News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපති අනුර කුමාර දිසානායක රටේ බලය එකමිටට හිමිකර ගැනීම පිළිබඳ විග්‍රහය - වරුණ අබේසේකර

Feb 6, 2025 at 11:32 AM
|

ජනාධිපති අනුර කුමාර දිසානායක රටේ බලය එකමිටට හිමිකර ගැනීම පිළිබඳ ලංකාවේ විවිධ වාද විවාද ඇති වන අතරේ විදෙස් විශ්ලේෂණ ද රැසක් ඉදිරිපත් වූ ආකාරය දැකගත හැකිවිය. බොහෝ විට වාද විවාද සහ විශ්ලේෂණවල දැකිය හැකි වූ කේන්ද්‍රීය තර්කය නම් අන් කිසිවක් නොව අනුර කුමාර සහ ඔහු නායකත්වය දෙන ජාතික ජන බලවේගය ලංකාවේ රාජ්‍යතන්ත්‍රය තුළ කාලයක් තිස්සේ වර්ධනය වෙමින් තිබෙන දූෂණය, වංචාව, අල්ලස, අකාර්යක්ෂමතාව, පවුල් වාදය, ප්‍රභූවාදය ආදියට එරෙහිව නැගූ විරෝධය එකී දේශපාලන ජයග්‍රහණයට හේතු වූ බවය. සාම්ප්‍රදායික දේශපාලනය පිළිබඳ කාලයක් තිස්සේ රටේ වර්ධනය වූ අප්‍රසාදය ඒ පිටුපස තිබුණු ප්‍රධාන සාධකය බව දේශීය දේශපාලන පණ්ඩිතයෝ සඳහන් කරති.


එහෙත් මේ සියලු සංවාද වාද විවාද, විශ්ලේෂණ හාත්පසින් වෙනත් අතකට යොමු වූයේ අන්තර්ජාතික සබඳතා, භූ දේශපාලනික ප්‍රවණතා සහ දකුණු ආසියානු කටයුතු පිළිබඳ ප්‍රාමාණික බුද්ධිමතුක වන ඉන්දියාවේ ඇස්. ඩී. මුනි, අනුර කුමාරගේ ජයග්‍රහණය පිළිබඳ එරට සරසවියක පැවැත් වූ දේශනයක දී දැක්වූ අදහස් නිසාය. India and China - the next decade, India's energy security, Maoist insurgency in Nepal ඇතුළු පර් යේෂණාත්මක කෘතින් දුසිමකට වඩා රචනා කර තිබෙන ආචාර්ය මුනි ලංකාවේ දේශපාලන ප්‍රවණතා පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් සිටින ඒ පිළිබඳ තම අදහස් දක්වන බුද්ධිමතෙකි.


2022 වසරේ දී ඔහු ප්‍රකාශ කළේ ලංකාව දේශපාලන සහ ආර්ථික වශයෙන් දැඩි අර්බුදයකට ගමන් කරමින් තිබෙන හෙයින් ඉන්දියාව පරිස්සම් වියයුතු බවය. එසේම 2015 සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුව සහ එහි අර්බුද පිළිබඳව ද ගැඹුරු විශ්ලේෂණ ඔහු ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකාව විදේශිකයකුට පිරිනමන ඉහළම සම්මානය වන ලංකාරත්න සම්මානයෙන් 2005 වසරේ දී සම්මානිත වූ මුනි ශ්‍රී නේරු විශ්වවිද්‍යාලය, සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලය, බරණැස හින්දු විශ්වවිද්‍යාලය, රාජස්ථාන් සරසවිය ඇතුළු උසස් අධ්‍යාපන ආයතනවල වසර හතළිහකට අධික කාලයක් උගන්වා තිබේ.


