන් ගලවා ගැනීම සඳහා මූලික නීතිමය රාමු හඳුන්වාදීමය. ඒ අනුව ප‍්‍රධාන වශයෙන් නීතිමය රාමු දෙකක් හඳුන්වා දිය යුතුය. ඒ අතරින් පළමුවැන්න දේශීය කර්මාන්ත පද්ධතිය විශේෂයෙන් ඊට අදාළව සැපයුම් දාමයට සම්බන්ධ වන ගොවීන් සහ සුළු නිෂ්පාදකයින් ආරක්ෂා කිරීම සඳහා උපාය මාර්ගික කර්මාන්ත ආරක්ෂා කිරීමේ පනතක් සම්මත කිරීමය. ඒ මගින් මහජනයාට සහ නිෂ්පාදකයාට පැමිණිලි සහ අභියාචනා ඉදිරිපත් කළ හැකි ආකාරයට කොමිෂන් සභාවක් පිහිටු විය යුතු අතර දේශීයනිෂ්පාදන ආරක්ෂා කිරීම සහ ආනයන අධෛර්යමත් කිරීම සඳහා වන ආරක්ෂණවාදී බදු ප‍්‍රතිපත්තියක් නීති ගත කළ යුතුය. නමුත් ආණ්ඩුවට උපදෙස් දෙන ජාවාරම්කාර ආනයනකරුවන්ගෙන් වැටුප් ලබන පිරිස් වෙළඳාම ප‍්‍රචලිත කිරීමේ නාමයෙන් ආරක්ෂණවාදයට එරෙහිව ආණ්ඩුවට මානසික බාධක පනවන බවට කිසිදු සැකයක් නැත. ඊට අදාළ දෙවන නීතිය වන්නේ ආරක්ෂිත ආහාර සුරක්ෂිතා පනතක් හඳුන්වා දීමය. ප‍්‍රධාන ආහාර භෝග නිෂ්පාදනය සහ වෙළඳාමට අදාළව ආහාර නිෂ්පාදන පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා ප‍්‍රතිපාදන පැනවිය. විශේෂයෙන්ම වෙළඳපළ ව්‍යුහය තුළ උදාහරණ ලෙස ආර්ථික මධ්‍යස්ථාන ආශ‍්‍රිතව ගොවියාගේ සහ ගොවි සංවිධාන වල කේවල් කිරීමේ බලය ආරක්ෂා කිරීම සඳහා වන වෙනස්කම් මෙන්ම නිෂ්පාදකයාට සාධාරණ මිල යන පදනම මත පාරිභෝගිකයාට සාධාරණ ඉටු කිරීම යන මූලධර්මය හඳුන්වා දිය යුතුය. 

පිරිසිදු ආර්ථිකයක් සඳහා වන දෙවන උපායමාර්ගික ප‍්‍රවේශය වන්නේ ආර්ථික සාධාරණත්වය සහතික කිරීම සඳහා බහුතර ජනතාවකට ආර්ථික ඉඩ ප‍්‍රස්ථා සැලසීම සඳහා වන පූර්ව කොන්දේසි සැපිරීමය. ඒ අතරින් පළමුවැන්න සුළු නිෂ්පාදකයා මූල්‍ය වහල් භාවයෙන් ගලවා ගැනීමය. ඒ සඳහා ක්‍ෂද්‍ර මූල සැපයුම් පද්ධතිය නියාමනය කිරීම සඳහා අදාල නීතිය ශක්තිමත් කළ යුතු අතර ක්‍ෂද්‍ර මූල්‍ය වෙළඳපොළ තුළ රාජ්‍ය කොටස් වර්ධනය කිරීම සඳහා දිවිනැගුම බැංකු පද්ධතිය සමූපකාර බැංකු සහ ගොවි ජන බැංකු පද්ධතිය පුළුල් කළ යුතු අතර රජය මඟින් එම ආයතනවලට සහන පොලියට තොග ණය ලබාදිය යුතුය. දෙවන කොන්දේසිය වන්නේ දේශීය නිෂ්පාදකයාට රාජ්‍ය සමඟ කේවල් කිරීම සහ දුක් ගැනවිල ඉදිරිපත් කිරීම සඳහා නීතිමය සහ පරිපාලන අවකාශය පුළුල් කිරීමය. ඒ සඳහා කර්මාන්ත සංවර්ධන මණ්ඩල පනත යටතේ පිහිටවිය යුතු  කර්මාන්තකරුවන්ගේ ආංශික කමිටු ශක්තිමත් කළ යුතුය. 

