News Category
From Date
To Date
Maximum Number of Result

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තවත් කුමන්ත්‍රණයක..! ජාතික පාසල් පද්ධතිය හකුලවමින් අන්තර් ජාතික පාසල් පද්ධතිය පුළුල් කරන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල මෙන්න...

Jan 7, 2025 at 08:43 PM
|

ලක්ෂ හතළිස් තුනක පාසල් සිසුන් අතරින් දක්ෂතාවය මත තෝරා ගන්නා සිසුන් දෙදහසකට වැඩි පිරිසකට වසර පහකට කලින්, පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල සිසුන් එම තැනට ගෙන ඒමේ  තවත් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව මහජන යුතුකම් කේන්ද්‍රයේ කැඳවුම්කරු වසන්ත අල්විස් මහතා කරුණු හෙළිකරයි. 

මේ සම්බන්ධයෙන් සවිස්තර කරුණු ඉදිරිපත් කෙරෙන ලිපිය පහළින්...

කැලේ ගහක් නහන්නට කැලේ ගසක් වුවමනා කර ඇත 

පුද්ගලික පාසල්වල අන්තර්ජාතික විෂය නිර්දේශය හදාරන සිසුන් සිටිනා දෙමාපියන් උනන්දු වෙමින් සිටිනුයේ ඔවුන්ගේ දරුවන් රජයේ ජාතික පාසල් පද්ධතියේ සිසුන්ට කලින් වෛද්‍ය උපාධිය ලබා ගැනීමේ උත්සාහයකි. 

කාරණාව ඇත්තය, ලයිසියම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අනුමත වුවහොත් ලයිසීයම් මුදලාලිට ගජ වාසිය.     එසේ වුවහොත් එවැනි අයවලුන් බිහි වනු ඇත. 

පසුගිය කාලයේ ගම්පහ ලයිසියම් එකේ සිදුවූ ළමා අපචාර අකටයුතුකම්   හේතුවෙන් මේ රටේ නීතිය ක්‍රියාත්මක නොවෙද්දි විදේශ ආයතන නීතිය ක්‍රියාත්මක කිරීම නිසා විභාග අවුලක් ඇතිවූ බව අමුතුවෙන් කිව යුතු නැත.

එබැවින් පෞද්ගලික ආයතනවල ප්‍රමිතිය ගැන අමුතුවෙන් කිව යුතු නැත. 

මීට පෙරද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සම්මුඛ පරීක්ෂණවලට භාජනය කරන ලදැයි පැවසූ සයිටම් ආයතනයේ සිසුන්ද කොතලාවලට දමා ගැනීමට යාමේදී උසස් පෙළ අසමත් සිසුන් සිටි බව රටට රහසක් නොවේ. 

එසේම අපේ රටේ දැන් ජාතික පාසල් පද්ධතිය කුඩා වෙමින් හැකිලෙමින් අන්තර් ජාතික පාසල් පද්ධතිය පුළුල් වෙමින් ඇත. 

එය විශාල වීමත් සමග මෙරට විදේශ විනිමය එම පාසල්වල විභාග කටයුතු වෙනුවෙන් විශාල ලෙස පිටරටට යන බව කිසිවෙක් කතා කරන්නේ ද නැත.

එයට හේතුව වන්නේ ද අපේ රටේ ජාතික පාසල් පද්ධතියේ කාලය කළමනාකරණය සහ පාසල් එපාවී පෞද්ගලික  ටියුෂන් මාෆියාව  හේතුවෙන් දෙමාපියන් සහ සිසුන් ඒ කෙරෙහි ඇති අවිශ්වාසයද බලවත් වී ඇති  පසුබිමක් නිසාවෙනි. 

පසුගිය කාලයේ ගුරු සංගම්වලට නායකත්වය දුන් කම්කරු නියෝජ්‍ය ඇමති නම් පාසල් ගුරුවරුන්ගේ ටියුෂන් තහනමට විරුද්ධ වූ බව නම් මතකය. ඒ නිදහස් අධ්‍යාපනය සුරකින හැටිය..

