කොමියුනිස්ට් පක්ෂයේ චීන පිළ නියෝජනය කළ උද්‍යෝගීමත් තරුණයෙකු වූ පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර විසින් 1965 දී ජනතා විමුක්ති පෙරමුණ බිහි කරන ලදි. එවකට ඔහු අවුරුදු 22 ක තරුණයෙකි. විජේවීර ඇතුළු පක්ෂයේ පුරෝගාමියෝ ගම් පුරා දූවිලි වැකි වතින් යුතුව ඇවිදිමින් ග්‍රාමීය ගොවි තරුණයන් ආමන්ත්‍රණය කරමින්, සමාජ අසාධාරණයේ අඳුරු පැතිකඩත්, සාධාරණය උදෙසා සටන් කළ යුතු බවත් උගන්වමින් පක්ෂයේ සාමාජිකත්වය ප්‍රවර්ධනය කරන ලදි.
දැනට ගෙවමින් පවතින්නේ මැතිවරණ සමයයි. සාකච්ඡා, එකඟතා, විරෝධතා යනාදී සියල්ල මතින්, දේශපාලන පොරපිටිය මීළඟ ජනාධිපතිවරයා තීරණය කිරීම සඳහා සකස් වෙමින් පවතී. පසුගිය සතියේ ඉතා තීරණාත්මක දේශපාලන හමුවක් මාධ්‍ය වාර්තා කර තිබුණි. පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරම් ප්‍රමුඛ දෙමළ සන්ධානයේ පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබුණි. මෙම හමුව අවසානයේ සුමන්දිරම් මහතා ඉතා පැහැදිලිව ඉල්ලා සිටියේ , ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහට සහය වීම සඳහා දහතුන් වන ව්‍යවස්ථාව සංශෝධනය ජනාධිපතිවරණයට පෙර ක්‍රියාත්මක කළ යුතු බවයි. පලපුරුදු දේශපාලනඥයෙකු ලෙස, පවතින දේශපාලන තත්ත්වය තම දේශපාලන අරමුණු සඳහා යොදා ගැනීම සුමන්දිරම් මහතාට නුපුරුදු දෙයක් නොවේ.
ලංකාවේ බොහෝ දෙනා හැත්තෑ වසරක සාපයක් ගැන නිතර කතා කරති. මා දැන් කියන්නට යන්නේ වසර හතලිස් හයකට පෙර ලංකාවට වඩා දරුණු ලෙස දුප්පත්කමින් බැට කෑ, සාගතවලින් මිලියන ගණන් ජනතාව මිය ගිය රටක් වූ චීනය ගැනය. එහෙත් අද ඒ රට වසර හතලිස් හයක් තුළ ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියමින් මිලියන 800කට වැඩි ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට සමත්ව තිබේ.
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා