News Category
From Date
To Date
Maximum Number of Result

නීතිපති දෙපාර්තමේන්තුව ආණ්ඩුව දෙවැනි වරටත් අල්ලා පොලවේ ගසයිද? ...

Feb 7, 2025 at 07:24 PM
|

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් නීතීපතිගේ උපදෙස් මේ වන විට අර්බුදයක් මතුව ඇත එම කරුණු මගින් පෙන්වා දෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව  රජය අල්ලා පොලවේ ගැසිමක්  සිදුකල ඇති බවයි

එසේම නිසි නීති  උපදෙස් නියමිත කාලයට නොලැබීම නිසා  වත්මන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධ  අර්බුදය  දෙවන වරටත් රජය  අල්ලා පොලවේ ගැසිමක් බව මේ වන විට සිදුවෙමින් පවතින කරුණු අනුව පෙනී යයි

රටේ නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටින්නේ රජය වෙනුවෙන් ක්‍රියා කිරීමට  සහ රජයට නීති උපදෙස් දීම වෙනුවෙන් ය

ඒ රජයේ අරමුණ නීති ප්‍රකාරව ක්‍රියාත්මක කිරීම සදහා ය

සයිටම් අර්බුදය පැවැති පසුගිය යහපාලනය කාලයේ නිතිපති වෙනුවෙන් පෙනී සිටි සංජය රාජරත්නම් මහතා එදා පැවැති රජය වෙනුවෙන් පෙනි සිටි අතර ,රජයේම පාර්ශ්වයක් වූ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙනුවෙන් පෙනි නොසිටි  බව පැහදිලි කරුණකි 

ඉන් අනතුරුව එදා පැවැති රජය ගත් ප්‍රතිපත්තියක් මත අර්බුදය ට මැදිවූ සයිටම් ආයතනයේ සිසුන් කොතලාවල ආරක්ෂක ව්ශ්ව විද්‍යාලය වෙත අනුයුක්ත කල අතර,රජයේ ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක නොවී කොතලාවල වෙත අනුයුක්ත නොවූ සයිටම් සිසුන්කොටසක් වෙනුවෙන් එදා නිතිපති වෙනුවෙන් පෙනී සිටි නීති බලදාරින් පෙනි සිටින බව හැගී ගිය අතර රට වෙනුවෙන් අදාල නීති බලදාරින් ක්‍රියාත්මක නොවු බව  ගරු අධිකරණ ශාලාවේ සිටි අපට පෙනිගිය කරුනකි.

 එහීදී පැහැදිලිව පෙනී ගියේ රජයේ ප්‍රතිපත්ති මත නොව වෙනත් ආකාරයට ක්‍රියා කරන  බවයි . 

 ඒ එදාය අද වන විට  පෞද්ගලික වෛද්‍ය පීඨ සදහා පසුගිය ආන්ඩු කාලයේදී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් සමඟ වත්මන් රජයේ එකගතාවයක් නොමැති බැවින් හා මාතෘකා කර ඇති ගැටලුව අනුව කටයුතු කිරීම වත්මන් රජයේ අධ්‍යාපන හා සෞඛ්‍ය ප්‍රතිපත්ති මත නොගැලපෙන බැවින් එම ගිවිසුම් අහෝසි කිරීමට උපදෙස් ඉල්ලා 2025/01/15 දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්  ලිපියක් මගින් නීති උපදෙස් ඉල්ලා ඇත * 

රජයේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් නීති උපදෙස් ලබාදීමට නිතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ඉල්ලා සැලකිය යුතු  කාලයක් ගතවී ඇත එතෙක් පිලිතුරු ලැබී නොමැත 

 අප විශ්වාස කරන පරිදි නිතිපති දෙපාර්තමේන්තුව එදා සිට පෙනි හිටියේ රටේ සෞඛ්‍ය ප්‍රතිපත්ති රැකගැනීම වෙනුවෙන් නොවන බවට සයිටම් අර්බුදය සහ වත්මන් සිදුවීම් කදිම උදාහරණයන්ය . 

