News Category
From Date
To Date
Maximum Number of Result

චීන කොමියුනිස්ට් පක්ෂයේ විසි වෙනි මධ්‍යම කාරක සභා වාරයේ තුන්වන පුර්‍ණ සැසිවාරය උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

ස්වෝත්මාදය යනු හිටලර්ගේ සංකල්පයක් බවත්, සිංහල හා බෞද්ධකම ගැන කතාකරන පුද්ගලයන් ජාතිවාදියෝ නොවන බවත් දේශප්‍රේමි ජාතික පෙරමුණේ මධ්‍ය මණ්ඩල සභික නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.

අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රචාරක රැලියට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පින්ග් හිටපු ජනාධිපති ට්‍රම්ප් වෙත සිය කනගාටුව ප්‍රකාශ කර ඇති බව චීන විදේශ අමාත්‍යාංශය ඊයේ(14) ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ එක ආසනයකට සීමාවීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට බලපාන්නේ නැත. ඒ පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රබල පොහොට්ටු මැති ඇමැතිවරුන් සංඛ්‍යාවක් ඔහු වෙනුවෙන් පෙනී සිටින බැවිනි. ඒ අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග ය. පසුගිය ජුලි 4 වන දින නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කළ නිවේදනයක 2024 සිට වසර පහකට ‘රට හදන වැඩේ ‘රට ගොඩදාපු’ වික්‍රමසිංහට පොහොට්ටුවේ ඡන්දය භාර දිය යුතු බව අවධාරණය කළේ අමාත්‍ය රණතුංගය. එම අමාත්‍යවරයා ‘මේ වෙලාවේ රනිල් තමයි’ යන සටන් පාඨය යටතේ ඡන්ද සටනට ප්‍රබල දායකත්වයක් දෙයි.

පසුගිය ජූනි මස 29 දින මාලිමාවේ 'ක්වොන්ටම් ලීප්' දේශණයකදී මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා විසින් එලි දක්වන ලද 'විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තියේ' අයිතිය පිළිබඳව ඇති සංකූලතාවය පිළිබඳව ප්‍රකාශයක් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා පවසා සිටියේ මාලිමාව යම්කිසි 'ඉන්ටර්ලෙක්චුවල් ප්‍රොපර්ටි' හොරකමක යෙදී ඇතිදැයි සැකයක් මතුවන බවයි.

ශ්‍රී ලංකා ජනරජය හිමිකම් පෑ සාගර කලාපය ඉන්දියාව විසින් අල්ලා ගැනීමට උත්සාහ දැරීම පිළිබඳව දැඩි ලෙස විරුද්ධත්වය පළකරන බවත්, ලංකාවට අයත් සම්පත් ලංකාවට දැනුම් දීමක් පවා නොමැතිව අත්පත් කරගැනීමට ඉන්දියාව කටයුතු කරමින් සිටන බවත් ශ්‍රී ලංකා හරිත සන්ධානයේ සංඛ චන්දිම අභයවර්ධන මහතා පවසයි.

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත ඉහළින්ම සම්මතවීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පෞද්ගලික ජයග්‍රහණයකි. එලෙසම එජාප නායකයාගේ න්‍යාය පත්‍රය තවදුරටත් ක්‍රියාත්මක වීමකි. ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍යවරයා නිවැරදි නම් 2022 ජුලි 20 වැනි දින ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව සම්මත කර ගත් 76 වන පනතයි. ඉදිරි මාස කීපය තුළ සම්මත කර ගැනීමට නියමිත පනත් ගණන 66 කි. ජනාධිපතිවරණයට මාස කීපයකට පෙර රජය සතු වත්කම් සහ ව්‍යාපාර විකිධෑමට දැඩි ලෙස විරුද්ධ බවට පසුගිය මාසයේ ප්‍රකාශයක් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂයේ) නායක මහින්ද රාජපක්ෂ ද ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පතට තම ඡන්දය දීම වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයක් නොවන්නේද? වික්‍රමසිංහගේ කැබිනට් මණ්ඩලය නියෝජනය කරන පොහොට්ටු ඇමැතීන් රොත්තම ද එම පනතට ඡන්දය දුන් අතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඡන්දය දීමෙන් වැළකීමෙන් අවශ්‍ය සහයෝගය පළ කළේය.

රජය විසින් පත්කරන ලද කමිටුවක් විසින් සකස් කරන ලද නව ජාතික ප්‍රතිපත්ති රාමුව පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණය කාරක සභාව වෙත ඉදිරිපත් කර ඇති බවත්, මෙම නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ප්‍රමාණවත් සංවාදයක් රට තුළ තවමත් ගොඩ නැගී නොතිබීම කනගාටුදායක තත්ත්වයක් බවත් මෙම නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පිළිබඳව විග්‍රහයක යෙදෙමින් මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය නාලක සමරවීර මහතා පවසයි.

යුද්ධය අවසන් වෙනවත් එක්කම මහින්ද විතරක් නෙවී.. රාජපක්ෂ නාමයම දේශප්‍රේමීන් වුනා.. ඒකට ජවිපෙ සහ ජාත්‍යන්තරයේ ලණු කාල මහින්දගෙන් ගේම ඉල්ලපු ෆොන්සේකාත් වගකියන්න ඕනේ.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.