1974 වසරේ සිට 2006 වසර දක්වා ඔහු නේරු සරසවියෙහි ප්‍රධාන පෙළේ ආචාර්යවරයකු සේ කටයුතු කළේය. ලාඕසය ඇතුළු රටවල ඉන්දියාවේ විශේෂ තානාපතිවරයකු ලෙස ද කටයුතු කළ ඔහු නේපාලය සහ භූතානය පිළිබඳ පුළුල් හැදෑරීමක් කර තිබේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙහි ප්‍රතිසංස්කරණ සඳහා අග්නිදිග ආසියාව නියෝජනය කරමින් ඉන්දියාවේ විශේෂ නියෝජිතයා ලෙසද සහභාගි වූ ඔහු ජාත්‍යන්තර සමුළුවල ඉන්දීය විදේශ ඇමැතිවරයා ද නියෝජනය කර තිබේ.


ඉහත අප සඳහන් කළ ආකාරයට අනුර කුමාර දිසානායක පිළිබඳ සෙසු අදහස් වෙනතකට යොමුකළ විශේෂ විශ්ලේෂණය ඉදිරිපත් කළේ මෙවැනි බරක් තිබෙන මුනිය. ඔහු ආවාට ගියාට අදහස් ප්‍රකාශ කරන්නකු නොවන අතර දකුණු ආසියාවේ දේශපාලන වර්ධන පිළිබඳ නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් අදහස් දක්වන්නකි. අනුර කුමාර දිසානායක පිළිබඳ මුනි සඳහන් කරන කේන්ද්‍රීය අදහස නම් ඔහු බලයට ගෙන ඒමේ ප්‍රධාන භූමිකාවක් ඉටු කළේ රාජ්‍යතාන්ත්‍රික බලපෑම හරහා ඇමරිකා එක්සත් ජනපදය බවය. ඒ නිසා අනුර කුමාර දිසානායක එක්සත් ජනපදයට සහ එහි කොළඹ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමට ණයගැති යැයි ආචාර්ය මුනි ප්‍රකාශ කරයි.


බොහෝ අය කුමන්ත්‍රණ න්‍යාය හැටියට සඳහන් කරමින් බැහැර කළ ද ඔවුන් පිළිගැනීමට කැමැති ප්‍රමාණයට වඩා මෙරට දේශපාලනයට විදේශ බලවතුන්ගේ බලපෑම විශාල එකක් බව මුනිගේ අදහසය. ලංකාවේ දේශපාලන වෙනස්කම් සඳහා ඉන්දියාව, චීනය, ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපීය තානාපති කාර්යාලවල බලපෑම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ඇතුළු ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳ කාලයක් තිස්සේ සාකච්ඡා වී තිබේ. විශේෂයෙන් පසුගිය දශක දෙකකට ආසන්න කාලයේ දී මෙරට දේශපාලන බලපෙරළි සඳහා බලවතුන්ගේ බලපෑමේ තරම ඉතා හොඳින් පැහැදිලි විය. රාජපක්ෂ ආණ්ඩුව සඳහා චීනය කළ බලපෑම, එකී බලපෑම පිළිබඳ විරසක වූ අසල්වැසි බලවතා වන ඉන්දියාව 2015 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සඳහා ඔහු සමග එකට වාඩි වී ආප්ප ගිල දැමූ, එවක ශ්‍රීලනිප මහ ලේකම් මෛත්‍රිපාල සිරිසේනට සහයෝගය දුන් ආකාරය ද බෙහෙවින් අවධානයට ලක්වූවකි.


