News Category
From Date
To Date
Maximum Number of Result

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තවත් කුමන්ත්‍රණයක..! ජාතික පාසල් පද්ධතිය හකුලවමින් අන්තර් ජාතික පාසල් පද්ධතිය පුළුල් කරන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල මෙන්න...

Jan 7, 2025 at 08:43 PM
|

ලක්ෂ හතළිස් තුනක පාසල් සිසුන් අතරින් දක්ෂතාවය මත තෝරා ගන්නා සිසුන් දෙදහසකට වැඩි පිරිසකට වසර පහකට කලින්, පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල සිසුන් එම තැනට ගෙන ඒමේ  තවත් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව මහජන යුතුකම් කේන්ද්‍රයේ කැඳවුම්කරු වසන්ත අල්විස් මහතා කරුණු හෙළිකරයි. 

මේ සම්බන්ධයෙන් සවිස්තර කරුණු ඉදිරිපත් කෙරෙන ලිපිය පහළින්...

කැලේ ගහක් නහන්නට කැලේ ගසක් වුවමනා කර ඇත 

පුද්ගලික පාසල්වල අන්තර්ජාතික විෂය නිර්දේශය හදාරන සිසුන් සිටිනා දෙමාපියන් උනන්දු වෙමින් සිටිනුයේ ඔවුන්ගේ දරුවන් රජයේ ජාතික පාසල් පද්ධතියේ සිසුන්ට කලින් වෛද්‍ය උපාධිය ලබා ගැනීමේ උත්සාහයකි. 

කාරණාව ඇත්තය, ලයිසියම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අනුමත වුවහොත් ලයිසීයම් මුදලාලිට ගජ වාසිය.     එසේ වුවහොත් එවැනි අයවලුන් බිහි වනු ඇත. 

පසුගිය කාලයේ ගම්පහ ලයිසියම් එකේ සිදුවූ ළමා අපචාර අකටයුතුකම්   හේතුවෙන් මේ රටේ නීතිය ක්‍රියාත්මක නොවෙද්දි විදේශ ආයතන නීතිය ක්‍රියාත්මක කිරීම නිසා විභාග අවුලක් ඇතිවූ බව අමුතුවෙන් කිව යුතු නැත.

එබැවින් පෞද්ගලික ආයතනවල ප්‍රමිතිය ගැන අමුතුවෙන් කිව යුතු නැත. 

මීට පෙරද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සම්මුඛ පරීක්ෂණවලට භාජනය කරන ලදැයි පැවසූ සයිටම් ආයතනයේ සිසුන්ද කොතලාවලට දමා ගැනීමට යාමේදී උසස් පෙළ අසමත් සිසුන් සිටි බව රටට රහසක් නොවේ. 

එසේම අපේ රටේ දැන් ජාතික පාසල් පද්ධතිය කුඩා වෙමින් හැකිලෙමින් අන්තර් ජාතික පාසල් පද්ධතිය පුළුල් වෙමින් ඇත. 

එය විශාල වීමත් සමග මෙරට විදේශ විනිමය එම පාසල්වල විභාග කටයුතු වෙනුවෙන් විශාල ලෙස පිටරටට යන බව කිසිවෙක් කතා කරන්නේ ද නැත.

එයට හේතුව වන්නේ ද අපේ රටේ ජාතික පාසල් පද්ධතියේ කාලය කළමනාකරණය සහ පාසල් එපාවී පෞද්ගලික  ටියුෂන් මාෆියාව  හේතුවෙන් දෙමාපියන් සහ සිසුන් ඒ කෙරෙහි ඇති අවිශ්වාසයද බලවත් වී ඇති  පසුබිමක් නිසාවෙනි. 

පසුගිය කාලයේ ගුරු සංගම්වලට නායකත්වය දුන් කම්කරු නියෝජ්‍ය ඇමති නම් පාසල් ගුරුවරුන්ගේ ටියුෂන් තහනමට විරුද්ධ වූ බව නම් මතකය. ඒ නිදහස් අධ්‍යාපනය සුරකින හැටිය..

