නව ආණ්ඩුව බලයට පත්වීමට සමාන්තරව බෙදුම්වාදී බලවේග තමා විසින් රඟදක්වන නාට්යයේ පිටපත වෙනස් කරමින් ඉදිරිපත් කරන බව දැන් පැහැදිලිව දැකගත හැක. සමහර නාඩගම්වල සමස්ථ පණිවිඩය ප්රේක්ෂකයා වෙත ඉදිරිපත් කිරීම සඳහා යොදාගනු ලබන්නේ විකටයකු හෙවත් විහිළුකාරයෙකි. දැන් සුමන්තිරන් මසහතාට කෙටි විරාමයක් ලබාදී අර්චුනා මන්ත්රීවරයා වේදිකාවට කැඳවන්නේ එම අත්හදා බැලීම සඳහා බව තේරුම්ගැනීම අමාරු නැත. ප්රභාකරන් දෙවියකු යැයි වෛද්යවරුන් පවා ඔහුට වැඳුම් පිදුම් කරන බව ප්රකාශ කිරීම මගින් ආණ්ඩුවට මෙන්ම දකුණේ බහුතර සිංහල ජනතාවට පමණක් නොව බෙදුම්වාදයට විරුද්ධ උතුරේ බහුතර ජනතාවට ද ප්රභල මානසික බලපෑමක් ඇතිවේ. සුමන්තිරන් මන්ත්රීවරයාගේ මුවින් එම වචන පිටකිරීම නුසුදුසු වන්නේ පළාත් සභා මැතිවරණයෙන් පසුව මහ ඇමැතිවරයා ලෙස ජාත්යන්තරයට පෙනෙන ලෙස බරපතළ චරිතයක් රඟදැක්වීමට ඔහුව යොදාගත යුතු නිසා බවට තර්කයක් ගොඩනැගිය හැක.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ විදේශීය පර්යේෂණ යාත්රා ශ්රී ලංකාවට පැමිණීම වසරකට තහනම් කළේය. ඒ 2024 වසරට අදාළවය. එම තහනම චීනය ඉලක්ක කර ක්රියාත්මක කළ බව රහසක් නොවේ. ඉන්දියාව වෙනුවෙන් ඇමෙරිකාවද එහිදී ඍජුව මැදිහත් විය. පසුගියදා පැවැත්වූ ඉන්දු-ලංකා සාකච්ඡාවේදී එම තහනම දීර්ඝ කිරීමේ අවශ්යතාව ඉන්දියාව නැවතත් අවධාරණය කළේය. ශ්රී ලංකාවේ දීර්ඝ කාලීන මිතුරකු වන චීනය ඉලක්ක කර ශ්රී ලංකාවට බලපෑම් කිරීම කිසිසේත්ම සාධාරණ නැත. මෙම කාරණාවේදී ශ්රී ලංකා රජය මුහුණ දෙන්නේ විසඳා ගැනීමට නොහැකි ගැටලුවකටය. එම තත්ත්වය උභතෝකෝටිකයකි. තමන්ට පෙර සිටි ජනාධිපතිවරුන් මෙන්ම දිසානායක ද ශ්රී ලංකා භූමිය කිසිසේත්ම ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට පාවිච්චි කිරීමට ඉඩ නොදෙන බවට නැවතත් මෝදි අග්රාමාත්යවරයාට ප්රතිඥාවක් දුන්නේය. එය ඉන්දීය ස්ථාවරය වෙනස් කිරීමට කිසිසේත්ම ප්රමාණවත් නොවනු ඇත.
From the moment the Cuban Revolution was won, the US government worked to reverse the Cuban Revolution. There is no action that the US has not taken for that. The US has attempted to take the life of the indomitable leader of the Cuban Revolution, Fidel Castro, 637 times.
ප්රධාන පුවත්
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්