ජනාධිපති වූ පසු සිරිසේන මෝදිට ඇන්ද ආකාරය ද එකල කතාබහට ලක්විය. මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී චීන බලපෑම තදින් ලංකාවට දැනුණු අතර සිරිසේන - වික්‍රමසිංහ පාලන සමයේ දී එහි යම් වෙනසක් ඇති වුව ද ඔවුන්ගේ පාලන සමයේ මැද භාගයේ දී පමණ යළි චීනය දෙසට නැඹුරු වීමක් දැකිය හැකිවිය. ඉන්පසු බලයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ පාලනය ද චීනයට නැඹුරු විය. ගෝඨාභය රාජපක්ෂගේ කෙටි පාලන සමය අවසන් වූයේ අගමැති රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට පත්වීමෙනි. ජනාධිපති වික්‍රමසිංහ ද චීනය සමග සබඳකම් අත්හැරියේ නැත. ඉන්දියාව සහ ලංකාව අතර පාලමක් තැනීම පිළිබඳ යෝජනාව ඉන්දීය අගමැති මෝදි ඉදිරිපත් කළ ද ජනාධිපති වික්‍රමසිංහ ඒ පිළිබඳ කල් වැරුවේය.


ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක බලයට පත්වන්නේ මෙවැනි පසුබිමකය. මෙරට පළමු විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේ සිට විදෙස් අතපෙවීම්වල ඉහළ වර්ධනයක් දැක ගත හැකිය. ඉහත සඳහන් කළ ආකාරයට පසුගිය දශක දෙකේ එහි තීරණාත්මක වර්ධන නිරීක්ෂණය කළ හැකිය. ආචාර්ය මුනිගේ තර්කය දෙස අප බැලිය යුත්තේ මෙවැනි සන්දර්භයක් අනුවය. ලෝක බල කඳවුරු, ඉන්දියානු සාගරයෙ හි උපාය මාර්ගික වශයෙන් වැදගත් තැනක පිහිටා තිබෙන ශ්‍රී ලංකාව තුළ තමන්ට ගනුදෙනු කළ හැකි, එම බලවතුන්ගේ ඉන්දියානු සාගර කලාපය පිළිබඳ අභිලාෂයන්ට ගැළපෙන ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට විවිධ බලපෑම් කර තිබේ.


ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්දු පැසිපික් ප්‍රතිපත්තිය බෙහෙවින් ඉලක්ක කර තිබෙන්නේ මහජන චීන සමූහාණ්ඩුව ආසියාව තුළ බලය තහවුරු කරගැනීමට මාර්ග බාධකයක් වශයෙනි. මෙම ඉන්දු පැසිපික් ප්‍රතිපත්තිය සමග ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් එකට වැඩ කරයි. එම වැඩපිළිවෙළේ දී ශ්‍රී ලංකාව තමන්ගේ පැත්තට යොමුකර ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය පසුගිය කාලයේ බෙහෙවින් වෑයම් කළේය. විශේෂයෙන් මෑත කාලයේ බෙහෙවින් ලංකාවේ කතාබහට ලක් වූ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනය වූ ජුලි චන්ග් ඒ සඳහා මෙරට විවිධ දේශපාලන කණ්ඩායම් සමග සාකච්ඡා කරමින්, දේශපාලන නොවන සංවිධාන සමග ද සබඳතා තර කරගනිමින් සැලකිය යුතු මෙහෙයුමක් ක්‍රියාත්මක කළාය. ඇය කෙතරම් බලපෑමක් කළේ ද යත් ගාලුමුවදොර අරගලය උච්ච තැනකට පත් වූ අවස්ථාවේ එවක කථානායක මහින්ද යාපා හමු වී ජනාධිපති ධුරය භාර ගැනීමට සූදානම් වන්නැයි පවසා තිබේ.