එසේම තවත් කරුණක් වන්නේ අන්තර්ජාතික පාසල් වල  අවුරුදු 16 දී උසස් පෙළ විභාගයට මුහුණ දීමත් එහි බාධක නොවීමත්ය. තවද එහි ජාතික පාසල් පද්ධතියේ මෙන් එකවර විභාග සමත් විය යුතු නැත කොටස් වශයෙන් විභාග සමත් විය හැක. 

එබැවින් වත්මන් තත්ත්වය අනුමත වුවහොත් මුදල් නිසාම වයස 21 වන විට වෛද්‍ය උපාධිය ලබාගත හැකියාවක්  ලැබෙන අතර, ජාතික පාසල් පද්ධතියේ සිසුන්ට කුසලතාවයන් මත හෝ වෛද්‍ය උපාධිය ලබාගතීමට හැකිවන්නේ ඊට අවුරුදු පහකට හෝ හයකට පසුවය. 

අන්තර්ජාතික පාසලේ ළමුන් වයස 16 දී උසස් පෙළ ලියා විශ්වවිද්‍යාල සුදුසුකම් ලබන විට ජාතික පාසල් පද්ධතියේ ළමයි වයස අවුරුදු 19දී උසස් පෙළ ලියා වයස අවුරුදු 21 පමණ වන විට විශ්වවිද්‍යාල වරම් ලබන අතර එම කාලයේදී වත්මන් තත්ත්වය මත  පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් වෛද්‍යවරුන් පිටවීම වැළැක්විය නොහැක. 

එකම රටේ එකම කාලසීමාවක ඉපදෙන දරුවන් කොටසක් මුදල් නිසා අඩු වසර කාලසීමාවකදීත් තවත් කොටසක් වැඩි වසර කාලසීමාවකදීත් මේ රටේ වෛද්‍ය  උපාධිය ලබා ගැනීමට හැකි වීමෙන් බරපතල විෂමාචාරයක් හට ගන්නා බව අමුතුවෙන් කිව යුතු නැත. 

එසේම එම අන්තර්ජාතික පාසල්වල ඉගෙන ගන්නා සිසුන් වෙනත් රටක ගොස් අන්තර්ජාතික භාෂාවක් හැදෑරීමට වසරක කාලයක් ලබා දිය යුතු අතර මෙරටදී  නැවතත් Act 16  විභාගයට ලිවිය යුතු නැත. 

එසේම ඔවුන්ට  ජාතික පාසල් පද්ධතියේ මෙන් සාමාන්‍ය පෙළ උසස් පෙළ ප්‍රතිඵල ප්‍රමාද වන්නේද නැත. 

විශ්ව විද්‍යාලයට බඳවා ගැනීමට ගන්නා ප්‍රමාදයද නැත මුදල් එයට ප්‍රමුඛත්වය වී ඇත.

එකට බඳවා  ගත්තත් එකට විභාග  නොතියන රජයේ වෛද්‍ය විද්‍යාල මෙන් නොවනු ඇත. 

රජයේ වෛද්‍ය විද්‍යාල අවසන් විභාගය කර අවුරුද්දක් පමණ ගෙදර සිටීම සිදුවූවත් එම  සිසුන්ට එසේ කාලයක් බලා සිටීමට සිදුවන්නේ නැත.

මීට වසර කිහිපයකට පෙර මැයි මාසයේ රජයේ වෛද්‍ය පීඨ සිසුන් සීමාවාසික පුහුණුව සඳහා බඳවා ගත්තත් ඔවුන් ආවිට එසේ නොවනු ඇත. 

