නීතිපති දෙපාර්තමේන්තුව ආණ්ඩුව දෙවැනි වරටත් අල්ලා පොලවේ ගසයිද? ...

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් නීතීපතිගේ උපදෙස් මේ වන විට අර්බුදයක් මතුව ඇත එම කරුණු මගින් පෙන්වා දෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව රජය අල්ලා පොලවේ ගැසිමක් සිදුකල ඇති බවයි
එසේම නිසි නීති උපදෙස් නියමිත කාලයට නොලැබීම නිසා වත්මන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධ අර්බුදය දෙවන වරටත් රජය අල්ලා පොලවේ ගැසිමක් බව මේ වන විට සිදුවෙමින් පවතින කරුණු අනුව පෙනී යයි
රටේ නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටින්නේ රජය වෙනුවෙන් ක්‍රියා කිරීමට සහ රජයට නීති උපදෙස් දීම වෙනුවෙන් ය
ඒ රජයේ අරමුණ නීති ප්‍රකාරව ක්‍රියාත්මක කිරීම සදහා ය
සයිටම් අර්බුදය පැවැති පසුගිය යහපාලනය කාලයේ නිතිපති වෙනුවෙන් පෙනී සිටි සංජය රාජරත්නම් මහතා එදා පැවැති රජය වෙනුවෙන් පෙනි සිටි අතර ,රජයේම පාර්ශ්වයක් වූ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙනුවෙන් පෙනි නොසිටි බව පැහදිලි කරුණකි
ඉන් අනතුරුව එදා පැවැති රජය ගත් ප්‍රතිපත්තියක් මත අර්බුදය ට මැදිවූ සයිටම් ආයතනයේ සිසුන් කොතලාවල ආරක්ෂක ව්ශ්ව විද්‍යාලය වෙත අනුයුක්ත කල අතර,රජයේ ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක නොවී කොතලාවල වෙත අනුයුක්ත නොවූ සයිටම් සිසුන්කොටසක් වෙනුවෙන් එදා නිතිපති වෙනුවෙන් පෙනී සිටි නීති බලදාරින් පෙනි සිටින බව හැගී ගිය අතර රට වෙනුවෙන් අදාල නීති බලදාරින් ක්‍රියාත්මක නොවු බව ගරු අධිකරණ ශාලාවේ සිටි අපට පෙනිගිය කරුනකි.
එහීදී පැහැදිලිව පෙනී ගියේ රජයේ ප්‍රතිපත්ති මත නොව වෙනත් ආකාරයට ක්‍රියා කරන බවයි .
ඒ එදාය අද වන විට පෞද්ගලික වෛද්‍ය පීඨ සදහා පසුගිය ආන්ඩු කාලයේදී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් සමඟ වත්මන් රජයේ එකගතාවයක් නොමැති බැවින් හා මාතෘකා කර ඇති ගැටලුව අනුව කටයුතු කිරීම වත්මන් රජයේ අධ්‍යාපන හා සෞඛ්‍ය ප්‍රතිපත්ති මත නොගැලපෙන බැවින් එම ගිවිසුම් අහෝසි කිරීමට උපදෙස් ඉල්ලා 2025/01/15 දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලිපියක් මගින් නීති උපදෙස් ඉල්ලා ඇත *
රජයේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් නීති උපදෙස් ලබාදීමට නිතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ඉල්ලා සැලකිය යුතු කාලයක් ගතවී ඇත එතෙක් පිලිතුරු ලැබී නොමැත
අප විශ්වාස කරන පරිදි නිතිපති දෙපාර්තමේන්තුව එදා සිට පෙනි හිටියේ රටේ සෞඛ්‍ය ප්‍රතිපත්ති රැකගැනීම වෙනුවෙන් නොවන බවට සයිටම් අර්බුදය සහ වත්මන් සිදුවීම් කදිම උදාහරණයන්ය .
සයිටම් අර්බුදයේදී
සංජය රාජරත්නම් මහතා එදා නීතිපතිවරයා වෙනුවෙන් ගරු අධිකරණයේදී ශ්‍රි ලංකා වෛද්‍ය සබාවට විරුද්ධව පෙනි සිටි ආකාරය අප සියසින් දුටුවෙමි
එදා මෙන්ම අදත් සයිටම් අර්බුදය මෙන් ලයිසියම් අර්බුදය ගරු අධිකරණය දක්වා රැගෙන යාමට කල් මැරීමක් සිදුවන බව පෙනි යන බව පුරවැසියන් වශයෙන් මේ අර්බුදය දිහා නෙත් යොමුකිරීමේදී පැහදිලිව පෙනි යන කරුණකි
එසේ වුව හොත් සයිටම් නඩුව දක්වා අර්බුදයක් ලයිසියම් හරහා නිර්මාණය වීමට හැකියාවක් ලැබෙනු ඇත.