අරගලයෙන් පසු තමන්ට අභිමත ආණ්ඩුවක් ලංකාව තුළ ගොඩනැගීමට ඇමරිකා එක්සත් ජනපදය දැරූ වෑයම එසේ අසාර්ථක විය. ඇමරිකාවේ කොළඹ තානාපති කාර්යාලය ජාතික ජන බලවේගය සමග ද බෙහෙවින් ගනුදෙනු කළේය. නොයෙක් සාකච්ඡා පැවැත් වීය. තානාපතිනී ජුලි චන්ග් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පිළිබඳ විශේෂ අවධානයක් දැක් වූයේද යන කුකුස ඇතිවන තරමට දෙපාර්ශ්වය අතර සබඳතා ශක්තිමත් විය. අනෙක් අතට අනුර කුමාර දිසානායක ජනාධිපති වී වැඩ භාර ගන්නා තෙක් ඇය ලංකාවේ රැඳී සිටියාය. මෙවැනි පසුබිමක ආචාර්ය එස්. ඩී. මුනිගේ තර්කය එක විට අපට බැහැර කළ නොහැකිය. ජනාධිපති ධුරයට පත් වූ පසු ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සමග අදහස් හුවමාරු කරගත් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කර තිබුණේ ඇමරිකා එක්සත් ජනපදය සමග ඉතා සමීපව කටයුතු කිරීමට අපේක්‍ෂා කරන බවය.


අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ දී එක්සත් ජනපද අවශ්‍යතා සමග ගැළපෙන සාරධර්ම, දූෂණ විරෝධී සහ විනිවිද භාවය පිළිබඳ බෙහෙවින් අවධාරණය කළ බව ආචාර්ය මුනි සඳහන් කරයි. විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සහයෝගයෙන් වැඩ වැඩ කිරීමට අනුර කුමාර දිසානායක පොරොන්දු වීම ඇමරිකා එක්සත් ජනපදයේ සතුටට හේතු වූවාට සැකයක් නැත. ඇමරිකා එක්සත් ජනපදය ඉන්දු ෆැසිපික් ආර්ථික රාමුව සඳහා ශ්‍රී ලංකාව හවුල්කර ගැනීම ප්‍රමුඛ ඉලක්කයක් සේ සලකනු ඇත. කෙසේ වුවද මෙම සන්දර්භය තුළ එක්සත් ජනපදය, චීනය සමග උපායමාර්ගික තරගයක් තුළ ශ්‍රී ලංකාව හා ආරක්ෂක සහයෝගීතාව සකස් කරන්නේ නම් ඉන්දියන් සාගරය මහා බල ගැටුමක සටන් බිමක් බවට පරිවර්තනය විය හැකිය. එහෙත් වර්තමාන ආණ්ඩුවට මහජන චීනය සමග ද යහපත් සබඳතා තිබෙන බව දැකගත හැකිය. චීන හිතවාදී වාමාංශික දේශපාලන පක්ෂයක් සේ ගොඩනැගුණු ජනතා විමුක්ති පෙරමුණට චීනයට පිටුපෑම පහසු කරුණක් නොවේ. එම පක්ෂයේ ආරම්භක නායකයා වූ රෝහණ විජේවීරට සෝවියට් රුසියාව තහනම් කලාපයක් වූයේ ඔහුගේ මාඕවාදී එළැඹුම නිසාය.


ආචාර්ය මුනි අනුර කුමාර දිසානායකගේ දේශපාලන පරිණාමය පිළිබඳව ද සඳහන් කිරීමට අමතක කර නැත.


'අනුර දිසානායක දැන් වෙනස් පුද්ගලයෙක් වෙමින් සිටිනවා, ඔහු උත්සාහ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරයන් තේරුම් ගැනීමටය. ඔහුගේ අත්දැකීම්වලින් ඔහු බොහෝ දේ ඉගෙන ගෙන ඇති බව පෙනේ.'


මුනි සඳහන් කරයි. එමගින් ඔහු නොකියා කියන්නේ අනුර කුමාර තවදුරටත් මාක්ස් ලෙනින්වාදී නායකයකු නොව නව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ඇගයීම්වලට නැඹුරු වූ නායකයකු බව නොවේද? ලංකාවේ දේශපාලන පණ්ඩිතයන් ද නිරීක්ෂණය නොකළ ආකාරයට ආචාර්ය මුනි අනුර කුමාරගේ දේශපාලන පරිණාමය ගැඹුරු නිරීක්ෂණයට ලක් කරයි. ඔහු සඳහන් කරන ආකාරයට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු අනුර කුමාරගේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය පිළිබඳ ගුරුවරිය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගය.