එසේම තවත් කරුණක් වන්නේ අන්තර්ජාතික පාසල් වල  අවුරුදු 16 දී උසස් පෙළ විභාගයට මුහුණ දීමත් එහි බාධක නොවීමත්ය. තවද එහි ජාතික පාසල් පද්ධතියේ මෙන් එකවර විභාග සමත් විය යුතු නැත කොටස් වශයෙන් විභාග සමත් විය හැක. 

එබැවින් වත්මන් තත්ත්වය අනුමත වුවහොත් මුදල් නිසාම වයස 21 වන විට වෛද්‍ය උපාධිය ලබාගත හැකියාවක්  ලැබෙන අතර, ජාතික පාසල් පද්ධතියේ සිසුන්ට කුසලතාවයන් මත හෝ වෛද්‍ය උපාධිය ලබාගතීමට හැකිවන්නේ ඊට අවුරුදු පහකට හෝ හයකට පසුවය. 

අන්තර්ජාතික පාසලේ ළමුන් වයස 16 දී උසස් පෙළ ලියා විශ්වවිද්‍යාල සුදුසුකම් ලබන විට ජාතික පාසල් පද්ධතියේ ළමයි වයස අවුරුදු 19දී උසස් පෙළ ලියා වයස අවුරුදු 21 පමණ වන විට විශ්වවිද්‍යාල වරම් ලබන අතර එම කාලයේදී වත්මන් තත්ත්වය මත  පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් වෛද්‍යවරුන් පිටවීම වැළැක්විය නොහැක. 

එකම රටේ එකම කාලසීමාවක ඉපදෙන දරුවන් කොටසක් මුදල් නිසා අඩු වසර කාලසීමාවකදීත් තවත් කොටසක් වැඩි වසර කාලසීමාවකදීත් මේ රටේ වෛද්‍ය  උපාධිය ලබා ගැනීමට හැකි වීමෙන් බරපතල විෂමාචාරයක් හට ගන්නා බව අමුතුවෙන් කිව යුතු නැත. 

එසේම එම අන්තර්ජාතික පාසල්වල ඉගෙන ගන්නා සිසුන් වෙනත් රටක ගොස් අන්තර්ජාතික භාෂාවක් හැදෑරීමට වසරක කාලයක් ලබා දිය යුතු අතර මෙරටදී  නැවතත් Act 16  විභාගයට ලිවිය යුතු නැත. 

එසේම ඔවුන්ට  ජාතික පාසල් පද්ධතියේ මෙන් සාමාන්‍ය පෙළ උසස් පෙළ ප්‍රතිඵල ප්‍රමාද වන්නේද නැත. 

විශ්ව විද්‍යාලයට බඳවා ගැනීමට ගන්නා ප්‍රමාදයද නැත මුදල් එයට ප්‍රමුඛත්වය වී ඇත.

එකට බඳවා  ගත්තත් එකට විභාග  නොතියන රජයේ වෛද්‍ය විද්‍යාල මෙන් නොවනු ඇත. 

රජයේ වෛද්‍ය විද්‍යාල අවසන් විභාගය කර අවුරුද්දක් පමණ ගෙදර සිටීම සිදුවූවත් එම  සිසුන්ට එසේ කාලයක් බලා සිටීමට සිදුවන්නේ නැත.

මීට වසර කිහිපයකට පෙර මැයි මාසයේ රජයේ වෛද්‍ය පීඨ සිසුන් සීමාවාසික පුහුණුව සඳහා බඳවා ගත්තත් ඔවුන් ආවිට එසේ නොවනු ඇත. 

