ලැජ්ජයි, හිරිකිතයි දිලීප..
ඊයෙ අධිකරණයේදී විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකුට "පපුවේ තහඩු කැබලි එල්ලාගෙන එනවා " යැයි ඔබ විසින් සිදු කළ අශිෂ්ඨ ප්‍රකාශයට කලගුණ දත් ශිෂ්ඨ සම්පන්න මිනිසුන්ගෙන් නම් කිසිදා සමාවක් ලැබෙන්න නැත..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ සේනාධිනායකයා වන ගරු ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලබන, රජයේ නිල ගැසට් නිවේදන මඟින් තහවුරු කර ඇති, හමුදා පනත්වලින් නීතිමය ආරක්ෂාව සලසා ඇති උත්තරීතර රාජ්‍ය සම්මානවලට "තහඩු කැබලි" යැයි කීම වෘත්තීය ආචාරධර්මවලට එකඟ වුවද, මානුෂීය සහ සදාචාරාත්මක සීමාවන් ඉක්මවා යාමකි.
ඔබ ඔබගෙ නීතිඥ වෘත්තියේ ඇති භාෂණයෙ අයිතිය භක්ෂණය කරමින් ඇත..
ඔබ ඔබගෙ වෘත්තීය අයිතිවාසිකම් වල සීමා මායිම් අභිබවා යමින් ඇත...
පපුවේ පැළඳි පදක්කම් නිකම්ම නිකම් "තහඩු කැබලි" නොවේ.
පාස්කු ප්‍රහාර නඩුවේ 3 වන සැකකරු වන සුරේෂ් සලේට අදාළ විමර්ශන කටයුතු විභාග වූ අවස්ථාවේදී, ඊට අගතියට පත් පාර්ශවයක් ලෙස මැදිහත් වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික බලලත් නිලධාරියෙකු වූ අජිත් ශාන්ත කුමාර ජයතිලක මහතා ඉල්ලීමක් කර තිබුණි.
ඔහු පැළඳ සිටියෙ "වීර වික්‍රම විභූෂණ" පදක්කමය..
එය ජීවත්ව ඉන්න හමුදා නිළධාරියෙකුට සටන් බිමේ ඉටුකරන වීරක්‍රියා වෙනුවෙන් ලැබිය හැකි ඉහලම පදක්කම.
දිලීප අපහාස කරන්නෙ එම පදක්කමට..
නීතිමය තර්ක ඉදිරිපත් කිරීමට සහ එම ඉල්ලීමේ සුදුසුකම් ප්‍රශ්න කිරීමට නීතිඥවරුන්ට අයිතියක් ඇත.
නමුත්, ඒ වෙනුවෙන් එම විශ්‍රාමික නිලධාරියා ඉලක්ක කර ගනිමින්, "පපුවේ තහඩු කැබලි (පදක්කම්) එල්ලාගෙන එනවා" යනුවෙන් පොදුවේ හමුදා පදක්කම් සුළු කොට තැකීම, මේ මව්බිම වෙනුවෙන් දිවි පරදුවට තබා සේවය කළ වීරයන්ට සිදුකළ දැඩි අගෞරවයකි.
දිලීප.., ඒ පපුව මත, ඒ උරහිස මත මත දිදුළන පදක්කම්, කඩසාප්පුවලින් මුදලට ගත් සෙල්ලම් බඩු හෝ නිකන්ම නිකන් තහඩු කැබලි නොවේ...
දිලීප.. කකුල් දෙක පද්ද පද්ද, සුවපහසු AC කාමර ඇතුළේ සිට, ටයි පටි පැළඳ වචන හරඹ කරන උදවියට මේ පදක්කම්වල බර සහ ගෞරවය නොදැනීම පුදුමයක් නොවේ...
දිලීප.., ඔබ නිදහසෙ තාරුණ්‍යයේ සිහින දකිද්දී මේ රණවිරුවන් තමන්ගේ තාරුණ්‍යය, තමන්ගේ පුද්ගලික අරමුණු සහ ලස්සන සිහින සියල්ල මව්බිම වෙනුවෙන් සංග්‍රාම භූමියේ වළලා දැමූහ..
දිලීප.., ඔබ සුවපහසුව විඳිද්දී, ඔවුන් අව්ව, වැස්ස නොතකා, ටොන් ගණන් බරැති අවි ආයුධ සිය උර මත තබාගෙන මඩ, කටුක කැලෑ මැද, වන මෘගයින් මැද, , බිම්බෝම්බ මතින් ඉදිරියට ඇදුණේ "හෙට දවසේ මේ රටේ දරුවන්ට නිදහස් රටක් ඉතිරි කළ යුතුයි" යන එකම අරමුණෙනි..
දිලීප.. ඔබ මුදල් හොයන්නට වචන පටලවද්දී ඔවුන් තමන්ගේ දෑස් ඉදිරියේ තමන්ගේම සහෝදර සෙබළුන්ගේ සිරුරු කැබලිවලට කැඩී යන අයුරු බලා සිටිමින්, එම ලේ තැවරුණු දෑතින්ම තුවක්කුව අල්ලාගෙන සතුරාට මුහුණ දුන්හ.
ඔවුහු අපේ නිදහස වෙනුවෙන් ඔවුන්ගෙ නිදහස කැප කළ උත්තම විරුවන්ය..