එසේම එවැනි කැපකිරීම් සියල්ලම කර අවසානයේ සීමාවාසික පුහුණුව ලබා ගත්තත් රජයේ ස්ථිර පත්වීම ලබා ගැනීමට අවුරුද්දක් පමණ තවදුරටත් කාලය කා දැමීමට සිදු නොවනු ඇත. 

ඒතරම් මුදල් ගෙවා ඉගෙන ගන්නා සිසුන් සිටිනා දෙමාපියන් බලවත්ය. 

රට බේරාගත් වීරයා යැයි පැවසූ මහින්ද රාජපක්ෂ පවා ගෙදර යැවීමට ඔවුන්ගේ වපසරිය 2015 දී  පුළුල් විය. එහෙත් එයින් පාඩමක් ඉගෙන බවත් බවක් අපට නොපෙනේ. 

එසේම එම දෙමාපියන් විදේශ වෛද්‍ය විද්‍යාල වලට එහි යන ගාන ලොකු කරමින් කියමින් සිටියත් ඔවුන්ගේ දරුවන් උසස්පෙළ සහ සාමාන්‍ය පෙළ සඳහා විදේශ රටවලට ගෙවන මුදල ගැන කිසිසේත් සඳහන් කරන්නේ නැත.

ඒවා විදේශ විනිමය නෙවෙයි ඒවා කුහකකම් නොවේ.  

අයවැයෙන් ජාතික පාසල් පද්ධතියට වෙන් කරන මුදලට වඩා වැඩියි විදේශ විනිමය ප්‍රමාණයක් ඉන් පසුව විදේශ අධ්‍යාපනය ලබන පෞද්ගලික පාසල් වෙත ලබාදීමට සිදුවනු ඇත. 

එසේම ජාතික ආරක්‍ෂාව මෙන් සෞඛ්‍ය ආරක්ෂාවද  ප්‍රබල බව වැටහී නොගත් ආත්මාර්ථකාමී පිරිසක් නිසා මේ රටේ සෞඛ්‍ය දර්ශක කඩා වැටෙනු ඇත. 

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නැති සිංගප්පූරුව අංක එකේ සිටිම තහවුරු කර කරගමින් කරමින් සිටින කාලයක අපද ඒ මග යනු වෙනුවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හැට හුටාමාරක් ඇති  අපට බොහෝ පහළින් සෞඛ්‍ය දර්ශක ඇති ඉන්දියාවට සමාන වීමට අපට සිදුවනු ඇත. 

බාල බෙහෙත් මදිවාට බාල දොස්තරලා පැමිණීම වැළැක්වීමට නොහැකි බැවින් සෞඛ්‍ය දර්ශක කඩා වැටෙනු ඇත. 

තමන්ගේ දරුවන් ගැන සිතමින් රට ගැන නොසිතන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට සිසුන් දමා ගැනීමට උනන්දු වන නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් අනෙකුත් ප්‍රජාවට වඩා වෛද්‍ය ප්‍රජාව බලපෑම් කරන බැවින් එම දෙමාපියන් කැලේ ගස් නසන පොරවක් වීම වළකා හැක්කේ වත්මන් දේශපාලන අධිකාරියේ උනන්දුව මත බව අවධාරණය කරනු කැමැත්තෙමි.

වසන්ත අල්විස් 

කැඳවුම්කරු 

මහජන යුතුකම් කේන්ද්‍රය

ලෝක සෞඛ්‍ය ශ්‍රේණිගත කිරීම් සිංගප්පූරු අංක 01, ශ්‍රී ලංකාව 47, ඉන්දියාව 112.  අපි සිංගප්පූරුව පැත්තට යනවද ඉන්දියාව පැත්තට යනවද? ජාතික ආරක්ෂාව මෙන් සෞඛ්‍ය ආරක්ෂාවද වැදගත් බව මෙමගින් වටහා ගත යුතුව ඇත.

අදාළ දත්ත පහතින්...

https://www.statista.com/statistics/1376359/health-and-health-system-ranking-of-countries-worldwide/ 

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.