'ජනතා විමුක්ති පෙරමුණ එහි ප්‍රචණ්ඩ මානසිකත්වයෙන් ඉවත් කර ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය දෙසට පුහුණු කළේ චන්ද්‍රිකා කුමාරතුංගයි.'

මුනි කියයි.


ජනතා විමුක්ති පෙරමුණ එහි විප්ලවවාදී මූලයන්ගෙන් ඈත්කර වඩාත් ප්‍රායෝගික සහ ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට යොමු කිරීමේ චන්ද්‍රිකාගේ භූමිකාව තීරණාත්මක එකක් බව මුනි අවධාරණය කරයි. අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ 2000 වසරේ ඔක්තෝබර් පැවැත් වූ පාර්ලිමේන්තු මහ මැතිවරණයෙනි. එම මැතිවරණයෙන් චන්ද්‍රිකා කුමාරතුංග නායකත්වය දුන් පොදුජන එක්සත් පෙරමුණට ලැබුණේ ආසන එකසිය හතක් වැනි ප්‍රමාණයකි. ඇය එක්සත් ජාතික පක්ෂය සහ මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂවලින් මන්ත්‍රිවරුන් බාගෙන ආණ්ඩුවක් හැදුව ද එය එතරම් ශක්තිමත් එකක් නොවීය. චන්ද්‍රිකා කුමාරතුංග 2001 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණ සමග දේශපාලන කසාදයක් කර ගැනීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්නේ මෙවැනි පසුබිමකය. එහිලා ප්‍රමුඛ කාර්යභාරයක් කළ තැනැත්තා අනුර කුමාර දිසානායකය. එහෙත් එස්. බී. දිසානායක පිරිසක් සමග එක්සත් ජාතික පක්ෂයට එකතුවීම නිසා ආණ්ඩුව බිඳ වැටිණි. අනතුරුව 2001 වසරේ යළි මහ මැතිවරණයක් පවත්වයි. එමගින් එජාප නායක රනිල් වික්‍රමසිංහ නායකත්වය දුන් කණ්ඩායම ජයග්‍රහණය කළේය.

කොටි සංවිධානය සමග රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම් හේතුවෙන් විවිධ දේශපාලන අර්බුද උද්ගත විය. මෙකී මතභේද දුරදිග යෑම කෙළවර වූයේ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග 2004 වසරේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමෙනි. ජනතා විමුක්ති පෙරමුණ 2001 වසරේ පොදුජන එක්සත් පෙරමුණ සමග ඇතිකර ගත් එකඟතා මත එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කළේය. අනුර කුමාර දිසානායක කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා පාර්ලිමේන්තුවට පැමිණියේය. එපමණක් නොව ඔහු ඇතුළු තිස්නම දෙනෙක් පාර්ලිමේන්තුවට තේරී පත්වූහ. ජාතික ලැයිස්තුවෙන් ද මන්ත්‍රි ධුර තුනක් හිමිවිය. අනතුරුව ගොඩනැගූ ආණ්ඩුවේ කෘෂිකර්ම සහ පශු සම්පත් ඇමැති ධුරය හිමිවූයේ අනුර කුමාර දිසානායකටය. ජනතා විමුක්ති පෙරමුණේ තවත් කිහිප දෙනෙක් ඇමැතිකම් ගත්හ. පාර්ලිමේන්තුවේ කථානායක තේරීමේ යුද්ධයේ දී චන්ද්‍රිකා කුමාරතුංගට හයියට හිටියේ ජනතා විමුක්ති පෙරමුණය.