ඊට අදාල තුන්වන පූර්ව කොන්දේශිය වන්නේ නිෂ්පාදකයා විශේෂයෙන්ම ගොවියා යෙදවුම් සඳහා මහා සමාගම් මත යැපීම අවම කිරීම සඳහා අවම පලිබෝධනාශක ලැයිස්තුව නීතිගත කිරීම සහ පාරිසරික ගොවිතැන් ක‍්‍රම ප‍්‍රචලිත කිරීම සඳහා දිරිගැන්වීම් ලබාදීමය. එම ක‍්‍රියාවලිය තුළ ගොවි සංවිධාන සහ ගොවීන් සක‍්‍රීයව දායක කර ගැනීමට අවස්ථාව නිර්මාණය වේ. ඊට අදාල හතරවන කොන්දේසිය වන්නේ, රජය, රටේ විශාලතම මිලදී ගන්නා ලෙස දේශීය නිෂ්පාදන සහ සේවා මිලදී ගැනීම සදහා දැනට ව්‍යාජ ලෙස ලබාදී ඇති ප‍්‍රමුඛතාවය අනිවාර්ය කිරීමය. 

අවසාන වශයෙන්, සෑම උපායමාර්ගයකටම අදාලව භික්ෂූන් වහන්සේලාගේ, රාජ්‍ය නිලධාරීන්ගේ, ව්‍යාපාරික ප‍්‍රජාවගේ, සුළු නිෂ්පාදකයින්ගේ සහ පොදු මහජනතාවගේ දායකත්වය මෙන්ම සහභාගීත්වය දිරිමත් කිරීම සඳහා ක‍්‍රියාකාරකම් තේරීම දේශපාලන වශයෙන් ඉතා වැදගත් වේ. 


වෛද්‍ය වසන්ත බණ්ඩාර 

ලේකම් 

දේශිතෛෂී ජාතික ව්‍යාපාරය 


සම්බන්ධිත පුවත් | Related News

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.
නවීන විද්‍යාත්මක දැනුම වනාහි හුදු එක් ශිෂ්ටාචාරයක නිර්මාණයක් නොවන බව නූතන ලෝකය සාමාන්‍යයෙන් පිළිගන්නා කාරණයකි. එසේ වුවද නවීන විද්‍යාව යනු හුදු බටහිර ලෝකයේ පමණක් උපත ලැබූ දැනුම් සමුදායක් බව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා තවමත් විශ්වාස කරති. ඒ මතය අදටත් වඩා ලෝකය පුරා ජනප්‍රියව පැවති කාලයක ඒ මතයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ එක්තරා සුවිශේෂී විද්වතෙක් බටහිර ලෝකයෙන්ම බිහිවිය. ඒ අදින් අවුරුදු 126කට පෙර බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර උපත ලැබූ ජෝශප් නීඩ්හැම් (Joseph Needham) නමැති ජීව රසායන විද්‍යාඥයාය.
2026 ලෝක කෘත්‍රිම බුද්ධි (AI) සමුළුව සහ ගෝලීය AI පාලනය පිළිබඳ උසස් පෙළේ රැස්වීම ජූලි 17 සිට 20 දක්වා චීනයේ ෂැංහයි නගරයේදී පැවැත්වේ.
සංචාරක නියෝජ්‍ය ඇමති 'මහාචාර්ය' රුවන් රණසිංහ දෙවෙනි වතාවටත් ආතල් එකක් දුන්නා.
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය අර්ධද්වීපයේ පිහිටි වල්ලිපුරම් ප්‍රදේශයෙන් සොයාගත් ඓතිහාසික වල්ලිපුරම් රන් සන්නස පිළිබඳව වැදගත් තොරතුරු රැසක් Next page යූටියුබ් නාලිකාව විසින් ඉදිරිපත් කර තිබේ.
බෝධිසත්ව ගුණෝපේත අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ සිතෙහි ජනිත උදාරතර අරමුණක් මල් ඵල දැරීමෙන් යථාර්ථයක් බවට පැමිණි විද්‍යෝදය පිරිවෙණ තිඹිරිගෙය කර ගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ආරම්භ වෙයි.
"තම සපත්තු ලේස් එක ගැටගසා ගැනීමටවත් නොදන්නා වයසේදී, ඒ සුරතල් දෑත්වලට යකඩ මාංචු වැටෙන්නේ කෙසේද? උසාවි කූඩුවක යකඩ කූරු අතරින් බියපත් දෑසින් සමාජය දෙස බලන අවුරුදු දහයට අඩු ඒ 'පුංචි අපරාධකාරයා' නිර්මාණය කළේ ඔහු විසින්මද? නැතහොත් මේ කුහක සමාජ ක්‍රමය විසින්ද?"
අනුර ජනාධිපති වීමෙන් පසුව සිදුකළ ඉන්දියානු සංචාරය අතර තුර ඉන්දියාව එකගතා ඇති වුන (ඇත්තටම සිදු කරන ලද) අවබෝධතා ගිවිසුම් 07 අතරේ තිබුණ දෙපාර්ශවයම එළි නොකරන ලද ශ්‍රම හුවමාරුව (අනියම් එට්කා ගිවිසුම) 2027 සිට ක්‍රියාත්මක වන්නට පිඔුරුපත් සැකසෙමින් තිබේ.
එක්සත් ජනපදය මෑතකදී තම ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කළේය.