එසේම එවැනි කැපකිරීම් සියල්ලම කර අවසානයේ සීමාවාසික පුහුණුව ලබා ගත්තත් රජයේ ස්ථිර පත්වීම ලබා ගැනීමට අවුරුද්දක් පමණ තවදුරටත් කාලය කා දැමීමට සිදු නොවනු ඇත. 

ඒතරම් මුදල් ගෙවා ඉගෙන ගන්නා සිසුන් සිටිනා දෙමාපියන් බලවත්ය. 

රට බේරාගත් වීරයා යැයි පැවසූ මහින්ද රාජපක්ෂ පවා ගෙදර යැවීමට ඔවුන්ගේ වපසරිය 2015 දී  පුළුල් විය. එහෙත් එයින් පාඩමක් ඉගෙන බවත් බවක් අපට නොපෙනේ. 

එසේම එම දෙමාපියන් විදේශ වෛද්‍ය විද්‍යාල වලට එහි යන ගාන ලොකු කරමින් කියමින් සිටියත් ඔවුන්ගේ දරුවන් උසස්පෙළ සහ සාමාන්‍ය පෙළ සඳහා විදේශ රටවලට ගෙවන මුදල ගැන කිසිසේත් සඳහන් කරන්නේ නැත.

ඒවා විදේශ විනිමය නෙවෙයි ඒවා කුහකකම් නොවේ.  

අයවැයෙන් ජාතික පාසල් පද්ධතියට වෙන් කරන මුදලට වඩා වැඩියි විදේශ විනිමය ප්‍රමාණයක් ඉන් පසුව විදේශ අධ්‍යාපනය ලබන පෞද්ගලික පාසල් වෙත ලබාදීමට සිදුවනු ඇත. 

එසේම ජාතික ආරක්‍ෂාව මෙන් සෞඛ්‍ය ආරක්ෂාවද  ප්‍රබල බව වැටහී නොගත් ආත්මාර්ථකාමී පිරිසක් නිසා මේ රටේ සෞඛ්‍ය දර්ශක කඩා වැටෙනු ඇත. 

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නැති සිංගප්පූරුව අංක එකේ සිටිම තහවුරු කර කරගමින් කරමින් සිටින කාලයක අපද ඒ මග යනු වෙනුවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හැට හුටාමාරක් ඇති  අපට බොහෝ පහළින් සෞඛ්‍ය දර්ශක ඇති ඉන්දියාවට සමාන වීමට අපට සිදුවනු ඇත. 

බාල බෙහෙත් මදිවාට බාල දොස්තරලා පැමිණීම වැළැක්වීමට නොහැකි බැවින් සෞඛ්‍ය දර්ශක කඩා වැටෙනු ඇත. 

තමන්ගේ දරුවන් ගැන සිතමින් රට ගැන නොසිතන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට සිසුන් දමා ගැනීමට උනන්දු වන නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් අනෙකුත් ප්‍රජාවට වඩා වෛද්‍ය ප්‍රජාව බලපෑම් කරන බැවින් එම දෙමාපියන් කැලේ ගස් නසන පොරවක් වීම වළකා හැක්කේ වත්මන් දේශපාලන අධිකාරියේ උනන්දුව මත බව අවධාරණය කරනු කැමැත්තෙමි.

වසන්ත අල්විස් 

කැඳවුම්කරු 

මහජන යුතුකම් කේන්ද්‍රය

ලෝක සෞඛ්‍ය ශ්‍රේණිගත කිරීම් සිංගප්පූරු අංක 01, ශ්‍රී ලංකාව 47, ඉන්දියාව 112.  අපි සිංගප්පූරුව පැත්තට යනවද ඉන්දියාව පැත්තට යනවද? ජාතික ආරක්ෂාව මෙන් සෞඛ්‍ය ආරක්ෂාවද වැදගත් බව මෙමගින් වටහා ගත යුතුව ඇත.

අදාළ දත්ත පහතින්...

https://www.statista.com/statistics/1376359/health-and-health-system-ranking-of-countries-worldwide/ 

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.