සයිටම් අර්බුදයේදී 

සංජය රාජරත්නම් මහතා එදා නීතිපතිවරයා වෙනුවෙන් ගරු අධිකරණයේදී  ශ්‍රි ලංකා වෛද්‍ය සබාවට විරුද්ධව පෙනි සිටි ආකාරය අප සියසින් දුටුවෙමි 

එදා මෙන්ම  අදත් සයිටම් අර්බුදය මෙන් ලයිසියම් අර්බුදය ගරු අධිකරණය දක්වා රැගෙන යාමට කල් මැරීමක් සිදුවන බව පෙනි යන බව පුරවැසියන් වශයෙන් මේ  අර්බුදය දිහා නෙත් යොමුකිරීමේදී  පැහදිලිව පෙනි යන කරුණකි  

එසේ වුව හොත් සයිටම් නඩුව දක්වා අර්බුදයක් ලයිසියම් හරහා නිර්මාණය වීමට හැකියාවක් ලැබෙනු ඇත.          

 නීතිපති දෙපාර්තමේන්තුව විසින් ආණ්ඩුව දෙවැනි වරටත් පොළොවේ ගැසීමට පෙර වත්මන් රජයට නිවරදි ප්‍රතිපත්තියක් අනුව කටයුතු කර පෞද්ගලික වෛද්‍ය විදුහල් සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුව ඇත 

 එසේම නීතිපති එදා පෙනි හිටියේ රාජ්‍ය වෙනුවෙන් නම් එදා මෙන් නොව අද පැවති රජයන්ට වඩා සෞඛ්‍ය ප්‍රතිපත්තීන් වෙනස් බැවින්  අද උපදෙස් දීම ප්‍රමාද වන්නේ ඇයිද  යන්න බරපතළ   ප්‍රශ්නයකි 

එම ප්‍රමාදය හේතුවෙන් නිදහස් සෞඛ්‍ය සේවය තවදුරටත් ආරක්ෂා විය යුතුය සිතන රටේ බහුතර පිරිසක් නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියා කලාපය කෙරෙහි අප්‍රසාදය පලකරමින් සිටින අතර එමෙන්ම ඒ වෙනුවෙන්  බොහෝ පිරිසකගේ කාලය මුදල් විනාශ වෙමින් පවතී 

වෛද්‍ය ශිෂ්‍යයනට තම ඉගෙනීමේ කටයුතු නවතා රටේ විවිධ ප්‍රදේශවල සිට විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරමින් පැමිණ එයට විරෝධතා දැක්වීමට  සිදුව ඇත .

ඒ සදහා ඔවුන්ගේ දෙමාපියන්ට තම දරුවන් අසිරුවෙන් නඩත්තු කරනවාට අමතරව රටේ නිදහස් සෞඛ්‍ය රැකගැනීම වෙනුවෙන් දරුවන් ගේ ක්‍රියාකාරකම් වලට අසීරුවෙන් උපයා ගන්නා මුදල් වැයකිරීමට සිදුව ඇත .

මේ යන ආකාරය තවදුරටත් ගියහොත් සයිටම් අර්බුදය මෙන් සිසුන් පන්ති වර්ජනය කලහොත් රැකියාව පවා පැත්තකට දමා දෙමාපියන් ටද  අර්බුදයට  මැදිහත් වීමට සිදුවනු ඇත .

 නැවතත් සිසුන් සමග දෙමාපියන් පාරට බසිනු ඇත . 

 සත්‍යග්‍රහ සහ මාරාන්තික උපවාස ඇරැඹෙනු ඇත 

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නොමැති ලොව අංක 01 සෞඛ්‍යය දර්ශකය හිමි සිංගප්පූරුව මෙන් කටයුතු කර පුරවැසියන් ගේ සෞඛ්‍ය ආරක්ෂා කරමින් ඉදිරියට යනවාද 

නැතහොත් සෞඛ්‍යය දර්ශක අතින් ශ්‍රි ලංකාව ට වඩා දර්ශක 66 ක් පසුපසින් සිටින ලොව වැඩිම දූශිත පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති ඉන්දියාව මෙන් විය යුතුද යන්න රටක් වශයෙන් තීරණය කල යුතුව ඇත .

 අපිට පෙනෙන සත්‍යය නම් රජයේ හිත සුව පිනිස ඊට පෙර රාජ්‍ය ක්‍රියාත්මක වි මේ සම්බන්ධයෙන් පැහැදිලි කඩිනම් වැඩපිළිවෙළක් අවශ්‍ය  නැතහොත් එහි සම්පූර්ණ  වගකීම රජයට බාරගැනීමට සිදුවනු ඇත .

 එය ඉතිහාසය විසින් ඔවුන්ගේ කර මත රෝපණය කරන ලද දර්ශනයට ඉදුරාම පටහැනි ඔවුන් විසින් පැහැදිලිව තේරුම් ගත යුතුව ඇත .


මහජන යුතුකම් කේන්ද්‍රය

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.