ප්‍රධාන පුවත්

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..

ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන දූෂණවලට එරෙහිව රට පුරා දැවැන්ත ජනතා විරෝධයක් ආරම්භ වී තිබේ.

ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය

මැද පෙරදිග පිහිටි තම ගුවන් ආරක්ෂක පද්ධති ඉරාන මිසයිලවලට එරෙහිව ප්‍රමාණවත් ලෙස ක්‍රියා නොකරන බවට එක්සත් ජනපදය තුළ දැඩි කනස්සල්ලක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය කිහිපයක් නම සඳහන් කිරීමට අකමැති වූ ඇමරිකානු හමුදා නිලධාරීන් උපුටා දක්වමින් පවසයි.

බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා

පුරාවිද්‍යා කොමසාරිස් සහ සුමන්තිරන්ලා රහසිගතව මුණගැසීම පිළිබඳව ලංකා ලීඩර් වෙත අදහස් දැක්වූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ එම ක්‍රියාවලිය තුළ උතුර සහ නැගෙනහිර පළාත්වල සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ධුර 4ක් සඳහා පිටතින් බඳවා ගැනීම සඳහා නව තරග විභාගයක් පවත්වන බවය.

මීගමුව නගරාධිපති පල්ලියට එරෙහි වුනා.. ඒකයි එයාට ඉල්ලා අස්වෙන්න සිදුවුණේ.. - මීගමුව හිටපු නාගරික මන්ත්‍රීවරයකු හෙළිකරයි

පාස්කු ප්‍රහාරය පිළිබඳව කතෝලික පල්ලියේ පූජකවරු විසින් එක් එක් කාලවලදී විවිධ ප්‍රකාශ සිදුකරන බවත්, කතෝලික සභාව දේශපාලනය කරමින් සිටීම නිසා කතෝලික බැතිමතුන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් පවසමින් මීගමුව නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු විසින් අන්තර්ජාල නාලිකාවකට ප්‍රකාශයක් ලබාදෙමින් විශේෂ හෙළිදරව් කිරීමක් රැසක් සිදුකර තිබේ.

ඉරානයට එරෙහි මහා පරිමාණ යුද්ධයකට ඇමරිකාව සූදානම් වෙනවා -Washington Post/Wall Street Journal පුවත්පත් වාර්තා පවසයි

එක්සත් ජනපදය ඉරානයට එරෙහිව මහා පරිමාණ හමුදා ක්‍රියාමාර්ගයක් සඳහා සූදානම් වෙමින් සිටින අතර, මැද පෙරදිග කලාපයේ තම හමුදා පැවැත්ම තවදුරටත් ශක්තිමත් කරමින් සිටින බව Washington Post පුවත්පත ඇමරිකානු නිලධාරියෙකු උපුටා දක්වමින් වාර්තා කර ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.