ඒ අනුව අපට පෙනෙන්නේ මුනිගේ කතාව නිවැරැදි බවය. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ගමන් මගට අවශ්‍ය පුහුණුව අනුර කුමාරට ලැබුණේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙනි. ඉන් අනතුරුව පැවැති ජනාධිපතිවරණවල දී ද ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාශීලීව වැඩ කළේය. 2015 යහපාලන ආණ්ඩුව සමයේ දී අනුර කුමාරට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය හිමිවීම ද ඔහුගේ දේශපාලන ගමනේ තීරණාත්මක සන්ධිස්ථානයක් විය. අනුර පිළිබඳ මුනි දෙසුමෙන් පැහැදිලි වන්නේ ඔහු දේශපාලන සිද්ධීන් නිවැරදිව නිරීක්ෂණය කර තිබෙන බවය.

වරුණ අබේසේකර

සම්බන්ධිත පුවත් | Related News

බරපතළ ආර්ථික බිඳවැටීමකට මුහුණු දී, බංකොලොත් වී ඇති ලංකාවේ - මේ උගත්, විද්‍යාර්ථීන් ගේ උකටලී හා නෝංජල් ආකල්ප පද්ධතිය ද - මෙරට සුවිශේෂී නිදහස් අධ්‍යාපනයේ තවත් එක් අවාසනාවන්ත ප්‍රතිඵලයකි.
සිංහල ජාතියේ අභිමානවත් සංස්කෘතික මංගල්‍ය සහ ජාතික දිනය වශයෙන් සැලකෙන අලුත් අවුරුද්ද එළඹීමට තව වැඩි කාලයක් ගත වන්නේ නැත. අප්‍රියෙල් මස 14 දිනය යෙදෙන අලුත් අවුරුදු උදාවත් සමග සියලු ලක්වාසීන් එය සැමරීමට එකාවන්ව සැදී පැහැදෙයි.
ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපතිවරයාගේ ජයග‍්‍රහණය පිටුපස සිටින ගෝලීය බිලියනපතියන් සමූහය ජනාධිපතිවරණයට පෙර ඇමරිකානු ඊනියා ජාතිකවාදී සහ ජාතිවාදී සුදු ජාතික ඉහළ පන්තිය පිනවීම සඳහා ඉදිරිපත් කළ ඇමරිකානු ජාතිකවාදී ප‍්‍රතිපත්තියේ ප‍්‍රධාන හැඩතලයක් වුයේ නැගී එන චීනයේ ආර්ථික බලය බිඳ දමමින් නැවත වටයකින් ඇමරිකානු අධිපතිවාදී ආර්ථික බලය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයයි. ඊට අදාළව ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබුවේ
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ මෙවර ශ්‍රී ලංකා සංචාරය ඉතා ආන්දෝලනාත්මක බවත්, ඉන්දීය අගමැතිවරයාගේ මෙම සංචාරයේ දී දෙරට අතර අවබෝධතා ගිවිසුම් 7ක් අත්සන් කළද ශ්‍රී ලංකා රජය හෝ ඉන්දීය රජය මේ වන තෙක් එම ගිවිසුම් පිළිබඳව පැහැදිලි අනාවරණයක් සිදුකොට නොමැති බවත්, මේ පිළිබඳව කරුණු පැහැදිලි කරන අන්තර්ජාල නාලිකාවක් විසින් හෙළිකරයි.
ඔබ මෙම තීරු ලිපිය කියවන විට මෙහි සඳහන් හා සඳහන්ව නොමැති බොහෝ දේ සිදු වී අවසන් ව තිබිය හැකි ය.
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරළියට පැමිණෙන්නේ 1987 වසරේ වුවද 13 වැනි සංශෝධනයට මුලපුරණ සිදුවීම් මාලාව ආරම්භ වූයේ 1983 වසරේ දී බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා පවසයි.
මෙරට ඉපැරැණි සූප ශාස්ත්‍ර කෘතීන්වල ඇති කරුණු අනුව ආහාර පිසින පුද්ගලයාගේ දේහ ලක්ෂණ පවා විස්තර කර ඇති බවත්, මෙම ඉවුම්පිහුම් ක්‍රමවේදය ශාස්ත්‍රයක් වන්නේ ඒ නිසා බවත් ආහාර පිසිමේ දී ලිපට යොදන දර කුමන වර්ගයක් විය යුතුද යන්න පවා ඒවායේ දක්වා ඇති බවත් මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසයි.
වාරියපොල ශ්‍රී සුමංගල හිමි 1815 මාර් තු 02 වන දින ඉංග්‍රීසි කොඩිය බිම දමා සිංහල කොඩිය ධජය ඔසවා අදට වසර 209කි.
මේ වසරේ, ශ්‍රී ලංකාව දරුණු සන්ධිස්ථානයක් සනිටුහන් කරයි - කුප්‍රකට මහ බැංකු බැඳුම්කර මගඩියට වසර දහයක් සපිරෙන, ජාතියේ වසර 5,000ක ඉතිහාසයේ පෙර නොවූ විරූ පරිමාණයේ මූල්‍ය සෝලිය. 2015 පෙබරවාරියේ සිදු වූයේ හුදෙක් වංචාවේ හුදකලා සිදුවීමක් නොව, රටේ ආර්ථිකය වියලි, පොලී අනුපාත හසුරුවා, සහ මිලියන ගණනක වියදමින් තෝරාගත් කිහිප දෙනෙකු පොහොසත් කළ ඉතා සූක්ෂම ලෙස සැලසුම් කරන ලද යෝජනා ක්‍රමයකි.

