News Category
From Date
To Date
Maximum Number of Result

පසුගිය ජනවාරි 26 වෙනිදා, ඕස්ට්‍රේලියානුවන් ඕස්ට්‍රේලියානු දිනය සමරනු ලැබූහ. ඔස්ට්‍රේලියානු ජාතික දිනය , ඇමරිකාවේ ජූලි 4 දිනයට හෝ ප්‍රංශයේ බැස්ටිල් දිනයට සමාන වන්නේය.

මිනිසෙකුගේ මරණයකදී සතුටු වීම එතරම් ශිෂ්ඨ ගතියක් නොවේ. දුක් නොවීම වෙනම කතාවකි. සනත් නිශාන්තගේ මරණය සම්බන්ධයෙන් කිව හැක්කේ කුමක් ද ?

මාලදිවයින් රාජ්‍යය ඉදිරි දිනවලදී චීන පර්යේෂණ යාත්‍රාවකට සත්කාරකත්වය සැපයීමට සූදානමින් සිටින බව පසුගියදා මාධ්‍ය වාර්තා කර සිටියේය.

පෞද්ගලික අන්තර්ජාතික පාසල්වල තම දරුවන් සිටින එසේම අනාගතයේදී එම පෞද්ගලික පාසල්වල ප්‍රධානීන් වශයෙන් යෑමට සිටින ජාතික අධ්‍යාපන ආයතනයේ සේවය කරනු ලබන ඇතැම් කිහිපදෙනෙක් නිසා මේ රටේ ලක්ෂ හතලිස් තුනක පමණ දරුවන්ගේ කාලය, මේ රටේ වසර පහක ජාතික ධනය, ලක්ෂ 43 ක දරුවන්ගේ දෙමාපියන්ගේ ධනය ජාතික අධ්‍යාපන ආයතනයේ කිහිප දෙනෙක්ගේ පෞද්ගලික අභිලාෂයන් වෙනුවෙන් වැය කිරීමට සිදුවීම ජාතික අපරාධයක් නොවේද?

නව වසරේ පළමු සතියේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් සිදුකළ යාපනය සංචාරයේ දී තම ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කරමින් උතුරු හා නැගෙනහිර පළාත්වලට 13 වැනි සංශෝධනය මගින් ලබාදී ඇති බලතල උපරිමයෙන් යොදාගනිමින් තම පළාත් සංවර්ධනය කළ යුතු බව හා ඊට මධ්‍යම රජය බාධා නොකරන බවත් සඳහන් කර ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසයි.

වත්මන් ජනාධිපතිවරයා අගමැති ලෙස 2003 දී යළි පුදුම ශ‍්‍රී ලංකා නම් වූ රාජ්‍ය දේපළ විකිණීමේ මහා සැලසුම යටතේ විදුලිබල මණ්ඩලය කොටස් 8කට බෙදා විකුණා දැමීම සඳහා නව විදුලි පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. එදා ජ්‍යේෂ්්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීම නිසා එය සංශෝධනය කළ යුතු බවට අධිකරණය විසින් තීරණය කරනු ලැබීය. එහෙත් ආණ්ඩුව තුළ අර්බුද පැන නැගීම නිසා එදා එම මහා අපරාධය සිදුකිරීමට ඔහුට අවස්ථාවක් නොලැබුණි.

සීතල යුද සමයේ කුප‍්‍රකට රහස් ඔත්තුකරුවකු වූ ජෝර්ජ් බ්ලේක් රුසියාවේදී මියගියේය. මියයන විට ඔහුගේ වයස අවුරුදු 98ක් විය.

පරිභෝජනවාදයට මිනිස්සු ගොදුරු කරගන්න තියරි ගොතපු සහ ගොතන චිකාගෝ කල්ලිය (Chicago school of economics) ඒ වෙනුවෙන් නිතර ම අල්ලගන්න කෙනෙක් තමයි ඇඩම් ස්මිත්.

ගෝලීය දෙමළ සංසදය හා රටේ බහුතර ජනතාවක් නොදන්නා අනුනායක ස්වාමීන් වහන්සේලා හත්නමක් අත්සන් තබා ප්‍රකාශයට පත්කළ 'හිමාලයා ප්‍රකාශනය' නම් ලියවිල්ල එළිදැක්වීම පිටුපස බෙදුම්වාදීන්ගේ න්‍යායපත්‍රය ක්‍රියාත්මක වන බවත්, එම ලියවිල්ල එළිදැක්වීම සිදුවන්නේ යම් මාර්ග සිතියමකට අනුව බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය හෙළිකරයි.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.