මුළු.ලෝකය රණවිරුවන්ට ගරු කරද්දී, අපේ රටේ තත්ත්වය ඛේදනීයයි...
ලෝකයේ දියුණු රටවල් තමන්ගේ රණවිරුවන්ට සලකන ආකාරය දෙස බලන්න. රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වැනි ලෝක නායකයින්, මහා ධාරාණිපාත වැසි මැද කුඩයක්වත් නොමැතිව තෙමෙමින්, තමන්ගේ රට වෙනුවෙන් දිවි දුන් රණවිරුවන්ගේ ස්මාරක ඉදිරියේ හිස නමා ආචාර කරන්නේ සමස්ත ලෝකයටම ආදර්ශයක් දෙමිනි.
ඇමරිකාව, බ්‍රිතාන්‍යය වැනි රටවල හමුදා නිල ඇඳුමක් හැඳි අයෙකු දුටු තැන සාමාන්‍ය ජනතාව නැගිට ගෞරව දක්වති.
නමුත් අපේ රටේ..?
වත්මන් ජනාධිපතිවරයා රණවිරු දින උත්සවවලට සහභාගී වන්නේද බලහත්කාරයෙන් ඇදගෙන ගොස්ය..
රාජ්‍ය නායකයාගේ සිට පහළටම රණවිරුවන් කෙරෙහි දක්වන මෙම කැත උදාසීන ප්‍රතිපත්තිය මහජනතාව තුළ විශාල සැකයක් උපදවන්නකි
මෙය තවත් ඩයස්පෝරාවේ සැලැස්මක්ද..? රණවිරුවන්ට අපහාස, උපහාස කිරීමෙ අරමුණු ඇත්තෙ කාටද...?
උත්තරීතර අධිකරණ ශාලා තුළ නිලධාරීන්ගේ ගෞරවනීය පදක්කම් " නිකම්ම නිකම් තහඩු කැබලි" ලෙස හෑල්ලුවට ලක්වීමත්, රජයේ නායකයින් රණවිරු සැමරුම් මඟහැරීමට හෝ අකමැත්තෙන් සහභාගී වීමට උත්සාහ කිරීමත් හුදෙක් අහම්බයන් විය නොහැක.
වසර 30 ක යුද්ධයෙන් මේ රට බෙදන්නට බැරි වූ බාහිර බලවේග සහ බෙදුම්වාදී ඩයස්පෝරාව, අද අපේම රටේ නීතිය සහ දේශපාලනය හරහා රණවිරුවන්ගේ මානසිකත්වය බිඳ දැමීමේ ක්‍රමානුකූල සැලැස්මක් ක්‍රියාත්මක කරන්නේද යන සාධාරණ සැකය අද රටේ බහුතරයක් ජනතාවට ඇතිවී තිබේ...
දිලීප පීරිස්ට අධිකරණය තුළ නඩුවකට අදාළව කරුණු දැක්වීමට නෛතික පසුබිමක් (Absolute Privilege - නිරපේක්ෂ වරප්‍රසාදය) හිමිවන බව සැබෑය..
ඒ කියා ඕනෑම කුණුහරුපයක් කීමෙ අයිතිය ඔහුට නැත..
නීතිඥ සාරධර්ම (Legal Ethics) අනුව අධිකරණයේ ස්වාධීනත්වය රැකීම ඔබගෙ වගකීමකි..
හමුදා නිලධාරියෙකු සේවයෙන් විශ්‍රාම ගියද, ඔහු රට වෙනුවෙන් කළ සේවය සහ ඔහු උපයාගත් ව්‍යවස්ථාපිත ගෞරවය කිසිදා විශ්‍රාම යන්නේ නැත.
නීතිය සැමට සමාන විය යුතුය, ඒ ගැන විවාදයක් නැත..
රටක් කම්පා කළ බරපතළ ත්‍රස්ත ප්‍රහාරයක සුලමුල සෙවීම වෙනුවෙන් ස්වාධීන විමර්ශන සිදුවිය යුතුය. ඒ ගැනද විවාදයක් නැත..
නමුත්,
ඒ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් තර්ක කරන මුවාවෙන් රටක ජාතික වීරත්වයට සහ සන්නද්ධ සේවාවන්හි උත්තරීතර ඇගයීම්වලට නින්දා කිරීමට, බාහිර න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට කිසිවෙකුටත් සදාචාරාත්මක අයිතියක් නැත.
අප තවමත් ජීවත් වන්නේ ඒ වීරයන් රැකදුන් නිදහස් දේශයක බව කිසිවෙකුත් අමතක නොකළ යුතුය..
දිලීප.., ඔබ ඔබගෙ සැරයටිය කැරකැවීමෙ නිදහසෙ කොණ කොතනදැයි දැනගත යුතුය..
ඔබලා මිනිසුන්ට ගරහන්නෙ තමන්ගෙ වෘත්තීය අයිතිවාසිකම් වලට මුවා වෙලාය.. එහෙත් රට වෙනුවෙන් කැප වූ වීරෝදාර රණවිරුවන්ට සංග්‍රාම භූමියෙ තම ජීවිතය ආරක්ෂා කර ගැනීමට මුවා වෙන්නටත් තැනක්වත් තිබ්බෙ නැත.
මනුෂ්‍යත්වය, සදාචාරය සහ සාරධර්ම තිබෙන්නෙ කළු කබායට වඩා බොහෝ ඉහලින්ය...
- නිලන්ත සත්සර ගමගේ
(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..