ප්‍රධාන පුවත්

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්

මැතිවරණ නීති උල්ලංඝනය වන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත.

‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි

දෙරට අතර උත්සන්න වන වෙළඳ ආරවුල සංවාදයෙන් විසඳා ගැනීමට අවශ්‍ය නම්, චීනය “අවමාන තර්ජනය කිරීම සහ කප්පම්කරුවෙකු ලෙස හැසිරීම නවත්වන ලෙස” ඇමරිකාවෙන් ඉල්ලා තිබේ.

අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පනවා ඇති නව තීරු බදුවලින් ලොව දුප්පත්ම සහ කුඩාම රටවලට නිදහස් කරන ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වේ.

245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන

අප්‍රේල් 15 වනදා නිකුත් කරන ලද ධවල මන්දිර තොරතුරු පත්‍රිකාවකට අනුව, එක්සත් ජනපදයට චීන ආනයන සඳහා 245% දක්වා ඉහළ තීරු බදු පැනවීමට හැකියාව ලැබෙන බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.

රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල

කොටින්ගෙන් වෙන් වෙලා ඇවිත් කොටි පරදන්න ජීවිතය පරදුවට තියලා සටන් කළ තමන්ට සළකන්නේ මෙහෙමදැයි පිල්ලෙයාන් හඬා වැටෙමින් කඳුළු සළමින් පැවසූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (16) පැවසීය.

ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)

මේ ආණ්ඩුව බලයට පත්වූ පසුව සිදුකළ නොහොබිනාම දේ තිලක් සියඹලාපිටිය මහතා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කිරීම බව සංඛ චන්දිම අභයවර්ධන මහතා පවසයි. ''රට අඳුරට යවන සූර්‍ය බල අවමඟුල" ලෙසන් වීඩියෝවක් යූ ටියුබ් නාලිකාවට එක් කරමින් ඔහු මෙසේ පවසයි.

හිසතෙල් ගෑමේ නැකැත අද

සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (16) දිනයට යෙදී තිබේ.

ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා

අඩු මුදලකට පුනර්ජනනීය බලශක්ති විදුලිය නිෂ්පාදන හැකියාව තිබිය දී රජය තාප, ගල්අගුරු හා ඉන්ධන බලාගාර මාෆියාවකට හසුවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.