නීතිපති දෙපාර්තමේන්තුව විසින් ආණ්ඩුව දෙවැනි වරටත් පොළොවේ ගැසීමට පෙර වත්මන් රජයට නිවරදි ප්‍රතිපත්තියක් අනුව කටයුතු කර පෞද්ගලික වෛද්‍ය විදුහල් සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුව ඇත
එසේම නීතිපති එදා පෙනි හිටියේ රාජ්‍ය වෙනුවෙන් නම් එදා මෙන් නොව අද පැවති රජයන්ට වඩා සෞඛ්‍ය ප්‍රතිපත්තීන් වෙනස් බැවින් අද උපදෙස් දීම ප්‍රමාද වන්නේ ඇයිද යන්න බරපතළ ප්‍රශ්නයකි
එම ප්‍රමාදය හේතුවෙන් නිදහස් සෞඛ්‍ය සේවය තවදුරටත් ආරක්ෂා විය යුතුය සිතන රටේ බහුතර පිරිසක් නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියා කලාපය කෙරෙහි අප්‍රසාදය පලකරමින් සිටින අතර එමෙන්ම ඒ වෙනුවෙන් බොහෝ පිරිසකගේ කාලය මුදල් විනාශ වෙමින් පවතී
වෛද්‍ය ශිෂ්‍යයනට තම ඉගෙනීමේ කටයුතු නවතා රටේ විවිධ ප්‍රදේශවල සිට විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරමින් පැමිණ එයට විරෝධතා දැක්වීමට සිදුව ඇත .
ඒ සදහා ඔවුන්ගේ දෙමාපියන්ට තම දරුවන් අසිරුවෙන් නඩත්තු කරනවාට අමතරව රටේ නිදහස් සෞඛ්‍ය රැකගැනීම වෙනුවෙන් දරුවන් ගේ ක්‍රියාකාරකම් වලට අසීරුවෙන් උපයා ගන්නා මුදල් වැයකිරීමට සිදුව ඇත .
මේ යන ආකාරය තවදුරටත් ගියහොත් සයිටම් අර්බුදය මෙන් සිසුන් පන්ති වර්ජනය කලහොත් රැකියාව පවා පැත්තකට දමා දෙමාපියන් ටද අර්බුදයට මැදිහත් වීමට සිදුවනු ඇත .
නැවතත් සිසුන් සමග දෙමාපියන් පාරට බසිනු ඇත .
සත්‍යග්‍රහ සහ මාරාන්තික උපවාස ඇරැඹෙනු ඇත
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නොමැති ලොව අංක 01 සෞඛ්‍යය දර්ශකය හිමි සිංගප්පූරුව මෙන් කටයුතු කර පුරවැසියන් ගේ සෞඛ්‍ය ආරක්ෂා කරමින් ඉදිරියට යනවාද
නැතහොත් සෞඛ්‍යය දර්ශක අතින් ශ්‍රි ලංකාව ට වඩා දර්ශක 66 ක් පසුපසින් සිටින ලොව වැඩිම දූශිත පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති ඉන්දියාව මෙන් විය යුතුද යන්න රටක් වශයෙන් තීරණය කල යුතුව ඇත .
අපිට පෙනෙන සත්‍යය නම් රජයේ හිත සුව පිනිස ඊට පෙර රාජ්‍ය ක්‍රියාත්මක වි මේ සම්බන්ධයෙන් පැහැදිලි කඩිනම් වැඩපිළිවෙළක් අවශ්‍ය නැතහොත් එහි සම්පූර්ණ වගකීම රජයට බාරගැනීමට සිදුවනු ඇත .
එය ඉතිහාසය විසින් ඔවුන්ගේ කර මත රෝපණය කරන ලද දර්ශනයට ඉදුරාම පටහැනි ඔවුන් විසින් පැහැදිලිව තේරුම් ගත යුතුව ඇත .
මහජන යුතුකම් කේන්ද්‍රය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්